Divaina - ජාතියේ ජනාධිපති, ජාතියේ හමුදාපති සහ ජාතියේ ඞී.අයි.ජී.

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

edමේ මොහොත වනවිට ඇමරිකාවේ සිටින කොරෝනා රෝගීන් ගණන දාහතර ලක්ෂ විසිදහසකි. මියගිය කොරෝනා රෝගීන් ගණන අසූපන්දහස් හත්සිය පහකි. රුසියාවේ සිටින කොරෝනා රෝගීන් ගණන දෙලක්ෂ පනස් දෙදහසකි. මියගිය රෝගීන් ගණන දෙදහස් දෙසිය දොළහකි. එංගලන්තයේ දෙලක්ෂ තිස්තුන්දහස් දෙසිය හතලිස් දෙකකට (එරට අගමැතිද ඇතුළුව* කොරෝනා වැළඳින. එයින් 33,614 මියගිය අතර පෙර වාසනා මහිමය නිසාදෝ
 
 අගමැතිතුමා බේරින. අදවන විට ස්පාඤ්ඤයේ සිටින කොරෝනා රෝගීන් ගණන දෙලක්ෂ විසිනව දහසකි. මියගිය කොරෝනා රෝගීන් ගණන විසිහත් දාහකි. කොරෝනාවෙන් විශාල හානි ලැබූ ඉතාලිය තුළ ආසාදිතයෝ තිස්එක්දහස් එකසියයක් මිය ගියහ. මේ භයානක වසංගතයේ ජන්ම භූමිය වූ චීනයේ මියගිය කොරෝනා රෝගීන් ගණන හාරදහස් හයසිය තිස් තුනකි. එම ජන්ම භූමියට මදක් පහලින් පිහිටි ඉන්දියාවේ සිටින කොරෝනා රෝගීන් ගණන ලක්ෂයකට කිට්ටුය. මියගිය ගණන දෙදහස් හයසියයකට ටිකක් වැඩිය. ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන සමග ලංකාවේ තත්ත්වය සසඳමු.

අදටත් මේ රටේ කොරෝනා රෝගී සංඛ්‍යාව දහස පැන නැත. මිය ගිය ගණන දහය පැන නැත. ඒ අනුව ආණ්ඩුව විසින් කොරෝනාව ජයගනු ලැබ ඇති බව පෙනේ. මේ ජයග‍්‍රහණයේ පසුපස මේ රටේ විපක්ෂය සිටියේම නැත. මේ ළඟදී සජිත් පේ‍්‍රමදාසගේ පැත්තට ගොස් සිටින යූ.එන්.පී. හිටපු මන්ත‍්‍රී කෙනෙක් කීවේ මේ විදිහට අත් සෝදන්න ගියොත් අල්ලේ රේඛාත් මැකී යන බවය. සජිත් පේ‍්‍රමදාස මෙවැනි ගොන් චින්තකයන්ගෙන් ප‍්‍රවේශම් විය යුතු බව අමතර කාරණයක් ලෙස කිව යුතුය. රනිල් වික‍්‍රමසිංහව කා දැමූ මේ මැටි හරක් මේ වනවිට සජිත් පේ‍්‍රමදාසවද හප කරමින් සිටිති. කොරෝනාව මේ රටේ එළිපත්තට පැමිණි වහාම ආණ්ඩුව විසින් රට වසා දමන ලදී. ඉන් දින කිහිපයකට පසු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට මෙසේ කීවේය.

”විශ‍්‍රාමිකයන්ට විශ‍්‍රාම වැටුප් වහාම දිය යුතුයි. ඇඳිරිනීතිය නිසා ඔවුන්ට විශ‍්‍රාම වැටුප් ගන්න යන්න බැහැ. ඒ නිසා මේ විශ‍්‍රාමිකයන් ආරක්‍ෂිත ලෙස නිවාස වලින් පිටතට අරගෙන අදාළ ස්ථාන වලට ගෙනගොස් විශ‍්‍රාම වැටුප් ලබා දී ඔවුන් ගෙවල් වලට ඇරලන්න”. මේ කොන්ත‍්‍රාත්තුව භාරදෙන ලද්දේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටය. ශ‍්‍රී ලංකාව තුළ විශ‍්‍රාම වැටුප් ලබන්නෝ හත් ලක්ෂයක් පමණ සිටිති. මේ අය ප‍්‍රවාහනය කිරීමට බස් පහළොස්දාහක් අවශ්‍ය විය. එහෙත් ලං.ග.ම. බස් තිබුනේ පන්දහස් පන්සියයක් පමණි. ශ‍්‍රී ලංකා යුධ හමුදාව ඒ බස් තොගයත් තවත් වාහන රැසකුත් සොයාගෙන සියලූ‍ විශ‍්‍රාමිකයන් ඒවායෙහි පටවාගෙන ගොස් වැටුප් ලබාදී ඔවුන් ෆාමසි වලට යොමුකොට බෙහෙත් ගන්නටත් සලස්වා ගෙවල් වලට හැරලූවේය. මේ කර්තව්‍යයට ගතවුනේ පැය හැත්තෑ දෙකක් පමණි.
 
 කොරෝනාව යනු ජාතික ප‍්‍රශ්නයකි. එය මෙහි ආවේ ජාත්‍යන්තරයෙනි. මෙවැනි ජාතික ප‍්‍රශ්නයක් විසඳන විට ජාතික නායකත්වයක් හා ජාතික ප‍්‍රතිපත්තියක්ද, ජාතික ක‍්‍රියාන්විතයක්ද, එම ක‍්‍රියාන්විතය මහජනතාව වෙත සන්නිවේදනය කිරීමට හොඳ ජාතික කටක්ද අවශ්‍යය. මේ ජාතික ව්‍යසනය පැරදවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද ජාතික නායකත්වය මේ රටේ සියලූ‍ දෙනාගේ ගෞරවයට පාත‍්‍ර විය යුතුය.

එය යුධ ජයග‍්‍රහණය සඳහා මහින්ද රාජපක්ෂ විසින් දෙන ලද දේශපාලන නායකත්වයට නොදෙවෙනි නායකත්වයකි. එම නායකත්වය යටතේ ඇරඹුණු කොරෝනා නාශක ක‍්‍රියාන්විතය සඳහා යටිතල පහසුකම් සපයන ලද්දේ ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රමුඛ ත‍්‍රිවිධ හමුදාවය. ඒ නිසා ඔහුද ජාතික තලයට පත්වෙයි. (මේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය විසින් කොරෝනාව නැසීම සඳහා කරන ලද මහඟු‍ සේවාව වෙනම කතු වැකියකින් සාකච්ඡුා කරනු ලැබේ*

ඊළඟට මේ ක‍්‍රියාන්විතයට අදාළ නෛතික මෙහෙයුම පිළිබඳව ජනතාවට දැනුම්දීමේ කටයුතු භාරවී තිබුනේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණටය. රජයකට කලාතුරකින් පහළ විය හැකි තොරතුරු සම්පේ‍්‍රක්ෂකයකු වන ඞී.අයි.ජී. අජිත් රෝහණ ස්වකීය කාර්ය භාරය කොතරම් කාර්යක්ෂම ලෙස කළේද යත් ඔහු රූපවාහිනියේ පෙනී සිට කොරෝනාව ගැන අලූ‍ත් තොරතුරු කියන තුරු මිනිස්සු නොඉවසිල්ලෙන් බලා සිටින තත්ත්වයක් ඇතිවිය. මේ ජාතික නිවේදකයා කළ කාර්ය භාරය කිසිසේත්ම ලඝු කොට තැකිය යුතු නැත. සෞඛ්‍ය ඇමති පවිත‍්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සහ වෛද්‍ය සංගමයද කළ මෙහෙවර ගැන ලබන සතියේ යමක් ලිවීමට අපි අපේක්ෂා කරමු. කෙසේ හෝ වේවා කොරෝනාවෙන් පසු ජාතියේ ජනාධිපති කෙනෙක්ද, ජාතියේ හමුදාපති කෙනෙක්ද, ජාතියේ ඞී.අයි.ජී. කෙනෙක්ද බිහිව තිබේ. ඒ ඞී.අයි.ජී. පොලිස්කාරයකුට අමතරව මුඛරි නීතීඥයෙකි. එය ප්ලස් පොයින්ට් එකක් ලෙස අපි සළකමු.
  

 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles