Divaina - ගොර්කි මන්දිරයේ ලෙනින්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

lenin3වර්ෂය 1918. දිනය මාර්තු මස 10 වැනිදා” ස්ථානය - පෙට්‍රෝග‍්‍රාඞ් නගරය (දැන් පීටර්ස්බර්ග් - ලෙනින්ග‍්‍රාඞ්)
 
 පෙට්‍රෝග‍්‍රාඞ් නගරයට ආසන්නව තිබෙන කුඩා දුම්රිය ස්ථානයක් වටා සෝවියට් හමුදාවන් අති විශාල පිරිසක් රැස්වී සිටියා. ඒ ප‍්‍රදේශය සාමාන්‍ය ජනතාවට තහනම් ප‍්‍රදේශයක් බවට පත් වී තිබුනා. කිසිම කෙනෙක් දැනගෙන සිටියේ නැහැ සිද්ධ වෙන්නේ කුමක්ද කියා. නමුත් ඊට දින කිහිපයකට පෙර පුවත් පත් කිහිපයක් සඳහන් කර තිබුනා සෝවියට් රජයේ මුලස්ථානයේ පෙට්‍රෝග‍්‍රාඞ් නගරයේ සිට මොස්කව් නගරය දක්වා ගෙන යන බව. සෝවියට් රජය එයට පිළිතුරු වශයෙන් කියා සිටියේ එය අසත්‍ය ප‍්‍රචාරයක් බව.
 
 lenin1918 මාර්තු මස 18 වැනිදා රාත‍්‍රී 10 ට මේ කුඩා දුම්රිය ස්ථානයෙන් එක විශේෂ දුම්රිය කිහිපයක් මොස්කව් නගරය වෙත ගමන් ආරම්භ කළා. 4001 නමින් හඳුන්වනු ලැබූ ඒ දුම්රිය ආරක්ෂා කිරීමට විශේෂ සන්නද්ධ භටයන් 200ක් කැඳවා තිබුනා. මේ දුම්රියේ සිටියේ සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින් ඇතුළු දුත කණ්ඩායම. පෙට්‍රෝග‍්‍රාඞ් නගරයේ සිට මොස්කව් නගරය දක්වා දුම්රිය ගමනට එක් දිනක් ගත වුනා. මොස්කව් නගරයට පැමිණුනු දුම්රියේ සිටි පුද්ගලයින් සියලූ? දෙනාම මොස්කව් දුම්රිය ස්ථානයේ සිට පැමිණුනේ කේ‍්‍ර‍්‍රම්ලිනය වෙත. ඒ මොහොතේ සිට සෝවියට් දේශයේ නව අගනුවර ලෙස මොස්කව් නගරය ක‍්‍රියාත්මක වන බව ලෙනින් ලෝකයට දැනුම් දුන්නා. ව්ලැදිමීර් ලෙනින්” ශේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ නියමුවා.. සෝවියට් දේශයේ නිර්මාතෘවරයා. මේ වසරේ අපේ‍්‍රල් මස 22 වැනිදා රුසියානු ජනතාව සැමරුවේ ලෙනින්ගේ 148 වෙනි ජන්ම දිනය. එය රුසියානු ජනතාව සැමරුවා යන කොටස මේ ලිපියට එතරම් සුදුසු නැහැ කියලා මට සිතෙනවා. එයට හේතුව කොමියුනිස්ට් පක්ෂයේ වෙබ් අඩවිය සහ නිල පුවත් පතේ හැරෙන්නට වෙනත් කිසිම පුවත් පතක මේ ගැන සඳහනක් තුබුණේ නැහැ. 2015 වසරේදී කල මත විචාරනයකදී රුසියානු ජනතාවෙන් 31%ක් ප‍්‍රකාශ කර තිබුණේ ලෙනින් ගැන ගෞරවාන්විතව සිතන මුත් ඔහුගේ මාවතේ යාමට සුදානම් නොමැති බවයි. 18%ක් පමණයි ප‍්‍රකාශ කළේ ලෙනින් අවංකවම රුසියාව නව ලොවක් කරා රැගෙන යාමට පදනම දැමු බව. 18%න් වැඩි ප‍්‍රමාණයක් රුසියානු විශ‍්‍රාමික ජනතාව.
 
 සෝවියට් දේශය බිඳ වැටුනේ 1991 වසරේ. වර්තමාන රුසියාව ලෙනින් ගේ ප‍්‍රතිපත්තීන් වලින් බැහැරව කටයුතු කරන්නේ. රුසියාව තව දුරටත් සමාජවාදී රටක් නොවේ. මොස්කව් නුවර රතු චතුරශ‍්‍රයේ පිහිටා තිබුණු ලෙනින් කෞතුකාගාරයට පසුගිය දිනෙක මා පිවිසුනා. එය වර්තමානයේ හැඳින්වෙන්නේ රුසියානු රාජ්‍ය කෞතුකාගාරය වශයෙන්. ලෙනින් සම්බන්ධයෙන් කිසිම සටහනක් හෝ අවම වශයන් ජායාරුපයක්වත් මේ කෞතුකාගාරයේ නැහැ. මා මේ ගැන කෞතුකාගාරයේ සේවකයෙක් ගෙන් විමසු විට ඔහු පැවසුවේ 1991 වසරේ සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග ලෙනින් කෞතුකාගාරය වසා දැමු බවත්  කෞතුකාගාරයේ තිබු සියලූ?ම භාණ්ඩ ගබඩාවක රඳවා ඇති බවත්
 
 ”?නමුත් ඔබට අවශ්‍ය නම් ලෙනින් පරිහරණය කල රෝල්ස් රොයිස් මෝටර් රථය මේ කෞතුකාගාරයෙන් පිටවන දොරටුව අසල ප‍්‍රදර්ශනය කෙරෙනවා.”? සේවකයා පැවසුවා.
 
 ලෙනින් ගෝර්කි මන්දිර සංකීර්ණය වෙතට
 
 lenin4ලෙනින් මිය ගියේ 1924 වසරේ. ලෙනින්ගේ අවසාන වසර කිහිපය ඔහු ගත කලේ මොස්කව් නගරයට ආසන්නව ඇති ගෝර්කි නමින් හඳුන්වන විශාල මන්දිර සංකීර්ණයක. මේ මන්දිර පිහිටා ඇත්තේ දර්ශනීය වටපිටාවක. 918 වසරේ ලෙනින් ඇතුළු පිරිස පෙත්රෝග්රාඞ් නගරයේ සිට මොස්කව් නගරයට පැමිණීමෙන් පසුව ලෙනින් සහ ඔහුගේ බිරිඳ කෘප්ස්කායා සඳහා මේ ගෝර්කි මන්දිර සංකීර්ණය සෝවියට් රජය විසින් අත්පත් කර ගනු ලැබුවා. ඊට පෙර මේ මන්දිර සංකීර්ණය අයිතිව තිබුණේ සිනයිඩා නමැති ධනවත් කාන්තාවකට.
 
 ගෝර්කි මන්දිර සංකීර්ණය සහ උද්‍යානයේ පිහිටා ඇති මේ මන්දිරයේ තමයි ලෙනින් තම අවසාන කාලයේ වැඩිපුර ගත කලේ. මෙහි ඇති තවත් එක් මන්දිරයක මොස්කව් ක්‍රෙම්ලිනයේ ලෙනින් වැඩ කල කාර්යාලය” ඔහුගේ පෞද්ගලික කාමර සහ උපකරණ ප‍්‍රදර්ශනය කරනවා.
 
 මේ සටහනින් දැක්වෙන්නේ එදා 1917-1924 වසර වලදී ලෙනින්ගේ කාර්යාලය සහ අනිකුත් කාමර මොස්කව් ක්‍රෙම්ලින් මන්දිරයේ පිහිටා තිබුණු ස්ථානය.
 
 ස්ථානය වෙනස් දැන් ගෝර්කි මන්දිර සංකීර්ණයේ ප‍්‍රදර්ශනය වෙන්නේ එදා ලෙනින් පරිහරණය කළ ගෘහ භාණ්ඩ සහ කාර්යාලීය උපකරණ. වසර කිහිපයක උත්සාහයක ප‍්‍රතිඵලයක් වශයෙන් ගෝර්කි පාලන මඩුල්ලට හැකියාව ලැබුනා රුසියානු රජයෙන් අවශ්‍ය ප‍්‍රතිපාධන ලබා ගන්නට. මේ ස්ථානය ප‍්‍රතිසංස්කරණය කරන්නට.
 
 1917-1922 වසර වල ක්‍රෙම්ලිනයේ ලෙනින්ගේ රැස්වීම් ශාලාවද අද ගෝර්කි මන්දිර සංකීර්ණයේ ප‍්‍රදර්ශනය වෙනවා. එදා ට්‍රොස්ට්කි (Leon Trotsky) ස්ටාලින් (Joshep Stalin) සහ දෙර්ශින්ස්කි (Felix Dzerzhinsky) කේ.ජී.බී. ඔත්තු සේවයේ නිර්මාතෘ ලෙනින් සමග සෝවියට් දේශය ගොඩ නැගීමට එක් රැස් වුණේ මේ රැස්වීම් ශාලාවේදී. මේ ඉතිහාසගත ආසනයත් මේ ස්ථානයේ ප‍්‍රදර්ශනය වෙනවා.
 
 ගෝර්කි මන්දිර සංකීර්ණය තෝරා ගැනීමට තවත් එක විශේෂ හේතුවක් තිබුනා. ඒ කාලයේ දුරකථනයක් තිබුණු එක් මන්දිරයක් මේ සංකීර්ණයේ තිබුණා. සෝවියට් කොමියුනිස්ට් පක්ෂය” ක්‍රෙම්ලිනය හා මොස්කව් සමග සම්බන්ධතා පවත්වන්නට ලෙනින් හට මේ දුරකථනය විශේෂයෙන් දායක වුණා.
 
 ලෙනින්ගේ මේ කාමරය මුහුණ ලා තිබෙන්නේ ගෝර්කි උද්‍යානයේ දර්ශනීය වන තීරයට. එය ලෙනින් බොහෝ සේ ප‍්‍රිය කල කාමරයක්.
 
 ලෙනින්ගේ පුස්තකාලය එසේමයි. ලෙනින්ට ජර්මානු සහ ප‍්‍රංශ භාෂාවන් පිළිබඳව හසල දැනුමක් තිබුණු බව සෝවියට් ඉතිහාසයේ සඳහන් වෙනවා. එමෙන්ම ඉංග‍්‍රීසි සහ ඉතාලියානු භාෂා ගැනද විශේෂ හැකියාවක් ඔහුට තිබුනා. ඔහු මේ පුස්තකාලය පරීක්ෂා කළ ඉතිහාසඥයන් පවසන්නේ ලෙනින් හට අවම වශයෙන් භාෂා 6-8ක් කතා කළ හැකව පැවතිි බව.
 
 ලෙනින්ගේ පුස්තකාලයේ විලියම් ශේක්ස්පියර් ගේ කෘතීන් බොහෝමයක් තිබෙනවා.
 
 සිනමා දර්ශන සඳහා මේ මන්දිරයේ විශේෂ කාමරයක් වෙන් කර තිබෙනවා. එදා ලෙනින් භාවිතා කල සිනමා ප්‍රොජෙක්ටරය අදද එලෙසින්ම දැක ගැනීමට පුළුවන්. ඒ කාලයේ සිනමා පට බොහෝ විට ප‍්‍රදර්ශනය වුනේ ශබ්දය නොමැතිව. ඒ නිසා ලෙනින් සිනමා පට නරඹන විට පියානෝවක් වාදනය කෙරුනා. ඒ පියානොවද ඒ කාමරයේ ප‍්‍රදර්ශනය වෙනවා.
 
 මොස්කව් රාජ්‍ය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය වන ලෙනින්ගේ රෝල්ස් රොයිස් මෝටර් රථයට අමතරව තවත් සුවිශේෂී රෝල්ස් රොයිස් මෝටර් රථයක් ගෝර්කි මන්දිර සංකීර්ණයේ ප‍්‍රදර්ශනය වෙනවා. ඍදකකි-ඍදහජැ ීසකඩැර ඨයදිඑ ණැටරුිිැ. මෙම රථය ඔක්තෝබර් විප්ලවයේදී සාර් රජු ගේ වාහන අතර තීබී සෝවියට් කොමියුනිස්ට් නායකයින් අතට පත් වාහනයක්. සාර් රජුගේ පෞද්ගලික් රියදුරෙක්වූ කෙග්රෙස් විසින් වැඩි දියුණු කරන ලද මේ වාහනය රුසියාවේ දැඩි හිම පතනය පවතින ප‍්‍රදේශ වල පහසුවෙන් ගමන් කර හැකි ආකාරයට සකස් කර තිබෙනවා. රෝල්ස් රොයිස් ආයතනය අධික මුදලකට මේ වාහනය මිලදී ගන්නට සැරසුනත් රුසියානු රජය එයට කැමති වුනේ නැහැ.
 
 ලෙනින්ව මරා දමන්නට කුමන්ත‍්‍රණ දියත් වී තිබුණේ 1918 දි. එ් එම වසරේ අගෝස්තු මස 30 වැනි දින මිහායිලොව් ආයුධ කම්හලේ කම්කරුවන් සමග රැස්වීමකට සහභාගී වූ ලෙනින්ව සහාසිකයෙකුගේ වෙඩි පහරවල් වලට ලක් වුනා. එවකට සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ (Socialist Revolutionary Party) සාමාජිකාවක් වූ ෆාන්යා කප්ලාන් (Fanya Kaplan) නමැති කාන්තාව බෝල්ෂෙවික් වාදීන් විසින් ඒ පක්ෂය තහනම් කිරීමට එරෙහිව තමයි ඇය ලෙනින්ව මරා දමන්නට තීරණය කර තිබුණේ. ඇයගේ ප‍්‍රයත්නය සාර්ථක වුයේ නැහැ. ලෙනින් බරපතල තුවාල ලබා මරණයෙන් ගැලවුනා. සැප්තැම්බර් 3 වැනිදා ෆාන්යා කප්ලාන් වෙඩි තබා මරා දැමුවා. ෆාන්යා කප්ලාන්ගේ මේ උත්සාහයෙන් පසුව සෝවියට් දේශය තීරණය කළා මරණීය දණ්ඩනය නැවත ගෙන එන්නට.
 
 ගෝර්කි මන්දිරය
 
 ලෙනින්ගේ ජීවිතයේ අවසාන කාලය ගත කලේ මේ ගෝර්කි මන්දිර සහ උද්‍යාන සංකීර්ණයේ. 1922 වසර වන විට ලෙනින් සිටියේ බරපතල ලෙස රෝගාතුරව. ඔහු ඒ කාලයේ සිට මරණය දක්වාම ගෝර්කි මන්දිර සංකීර්ණයෙන් පිටතට පැමිණියේ නැහැ. රාජ්‍ය තාන්ත‍්‍රික කටයුති වෙනුවෙන් ඔහුව හමුවන්නට සියලූ?ම සෝවියට් නායකයින් නිතර නිතර ගෝර්කි මන්දිරයට පැමිණුනා.
 
 ජීවිතයේ අවසාන කාලයේ රෝද පුටුවක ආධාරයෙන් තමයි ලෙනින් ගෝර්කි උද්‍යානයේ ගමන් කළේ. මේ රෝද පුටුවද අද ගෝර්කි උද්‍යාන සංකීර්ණයේ ප‍්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. ලෙනින්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස මේ වන විට කටයුතු කළේ බොරිස් ස්බාර්ස්කි. ඔහු විසින් විශේෂයෙන් ජර්මනියෙන් ආනයනය කරන ලද බෙහෙත් ද්‍රව්‍ය ලෙනින් හට ලබා දී තිබුනා. එමෙන්ම අධික මුදලක් වැය කර විශේෂඥ වෛද්‍යවරුන් ජර්මනියෙන් ගෙන්වනු ලැබුවා.
 
 1924 ජනවාරි මස 21 වැනිදා මේ අසහාය විප්ලවවාදී නායකයා සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින් අවසන් හුස්ම හෙලූ?වා. මේ ජායාරුපයේ දැක්වෙන
 
 ස්ථානයේදී තමයි ලෙනින් අවසන් හුස්ම හෙළුවේ.
 
 ලෙනින්ගේ මරණය සියලූම සෝවියට් කොමියුනිස්ට් පක්ෂ නායකයින් බලාපොරොත්තු වුනා. ඒ නිසාම මරණයට පෙරම අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන්නේ කෙසේද යන්න ගැන සාකච්ජා පවත්වා තිබුණා. ලෙනින්ගේ මරණය වන මොහොතේ කොමියුනිස්ට් පක්ෂ නායකයින්ට අමතරව තවත් එක සුවිශේෂී පුද්ගලයෙක් ගෝර්කි මන්දිරයට පැමිණියා. ඒ සුප‍්‍රකට සෝවියට් මුර්ති ශිල්පී සේර්ගි මෙර්කුරෝව්. සෝවියට් දේශයේ නායකයින්ගේ ප‍්‍රතිමා ඔහු අතින් නිමවී තිබෙනවා. ඊටත් අමතරව ඔහු විසින් ප‍්‍රසිද්ධ සොවියට් පුරවැසියන් ගේ මුහුණු වල සජීවී ආකෘති පිළියෙළ කර තිබෙනවා. ටෝල්ස්ටෝයි , මැක්සිම් ගෝර්කි” මායාකොව්ස්කි මේ අතරින් විශේෂයි.
 
 ලෙනින් මියගිය මොහොතේ ලබා ගත් මුහුනේ සජීවී ආකෘතිය සහ දෑත් වල සටහන් සහිත නිර්මාණයේ කොපියක් අද ලෙනින් මිය ගිය ඒ ස්ථානයේ ප‍්‍රදර්ශනය කෙරෙනවා. ලෙනින්ගේ පුස්තකාලයේ ඇති විශේෂයෙන් එංගලන්තයෙන් ආනයනය කරන ලද ඔරලෝසුවේ සටහන් වන්නේ 1924 ජනවාරි මස 21 වැනිදා ලෙනින් මිය ගිය වේලාව. ඒ සවස 6.50 බවයි.
 
 ලෙනින්ගේ මරණයෙන් පසු මේ ස්ථානයේ ලෙනින්ගේ සිරුර ප‍්‍රදර්ශනය සඳහා තබා තිබුණා. සෝවියට් මුර්ති ශිල්පී සේර්ගි මෙර්කුරෝව් ගේ අතින් නිමැවුණු තවත් ප‍්‍රතිමා සිහිවටන දෙකක් මේ ගෝර්කි උද්‍යානයේ දක්නට ලැබෙනවා. ලෙනින්ගේ දේහය ගෝර්කි මන්දිර සංකීර්ණයේ සිට මොස්කව් නගරය දක්වා ගෙන ගිය මාර්ගයේ ස්ථානයේ එක් සුවිශේෂි සිහිවටනයක් දක්නට ලැබෙනවා.එම ප‍්‍රතිමාවේ දිස්වෙන්නේ කම්කරුවන් විසින් ලෙනින්ගේ දේහය ඔසවා ගෙන සිටින අන්දම.1924 ජනවාරි මස 23 වැනිදා තාවකාලිකව එම්බාම් කරන ලද ලෙනින්ගේ සිරුර ශීත සමයේ අධික ශීතල නොතකා විශේෂ ට‍්‍රක් රථයක තබා මොස්කව් නගරයට ගෙන එනවා.
 
 ඉතිරි කොටස ලබන සතියට...
 
 රොහාන් ඩිරෙක්ස්

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles