Divaina - ස්ටාලින්ග‍්‍රාඞ් දැවැන්ත පිටුවහල් කිරීම

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

stralingවොල්ගා නදිය හැමදාමත් ගලා ගියේ එකම විදිහට යි. කිසි ම වේගයක් නැති වතුර එක තැන කැරකෙන බවයි” එම්මා ට දැනෙන්නේ. හැමදාමත් උදෑසන වොල්ගා නදිය ඉවුරට වෙලා ගඟ දිහා බලා ඉන්න එක එම්මාගේ පුරුද්දක්. මුහුදක් කියලා ලොකු පොකුණක් මේ ලෝකයේ කොහේ හරි තියෙනවා කියලා ගමේ වැඩිහිටි උදවිය කියනවා ඇය අහලා තිබෙනවා. වොල්ගා නදියටත් වඩා විශාල ජල කන්දරාවක්. එම්මා ට හිතා ගන්නවත් බැහැ.
 
 එම්මා ජීවත් වෙන්නේ රුසියාවේ දකුණු ප‍්‍රදේශයට වෙන්නට තිබෙන වොල්ගා ගඟ අසබඩ තිබෙන දුෂ්කර කුඩා ගම්මානයක. 1939 වසර මේ ගම්මානයේ ජීවත්වන කුඩා පිරිසට අමුතුවෙන් දැනුණු අවුරුද්දක් නෙවෙයි. 1924 අවුරුද්දේ සාගත කාලය කොයි තරම් දුරට මේ ගම්මානයට බලපෑවා ද කියලා දන්නේ ගමේ ඉන්න වැඩිහිටි පරම්පරාව විතරයි. ගමේ සමූහ ගොවිපළේ අර්තාපල් වගා කරන්න ඊට මාස 2කට පස්සේ ඒ අර්තාපල් එකතු කරලා ආණ්ඩුවට භාර දෙනවා හැරෙන්නට ජීවිතේ අලූත් දෙයක් තිබුණා කියලා මේ ගම්මානයේ කාටවත් තේරෙන්නේ නැහැ. වසරකට කිහිපවතාවක් ගිම්හාන කාලයේ කොහේදෝ ඈතකින් එන ලොරිවලින් එන කාකි ඇඳුම් ඇඳ ගත් තුවක්කු රැගත් පිරිසක් ගමේ උදවිය එකතු කරන අර්තාපල් ටික පටවා ගෙන යෑම ගැන එම්මාට පුදුම තරහක් තිබුණේ. පළමු සැරේ අර්තාපල් ටික එකතු කර ගත්තාට පස්සේ දෙවැනි සැරේට ඉතුරු වෙලා තිබෙන අර්තාපල් එකතු කරන්න අම්මාත් එක්ක එම්මාත් ඇයගේ වැඩිමහල් සහෝදරවරු දෙදෙනාත් එකතු වෙනවා. මේ එකතු කරන අර්තාපල් වලින් තමයි ගමේ උදවිය ඊළඟ ගිම්හාන කාලය වෙනකන් ජීවත් වෙන්නේ් එම්මා ගේ වයස අවුරුදු 6ක් වුණත් තවම ඉස්කෝලෙකට යන්නේ නැහැ. ගමේ තිබෙන පල්ලියේ පූජකවරයා අම්මාත් සමග කීපවතාවක් ම ඉස්කෝලේ ගැන කතා කළා කියලා අම්මා කියනවා එම්මාට මතකයි.
 
 ඈත ස්ටෙප්ස් තණ බිම් අතරින් ¥විලි වලා කිහිපයක් එක පාරට ම එම්මාගේ ඇස්වල දැවටුණා. ඒ දිහා ගොඩක් වෙලා බලා ගෙන හිටියත් ඒ මොකක්ද කියල එකපාරට ම ඇයට අඳුනා ගන්නට බැරි වුණා.
 
 කාකි ඇඳුම් ඇඳ ගත්තු තුවක්කු ගත්තු මිනිස්සු ආයිත් සැරයක්. එම්මාගේ හිත කියවන්න ගත්තේ ටිකක් වෙලා යනකොට දුවිලිවලා අතරින් මතු වෙච්ච ට‍්‍රක් රථ පේලිය දැක්කට පස්සෙයි. ඒ වුණත් මේ කාලේ ඔවුන් හැමදා ම පැමිණෙන්නේ ග‍්‍රීෂ්ම සමයේ අවසන් මාසයේ. ඒ අර්තාපල් වගාවේ අස්වැන්න අරන් යන්න.
 
 තව මොනවා ද අරන් යන්න තියෙන්නේ. ඉතිරි වෙලා තියෙන අපේ අර්තාපල් ටික ද? කාකි ඇඳුම් ඇඳ ගත්තු මිනිස්සු ගැන තියෙන තරහ තවත් වැඩි වුණා.
 
 ට‍්‍රක් රථ පේලිය ටිකෙන් ටික ගම්මානය වෙත ළංවෙත්දී පුංච් එම්මා අම්මා වෙත දිව ගියා.
 
 එම්මා ගේ මව වැඩ කළේ ගම්මානයේ රෙදි ෆැක්ටරියේ. ගමේ කාන්තාවන් ගෙන් ඔක්කොම වගේ වැඩ කරන්නේ මේ ෆැක්ටරියේ. රෙදි ෆැක්ටරිය යි අර්තාපල් වගා බිම යි අතරින් මාරුවෙන් මාරුවට තමයි මේ අය වැඩ කළේ.
 
 ගම්මානය වෙත ළඟා වෙච්ච ට‍්‍රක් රථවලින් තුවක්කු ගත්තු මිනිස්සු ගම්මානයේ තිබුණු ගෙවල්වලට දිව ගියේ පුදුම හදිස්සියකින්. ඔවුන් සමග ගමේ හැම දේට ම මුල්වන ගම් සභා සංවිධානයේ ප‍්‍රධානියාත් සිටියා. එදා නිවාඩු දිනයක් නිසාදෝ බොහෝ දෙනෙක් තම නිවෙස්වල තමයි විවේකය ගත කරමින් සිටියේ. සෑම නිවසකට ම පාහේ ඇතුළු වූ කාකි ඇඳුම් ඇඳගත් සෙබළුන් ගමේ සිටි සියලූ දෙනා ම එක ස්ථානයකට බලෙන් ම එක්කර ගත්තා. තුවක්කු ගත් මිනිස්සු අතර සිටි එක පුද්ගලයෙක් කොලයක් බලා ගෙන උස් හඬින් මොනවාදෝ කියා ගෙන ගියා එම්මා ට යාන්තම් වගේ ඇහුණා.
 
 සියලූ දෙනාගේ දැන ගැනීම පිණිසයි. සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ නියෝගයක් පරිදි ක්රාට්ස් ගම්මානයේ ජීවත් වන සියලූම ජර්මානු සම්භවයක් ඇති වැසියන් වහා ම ක‍්‍රියාත්මක වන පරිදි ගම්මානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නවා.
 
 පැය භාගයක් ඇතුළත සියලූ ම වැසියන් තම තමන් ගේ ඇඳුම් පැළඳුම් රැගෙන මේ ස්ථානයට නැවත පැමිණිය යුතුයි. එක පුද්ගලයකුට එක ගමන් මල්ලක් පමණක් රැගෙන යෑමට අවසර තිබෙනවා. යම් විදිහකින් පැන යෑමට කෙනෙක් උත්සාහ කරන්නේ නම් සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝගය පරිදි වෙඩි තබන්නට අණ දී තිබෙනවා.
 
 අම්මා ඇතුළු පිරිසක් විලාප දිදී මොනවාදෝ කියන්නට තැත් කළත් හමුදා සෙබළුන්ගේ තුවක්කු වලින් ඉහළට තබන ලද වෙඩිවල සද්දෙන් ඒ සියලූ හඬවල් යටපත් වෙලා ගියා.
 
 එම්මා ට වෙච්ච දේවල් ගැන හරි මතකයක් නැහැ. ඊට පස්සේ මතක මිනිස්සු අතරින් තල්ලූ වී ගිහිල්ල ට‍්‍රක් රථයකට නැඟ ගත්ත එක විතරයි.
 
 ගම්මානයේ සිටි සියලූම පුද්ගලයින් ඒ ට‍්‍රක් රථවල පටවා ගත් කාකි ඇඳුම් ඇඳ ගත් පුද්ගලයින් ට‍්‍රක් රථවල පසු පස දොරවල් වසා දැමුවේ අවසාන වරටත් තමන් විසූ ස්ථාන බැලීමට අවස්ථාවක් නොදීමෙනි.
 
 වොල්ගා ගඟ අසබඩ ජර්මානුවන් නමින් හැඳින්වුණු ජර්මානු සම්භවයක් ඇති ජාතිකයින් ස්ටාලින්ග‍්‍රාඞ් නගරය (දැන් වොල්ගෝග‍්‍රාඞ්* අවට සහ සරාතොව් නගරය අවට දීර්ඝ කාලයක් තිස්සේ පදිංචිව සිටියා. එවකට සෝවියට් දේශයේ නායකයා වූ ජෝෂප් ස්ටාලින් විසින් මොවුන් හට තම ජර්මානු සංස්කෘතිය” භාෂාව” සම්ප‍්‍රදායයන් පවත්වා ගෙන යෑමට සහ ඔවුන්ගේ ආගම ඇඳහීමට සීමිත වරප‍්‍රසාද ලබා දී තිබුණා.
 
 1917 රුසියානු විප්ලවයෙන් පසුව 1924 වසරේදී වොල්ගා ජර්මානු සෝවියට් සමාජවාදී සංගමය යනුවෙන් කුඩා ස්වතන්ත‍්‍ර රාජ්‍යයක් (Volga German Autonomous Soviet Socialist Republic) බිහිවුණා. අවම වශයෙන් මෙවැනි ජර්මානු ජාතිකයින් 510”000 ක් පමණ මේ ප‍්‍රදේශවල ජීවත් වුණා. මේ පුද්ගලයන්ගේ ජීවන රටාවේ වෙනසක් දක්නට ලැබුණා රුසියාවේ අනිකුත් ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සමඟියි. මොවුන් නිතරම කතා කළේ ජර්මානු භාෂාව. සමහරු රුසියානු භාෂාව දැන ගෙන ම සිටියේ නැහැ.
 
 මොවුන්ගේ ඇඳුම් පැළඳුම් පවා අනිකුත් සාමාන්‍ය රුසියානු ජනතාවට වඩා වෙනස් ස්වරූපයක් ගත්තා. වොල්ගා ගංගාව අසබඩ වර්ග කි.මී. 5000 ක පමණ ප‍්‍රදේශයක මොවුන් වාසය කළා.
 
 සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ සහ කොමියුනිස්ට් තරුණ සංවිධානයේ ශාඛා ද මේ ප‍්‍රදේශවල පිහිටා තිබුණා. සෝවියට් රජයේ නීති රීතවලට අනුකූලව මේ වොල්ගා ජර්මානු සෝවියට් සමාජවාදී සංගමයේ වැඩ කටයුතු සිද්ධ වුනා. නමුත් මේ සියලූ දෙනා ගේ එදිනෙදා ක‍්‍රියාදාමයන් ගැන සෝවියට් රජයේ රහස් ඔත්තු සේවාව විසින් විමසිල්ලෙන් සිටියේ. එම්මා ජීවත් වූයේ මේ ප‍්‍රදේශයේ එක් පුංචි ගම්මානයක. එහි නම ක්රාට්ස්.
 
 මේ ගමේ ජීවත් වුණේ 2000 ක පමණ ජර්මානු සම්භවයක් ඇති ජනතාවක්.
 
 
 මතු සම්බන්ධයි
 
 රොහාන් ඩිරෙක්ස්

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles