Divaina - ”කොමඩි කන්ටි‍්‍ර”

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sri135දකුණු ආසියාව තුළ ඉතාම හොඳින් සහ ඉතාම ඉක්මනින් කොරෝනා රෝගය පාලනය කළ රාජ්‍යය ශ‍්‍රී ලංකාව ය. එසේම දකුණු ආසියාවේ වඩාත්ම වේගයෙන් හාස්‍යජනක රාජ්‍යය බවට පත්වෙමින් තිබෙන රටද ශ‍්‍රී ලංකාව ය. ට‍්‍රැක්ටරය ඡන්ද ලකුණ කරගත් ජනසෙත පෙරමුණ නමැති, නිතරම ඡන්දවලින් පරදින දේශපාලන පක්ෂයක නායකයා වූ බත්තරමුල්ලේ සීලරතන නමැති භික්ෂුවක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති පදවියට ඡන්දය ඉල්ලීමට ගොස් අයදුම් පත‍්‍රය ප‍්‍රතික්ෂේප වීමේ සිද්ධියක් අපට දැනගන්නට තිබේ. ගිහියන්ගේ ක‍්‍රීඩාවක් වන ක‍්‍රිකට් භික්ෂූන් වහන්සේලාට කිසිදු ආකාරයකින් කැප නැති බව පහේ පන්තියේ සාමාන්‍ය දැනීමය. මේ බව දැන ගැනීමට බත්තරමුල්ලේ සීලරත්න නමැති චීවරධාරියා මහණ විය යුතුම ය. බත්තරමුල්ලේ සීලරතන භික්ෂුව බෝල ගසන සහ අල්ලන තැනකට ඡන්දය ඉල්ලනවා නම් ධර්මදේශනා පැවැත්වීම සඳහා සනත් ජයසූරියට කිසිවකු ආරාධනා කළොත් එහි කිසිදු වරදක් නැත. මේ කාරණය අප සාකච්ඡා කළේ අමතර කරුණක් වශයෙනි. මෙතැන් සිට සාකච්ඡා කරන්නේ මේ කතු වැකියේ මුඛ්‍ය කාරණයයි.
 
ශ‍්‍රී ලංකාව යනු ඉතාම වේගයෙන් දේශපාලනීකරණය වන හාස්‍ය රාජ්‍යයකි. ක‍්‍රිකට් තුළද, නීතිය තුළද, කන බත් පත තුළද, පහ කරන මළ තුළ ද දේශපාලනය අඩංගු වී තිබෙන මේ රටේ අලූත්ම දේශපාලන ඡන්ද ප‍්‍රතිපලය වන්නේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ජයග‍්‍රහණය කිරීමයි. අද මේ රටේ ප‍්‍රධාන ආණ්ඩු පක්ෂයක් ඇතත් ප‍්‍රධාන විපක්ෂයක් නැත. රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුව විසින් රට ආණ්ඩු කරනු ලබන අතර සජිත් පේ‍්‍රමදාසගේ ටෙලිෆෝන් පක්ෂය ප‍්‍රමුඛ කරගත් සීට් දෙකේ තුනේ පුංචි පුංචි දේශපාලන පැල කිහිපයක් විපක්ෂය ලෙස ක‍්‍රියා කරත්. මෙහිදී, මතු අනාගතයේදී මහා ගස් බවට පත්වනු ඇත්තේ කුඩා පැල බවට අයෙක් තර්ක කරනවා ඇත. එහෙත් අපට පෙනෙන්නට ඇති කාරණය නම්, මේ කුඩා දේශපාලන පැල කොපමණ කල් ගියද මහා ගස් බවට පත් නොවන බවය. මෙය සමාන කළ හැක්කේ කොපමණ වයස ගියත් කොටළුවා කිසි කලෙකත් අශ්වයකු බවට පත් නොවීමටය. ළමා කාලයේදී කොටළු පැටවාත් අශ්ව පැටවාත් නිවුන් සහෝදරයන් බඳුය. ඔවුහු එපමණටම එක සමාන වෙත්. එහෙත් කල්යත්ම අශ්ව පැටවා උසින් මහතින් වැඞී රේස් දුවන අතර කොටළු පැටවා අඩි දෙක තුනක් උසට හැදී කරත්ත ඇදීමෙහි නිරත වෙයි. ඒ කාරණය පැත්තකින් තබා කතා කරන විට පෙනී යන්නේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය මගින් මේ රටේ දේශපාලන අනාගතය පිළිබඳ කිසියම් සංඥාවක් නිකුත් කර ඇති බවය. එම නිලවරණයේදී විපක්ෂය නියෝජනය කරන ලද්දේ සාලිය පීරිස් විසිනි. කුවේර ද සොයිසා නීතිඥයා පොහොට්ටුව නියෝජනය කළේය. අවසන් ප‍්‍රතිපලයේදී සමස්ත ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගෙන සාලිය පීරිස් ජයග‍්‍රහණය කළ අතර කුවේර ද සොයිසා නන්නත්තාර ලෙස පරාජයට පත්විය. පුළුල් අර්ථයෙන් බලන විට එය පොහොට්ටුවේ පරාජයකි. සාමාන්‍ය ස්ටෑන්ඩර්ඞ්වලට අනුව බලන කල සාලිය පීරිස් ප‍්‍රතිගාමියෙකි.
 
 ශ‍්‍රී ලංකාවට මහත් සේ අවාසිදායක වූ අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමට ඔහු ප‍්‍රමුඛ විය. මෙය රටට සහ ජාතියට ද්‍රෝහී වූ කාර්යාලයකි. සාලිය පීරිස් පිළිබඳ වෘත්තීය විග‍්‍රහය එසේ වුවද අවසන් විග‍්‍රහයේදී ඔහු ඉතා හොඳ මිනිහකු බව කියනු ලැබේ. මෙකී පරාජයට සමපාතව පොහොට්ටුව ඉදිරි සමුපකාර ඡන්ද, ප‍්‍රාදේශීය සභා ඡන්ද, පළාත් සභා ඡන්ද යනාදියෙන්ද පරාජයට පත් වන්නට පටන් ගතහොත් එම පක්ෂය බලයට ගෙන ආ ප‍්‍රගතිශීලී මතවාදය සම්පූර්ණයෙන්ම දිරාපත් වනු ඇත. මේ සියලූ දේට ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ කුණු කටවල්ද වගකිව යුතුය. පාස්කු කොමිසමේ අවසන් ප‍්‍රතිපලය නිසා හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට නඩු පැවරීමේ තර්ජනයක් හටගෙන ඇති බැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පසුවන්නේ මහත් වූ කෝපයෙනි. පසුගියදා රූපවාහිනී වැඩසටහනකට සහභාගි වූ පොහොට්ටු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මේ කෝපය දෙගුණ තෙගුණ කරවමින් කියා සිටියේ ඉදිරියේදී ආණ්ඩුවට තුනෙන් දෙක නැති වුවද ”මෛත‍්‍රී උසාවි ගෙන යා යුතුය” හා සමාන අදහසකි. පාර්ලිමේන්තුවේ සිටින නවකයන් බරපතළ රූපවාහිනී සාකච්ඡාවලට එවීමේදී පොහොට්ටුව ඉතා සැලකිලිමත් විය යුතුය. මෙවැනි නවකයන් ස්වකීය චූන් එක සඳහා කියන ළමා කතාවලින් සිදු විය හැකි හානිය අපමණය. විහාර දේවාල ගම් පනත අහෝසි කළ යුතු බවට අලි සබ්රි දුන් ඉඟිය ද මෙවැනිම ගොන් කතාවකි. විහාර දේවාල ගම් පනත යනු සිංහල රජවරුන් විසින් දේවාල, පන්සල් සහ පුද්ගලයන්ට නින්ද ගම් ප‍්‍රදානය කිරීමේ ද්විතීයික අවස්ථාවකි. එය අහෝසි කරන්නට කතා කිරීමෙන් සංඝයා වහන්සේලා තුළ මහත් කලකිරීමක් ඇතිවන අතර ආගමික අන්තවාදීන් අතට පෙට‍්‍රල් බැරල් පිටින් ලැබෙයි. අලි සබ්රිගේ කතාව තුළ කිසියම් තර්කයක් තිබේ. ඔහුගේ තර්කයට අනුව මේ රට තුළ ක‍්‍රියාත්මක වන මුස්ලිම් නීති, යාපනයේ තේසවලාමේ නීතිය, කතෝලික පල්ලි සම්බන්ධයෙන් ඇති නීති යනාදිය ද අහෝසි විය යුතුය. එහෙත් මේ වෙලාවේදී මේ කිසිවක් කිව යුතු කතා නොවේ. එයින් පෙන්වන්නේ අලි සබ්රි තුළ ඇති දේශපාලන නවක භාවයයි. විහාර දේවාල ගම් පනත අහෝසි කිරීමට තමන් තුළ හීනෙන් හෝ අදහසක් නොවූ බව අලි සබ්රි පසුව පැවසීය. හීනෙන්වත් එවැනි අදහසක් ඔහු තුළ නොවූවද ඔහු කතා කර ඇත්තේ හීනෙනි. මේ කතු වැකිය උවමනාවට වඩා දිගු වන බව පෙනේ. එබැවින් එය මෙතනින් නවත්වනු ලැබේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles