Divaina - ”ඇමැති ගෙදර යයි අපි හිරේ යයි...”

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

weerassssජනතා පරමාධිපත්‍යයට සහ පරිසර පද්ධතියට ඉතාම හිතකර නඩු තීන්දු දෙකක් ඉකුත් දෙසතිය තුළ නිකුත් විය. මින් පළමුවැන්න රිෂාඞ් බදුර්දීන්ට අතින් වියදම් කර වන රෝපණය කරනු පිණිස දුන් තීන්දුවය. දෙවැන්න සිල් රෙදි නඩුවේ තීන්දුවය. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේදී රුපියල් මිලියන හයසියයක් වටිනා සිල් රෙදි බෙදා දීමක් සිදුවිය. ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව තිබූ මුදලක් වැය කරන ලදී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටින තාක්කල් මේ සිද්ධිය නඩුවක් වූයේ නැත. එහෙත් ඔහු පරාජයට පත්වී යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු එය නඩුවක් බවට පත්විය. රාජපක්ෂ යුගයේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිව සිටියා වූද එවකට ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළා වූද ලලිත් වීරතුංග ද විදුලි සංදේශ නියාමන කොමිසමේ එවකට අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට ද මේ නඩුවේ විත්ති පාර්ශ්වය ලෙස නම් කරන ලදහ.

මුලින්ම යහ පාලකයෝ වීරතුංග සහ අනූෂ පැල්පිට අත්අඩංගුවට ගෙන සෑහෙන කලක් රිමාන්ඞ් කර තැබූහ. ඉන්පසු නඩු අසා දෙදෙනාටම බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කළහ. මේ නඩුව ගොනුකර තිබුණේ තනිකරම මහින්ද රාජපක්ෂට රිදවා ඔහුගේ විශ්වාසවන්ත රාජ්‍ය නිලධාරීන් හිරේ දැමීමේ අරමුණිනි. ලලිත් වීරතුංග යනු ඉතාම ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි. ඔහු දැරූ ජනාධිපති ලේකම්කම රාජ්‍ය සේවයේ නිල ධුරාවලියේ ඉහළම තනතුරය. අනූෂ පැල්පිට යනු ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ විශිෂ්ට ශ්‍රේණියට අයත් නිලධාරියෙකි. ඔහු වැනි තවත් නිලධාරීන් සිටියේ ස්වල්පයක් පමණි.

මේ නිලධාරීන් දෙදෙනා සිල් රෙදි බෙදාදීම සඳහා ප‍්‍රතිපාදන නිකුත් කළේ ඔවුන්ගේ නිවන් මග සනාථ කරගැනීමේ අරමුණින් නොව ඉහළින් ලැබුණු නියෝගයක් මතය. ඒ හැරුණු විට වීරතුං ග සහ පැල්පිට යන දෙපළ මේ සිල් රෙදි තමන් වෙත බෙදාගෙන තිබුණේ නැත. එසේම ඒවා ඇඳගෙන සිල්ගෙන තිබුණේද නැත. රාජපක්ෂවරු දිගටම බලයේ සිටියා නම් සිල් රෙදි සිද්ධිය කවදාවත් නඩුවක් වන්නේ නැත. එය නඩුවක් වන්නේ රටේ ආණ්ඩුව යහ පාලකයන් අතට මාරු වූ හෙයිනි. මේ නඩුව ගොනු කිරීමට අවශ්‍ය සාක්ෂි සම්පාදනය කරගෙන තිබුණේ එකල යහපාලනයේ අළුගෝසුවන් ලෙස කටයුතු කළ දේශපාලනඥයන් පිරිසක් විසිනි. රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ අයගෙන් හැකි උපරිමය හිරේ දැමීම ඔවුන්ගේ අරමුණ විය.

මෙහිදී 2015 ට පෙර පැවැති රාජපක්ෂ පාලනය සියයට සියයක් පිරිසිදු සුපිරි පාලනයක් බව අපි නිකමටවත් නොකියමු. එය සෑහෙන තරමට දූෂිත පාලනයක් විය. එහෙත් එය කිසි විටකත් යහපාලනය තරම් දූෂිත වූයේ නැත. රිෂාඞ් බදුර්දීන් ආණ්ඩුවේ කැලේ සුද්ද කර මුස්ලිම් ජනයා පදිංචි කිරීම වැනි හෝ මහා දවල් මහ බැංකුව කැඞීම වැනි දෙයක් රාජපක්ෂ ආණ්ඩුව තුළ සිදුවුණේ නැත. යහපාලනය බලයට පැමිණීමෙන් පසු රටේ ජනාධිපති වූ මෛත‍්‍රිපාල සිරිසේන හුදකලා කළ යහපාලකයෝ බැසිල්, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලේ අයද එම පාලනයේ නිලධාරීන් ද හිරේ අරින හැටි කල්පනා කරමින් සිටියහ. කිසියම් දේශපාලන පවුලක් ප‍්‍රයිම් ටාගට් එකක් හැටියට ගෙන කටයුතු කිරීම ස්වකීය න්‍යාය පත‍්‍රයේ මුලටම තබාගත් ලංකා ඉතිහාසයේ දෙවන ආණ්ඩුව වූකලී යහපාලන ආණ්ඩුවය.

එවැනි පළමුවැනි ආණ්ඩුව වූයේ 1977 දී බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධනගේ යූ. එන්. පී. ආණ්ඩුවය. එම ආණ්ඩුව බලයට පත් වූ දා සිට වැඩි කාලයක් ගත කළේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ එම පවුලේ අය අතුගා දැමීම පිණිසය. ඔවුහු බණ්ඩාරනායක මැතිනියගේ සහ එම පවුලට සම්බන්ධ කිහිපදෙනකුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළහ. මහර අතුරු මැතිවරණය පැවැති අවස්ථාවේදී එයට ඉදිරිපත් වූ විජය කුමරණතුංගගේ කන ළඟින් වෙඩිල්ලක් ගියේය. ඒ වෙඩිල්ල යන විට විජයගේ කන සහ ඔළුව ස්ථානගතව ඇති තැන ස්වල්ප වශයෙන් හෝ වෙනස් වී තිබුණේ නම් විජය මැරෙන්නේ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ මිනීමරුවන් වෙතින් වෙඩි කෑමට බොහෝ කලිනි.
 
 සිල් රෙදි සිද්ධිය සම්බන්ධයෙන් ලලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට බරපතළ වැඩ ඇතුව සිර දඬුවම් නියම කරන අවස්ථාවේදී මේ රටේ රාජ්‍ය සේවය සංත‍්‍රාසයට පත්විය. ඒ අනුව ග‍්‍රාමසේවක නිලධාරියකුගෙන් චරිත සහතිකයක් පවා ලබාගැනීම උගහට වූයේ ඒ දිය කොරහ තුළ කිඹුලකු සිටීමේ අවදානමක් මතුව තිබූ බැවිනි. වීරතුංග සහ පැල්පිට හිරේ දැමීම තුළ ඉතා නරක සංඥාවක් තිබිණ. ඒ වූකලී සර්වජන ඡුන්දයෙන් බලයට පැමිණි දේශපාලනඥයන්ගේ අණ රාජ්‍ය සේවකයා විසින් ක‍්‍රියාත්මක නොකළ යුතු බවය. ”ඇමැති ගෙදර යයි - අපි හිරේ යයි” යන වැකිය තුළට එම තත්ත්වය ගොනු කිරීමට පුළුවන. ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට නිදහස් වීම රාජ්‍ය සේවකයන්ගේ කැඩුණු කොන්ද යළි හරිගැස්වීමකි.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles