Divaina - මෙදා ඇඟේ හලාගත් බාල්දිය තුළ තිබුණේ ඉතාම ගඳ ගසන ද්‍රව්‍යයකි

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඡන්දය කටේ තිබියදී මංගල ඇඟේ හලාගත් බාල්දියේ අසූචි තිබුණු බව හෙළිවන විට පළාතම ගඳ ගහන්නට පටන්ගෙන හමාරය.
 
 ප‍්‍රගතිශීලියකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු මේ වනවිට සිටින්නේ මඩ කලාව නමැති මඩ ගොහොරුව මත තනි කකුළෙන් හිටගෙනය. එසේ සිටින විට කිඳා බැසීම පහසුය. මේ රටේ දේශපාලන සිරිතට අනුව එරෙන එකා තව තවත් වළ තුළටම තල්ලූ කෙරෙනු විනා ගොඩ ඒමට අත දීමක් නැත. මංගල මේ ගහන්නේ ශ‍්‍රී ල. නි. ප. යේ සිට එද්දී ගෙනා මඩය. ඔහු ශ‍්‍රී ල. නි. ප. යේ සිටි කාලයේදී ඉතාම නින්දිත පෝස්ටරයක් මඟින් එ. ජා ප. නායක රනිල් වික‍්‍රමසිංහට මඩ ගැසුවේය. සජිත්ට සහාය දීම පිණිස රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පක්‍ෂය සමග මෙයට දින තුන හතරකට පෙර ගිවිසුම් අත්සන් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එවකට ජනාධිපති ය. ඉරණම කොතරම් හාස්‍යජනකද? 1994 සිටම රනිල් වික‍්‍රමසිංහට බැණ වදිමින් සිටි චන්ද්‍රිකා අද රාජපක්‍ෂලා බලයට ඒම වළක්වනු පිණිස රනිල් වික‍්‍රමසිංහ වෙත යයි. රනිල්ට විරුද්ධව ශ‍්‍රී ල. නි. ප. යේ සිට මඩ පෝස්ටර් ගැසූ මංගල පසු කාලයේදී එ. ජා. ප. යට විත් රනිල් වික‍්‍රමසිංහගේ පය පාමුල දැවටෙමින් සිට අද සජිත් බලයට ගෙන එනු පිණිස වැඩ කරයි. අද අප කතා කරන්නේ මේ එකක්වත් ගැන නොව හිරු රූපවාහිනියට විරුද්ධව මඩ පෝස්ටර් ගැසීම සඳහා මංගල මිනිසුන් යෙදවූයේ යැයි කියන කතාව සම්බන්ධයෙනි. මඩ පෝස්ටර් සිද්ධිය නිකම් අරින අදහසක් හිරු රූපවාහිනියට නැති බව පෙනේ. මඩ පෝස්ටර්කාරයන් අසවල් දේශපාලනඥයාගේ අය බව හඳුනාගැනීමෙන් පසු හිරු රූපවාහිනියේ ප‍්‍රධානීන් විසින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත. ඉන් පසු හිරු රූපවාහිනිය විසින් අදාළ පවුකාරයන්ට එරෙහිව භූමිකම්පාවක් වැනි ප‍්‍රහාරයක් එල්ල කරන්නට පටන්ගෙන තිබේ. මඩ පෝස්ටර් ගැසීමට පැමිණි වාහනවල ඡායාරූප, එම වාහනවල අංක සහ ඒවා අලවන ලද්දේ කවරකු විසින් ද යන්න තොරණේ විස්තරය හා සමානව ඡායාරූප සහිතව විකාශනය කිරීමට එම රූපවාහිනිය කටයුතු කර ඇත.
 
 හිඟන පඩංගු වැනි තුප්පහි දේශපාලනඥයන්ගේ නීච නියෝග ක‍්‍රියාත්මක කරන සිවිල් වැසියා නිතරම කුලී හේවායකුගේ තත්ත්වයට පත්වෙයි. (මෙහිදී හිඟන පඩංගු යන වචනය යොදන ලද්දේ යාචකයන් අපහාසයට ලක් කිරීම පිණිස නොවේ. යාචකයන්ගේ පඩංගු ඉතාම අපිරිසිදුය. දේශපාලනඥයන්ගෙන් ඇතමකු ද ඉතා අපිරිසිදුය) අරක්කු කාලකුත් රුපියල් දාහකුත්, බත් වේලකුත් දුන් විට දේශපාලනඥයන් දෙන ඕනෑම වනචර නියෝගයක් පිළිපැදීමට කැමති පාක්‍ෂික ජනයා මේ රටේ දේශපාලන පක්‍ෂ තුළ බහුලය. හිරු රූපවාහිනියට විරුද්ධව පෝස්ටර් ගැසූ අය එම රූපවාහිනිය මඟින් පෙන්වන ලදී. ඒ දෙස බැලීමේදී පෙනී යන්නේ පෝස්ටර් ගැසූ අය කිසිදු දේශපාලන පක්‍ෂයකට අයත් නැති තුට්ටු දෙකේ බේබදු හිඟන්නන් ලෙසය. කෙසේ වුව ද මේ සිද්ධිය ප‍්‍රසිද්ධියට පත් කිරීම මඟින් හිරු රූපවාහිනිය මේ රටේ මාධ්‍ය කර්මාන්තයට විශාල ආදර්ශයක් ලබාදී තිබේ. මේ රටේ සාමාන්‍ය සිරිත නම් දේශපාලනඥයකු සමග ගැටෙන මාධ්‍යකාරයා එක් තැනකදී ගුටි කා නිහඬ වීමය. චන්ද්‍රිකාගේ කාලයේදී රූකාන්ත සහ චන්ද්‍රලේඛාගේ ගෙට පැන ඔවුන්ගේ හිස කෙස් කපා සිරුරට පැට‍්‍රල් දමා ගිනි තැබීමට තැත් කළ ප‍්‍රභූ ආරක්‍ෂක අපරාධකාරයන් ඉදිරියේදී රටින් පැන ගොස් ඇමෙරිකාවේ හැංගෙන්නට රූකාන්ත - චන්ද්‍රලේඛා පවුලට සිදුවිය. රෝහණ කුමාරට තැබූ වෙඩිල්ලේ අයිතිකාරයා අදටත් නැත. දිවයිනේ පෝද්දල වාර්තාකාරයාව සිට පසු කාලයේදී වෙනත් පුවත්පතකට සම්බන්ධ වූ පෝද්දල ජයන්තගේ කකුල් කැඩූ හාදයා (හෙතෙම දුටුගැමුණු රජුගේ නායකයකු බව ඔහු කියයි) අද දේශපාලන වේදිකාවල නැඟ කරනම් ගසයි. එබැවින් හිරු රූපවාහිනියට තර්ජනය කළ අයට එරෙහිව මේ රටේ සියලූ මාධ්‍ය එක හඬක් නැඟිය යුතුය. එසේම මේ කාරණයට සම්බන්ධ නැත්නම් අප සමග ගහමරා ගන්නට එන්නේ නැතිව යහපත් ජීවිතයක් ගත කිරීමට මංගල හිතට ගත යුතුය.

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles