Divaina - බුවනෙකබා හෝටලය සහ බේකරිය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

buwaeditorබුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැඟිල්ලක් හෝ ඉන් කොටසක් කුරුණෑගල නගරාධිපතිගේ මූලිකත්වයෙන් බිමට සමතලා කළේ යැයි කියන අවාසනාවන්ත සිදුවීමට දින කිහිපයකට කලින් පහත සඳහන් කතාන්දරය අපට දැනගන්නට ලැබිණ; භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ විසින් ඉන්දියානු අර්ධද්වීපයේ සොළොස් මහා ජනපද පුරා පතුරුවා හරින ලද බුදු දහමේ සිසිල් සුළඟ පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය හරහා චීනය තෙක් පැතිර ගියේය.

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර කොටස ගාන්ධාරය ලෙස හඳුන්වන ලද අතර එම ප‍්‍රදේශයේ පිහිටි ඛයිබර් පක්තුන්ක්වා නමැති ගම ගාන්ධාර අක්ෂය ලෙස හඳුන්වන ලදී. මෙයට දින කිහිපයකට පෙර මේ ප‍්‍රදේශයේ සිටි ඉඩම් හිමියෙක් ගෙයක් සෑදීමේ කොන්ත‍්‍රාත්තුවක්, කොන්ත‍්‍රාත්කරුවකුට භාර දුන්නේය. මේ කොන්ත‍්‍රාත්කරු උපන් ගෙයි මෝඩයකු මෙන්ම ඉස්ලාමීය අන්තවාදියකු ද වෙයි. ඉඩමේ ගෙපල කැපීම පිණිස තමන් බඳුම අන්තවාදී හතරදෙනකු සමග ඉඩමට ගිය කොන්ත‍්‍රාත්කාර තෙමේ මුලින්ම කළේ අත්තිවාරමට බාධා වන ලෙස පිහිටි බුදු පිළිමයක් කැඞීමය. ඉස්ලාමීය අන්තවාදියා කොහොමටත් බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා සමග බද්ධ වෛරයෙන් පසුවෙයි.

ඒ අනුව කොන්ත‍්‍රාත්කරු ද ඔහුගේ කම්කරුවන් වූ හරක් රැළ ද මිටි පහර දී ප‍්‍රතිමාව සමතලා කර මහත් සේ විනෝදයට පත් වූහ. මේ ප‍්‍රතිමාව ඊයේ පෙරේදා කිරිමැටි වලින් තනන ලද්දක් නොවේ. මෙය තනා තිබුණේ අවුරුදු එක්දහස් හත්සියයකට පෙර හෙවත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු අටසියයකට පසුය. මෙය තනිකරම නෙළා තිබුණේ ගාන්ධාර සම්ප‍්‍රදායට අනුවය. ගාන්ධාර ප‍්‍රතිමා සම්ප‍්‍රදාය තුළ ග‍්‍රීක ප‍්‍රතිමා නෙළීමේ ලක්ෂණ ඒ ආකාරයෙන්ම තිබේ. සිහින් ඇස්, සිහින් තොල් පෙති, ඍජු නාසිකාව, රවුම් මුහුණ සියුමැලි පෙනුම දෙන කන් පෙති, සියුම් රේඛා වලින් නිරූපණය වන ඇඳුම් යනාදිය ග‍්‍රීක ප‍්‍රතිමා සම්ප‍්‍රදාය තුළ මෙන්ද ගාන්ධාර ප‍්‍රතිමා කලාව තුළ ද තිබේ. කඩා බිඳ දමන ලද පෙර කී කෞතුක වස්තුව ගාන්ධාරයට අයත් බව හෙළිකර ගන්නා ලද්දේ පිළිමයේ කැබලිවල තිබූ සියුම් රේඛා ආශ‍්‍රයෙනි. පිළිමය සමතලා කළ හරක් රැළ එතැනින් නොනැවතී බූරු වැඩක් ද කළහ. එනම් එම ම්ලේච්ඡ ක‍්‍රියාව සිදුකරන ආකාරය වීඩියෝ කර ෆේස් බුක් දැමීමය. මේ වෙලාවේදී ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට පිං දෙන්නට අපට සිදු වේ. ඒ, පිළිමය විනාශ කිරීමේ සිද්ධිය පිළිබඳව බාහිර ලෝකය දැනගත්තේ සකර්බර්ග්ගේ ෆේස් බුක් සමාජ ජාලය හේතුවෙන් වීමය. මේ වනවිට ම්ලේච්ඡ කොන්ත‍්‍රාත්කරු ද ඔහුගේ කම්කරු හරක් රැළ ද හිර ගෙදරය. පාකිස්තානය යනු ඇෆ්ගනිස්තානයෙන් කාන්දු වූ අන්තවාදී ඉස්ලාමීයයන්ගෙන් ගහන භූමියකි. ඒ අනුව තුච්ඡ කොන්ත‍්‍රාත්කරුට මෙන්ම ඔහුගේ වහලූන් සිවු දෙනාට ද හිරගෙදර තුළදී හොඳ පිළිගැනීමක් හෙවත් Reception එකක් ලැබුණා විය හැක.
 
 ආසියාවේ බෞද්ධ සංස්කෘතියට සහ පුරා වස්තුවලට ඉතා නරක කාලයක් විසිඑක්වැනි ශතවර්ෂය මුලදී උදාවිය. වසර දෙදහස් එකේදී ගාන්ධාර දේශයට අයත් ඇෆ්ගනිස්තානයේ බාමියාන් නිම්නයට ඇතුළු වූ තලේබාන් ආගමික පිස්සෝ එම නිම්නයේ පිහිටි බුද්ධ ප‍්‍රතිමා තුනක් කාලතුවක්කු වලින් වෙඩි තබා, බෝම්බ ගසා, ඩයිනමයිට් වෙඩි යොදා වැනසූහ. බාමියන් ප‍්‍රතිමා සාදා තිබුණේ ක‍්‍රි. ව. පන්සිය හතළිස් හතරේදීය. පුරා වස්තු කැඩිමේ මෝඩ චූන් එක පසුව ක‍්‍රමයෙන් ආසියාව පුරා පැතිර යන්නට පටන් ගත්තේය. බාමියන් සිද්ධියෙන් දෙවසරකට පමණ පසු මාලදිවයිනේ ජීවත් වූ අන්තවාදී ඉස්ලාමීයන් පිරිසක් ඒ රටේ කෞතුකාගාරයට කඩා වැද එහි තිබූ බුදු පිළිම කඩා බිඳ දැමූහ. මේ මෝඩ චූන් එක අඩු වැඩි වශයෙන් ලංකාවේ ද තිබේ. නිධන් කැඞීමේ අලංකාර ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකාව පුරාවස්තු බිඳ හෙළීමෙහි ද සූර බවක් පෙන්වයි.

කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය නමැති ගොඩනැඟිල්ල කඩා බිඳ දැමීමේ සිද්ධිය සාධාරණ බව කියන්නට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව නමැති පුද්ගලයා ඉදිරිපත්වීමත් ඔහුගේ ඇඟට අතක්වත් තැබීමට ඉඩ නොදෙමැයි කියමින් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කරණම් ගැසීමත් මේ මෝඩ චූන් එකේ එක අවස්ථාවකි. බුවනෙකබා රාජ සභා මණ්ඩපය හෝටලයක්, බේකරියක්, ගණිකා මඩමක්, ගබ්සා මධ්‍යස්ථානයක් යනාදී වශයෙන් පවත්වාගෙන ගිය බව තුෂාර සංජීව කියයි. එවිට ඔහු රැකීමට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නටයි. මේ දෙදෙනා විසින් ඉදිරි ඡන්දයේදී පොහොට්ටුවේ ඡන්දවලට කරන්නට යන හානිය ඉතාම ඉහළය. එය තම මුඛය ශ‍්‍රී මුඛයක් බව කීමෙන් ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස කරගත් ඩැමේජ් එක ඉක්මවන්නක් බව මේ අවස්ථාවේ අප සඳහන් කරන්නේ හද පිරි ශෝකයෙනි.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles