Divaina - වොල්ගෝග‍්‍රාඞ් නගරයේ සෑම වැලිකැටයක්ම පවසන්නේ දුක්මුසු ඉතිහාසයක්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මේ ලිපියේ පළමු කොටස ඉකුත් සතියේ පළවිය.
 
 
giya satiyaසෝවියට් දේශයේ ජීවත් වුණු ජර්මානු සම්භවයක් ඇති පුද්ගලයින් වටා ඇති ඉතිහාසය සෝවියට් දේශයටත් දැන් රුසියාවටත් කිසිම දිනෙක අමතක කරන්න බැහැ. ලෙයින් කඳුළින් සටහන් වී තිබෙන මේ ඉතිහාසය ඇත්තට ම පුදුම සහගතයි. වේදනා සහගතයි.
 
 1941 වසරේ ජුනි මස 22 වැනි දා නාසි ජර්මානුවන් විසින් සෝවියට් දේශයට යුද්ධ ප‍්‍රකාශයට පත් කිරීමත් සමගම ස්ටාලින් රුසියානු කොමියුනිස්ට් පක්‍ෂයේ මොලොතොව් ( එවකට සෝවියට් දේශයේ මහජන කොමිසාර් කවුන්සිලයේ සභාපති සහ ප‍්‍රධාන දේශපාලන චරිතයක්) වොල්ගා ජර්මානු සෝවියට් සමාජවාදී ස්වතන්ත‍්‍ර සංගමය වෙත යවනු ලැබුවා. නැවත මොස්කව් නුවරට පැමිණුණු මොලොතොව් ගේ යෝජනාව වූයේ එහි සිටින සියලූ ම ජර්මානු ජාතිකයින් ඈත පෙරදිග ප‍්‍රදේශවලට හෝ සයිබීරියාවට පිටුවහල් කරන්න. මේ අනුව තමයි ස්ටාලින්ගේ ප‍්‍රධාන අනුගාමිකයකු වූ රුසියානු රහස් ඔත්තු සේවයේ එවකට ප‍්‍රධානියා වන ඉවාන් සෙරොව් (කියවන්න - කෲරත්වයේ කෞතුකාගාරය වෙත) හට මේ ජර්මානුවන් සයිබීරියාවට පිටුවහල් කිරීමේ රාජකාරිය පැවරෙන්නේ.
 
 ලෝක ඉතිහාසයේ ජාතියක් පිටුවහල් කිරීමේ තවත් අති දැවැන්ත ක‍්‍රියාදාමයක් මෙසේ ආරම්භ වුණා.
 
 මේ ඔබ දකින්නේ සෝවියට් මධ්‍යම කාරක සභාවේ වොල්ගා ජර්මානු සෝවියට් ස්වතන්ත‍්‍ර සමාජවාදී සංගමයේ නියෝජිත එමෙන් ම
 
 වොල්ගා ජර්මානු සෝවියට් සමාජවාදී සංගමයේ අවසාන නායකයා වූ ඇලෙක්සැන්ඩර් හෙක්මාන්ගේ නියෝජිත කාඞ්පත. නමුත් ඔහුගේ මේ තත්ත්වය පවා පිටුවහල් කිරීමෙන් මිදෙන්නට හැකි වුණේ නැහැ. 1941 වසරේ සැප්තැම්බර් මාසයේ සයිබීරියාවට පිටුවහල් කරන ලද ඇලෙක්සැන්ඩර් මාස කිහිපයක් ශ‍්‍රම කඳවුරුවල තබා ගෙන පසුව වෙඩි තබා මරා දමනු ලැබුවා.
 
 මොස්කව් නගරයේ සිට රුසියාවේ දකුණු ප‍්‍රදේශයේ පිහිටා ඇති වොල්ගෝග‍්‍රාඞ් නගරයට කි.මී. 1500 ක පමණ දුරක් තිබෙනවා.
 
 giya sathiya2මේ දැවැන්ත පිටුවහල් කිරීම හා සම්බන්ධව සමහර කරුණු සියසින්ය දැක බලා ගැනීමට මගේ විශාල බලාපොරොත්තුවක්කු තිබුණා. ඒ අදහසත් සිතේ දරා ගෙන පැයකුත් විනාඩි කිහිපයක ගුවන් ගමනකින් මම පැමිණුණේ වොල්ගෝග‍්‍රාඞ් නගරයට. එම්මා ඇතුළු තවත් 2000කට වඩා කාකි ඇඳුම් ඇඳගත් කණ්ඩායම් විසින් ට‍්‍රක් රථවලට පටවා ගත් ගම්මානයට යන්නට මට තවත් කි.මී. 320 ක් පමණ දුරක් යන්නට වුණා.
 
 වොල්ගෝග‍්‍රාඞ් නගරයේ තිබෙන සෑම වැලි කැටයක් ම සෑම ගොඩනැඟිල්ලක් මෙන් ම මේ නගරය හරහා හමා එන සුළං රොදවල් පවා පවසන්නේ දුක්මුසු ඉතිහාසයක්. ඒ වගේ ම රුසියානුවන්ගේ අප‍්‍රතිහත උත්සාහයක සහ ජයග‍්‍රහණයක ශ්‍රේෂ්ඨ කතා පුවතක්. ජර්මානු සම්භවයක් ඇති රුසියානු ජාතිකයින් ගේ කනගාටුදායක සහ වේදනාකාරී පිටුවහල් කිරීම සහ නාසි ජර්මානු හමුදාවන්ට එරෙහිව ලබා ගත් ඉතිහාසගත ජයග‍්‍රහණය එක් කාසියක දෙපැත්ත මෙන් දිස් වෙනවා.
 
 වොල්ගෝග‍්‍රාඞ් නගරයේ සිට මා පැමිණුණේ එංගල්ස් නගරය වෙත. එංගල්ස් කුඩා නගරය පිහිටා තිබෙන්නේ වොල්ගෝග‍්‍රාඞ් නගරයේ සිට කි.මී. 320 ක් පමණ දුරකින්. මේ එංගල්ස් නගරය තමයි එදා වොල්ගා ජර්මානු රුසියානු ස්වතන්ත‍්‍ර සමාජවාදී සංගමයේ අගනුවර හැටියට ක‍්‍රියාත්මක වුණේ. 2011 වසරේ මේ නගරයේ මේ පිටුවහල් කිරීම සමරනු වස් විශේෂ ප‍්‍රතිමා කිහිපයක් විවෘත කරනු ලැබුවා. මේ එහි ප‍්‍රධාන සමරු ස්ථාන කිහිපය අතරින් ප‍්‍රධාන ම ස්ථාන ය. මේ ස්ථානයේ එදා පිටුවහල් කිරීමට උපයෝගී කර ගත් බඩු දුම්රිය මැදිරියක් ප‍්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.
 
 එම්මා සහ පවුලේ උදවිය ඇතුළු තවත් 2000කට අධික පිරිසක් එක ස්ථානයකට රැස්කොට ට‍්‍රක් රථවලට පැටවූ ස්ථානය අද දිස් වන අන්දම එදා මේ ස්ථානයේ තිබුණේ ක්රාට්ස් ගම්මානයේ ගම් සභා මධ්‍යස්ථානය යි.
 
 giya sathiya31941 වසරේ සැප්තැම්බර් 1 වැනිදා ආරම්භ වූ මේ පිටුවහල් කිරීම දින 20කින් අවසන් කරන්න ඉවාන් සෙරොව්හට හැකි වුණා. ඒ වගේ ම 1941 වසරේ සැප්තැම්බර් මස 7 වැනිදා වොල්ගා ජර්මානු සෝවියට් ස්වතන්ත‍්‍ර සමාජවාදී සංගමයේ කටයුතු නතරකොට එය සෝවියට් දේශයේ සිතියමෙන් පවා ඉවත් කරනු ලැබුවා. විචාරකයින් පවසන්නේ ස්ටාලින් මෙය සිදු කළේ කරුණු කීපයක් මත කියා” නාසි ජර්මානුවන් සෝවියට් දේශයේ සීමාවන් අල්ලාගෙන ඉදිරියට පැමිණීමේදී සමහරවිට මේ වොල්ගා නදිය අසබඩ ජර්මානුවන් ඒ නාසි වාදීන්ට පක්‍ෂව ක‍්‍රියා කළහොත් ඇතිවන තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා ඔවුන් මේ ප‍්‍රදේශවලින් බොහෝ ඈත සයිබීරියාවට සහ කසකස්තානයට පිටුවහල් කළ බව පැවසෙනවා. එසේම යම් ජාතිවාදී ආවේගශීලී තත්ත්වයන් මත රුසියානුවන් විසින් මේ වොල්ගා ජර්මානුවන්ට ප‍්‍රහාර එල්ල කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතිවීමත් එය මැඬ පවත්වා ගැනීමත් මේ පිටුවහල් කිරීම තවත් අරමුණක් වුණා. නමුත් වර්තමානයේ ජීවත්වන ජර්මානුවන් පවසන්නේ විශාල ජර්මානු ජාතිකයින් පිරිසක් මේ ප‍්‍රදේශවල ජීවත් වීම සෝවියට් දේශයේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වාධීනත්වයට යම් දිනෙක තර්ජනයක් එල්ල වෙයි” යන බිය සෝවියට් නායක ස්ටාලින් තුළ පැවතී බවත් ඒ නිසා කවදා හෝ කෙලෙසක හෝ මේ ප‍්‍රශ්නය විසඳීමට අවස්ථාවක් ලැබෙන තෙක් ස්ටාලින් බලා සිටි බවත්” නාසි වාදීන්ගේ රුසියානු ආක‍්‍රමණය මේ අවස්ථාවේ සිදුවීම නිසා එය ද මේ ප‍්‍රශ්නය විසඳීමට හේතුවක් ලෙස හඳුනාගෙන අවසානයේ සෝවියට් රජය විසින් වොල්ගා ජර්මානු ජාතිකයින් ලක්‍ෂ 5කට අධික ප‍්‍රමාණයක් මෙසේ පිටුවහල් කළා.
 
 වොල්ගා ජර්මානුවන් පිටුවහල් කිරීමේ සෝවියට් නියෝගය (Resettlement of all Germans from the Autonomous Republic of the Volga Germans” Stalingrad and Saratov regions to other territories and regions’) නිකුත් වුණේ 1941 වසරේ අගෝස්තු මස 28 වැනිදා. මේ නියෝගයට අත්සන් කළේ සෝවියට් රජයේ ප‍්‍රධාන නායකයෙක් වූ (Chairman of the Presidium of the Supreme Soviet of the Soviet Union) මිහායිල් කලිනි. ඒ නිසා තමයි අදත් රුසියානු ජර්මානුවන් ඒ දිනය ශෝක දිනයක් හැටියට සමරන්නේ. මේ සෝවියට් නියෝගය එදා දේශපාලන කතා බහට ලක්වූ නියෝගයක් වුණා. ඒ මේ නියෝගයෙන් පසුව මුළු මහත් සෝවියට් දේශය ම මේ වොල්ගා ජර්මානුවන් දෙස වපර ඇසකින් බැලීමට පටන් ගත්තා. එදා සිට ඔවුන් හැඳින්වූයේ ජාතී ද්‍රෝහීන් ලෙසයි. ජර්මානු සම්භවයක් ඇති රුසියානු ජාතිකයින්ට සෝවියට් යුධ හමුදාවට බැඳීමට තිබූ අයිතිය ද මෙදින සිට අත්හිටවනු ලැබුවා.
 
 එම්මා සහ අගේ පවුලේ සියලූම උදවිය ඇතුළු තවත් 2000කට අධික පිරිසක් පැට වූ ට‍්‍රක් රථ කිහිපය ස්ටෙප්ස් තණ බිම් අතරින් වේගයෙන් ඇදී ගියා. ගම්මානයේ ඉතිරි වූයේ පාළුවට ගිය නිවෙස් සහ ඔවුන්ගේ දේපළ පමණයි. මේ ගම්මානයට තවත් කි.මී. 250 ක් පමණ ඈතින් තිබූ සරාතොව් දුම්රිය ස්ථානයේ මේ මොහොත වනවිට විශේෂ දුම්රියක් සූදානම්ව තිබුණා. හැබැයි මේ දුම්රියේ තිබුණේ මගීන් ප‍්‍රවාහනය කරන දුම්රිය මැදිරි නොවේ. බඩු සහ සතුන් ප‍්‍රවාහනය කරන දුම්රිය මැදිරි ඒ ප‍්‍රදේශයේ තිබූ සෑම ගම්මානයක ම පදිංචි ව සිටි දහස් ගණන් ජර්මානු සම්භවයක් ඇති පිරිස් ඒ වනටත් මේ දුම්රිය ස්ථානයට රැගෙන විත් තිබුණා.
 
 ට‍්‍රක් රථ පේලිය කොතරම් වෙලාවක් ගමන් කළා ද කියන්න එම්මාට මතකයක් නැහැ. අම්ම යි තාත්ත යි මොන මොනවාදෝ මිමිනුවත් ඒ කිසිම දෙයක් ගැන පුංච් එම්මාට වැටහීමක් නැහැ. අයියල දෙන්න එක්ක තුරුලූ වෙලා නිදි කිරා වැටුණු එම්මා එක පාරට ම ඇහැරුණේ රතු හමුදා සෙබළෙකුගේ උස කට හඬින්.
 
 පිරිමි විතරක් ට‍්‍රක් එකෙන් එළියට එන්න. රතු හමුදා සෙබළාගේ තියුණු කට හඬ එම්මාට අද වගේ මතකයි.
 
 ට‍්‍රක් රථයේ සිටි පිරිමින් ඉක්මනින් පිට වුණත් එම්මාගේ තාත්තට ඕන කරලා තිබුණේ තවත් සුළු වෙලාවක් හෝ එතන ?දී ඉන්න. අම්මාට කරකියා ගන්නට දෙයක් නැහැ. අම්මාගේ ඇස් දෙකෙන් වැගිරෙන උණු කඳුළු තුරුලේ හිටපු එම්මාගේ මුහුණට ද වැටෙනවා. ට‍්‍රක් රථය තුළට පැමිණුනු රතු හමුදා සෙබළෙක් තාත්තාගේ උර හිසින් අල්ලා ට‍්‍රක් රථයෙන් එළියට ඇද දැමුවේ කිසිම අනුකම්පාවකින් තොරව.
 
 ට‍්‍රක් රථයෙන් එළියට හිස පොවලා බලපු එම්මා දුටුවේ දහස් ගණන් මිනිසුන් අතරේ නොපෙනී යන තාත්තාව. ඒ තමා එම්මා තම තාත්තාව දුටු අවසාන වතාව. එත් එක්ක ම ඇයගේ ඇස ගැටුණේ බඩු මැදිරි කිහිපයකින් සමන්විත දුම්රියක්. ජීවිතයේ පළමුවන වරට දුම්රියක් දුටු එම්මාට මෙය අමුතු අත්දැකීමක් වුණා.
 
 ගල් අඟුරු කෝච්චියේ ඇන්ජිමෙන් පිටවන කළු දුම් නිසා මුළු පරිසරය ම අඳුරු පැහැයක් ගෙන තිබුණා. දහස් ගණනක් සෙනඟ අතරින් අම්මාගේ අතේ එල්ලී කොහේ යනවා ද කියා එම්මාට දැනුනේ නැහැ. තුවක්කු ගත් මිනිස්සු කෑ ගසනවා. පොරකන මිනිස්සු අතරේ එම්මාත් අම්මාත් ඇතුළු තවත් පිරිසක් කෝච්ච් පෙට්ටියක් වෙත තල්ලූ වී ගියා. එම්මාට මතක කවුදෝ කෙනෙක් එයාව කෝච්චි පෙට්ටියක් උඩට උස්සලා ගන්නවා වගේ.
 
 දුම්රිය මැදිරියේ කොච්චර සෙනඟ පිරිලා හිටිය ද කියල එම්මාට මතක නැහැ. මැදිරිය ඇතුළේ ලී තට්ටුවල එක කොටසක එම්මාත් අම්මත් අයියලා දෙන්නත් ගුලි ගැහිලා හිටියා. කොච්චර කල් එහෙම හිටිය ද කියලා ඇයට මතකයක් නැහැ. සැප්තැම්බර් මාසය හින්දා තද සීතලක් දැනුනේ නැහැ. ආලෝකය නැති නිසා කොයි වෙලාවෙත් මැදිරියේ දොර විවෘත කරලා තිබුණේ. මැදිරිය මැද තිබ්බ ලොකු උඳුනකින් තමයි අවශ්‍ය උණු වතුර ලබා ගත්තේ.
 
 ස්ටාලින් ප‍්‍රමුඛව රුසියානු රහස් ඔත්තු සේවයත් එකතුව රහසිගතව කළ මේ දැවැන්ත පිටුවහල් කිරීමේ ආරම්භය සිදුවුණේ මේ අන්දමට. විශ්වාස කරනවා ද? දින 20 ක් වගේ සුළු කාලයක් ඇතුළත රුසියානු රහස් ඔත්තු සේවයේ නිලධාරීන් 1150ක ගේත් පොලිස් නිලධාරීන් 3250 ක ගේත් සහ රතු හමුදාවේ සෙබළුන් 12”150 ක ගේත් සහභාගිත්වයෙන් දුම්රියයන් 150 ක් පමණ යොදා 510”000ක් පමණ වන ජර්මානු සම්භවයක් ඇති රුසියානු ජාතිකයින් පිටුවහල් කිරීම සිදුවුණා.
 
 එම්මා ඇතුළු පවුලේ උදවිය සමග තවත් 300 ක් පමණ දෙනා බඩු ප‍්‍රවාහනය කරන දුම්රිය මැදිරියක් තුළ පටවා තිබුණා. මෙවැනි මැදිරි 10 ක් වත් එක දුම්රියක තියෙන්න ඇති. වොල්ගා නදියෙන් එතෙර වුණු මේ දුම්රියයන් යන්නේ මොන දිසාවට ද කියලා බලධාරීන් හැරෙන්නට කිසිම කෙනෙක් දැන ගෙන හිටියේ නැහැ. අවසානයේදී සමහර දුම්රියයන් සයිබීරියානු ප‍්‍රදේශවලටත් තවත් සමහර දුම්රියයන් කසකස්තානය වෙතත් ගමන් කළා. එම්මා ඇතුළු පවුලේ උදවිය සිටිය දුම්රිය ගමන් කළේ සයිබීරියාවට.
 
 සයිබීරියාවට යන්නට මේ දුම්රියට මාස දෙකක පමණ කාලයක් ගත වුණා. එයට හේතුව සයිබීරියාවට යෑමට තිබුණේ එක දුම්රිය මාර්ගයක් පමණක් නිසාත්් එවකට පැවති දෙවන ලෝක සංග‍්‍රාමය වෙනුවෙන් සොල්දාදුවන් ආයුධ සහ ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන දුම්රියයන් සඳහා මූලිකත්වය දියයුතු නිසාත් සමහර ස්ථානවල දින ගණන් නැවතී සිටීමට සිදු වුණා.
 
 දිනයේ කොයි තරම් කාලයක් බඩු දුම්රිය මැදිරියේ රාක්කවල නිදියා ගත්තා ද කියලා කාත්යට කොහෙත්ම මතකයක් නැහැ. හැබැයි එක සිදුවීමක් නම් ඇයට කවමදාකවත් අමතක වන්නේ නැහැ. මේ මාසය තුළම ඔවුන් ගේ ආහාරය වුණේ අර්තාපල් සහ ලූණු දැමු මාළු. මේ බොහෝ අර්තාපල් කුණුවී ගොස් තිබුණා. ලූණු දැමු මාළු ආහාරයට ගැනීමෙන් වතුර තිබහ අධික ලෙස දැනුනත් අවශ්‍ය ජලය ලබා ගත හැකි වුණේ දුම්රිය නැවැත්වූ ස්ථානවල තිබේනම් පමණයි. අම්මා ඇතුළු කාන්තාවන් සිදු කළේ දිනයකට වරක් පමණ බාගෙට කුණුවූ අර්තාපල් දුම්රිය මැදිරියේම ඉදි කර තිබෙන උඳුනෙන් පුච්චා ගැනීම හෝ තම්බා ගැනීම. මුළු ගමනේදීම මීට වඩා අලූත් දෙයක් කාත්යා දැක්කේ නැහැ.
 
 සැප්තැම්බර් මාසයේ තවත් දිනක් උදා වුණා. දුම් රොටු වගුරුවමින් සෙමින් සෙමින් ගමන් කරන දොරියේ නලා හඬින් හදිසියේම අවදිවුණු කාත්යා දුටුවේ අම්මා ගේ උකුලේ නිදන මල්ලී සහ ඇයව වට කරගෙන සිටින පිරිස. හෙමින් සීරුවේ අම්මා ළඟට කිට්ටු වුණු කාත්යා දුටුවේ ඉකි ගසමින් හඬන අම්මාගේ ඇස් වලින් රූ රා වැටෙන කඳුළු. මල්ලී මේ කිසිම දෙයක් නොදැන නිසලව සිටීම ගැන ඇයට පුදුමයි. ඇය මල්ලීව ඇහැරවන්න උත්සාහකළත් අවට සිටි අය එය ඉඩ දුන්නේ නැහැ. සෝවියට් පැරණි ලිපි ලේඛනවලට අනුව මේ සෑම දුම්රිය මැදිරියකම 350කට අධික පිරිසක් ගමන් කොට තිබෙනවා. මාස 2කටත් අධික කාලයක් මෙසේ ගමන් කළ නිසාත් අධික තෙරපීම” ජලය නොමැති කම සහ අපිරිසිදු සෞඛ්‍ය තත්ත්වයන් නිසාත් බොහෝ දෙනකුට විවිධාකාර ලෙඩ සෑදුණා. ඒවා ගැන සොයා බලන්නට දොස්තරවරු නැහැ. ගමන් කළ සෑම දුම්රියකම යම් පිරිසක් මේ නිසා මිය ගියා. කාත්යාගේ මල්ලීත් මේ සංඛ්‍යා ලේඛන වලට එකතු වුණා. ඒ තමයි ඇය මල්ලීව දුටු අවසාන වතාව.
 
 සෑම දුම්රියකම එක් බඩු දුම්රිය මැදිරියක් මියගිය පුද්ගලයන්ගේ සිරුරු වෙනුවෙන් වෙන්කර තිබුණා. සැප්තැම්බර් ඔක්තෝබර් මාස වල අධික සීතල තත්ත්වයක් නොතිබුණු නිසා දින කීපයකින් පසු සිරුරුවලින් දුඟද හමන්නට වීම නිසා සමහර සිරුරු සයිබීරියාවේ වනාන්තර තුළට විසි කර දමා යන්නට රතු හමුදාවේ සාමාජිකයින් ක‍්‍රියා කළා.
 
 ලිපි ලේඛන වල සටහන් වෙන අන්දමට මොවුන් සයිබීරියාවේ බක්ලූෂි ගම්මානයේ දුම්රිය ස්ථානය වෙත පැමිණුනේ 1941 වසරේ ඔක්තෝබර් මාසයේ අවසාන දිනයක. බක්ලූෂි දුම්රිය ස්ථානය පිහිටා තිබෙන්නේ මොස්කව් නගරයේ සිට කි.මී. 2600 ක් දුරින් සයිබීරියාවේ ඝන කැලෑව මැද.
 
 හදිසියේ විවෘත වුණු දුම්රියේ දොර අතරින් කාත්යා දුටුවේ සයිබීරියානු ඝන කැලෑව. ගස් අතරින් සමහර තැන්වලට හිරු ආලෝකය වැටුනත් ප‍්‍රදේශයේ තිබූ අඳුර මකන්න එය ප‍්‍රමාණවත් වුණේ නැහැ. රතු හමුදා සාමාජිකයින්ගේ නියෝගවලට අනුව කාත්යා ඇතුළු පිරිස ගමන් මලූත් රැගෙන මැදිරියෙන් පිට වුණා.
 
 ස්ටාලින් විසින් සයිබීරියාවට මෙන්ම කසකස්්තානයට ද 440”000ක පමණ ජර්මානු සම්භවයක් ඇති පුද්ගලයින් පිටුවහල් කළා. 1991 වසරේ සෝවියට් දේශය බිඳ වැටෙන විට මිලියනයකටත් අධික ජර්මානු ජනතාවක් කසකස්තානයේ වාසය කළා. 2015 වසරේ කසකස්්්තාන රජය විසින් නිර්මාණය කළ මේ වීඩියෝවෙන් පිටුවහල් කළ ජර්මානුවන් කසකස්තානයට පැමිණීමත් නැවත ඔවුන් ශ‍්‍රම කඳවුරු වෙත බලෙන් රැගෙන යෑමත් මැනවින් නිරුපණය වෙනවා.
 
 මා හට නොතේරෙන එකම කරුණ නම් ඇයි විසි වන සිය වස මේ පිළිකුල් ම්ලේච්ඡුත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අසමත් වුණේ යන්නත් එමෙන්ම අපි මේ අමිහිරි අතීතය ලෙහෙසියෙන් අමතක කළ යුතු ද යන්නත්.
 
 ඇලෙක්සැන්ඩර් සොල්සෙනිත්සින් 1974 වර්ෂයේ දී සෝවියට් රුසියාවෙන් පිටුවහල් කරන්නේ ඔහු ගේ ආඛිපෙලා ග් ගුලාග් (Arkhipelag Gulag) නම් කෘතියෙන් කොමියුනිස්ට් වාදීන් බලය අල්ලා ගැනීමෙන් පසුව රුසියාවේ බිහිවුණු බන්ධනාගාර පද්ධතියත්” ශ‍්‍රම කඳවුරු රාශියත් ස්ටාලින් යටතේ මුළු දේශය පුරා ම ව්‍යාප්ත ව ගිය ආකාරය හෙළි කරන්නට ගොස් ය.මැක්සිම් ගෝර්කි වරෙක පැවැසුවේ ලෝකය නිර්මාණය වී ඇත්තේ හිරු ගේ රැස්වලින් හා මවගේ කිරිවලින් බවයි. එම්මා සහ පවුලේ ඉතිරි සාමාජිකයින් ජීවත් කරවීම සඳහා ඇගේ මව විසින් දැරූ අප‍්‍රතිහත උත්සාහයන් සහ එම්මා ගේ සෝවියට් සයිබීරියානු ශ‍්‍රම කඳවුරුවල ජීවිතයන් වටා ගෙතී ඇත්තේ ඇදහිය නොහැකි සිදුවීම්.
 
 රොහාන් ඩිරෙක්ස්

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles