Divaina - (අ)කුසල් මෙන්ඩිස්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

roverමෙයට දින කිහිපයකට පෙර, මහ පාන්දර එනම් පාන්දර 4.30 ට පමණ පානදුරේ හොරේතුඩුවේ දී ප‍්‍රසිද්ධ ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ සුඛෝපභෝගී රේන්ජ් රෝවර් රථය කුඩා තෙල්ගේ නෙවිල් පීරිස් පැද වූ කසි කබල් බයිසිකලය හා ගැටිණ. මේ අනතුරින් නෙවිල් පීරිස්ගේ බයිසිකලය පසු පස රෝදය පමණක් ඉතිරි වන පරිදි කැඞී බිඳී පොඩි පට්ටම් වූ අතර නෙවිල් පීරිස් බරපතළ තුවාල ලබා මළේය. අනතුරින් කුසල් මෙන්ඩිස්ගේ සුඛෝපභෝගී රියේ දකුණු ලයිට් එක ටිකක් තුවාල වී බොනට් එක චුට්ටක් නැවින.රේන්ජ් රෝවර් රථයක් රුපියල් කෝටි එකහමාරක් පමණ වටී. අනතුරින් මිය ගිය නෙවිල් පීරිස් පැද වූ කසි කබල් බයිසිකලය රුපියල් දෙදහසක්වත් නොවටින බව එහි පිංතූරය දෙස බැලීමෙන් පෙනී යයි. නෙවිල් පීරිස් බස් කොන්දොස්තර කෙනකි. ඔහු ජීවත් වුණේ කුලියට ගත් ලෑලි පැල්පතකය. ඔහුගේ මළ සිරුර තබා තිබුණේ ලොකු පුතා විසින් ගන්නා ලද කුලී ගෙදරකය. සාමාන්‍යයෙන් බස් කොන්දොස්තර කෙනෙක් දිනකට රුපියල් දහසකට වඩා නොඋපයයි.

එයට හේතුව මේ දිනවල සෙනග විශාල වශයෙන් නොසිටීමය. කොවිඞ් - 19 විසින් වෙනස් කරන ලද මනුෂ්‍යාගේ දෛනික ජීවිතය අද වන විට ඉතා නරක තැනකට වැටී තිබේ. වෙසෙසින්ම මාසික වැටුප් නොලබන, එදා වේල හොයාගෙන කන මිනිසුන්ට කොවිඞ් 19 නිසා පුදුම ගින්දරක් පත්තු විය. කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප‍්‍රනාන්දු ද පටවා ගෙන පානදුරේ මොරොන්තුඩුව හරහා යන්නේ වැල්ලවත්තේ රාත‍්‍රී සමාජ ශාලාවක සුරූපී තරුණියන් සහ මිතුරන් සමග රැයක් එළි කිරීමෙන් පසුවය. රාත‍්‍රී සමාජ ශාලා තුළ ආප්ප සහ ප්ලේන් ටී නැත. ඉඳිආප්ප සහ කිරි හොදිද නැත. සාමාන්‍යයෙන් මේ රටේ රාත‍්‍රී සමාජ ශාලා බහුතරයක මිල අධික මත්පැන්, රස අධික බයිට්ස්, සියලූ ආකාරයේ තහනම් උත්තේජක සහ කුඩු, නැති බැරිකමට ඇඟ විකුණන ගැහැනු ළමයි යනාදිය තිබේ. රාත‍්‍රී කාලයේ ටී.වී. බලා බත් ටිකක් කා නිදා ගන්නවා වෙනුවට, මේ රටේ ධනවත් ”ළමා පරපුර” රාත‍්‍රී කාලයේදී නයිට් ක්ලබ් ගාණේ රිංගන්නේ මත් සැප සහ රති රස විඳිනු පිණිසය.එහෙත් කුසල් මෙන්ඩිස් පෙර කී සමාජ ශාලාවේදී එවැනි අපචාරි නීච ක‍්‍රියාවල යෙදුනු බව කවරකු හෝ යෝජනා කළොත් අප නම් කියන්නේ කුසල් මෙන්ඩිස් එවැන්නක් නොකළ බවමය. අපට හිතෙන හැටියට කුසල් මෙන්ඩිස් නයිට් ක්ලබ් ගියේ ප්ලේන්ටියක් බොන්නටය.

රෑ දහයට පමණ එම ප්ලේන්ටිය ඕඩර් කළ ඔහු පාන්දර හතරහමාර වන තුරු ප්ලේන්ටිය එන තෙක් බලා සිටින්නට ඇති. අවසානයේදී තේ නොලැබෙන බව තේරුණු විට ඔහු සිය මිතුරා වූ අවිශ්ක ප‍්‍රනාන්දු සමග සමාජ ශාලාවෙන් පිටතට එන්නට ඇති. සමාජ ශාලාවේදී ඔහු තරුණියන් පිරිසක් සමග සිටියේය යනුවෙන් ඇති තොරතුර ගැන අප එතරම් කලබල වන්නේ නැත. තරුණයන් තරුණියන් සමග මිස වියපත් මිත්තනියන් සමග පෙම් කෙළින රටක් නැත. මේ අනුව සැකයේ වාසිය විත්තියට කීවාක් මෙන් අප කුසල් මෙන්ඩිස්ගේ පැත්තටම කතා කර ඇත්තෙමු. සමාජ ශාලාවෙන් නික්මුණු කුසල් මෙන්ඩිස් බීමතින් සිටියේද නැද්ද යන්න ගැන අපට දැනුමක් නැත. ඔහු කරටිය කැඩෙන්නට ගසා සිටියත් ඒ බවක් අප විශ්වාස කරන්නේ ද නැත. මෙහිදී ප‍්‍රශ්නයක් පැන නගී. සමාජ ශාලාවෙන් එළියට එන කුසල් මෙන්ඩිස් සිය රේන්ජ් රෝවර් රථයට නැගී එය පදවාගෙන යන්නේ මහ පාරේ දකුණු පැත්තෙනි. ලංකාවේ නීතියට අනුව රියෙන් යන්නෝ වම් පැත්තෙන් යා යුතු අතර පයින් යන්නෝ දකුණෙන් යා යුත්තාහ. එසේ තිබියදී කිසිවෙක් පාරේ දකුණු පැත්තෙන් රිය පදවන්නේ නම්, ඔහු බේබද්දෙකුට වඩා ගංජාකාරයකු හෝ කුඩුකාරයෙකි. කුසල් මෙන්ඩිස්ගේ රිය නෙවිල් පීරිස් ගේ කබල් බයිසිකලයේ හැපෙන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් සහ ඔහුගේ මිතුරාත් අනතුරට පත් වූ නෙවිල් පීරිසුත් හැර කිසිම මනුෂ්‍යයෙක් මහ පාරේ සිටියේ නැත. අනතුර කෙතරම් ප‍්‍රචණ්ඩ වීද යත් එය සිදු වූ සැණින් එය බැලීම සඳහා එහි දිවෙන වීථි සුනඛ මහත්වරුන් දෙදෙනකු සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව ඇත. අනතුර සිදු වූ මොහොතට අනුව කුසල් මෙන්ඩිස් ට සහ අවිශ්ක ප‍්‍රනාන්දුට වඩා වටිනාකමක් පාරේ සිටි එකී බල්ලන් දෙදෙනාට තිබිණ. අනතුරින් පසු මිය යමින් සිටි නෙවිල් පීරිස් අමතක කළ කුසල්, රේන්ජ් රෝවර් රථය පදවාගෙන ගෙදරම ගියේය. එසේ වූ කල්හි මේ වීථි සුනඛයින් දෙදෙනා ජාතික මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුට වඩා නොවටින්නේ ද? නෙවිල් පීරිස්ගේ මරණය නොසැලකිලිමත් නීචයකු විසින් සිදු කෙරුණු මිනීමැරුමක් බව අපේ මතය වේ. මේ අනතුරේදී පොලිසිය කිසිදු රාජකාරියක් කර නැත. පොලිසිය හරියට රාජකාරිය කළේ නම් කුසල් මෙන්ඩිස් අද වැලිකඩ රිමාන්ඞ් කූඩුවේය. සාමාන්‍යයෙන් රිය අනතුරකදී අනතුරට ලක් වන්නා මළොත් එහෙමත් නැත්නම් තුවාල ලබා රෝහල්ගත කළොත් එම අනතුරට අදාළ විත්ති පාර්ශ්වය ස්ථිර වශයෙන්ම රිමාන්ඞ් කරනු අප දැක ඇත. සාමාන්‍ය මිනිහකු මෙවැනි වරදකට අසු වුණොත් ඔහුට ඇප දෙනවාට විරුද්ධව පොලිසිය උසාවි භූමිය තුළ ඔළුවෙන් හිට ගන්නවා ඇත. එහෙත් කුසල් මෙන්ඩිස් ඉදිරියේදී පොලිසිය මාර ඇඹරිල්ලක් ඇඹරී තිබේ. ඒ අනුව බලන කල අනතුර සිදුවන අවස්ථාවේදී පාරේ සිටි බල්ලන් දෙදෙනා පොලිසියට වඩා හොඳින් සිය රාජකාරිය කර ඇත.
 
 මෙය හරිම පුදුම කෙළියකි; මේ රටේ දේශපාලන පුත‍්‍රයන්, නළු නිළියන්, ධනවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් යනාදීන්ගේ කාර්වලට මිනිසුන් යට වූ විට ඉතා පහසුවෙන් ගෙදර ඒමට පෙර කී අයවළුන්ට පුළුවන. එයට හේතුව එම පුද්ගලයන් පිළිබඳ සිදු කරන නෛතික කාර්යාවලියේ කොතැනක හෝ පොලිසිය ඇඹරීමය. අප කියන දේවල් ගැන පොලිසිය තරහ විය යුතු නැත. ඔවුන් අප සමග තරහා වනවා නම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කර තිබෙන පජාති වැඩ සම්බන්ධයෙන් පොලිසිය සමග අප කොතරම් තරහා විය යුතුද? කුසල් මෙන්ඩිස් සහ නෙවිල් පීරිස් යන දෙදෙනාම මේ නීච සමාජ ක‍්‍රමයේ හරස්කඩ තුළ සිරවුණු අය වෙති. මේ සිරෙන් නිදහස් වෙන්නට පොලිසිය මෙන්ඩිස්ලාට උදව් කරයි. එහෙත් පීරිස්ලාට උදව් කරන්නට කව්රුවත් නැත. අවසන් ඵලයේදී මෙන්ඩිස්ලා දිනති. පීරිස්ලා පරදිති.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles