Divaina - හොරා ගෙදර සිටියදී කෙහෙල් කැන තැපෑලෙන් පොලිසියට

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

bussssපුත්තලමේ පිල්යාඩියේ අල්මනිපුරම් ගමෙන් පැමිණි ඉතා සරල සාමාන්‍ය මුස්ලිම් තරුණයෙක් එක්දහස් නවසිය අනූ ගණන්වල අවසාන භාගයේදී හෝ දෙදාහේ මුල් භාගයේදී රාජපක්ෂවරුන්ගේ අධිවේගී දේශපාලන පරිගණකය වූ බැසිල් රාජපක්ෂ හමුවිය. බැසිල් රාජපක්ෂ යනු ඡන්ද එකතු කිරීම, ඡන්ද කැඞීම, ඡන්ද සංවිධානය කිරීම, මන්ත‍්‍රීවරුන් ඇනීම සහ එසේ අනන ලද මන්ත‍්‍රී බුරුතු නැවත ලිහා දැමීම වැනි සොෆ්ට්වෙයාර් බොහොමයක් ඩවුන්ලෝඞ් කරන ලද ජාත්‍යන්තර මට්ටමේ කොම්පියුටරයකි. එදා බැසිල් හමු වූ ඒ තරුණයා වන රිෂාඞ් බදුර්දීන් (මෙහි නිවැරදි වින්‍යාසය වූ කලී බතියුදීන් ය.) පසු කාලයේදී බැසිල්ටත් වඩා බලගතු මිනිසකු වීම සඳහා ගමනක් ආරම්භ කළේය.

සැබවින්ම ඔහු බැසිල් ට වඩා බලගතු මිනිහෙක් විය. 2001 දී පාර්ලිමේන්තුවට එන රිෂාඞ් ඉන්පසු පැවති සෑම ඡන්දයකින්ම ජය ගත්තේය. ආණ්ඩු මාරුවන විට බැසිල් රාජපක්ෂ කූඩුවට ගිය නමුදු රිෂාඞ් කූඩුවට ගියේ නැත. එන හැම ආණ්ඩුවකටම එක්කෝ ඔහු සෙට් විය. නැත්නම් එන හැම ආණ්ඩුවක්ම ඔහුට සෙට් විය. එහෙත් පොහොට්ටු ආණ්ඩුවට සෙට් වීමට ඔහුට තවමත් අවස්ථාවක් නැති අතර එම ආණ්ඩුවේ පස් අවුරුදු ආයු කාලය නිම වීමට පළමු ඔහු ස්ථිර වශයෙන්ම එයට සෙට් වෙනවා ඇත. රිෂාඞ් බදුර්දීන් ගැන අප මේ වෙලාවේදී කතා කරන්නේ ඇයි? කොරෝනා පැතිරවීමට ඔහුගේ සම්බන්ධයක් ඇති නිසාද? ඔහු බ‍්‍රැන්ඩික්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින්නෙක්ද? නොඑසේ නම් පිටරටින් ගෙනෙන ලොකු ලූනුවල තීරු බඩු ඉවත් කිරීම නිසා දේශීය ලූනු ගොවියාගේ මාර්කට් එක බිඳ වැටීමට ඔහු සම්බන්ධ නිසාද? නැත. ඔහු මේ කිසිදු සිද්ධියකට සම්බන්ධ නැත.

මේ සියල්ලටම වඩා වෙනස් චෝදනාවක් ඔහුට තිබේ. ඒ වූ කලී පසුගිය ජනාධිපතිවරණයේදී ලංගම බස් දෙසිය විසි දෙකක් යොදවා පුත්තලමේ සිට ඡන්ද දායකයන් දහස් ගණනක් ඔහු විසින් මන්නාරමට ප‍්‍රවාහනය කරන ලැබීමය. රිෂාඞ් පසුගිය ඡන්දයේදී වැඩ කළේ සජිත්ටය. තමා පරදින බව සජිත් එදා නිකමටවත් කල්පනා නොකළ අතර එයට හේතුව සුජීව සේනසිංහ, හරීන් ප‍්‍රනාන්දු ඇතුළු කොහු කර්මාන්ත පිරිසක් විසින් දුන් ජයග‍්‍රහණයේ ලණුව ගිල දමා සිටීමය. මේ ලණුවෙන් හැලූණු කොහු කැබලි කිහිපයක් රිෂාඞ්ට ද කැවී තිබූ බැවින් ඔහු කල්පනා කළේද සජිත් දිනන බවය. මේ නිසා සජිත් ඊළඟට ජනාධිපති වූ විට සියලූ කරුණු නිරාකරණය වනු ඇතැයි කල්පනා කළ රිෂාඞ් ආණ්ඩුවේ බස්වලින් පුත්තලමේ සිට මන්නාරමට බය නැතිව ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කළේය. ඡන්දය දීම සඳහා ඡන්ද පොළවලට ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කිරීම ඡන්ද නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. එසේ ප‍්‍රවාහනය කිරීම ආණ්ඩුවේ වාහනවලින් කළ විට වැරැද්ද ඩබල් වේ. මේ චෝදනාව මත රිෂාඞ් අත්අඩංගුවට ගන්නා ලෙස උසාවිය මීට දින කිහිපයකට පෙර නියෝග කළේය. ඒ සඳහා පොලිස් කණ්ඩායම් හයක් යොදවන ලද අතර මේ කතු වැකිය ලියන මොහොත වන විටත් රිෂාඞ් ආ ගිය අතක් නැත.

අපගේ වැටහීම නම් මෙකී අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රියාවලිය තුළ දී පෙර කී පොලිස් කණ්ඩායම් හය සහ රිෂාඞ් බදුර්දීන් අතර සන්නිවේදන රික්තයක් හටගෙන ඇති බවය. මේ රික්තය නිසා පොලිසියට රිෂාඞ් සොයා ගැනීමට බැරි අතර, රිෂාඞ් ට පොලිසිය සොයා ගැනීමට බැරිව ඇති. සමහරවිට රිෂාඞ් සොයාගෙන පොලිසිය යන අතර පොලිසිය සොයාගෙන වෙන පාරකින් රිෂාඞ් එනවා වන්නට පුළුවන. එහෙම නැත්නම් පොලිසිය සොයාගෙන රිෂාඞ් යනවිට පොලිසිය රිෂාඞ් සොයාගෙන වෙන පාරකින් එනවා වන්නට පුළුවන. තවමත් පොලිසියට සොයා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද දායකයන් ප‍්‍රවාහනයට සම්බන්ධ වූ බව කියන අලගරත්නම් මනෝරාජන් නමැති එකවුන්ටන් කෙනකු සහ රිෂාඞ්ට අයිති සුඛෝපභෝගී වාහන දෙකක් පමණි. මේ අතර රිෂාඞ් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලන රිට් පෙත්සමක් රිෂාඞ්ගෙන් උසාවියට ලැබී තිබේ. මෙය සමාන වන්නේ හොරා සැඟව සිටියදී කෙසෙල් කැන තැපෑලෙන් පොලිසියට පැමිණීමටය.
 
 ලංගම බස් අවභාවිත කිරීම කෙසේ වෙතත් රිෂාඞ් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ඔරිජිනල් චෝදනා කිහිපයක් අත උඩ තිබේ. ඉන් පළමුවැන්න විල්පත්තුව සුද්ද කිරීමය. ඊළඟට ඉස්ලාමීයයන්ට එම ඉඩම් බෙදා දීමය. මෙයින් වැටහෙන්නේ සිංහල බෞද්ධ දේශපාලනඥයන් පිරිත් කියනු වෙනුවට බයිලා කියමින් පිස්සු කෙළින අතර රිෂාඞ් ස්වකීය ජාතියට සේවය කරන බවය. අවසන් වශයෙන් අපට කීමට ඇත්තේ මතු දිනයකදී පොලිසියට භාරවන රිෂාඞ් ඉස්ලාමීය ජාතික වීරයකු ලෙස ඇප ලබා එළියට එන බවය. ඉතිං කොරල බලහල්ලකෝ..

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles