Divaina - විවාහ සහතිකය සංශෝධනය කිරීම

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

edsමේ රටේ ඇතැම් ඉස්ලාමීය දේශපාලනඥයන් ගේ ප‍්‍රමුඛතම ප‍්‍රශ්නය මේ වන විට නිරාකරණය වෙමින් පවතින බව පෙනේ. ඒ ප‍්‍රශ්නය වූ කලී කොරෝනා රෝගය වැලඳුනු ඉස්ලාමීයයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ආණ්ඩුව ඉඩ නොදීම නිසා මරණින් පසු දෙව්ලොව යෑමට එම මියගිය අයට තිබූ බාධාව ය. මේ බාධාව ඉවත් කරමින් මිය ගිය ඉස්ලාමීය කොරෝනා රෝගීන්ගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ දීමේ තැනට ආණ්ඩුව තල්ලූ වෙමින් සිටී. එකී භූමදානයට ඉඩ දෙන බවට කැබිනට් තීන්දුවක් ගත් බව පසුගිය දොළොස් වැනිදා ඇමැති චමල් රාජපක්ෂ කීවේය. ඔහු කිවූ පරිදි එම මළ සිරුරු හැමතැනම භූමදානය නොකරන අතර රටේ එක් තැනකදී පමණක් භූමදානය කරනු ලැබේ. එහෙත් දහතුන් වැනිදා ප‍්‍රකාශයක් කළ කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ ඉස්ලාම් භක්තිකයන් භූමදානය කිරීම ගැන කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි. කෙසේ වුවද එවැනි කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම සුදුසු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද නිර්දේශයක් සහිත ලිපියක් අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලැබී ඇති බවට කටකතාවක් තිබේ.

මේ රටේ ජාතික දේශපාලනය නොව ඉස්ලාමීය දේශපාලනය කරන රවුෆ් හකීම්, මුජිබර් රහුමාන්, අලි සබ්රි, රිෂාද් බදුර්දීන් වැනි අන්තවාදීන් ප‍්‍රමුඛත්වය දී ඇත්තේ කොරෝනාව මැඬ පවත්වා රට ඉදිරියට ගෙන යෑමට නොව දෙව්ලොව යෑමටය. භූමදානය නොකරන මළ සිරුරු දෙව්ලොවට නොගොස් අපායට හෝ වෙනත් දිහාවකට යන බවට තිබෙන ඉස්ලාමීය ආගමික මතයට අපි ගරු කරමු. එය පව් කරන එකා අපායට යන බවට ඇති බෞද්ධ මතය වැනි මතයකි. එසේම ආහාරය පිණිස සතකු මරාගෙන කෑමෙන් පවක් සිදු නොවන බවට තිබෙන ඉස්ලාමීය මතය හා සමාන මතයකි. එහෙත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේදී ආගමික මත පසෙක තබා වෙනත් ප‍්‍රායෝගික මතවලට යෑමට ද සිදු වේ. අලූගෝසුවාට සහ විනිශ්චයකාරයාට මොනතරම් පාපයක් සිද්ධ වුණත් මරණ දණ්ඩනයට නියම වූ එකා එල්ලා මැරිය යුතුමය. කෙනකුට පහර දීමෙන් බරපතළ පාපයක් සිද්ධ වන නමුදු ස්ත‍්‍රී දූෂකයාට පොලිසිය විසින් අම්බානක පහර දිය යුතුය. පව් පිං ගැන සිතා දෙව්ලොව ගැන සහ අපාය ගැන කල්පනා කරමින් මිනීමරුවාටත් කුඩු මුදලාලිටත් ස්ත‍්‍රී දූෂකයාටත් නිදහස දීමට අධිකරණය ක‍්‍රියා කළොත් මුළු රටම අපාය බලා ගමන් අරඹන්නේය. මෙහිදී වැදගත් යමක් කිව යුතුය. එනම් මොහොමඞ් සහරාන්ගේ ආගමික අන්තවාදී කුණු මතය සහ අලි සබ්රි, මුජිබර් රහුමාන්, රිෂාඞ් බදුර්දීන්, රවුෆ් හකීම් යනාදීන්ගේ මතය අතර වෙනසක් තිබිය යුතු බවයි. එහෙත් අද වන විට ඉහත සඳහන් පිරිස මෙන්ම ඇතැම් අන්තවාදී ඉස්ලාමීය දේශපාලන කල්ලි එක පෙළට හිටගෙන රට වනසා දෙව්ලොව යෑමට තැත් කරති. මතුයම් දවසකදී මේ පිරිස යන දෙව්ලොවට නොගොස් මේ පිරිස නැති අපායක ජීවත් වීමට මේ රටේ අන්තවාදී නොවන ඉස්ලාමීය සහ සෙසු ජන කොටස් කැමති වන බව අපට හොඳටම විශ්වාසය.
 
 සැබෑ ප‍්‍රශ්නය දෙව්ලොව නොව මෙලොවය. මෙලොව ජීවිතය ගැට ගසා ගන්නා ක‍්‍රමවේදය ය. කොරෝනාවේ ව්‍යාප්තියත් සමගම සෙසු රටවල ආර්ථිකය අල වී ඇති අතර ලංකාවේ ආර්ථිකය අඤ්ඤකොරොස් වී ඇත. සියලූ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබේ. නොමිලේ ලබා ගත හැක්කේ අප අවට වායුගෝලයේ තිබෙන කාබන් මොනොක්සයිඞ් මිශ‍්‍රවීමෙන් දූෂණය වූ ඔක්සිජන් පමණි. බඩු මිල පාලනය කිරීමට ආණ්ඩුව කොතරම් උත්සහ කළද වෙළෙන්දෝ ඊට නොනැමෙති. එයට හේතුව රටේ භාණ්ඩ නිෂ්පාදනය ඉතා ශීඝ‍්‍ර ලෙස පහත වැටීමත් පවතින ප‍්‍රවාහන අපහසුතා නිසා නිෂ්පාදිත භාණ්ඩ වෙළෙඳපොළ කරා ළඟා නොවීමත්ය. ආණ්ඩුව මේ ළඟදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරන බව කියමින් ලොකු ටින් මාළු එකක් රුපියල් දෙසීයකටත් ලොකු ලූනු කිලෝවක් රුපියල් සීයකටත් සුදු සීනි කිලෝවක් රුපියල් අසූ පහකටත් විකිණීමට නියම කළේය. එහෙත් ජනතාව ඒ මිලට බඩු ලබා ගත්තේ දවස් දෙකක් පමණි. අද වන විට ලොකු ටින් මාළු එකක අවම සිල්ලර මිල රුපියල් දෙසිය පනහකි. ලොකු ලූනු රුපියල් දෙසීයට අඩුවෙන් විකුණනු නොලැබේ. සුදු සීනි කිලෝව රුපියල් එකසිය විසි පහකි. රට කොතරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වුවත් ජනාධිපති කොතරම් හොඳ මිනිහකු වුවත් ආණ්ඩුවේ නීතිවලට ජනතාව අවනත වන්නේ එක්තරා සීමාවක් දක්වා පමණි. ඒ සීමාව කඩාගෙන ජනතාව යනවිට ආණ්ඩුවට ද කරකියා ගැනීමට දෙයක් නැත. එක්දහස් නවසිය අනූ හතරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ රටේ ජනාධිපති විය. ඉන්පසුව බඩු මිල වැඩි කිරීමේ ක‍්‍රියාවලියට අලූත් නමක් ලැබිණ. ඒ නම වූ කලී ”මිල සංශෝධනය” කිරීමය. එතැන් සිට බලයට පත් වූ හැම ආණ්ඩුවක්ම බඩු මිල වැඩි කළේ ”මිල සංශෝධනය” කරන බව කීමෙනි. එහෙත් බඩු මිල අඩු කරන විට ඔවුහු සංශෝධන කතාව අමතක කර බඩු මිල අඩුකරන බව කෙළින්ම කියා ජනතා ප‍්‍රසාදයේ වාසිය දිනා ගත්හ. බඩු මිල වැඩි කිරීමට, ”බඩු මිල සංශෝධනය කිරීම” යනුවෙන් යෙදිය හැකි නම් දික්කසාද වීම සඳහා යෙදිය හැකි හොඳම සහ වැදගත්ම යෙදුම කසාද සහතිකය සංශෝධනය කිරීම යන්නය. කෙනකු මිය ගිය බව කියනවා වෙනුවට උප්පැන්න සහතිකය සංශෝධනය කළ බව කීමට පුළුවන. මෙතරම් කරදර තිබියදීත් ආණ්ඩුව පසුගියදා බස් ගාස්තුව සංශෝධනය කළේය. සල්ලි ගෙවා හෝ ගමන් යන්නට බස් නැති බව ඇත්ත. බස් තිබුණත් එහි යෑමට තබා පයින් යෑමටවත් මේ රටේ ජනතාවට දැන් සල්ලි නැත.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles