Divaina - අවතාර් සිනමාපටයේ දුටු චීනයේ ශාන්ග්ජියාඡේ කඳුවැටිය හැබහින් දුටිමි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

12 1මා මේ පැමිණ ඇත්තේ වෙනත් ලෝකයකට දැයි මට සිතෙනවා. මා ඉදිරියේ දිස්‌වන්නේ අතිශය අලංකාර වූ ස්‌වාභාවික සුන්දර දර්ශන තලයක්‌. අඩි 650 ක්‌ පමණ උස යන්ත්‍රානුසාරයෙන් කපා නිමකරන ලද මෙන් දිස්‌වන ගල් පවුරු, ඒවා අතරින් වැවී ඇති ගස්‌වලින් ලැබෙන හරිත වර්ණය, සූර්යාලෝකය සහ සුදු මිහිදුම් පටලය නිසා මැවෙන මේ සුන්දර දර්ශනය. අපි හැම විටම දකින චීන චිත්‍ර වල සැබෑ දර්ශනයන් මගේ දෑස්‌ ඉදිරිපිට.
 
 මේ චීනයේ ශාන්ග්ජියාඡේ හෙවත් අවතාර් අඩවියේ දක්‌නට ලැබෙන දර්ශනයන්. චීනයේ හුනාන් ප්‍රාන්තයේ අගනුවර වන චන්ග්ශා නුවර සිට කි.මී.350ක්‌ පමණ දුරකින් පිහිටා ඇති මේ වන අඩවිය අද ලොව සංචාරකයින් අතර ඉතාම ප්‍රසිද්ධ සංචාරක කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස සැලකෙනවා.
 
 යුනෙස්‌කෝ සංස්‌කෘතික උරුමයක්‌ ලෙස දැන් සැලකෙන මේ අඩවියට මේ දක්‌වා සංචාරකයින් මිලියන 40 ක්‌ පමණ පැමිණ තිබෙනවා. රීටා යූ අපට හමුවුයේ මේ අවතාර් වනාන්තර අඩවියේදී. ශාන්ග්ජියාඡේ ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන රීටා මේ වනාන්තර අඩවියේ ගහක්‌ ගලක්‌ පාසා හොඳහැටි අඳුනනවා. එසේම චතුර ලෙස ඉංග්‍රීසි සහ රුසියානු භාෂාවන් හැසිරවිය හැකි නිසා ඇයත් සමග අදහස්‌ හුවමාරු කර ගැනීමේදී අපට එය ඉතා ප්‍රයෝජනවත් වුණා. අප නැවතී සිටි හෝටලයේ සිට විනාඩ් 40 ක පමණ ගමනකින් පසු අවතාර් වනාන්තර අඩවියට ඇතුල් වන දොරටුව වෙතට පැමිණුනු අප දුටු දර්ශනයෙන් පුදුමයට පත් වුණා. දස දහසකට අධික චීන සහ විදේශීය සංචාරකයින් පිරිසක්‌ අඩවියට ඇතුල් වීම සඳහා පෝලිමේ රැඳී සිටිනවා අප දුටුවා. මේ ස්‌ථානය සංචාරකයන් අතර කොතරම් ජනප්‍රිය දැයි අපට ඇත්තටම ප්‍රත්‍යක්‌ෂ වුණේ ඒ අවස්‌ථාවේදී. මේ වනාන්තර අඩවියේ මූලික වශයෙන් නැරඹිය යුතු අංශ කිහිපයක්‌ ඇත. මුලින්ම අපට හමු වන්නේ ඉහත සඳහන් කළ aඅවතාර් නිම්නයයි. ශීත කාලයේ තරමක උණුසුම් කාලගුණයකුත් එමෙන්ම වසන්ත සමයේ සිසිල් කාලගුණයකුත් පවතින මේ අවතාර් වනාන්තර අඩවිය ඇත්ත වශයෙන්ම ස්‌වභාවධර්මයේ අති විශිෂ්ට දායාදයකි. සෑම විටම පාහේ තෙත් බර කාලගුණ තත්ත්වයක්‌ පවතින නිසාත් වසර දහස්‌ ගණනක්‌ මුළුල්ලේ හිම මිදීමෙන් සහ ඒවා ප්‍රසාරණයට ලක්‌වීමෙන් සහ දිය වීමෙනුත් එමෙන්ම නැවත මිදීමෙන් ඇතිවූ විපර්යාසයන් නිසාත් පසුව ඒවා මත ශාකයන් රෝපණය වීමෙන් හට ගත් විපර්යාසයන් නිසා මේ දර්ශනීය ගල් කණු සහිත පාරිසරික තත්ත්වය ඇතිවූ බව පරිසරවේදීහු පවසති.
 
 ඡායාරූපයක්‌ ගැනීම සඳහා ඉඩක්‌ ලබා ගැනීමට ඔබට මෙහිදී ඇත්තේ සීමිත ඉඩ කඩකි. ඡායාරූප ගැනීමට පොරකන සංචාරකයින් අතරින් ඒ සඳහා ඉඩක්‌ ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක්‌ නම් නොවනු ඇත. තව දුරටත් ඉදිරියට ගමන් කළ අප පිවිසුනේ කේබල් කාර් මගින් තවත් ඉහළට ගමන් කිරීම සඳහා වන පිවිසුම් මධ්‍යස්‌ථානයටයි. කේබල් රථ කුටියේ සිට මැවෙන දර්ශනයේ චමත්කාරය වචනයෙන් විස්‌තර කළ නොහැක. අප දැන් මේ පසු කර යන්නේ 99 වංගු වශයෙන් හඳුන්වන ටියාන්මෙන් කන්දේ මුදුන දක්‌වා දිවෙන මහා මාර්ගයයි. ලෝකයේ දිගම කේබල් කාර් ධාවන මාර්ගය වන්නේ මේ අවතාර් අඩවියේ පහළ සිට ටියාන්මෙන් කඳු මුදුන දක්‌වාය.
 
 

12 2

තව දුරටත් ඉහළට ගමන් කළ අපට ඊළඟට යාමට සිදුවූයේ ඉතා භයානක එහෙත් සිත් ගන්නා සුළු ලෝව පියස්‌සේ එල්ලෙන පාලම නමින් හැඳින්වෙන අවතාර් කඳු වැටියේ එක්‌ පැත්තක ඉදි කර ඇති කොන්ක්‍රීට්‌ පාලමක්‌ මතින්ය. කඳු ගැටියේ ඉහළ කෙලවරට වන්නට මේ පාලම පිහිටා තිබීම නිසා මේ පාලම මතින් ගමන් කිරීමේදී කඳු පාමුල දෙස බැලීම ඉතා අපහසු කාර්යක්‌ වනු ඇත. තවද මේ පාලමේ එක්‌ පැත්තක ඇත්තේ කම්බි සහ ලී වලින් සැකසු පාලම ඇඳක්‌ නිසා මෙහි භයානකත්වය තවත් වැඩි වේ. ශාන්ග්ජියාඡේ වනාන්තර අඩවියේ වඩාත් ආකර්ෂණීය එමෙන්ම ත්‍රාසජනක අත්දැකීම ලබා ගන්නට අපි ඊළඟට සැරසුනේ. ඒ තමයි අහස්‌ තලයේ ගමන් කිරීම හෙවත් sනහආකන. මීටර් 1600 ක්‌ දුරක්‌ තවත් මීටර 1400 ක්‌ උසින් පිහිටා ඇති වීදුරු පාලමක්‌ මතින් ගමන් කිරීම ලෙහෙසි පහසු ක්‍රියාවක්‌ නොවේ. මේ සඳහා පාවහන් ගලවා වන අඩවිය විසින් ලබා දෙන විශේෂ මේස්‌ කුට්‌ටමක්‌ පැළඳ ගත යුතු වෙනවා. ඒ වීදුරුවට පාවහන්වලින් සිදුවන හානි වළකා ගන්නට. පාලමේ පළල මීටර් 2 ක්‌ පමණ වෙනවා. එක්‌ පැත්තකින් ගල් කඳු වැටියත් අනික්‌ පැත්තෙන් ඇත්තේද වීදුරු පාලම ඇඳක්‌. ඒ නිසා හැම පැත්තකින්ම අපිට පෙනෙන්නේ අහසේ උඩ සිටින්නාක්‌ මෙන්. කඳු ගැටියේ උස නිසා ඒ අවට සුදු පැහැති වලාකුල් පාවෙන අතර අපිට ඇත්තටම දැනෙන්නේ වලාකුළු මත ඇවිදින්නාක්‌ මෙන්. පහළ බැලීම නම් කිසි සෙත් අනුමත කරන්නට බැහැ. සමහර සංචාරකයින් බියෙන් බියෙන් කඳු ගැටිය අයිනෙන් බිම නොබලා ගමන් කරන අයුරු මා දුටුවා. ඇත්තටම මෙය ත්‍රාසජනක අත්දැකීමක්‌. මෙතරම් සෙනගක්‌ එකවර මේ වීදුරු පාලම මත ඇවිදීමෙන් කොයි මොහොතේ හෝ මේ පාලම කඩා වැටේදැයි හැඟීමක්‌ අපිට ඇති වුණා.
 
 

12 3

හැබැයි මේ හැම අවස්‌ථාවකදීම අපිට දිස්‌වුණු දර්ශනීය පරිසරය නම් අමතක කරන්නට බැහැ. ශාන්ග්ජියාඡේ වනාන්තර අඩවියේ බලන්නට තියෙන දේවල් ඉතාම පුදුම සහගතයි. අපි ඊළඟට ගියේ මිහිතලයේ පියස්‌සට මාවතක්‌ වශයෙන් හැඳින්වෙන දර්ශනීය ගල් ගුහාවක්‌ නරඹන්න. පුදුමයකට වගේ මේ ගල් ගුහාව පිහිටා තියෙන්නේ තවත් මීටර් 131 ක්‌ පමණ උසකින්. හැබැයි මේ තැනට නගින්න නම් ලෙහෙසි පහසු නැහැ. ඒ සඳහා ගල් පඩි හරියටම 999 ක්‌ නගින්නට වෙනවා. මේ කඳු වැටිය මුදුනේ ඇති ගුහාවන් ටියාන්මාන් සහ ශාන්ග්ජියාඡේ වනාන්තරය දර්ශනීයව දිස්‌වෙනවා. පඩි 999 විවෘත වන්නේ විශාල ගල් කුහරයකට. මේ ගල් කුහරය ඉතාමත් අලංකාර ලෙස කඳු පාමුල සිට බලා ගන්නට පුළුවන්. මේ අහස්‌ ගැබේ සිට පහළට ඒම නම් ඉතා පහසු ක්‍රියාවක්‌. සංචාරකයින්ගේ පහසුව තකා විදුලි සෝපානයක්‌ ක්‍රියාත්මක වෙනවා. ලොව වේගවත්ව විදුලි සෝපානය.
 
ඊළඟට අපේ අවධානය යොමු වුනේ එළිමහනේ පිහිටා ඇති ලොව වැඩිම උසකට ඔබව රැගෙන යන විදුලි සෝපානය වෙත. මකරුන් 100 දෙනෙකුගේ විදුලි සෝපානය නමින් තමයි මෙය හඳුන්වන්නේ. ඒ වගේම ලොව ඉතාමත් වේගයෙන් ගමන් කරන සෝපානය හැටියටත් මෙය හඳුන්වනවා. මීටර් 360 ක උසක්‌ පුද්ගලයින් 48 ක්‌ රැගෙන විනාඩි 2 කින් අවසන් කරන්නට මේ විදුලි සෝපානයට හැකියාව තිබෙනවා. අවතාර් කඳු වැටියේ විශාල ගල් කන්දකට සම්බන්ධ කර තනා ඇති මේ විදුලි සෝපානය පිටින් බලන විට අලංකාරව පෙනෙනවා. නමුත් සෝපානයේ ගමන් කරන විට නම් ඔබට අවට පරිසරය දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. පුද්ගලයින් 48 දෙනෙක්‌ මේ සෝපානය තුළ ගමන් කරන නිසා තෙරපි තෙරපී තමයි අපිට ගමන් කරන්නට පුළුවන් වුණේ. ඉදිරිපස සිටි සංචාරකයින් කිහිප දෙනෙකුට විතරයි ඒ අවස්‌ථාව හිමි වුණේ.
 
 ස්‌වාභාවික ගුහා සහ පොළව යට ගංගාවක්‌
 
 පසු දිනයේදී අවතාර් කඳු වැටිය අසල පිහිටා ඇති ස්‌වාභාවික ගුහාවන් නැරඹීම සඳහා අපි පිටත් වුණා. චීනයේ වුලින්ග්යුඅන් හි පිහිටා ඇති මේ ස්‌වාභාවික ගුහාවන් කි.මී. 15 ක පමණ දුරකට විහිදී පවතිනවා. ලොව පුදුම ගුහාවන් අතරට එක්‌වන මේ ගුහාවන් වල හුණුගල්වලින් නිර්මාණය වූ විවිධ හැඩයන් සහිත කඳු ගැටි සහ ස්‌වරූපයන් තමයි දක්‌නට ඇත්තේ. එමෙන්ම වියලි සහ තෙත් ගුහාවන්ද දක්‌නට ඇති අතර විවිධ වර්ණයන්ගෙන් සෑදී ඇති මේ හුණුගල් නිර්මාණයන්වලට වර්ණවත් විදුලි ආලෝකය එක්‌ කිරීමෙන් තවත් දර්ශනීය තත්වයක්‌ එයට එකතු කර තිබෙනවා. අවතාර් වන අඩවියට කි. මී. 150 ක්‌ පමණ දුරින් පිහිටා ඇති චීනයේ ඉතා පැරණි ගම්මානයක්‌ වන ෆෙන්හුආන් ගමට සංචාරය කිරීමේ අවස්‌ථාවක්‌ද මට හිමි වුණා. මේ ගම්මානය තවමත් පවතින්නේ ඒ ඉපැරණි තත්ත්වයෙන්මයි. නව දියුණුවීම් සහ ලක්‌ෂණයන් තවමත් මේ ගම්මානයට පැමිණ නැහැ. ඒ නිසා ඒ ඉපැරණි අසිරිය විඳ ගන්නට සංචාරකයින් විශාල ප්‍රමාණයක්‌ මේ කුඩා ගම්මානයට පැමිණෙනවා. ටෝත්ස්‌යාන් ගංගාව අසබඩ තමයි මේ ගම්මානය පිහිටා තිබෙන්නේ. 2008 වර්ෂයේදී චීනයේ ලස්‌සනම ගම්මානය ලෙස මේ ෆෙන්හුආන් ගම්මානය තේරුණා. චීනයේ ඉපැරණි ජාතීන් වන මියාඕ සහ ටෝත්සාන් ජාතීන් මේ ගම්මානයේ බහුලව වෙසෙනවා. ටෝත්ස්‌යාන් ගංගාව අසල මේ ගම්මානය පිහිටා ඇති නිසා ධීවර කර්මාන්තයේ යෙදෙන චීන ජාතිකයින් බහුලව මෙහි වාසය කරනවා. ගම්මානයේ සෑම තැනකම පාහේ මාළු සහ ඒ සම්බන්ධ නොයෙකුත් කෑම වර්ග විකුණන්නට තිබෙනවා. ඒ අතරින් ඉතා ප්‍රසිද්ධ වන්නේ පන ඇති කුඩා මත්ස්‍යයින් යොදා ගනිමින් සාදා ගන්නා ආහාර වර්ගයක්‌. චීනයේ අවතාර් වන අඩවියේ කළ සංචාරය නම් ජීවිතේ කවදාකවත් අමතක වෙන එකක්‌ නැහැ. ඔබ පරිසරයට ආදරය දක්‌වන්නේ නම් මෙවැනි ස්‌ථාන ආරක්‌ෂා කර ගැනීම ගැන චීන රජය දක්‌වන ආකල්ප ගැන ඇත්තටම සතුටු වන්නට පුළුවන්. සංචාරකයින් අවතාර් වන අඩවිය නැරඹීමේදී විශේෂ නීති සම්ප්‍රදායයන් වලට ලක්‌ වෙනවා. විශේෂයෙන්ම පොලිතීන් භාවිතය, මෝටර් රථ සහ මෝටර් බයිසිකල් භාවිතය වන අඩවියේ සම්පූර්ණයෙන්ම තහනම්. ඔවුන් ඒ සඳහා විදුලියෙන් ධාවනය වන දුම් පිට නොවන වාහන වන අඩවිය තුළ භාවිතා කරනවා. වන අඩවියේ පෙදෙස්‌ නැරඹීමට විශේෂ මාවත් සහ ස්‌ථාන වෙන් කර තිබෙනවා. ඒ මාවත්වල පමණයි සංචාරකයන්ට ගමන් කරන්නට අවස්‌ථාව දීලා තියෙන්නේ.
 
 ලිපිය ටිකක්‌ දිග වුණත් මම හිතනවා ඔබට මේ අවතාර් වන අඩවිය ගැන යම් අදහසක්‌ අවබෝධයක්‌ මේ තුළින් ලබා ගන්නට පුළුවන් වුණා කියලා.
 
 රොහාන් ඩිරෙක්‌ස්‌

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles