Divaina - චේගුවේරා අත්අඩංගුවට ගරිල්ලා ව්‍යාපාරයේ නායකත්වයට පත්වන ඉන්තිව සාහසික ලෙස ඝාතනය කරයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

cheසමාජවාදී ලෝකයක්‌ ගොඩනැඟීම සඳහා මියෙන තුරුම නොනිමි අරගලයක නිරත වූ ලොව අසහාය විප්ලවීය චරිතය වන අර්නොස්‌ටෝ චේ ගුවේරා පිළිබඳ සිංහල බසින් සටහන්ව ඇති බොහෝ ලිපි ලේඛන වෙති. ඒවා සියල්ලම මෙන් විදේශීය ලිපි ලේඛන මූලාශ්‍රයෙන් පරිවර්තනය වූ ඒවා විනා චේ ගුවේරා පිළිබඳ සජීවී සාක්‍ෂි මත ඝෘජුවම සැකසුන ලේඛනයන් නොවේ. එහෙත් රොහාන් ඩිරෙක්‌ස්‌ නමැති අපූරු ගවේෂණශීලී සංචාරකයා 'දිවයින ඉරිදා සංග්‍රහය' සහ sanchara.lk වෙබ් අඩවිය වෙනුවෙන් චේ ගුවේරාගේ සමීපතමයන් සොයා බොලිවියාවේ සහ කියුබාවේ කළ සංචාරය ඇසුරෙන් පෙළ ගැසෙන මෙම ලිපි පෙළ එම හිඩැස පුරවයි. එය වඩාත් සුවිශේෂී වන්නේ අවසන් කාලයේ චේ ගුවේරාගේ හෘද ස්‌පන්දනයට වඩාත් සමීපව සිටි දැනට ජීවත්ව සිටින සමීපතම සුවිශේෂී චරිත කිහිපයක සජීවී සාක්‍ෂි ආශ්‍රයෙන් මෙම ලිපි පෙළ සටහන්වන බැවිණි.

චේගේ සෑම දුර්වලකමක්‌ ගැනම ඔවුන් අවධානයෙන් හිටියා. එම දුර්වලකම්වලට පහර දෙන්න තරම් ඔවුන් සූක්‍ෂම සැලසුම් හැදුවා. ඉන් එකක්‌ තමයි චේ ඇදුම රෝගයෙන් පීඩා විඳින බව දැනගත්තම එම ප්‍රදේශයේ ඖෂධහල්වල ඇදුම රෝගය සඳහා අවශ්‍ය බෙහෙත් විකිණීම තහනම් කළා. හමුදා සෝදිසි කිරීම් නිතර සිදුවුණා. එහෙම කරපු බොලිවියානු හමුදාවට පුළුවන් වුණා චේ ගුවේරාගෙ කණ්‌ඩායම සීමිත ප්‍රදේශයකට කොටුකරගන්න. බොලිවියානු හමුදාව චේ ඇතුළු කණ්‌ඩායම එසේ කොටුකරගත් ප්‍රදේශය ලාහිගුරා කඳුවැටියයි.


චේ බොලිවියානු හමුදා අත්අඩංගුවට පත් වූ පසු ගරිල්ලා ව්‍යාපාරය අඩපණ වුව ද නැත්තටම නැති වී ගියේ නැත. චාටෝ පෙරේදොaගේ සහාය ඇතිව චේ ගුවේරා මුලින්ම පිහිට වූ ගරිල්ලා භට කණ්‌ඩායමේ 50 දෙනා අතරට ඔහුගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා වන කෝකො සහ ඉන්ති ද එකතු විය. චේ ගුවේරා අත්අඩංගුවට පත්වන විටත් එම දෙසොහොයුරන්ගෙන් එක්‌ අයකු වන කෝකෝ යුද්ධයෙදී මියගොස්‌ තිබිණි. නමුත් ඒ මොහොතේ ඉන්ති තවත් ගරිල්ලා භටයන් දෙදෙනකු සමඟ සිටියේ වෙනත් ස්‌ථානයකය.

che1චේ සමඟ සිමොන් විලි අත්අඩංගුවට පත් පුවත දැනගත් පසු ඉන්ති ඇතුළු සටන්කරුවන් එම වේදනාවෙන් පසුබැස්‌සේය. ඉනික්‌බිතිව වනයෙන් එළියට පැමිණ වෙස්‌වලාගෙන සැඟවුණේය. ඉන් ටික කලකට පසු ඔහු සමඟ සිටි කියුබානු ගරිල්ලන් දෙදෙනා සමඟ චිලී රටට පැන ගිය ඉන්ති යළි 1969 මැයි මාසයේදී බොලිවියාවට පැමිණියේය. පසුව ඉතා රහසිගත ජීවිතයක්‌ ගතකරමින් ඉන්ති යළිත් විප්ලවය ඉදිරියට ගෙනයැම සඳහා ගරිල්ලා ව්‍යාපාරයට පණ දෙන්නට උත්සාහ කළේය.

නමුත් ව්‍යාපාරය රහසේ ශක්‌තිමත්ව ගොඩනඟන්නට කලින් ඉන්ති අතින් බරපතළ වැරැද්දක්‌ සිදුවිය. එම වැරැද්ද නම් "අපි නැවත කන්ද වෙත පැමිණෙන්නෙමු" යනුවෙන් නිවේදනයක්‌ ප්‍රචාරය කිරීමයි. මේ නිසා ඉන්ති නොමැරී ඇති බව දැනගත් බොලිවියානු පාලනය දැනගත්තේය. යළි ක්‍රියාත්මක වූ බොලිවියානු ආරක්‍ෂක අංශ ඉන්ති සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. 1969 සැප්තැම්බර් 09 වැනිදා උදා වනවිට ලා පාස්‌ නගරයේ එක්‌ නිවසක්‌ වටලාගෙන සිටි 150 දෙනකුගෙන් යුතු පොලිස්‌ භට කණ්‌ඩායමක්‌ තම උකුසු නෙත් එක්‌ පැහැදිලි ඉලක්‌කයක රඳවාගෙන උන්හ. ඒ ඉන්ති සැඟවී සිටි නිවසයි. වෙඩිතැබීම් කිහිපයක්‌ දෙපසට හුවමාරු වෙද්දී ග්‍රෙනේඩ් බෝම්බයක්‌ ඉන්ති අසලට වැටී පුපුරා ගියේය.

che2

බරපතළ තුවාල ලැබූ ඉන්ති පසුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළේය. එහිදී ඔහු දරුණු වධහිංසාවලට ලක්‌විය. නමුත් ඉන්ති ඉන් පැය කිහිපයකට පසු මියගොස්‌ සිටියේ විෂ එන්නතක්‌ ශරීරගත කිරීමෙන් බව ගිබට්‌ මිරැන්ඩා නමැති වෛද්‍යවරයා සනාථ කර ඇත.

බොලිවියානු විප්ලවය අසාර්ථක වුවද ඉන්තිට හිමිවන්නේ ඉහළ ස්‌ථානයකි. චේගුවේරා බොලිවියාවේ විප්ලවයේදී සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කරන විට ඇත්තෙන්ම බොලිවියාවේදී විප්ලවීය සාමාජිකයන්ගේ න්‍යායාත්කම නායකයා ලෙස කටයුතු කර ඇත්තේ ඉන්තිය. බොලිවියානු ගරිල්ලන් සහ විප්ලවයට සහය වූවෝ ඔවුන්ගේ නායකයා ලෙස පිළිගැනුම් කර ඇත්තේ බොලිවියානු ජාතිකයෙකු වූ ඉන්තිට බව චාටෝ පෙරේදොa කීවේය.

මේ නිසාම ඉන්ති සාහසික ලෙස ඝාතනය වීමෙන් පසු ගරිල්ලා ව්‍යාපාරය සක්‍රීය ලෙස ක්‍රියාත්මක නොවුණද ඉතිරිව සිටි සාමාජිකයන්ගේද එම මත දරන්නන්ගේද නායකත්වය චාටෝ පෙරේදොaට හිමි විය. ඔහු ටික කලක්‌ බොලිවියාවේ ව්‍යාපාරය ගොඩනඟන්නට උත්සහ ගත්තද, එය අසාර්ථක බව අවබෝධ වී බොලිවියානු ආරක්‍ෂක අංශවලින් බේරී චිලි රටට පැන ගත්තේය. නමුත් චිලිහි ආරක්‍ෂක අංශ විසින් චාටෝ පෙරේදොa හඳුනාගත් නිසා ඔහු අත්අඩංගුවට පත්විය. වාසනාවකට ඔහු අත්අඩංගුවට පත් වුණා ද චිලි හි ආරක්‍ෂක අංශ චටෝව පෙරළා බොලිවියාවට පිටුවහල් නොකර එරටේම සිරගත කළේය. ඉන් කලකට පසු චිලි රටේ සිදුවූ දේශපාලන වෙනස්‌ වීමත් සමග වාමාංශික මතධාරියෙකු වූ සැල්වදොරේ ආලන්දේට එරට බලය හිමිවිය. චාටෝ පෙරේදොa යළි බොලිවියාවට පැමිණ ඇත්තේ සැල්වදොර් ආලෙන්දේ බලයට පැමිණ ඔහුට නිදහස ලබාදීමෙන් පසුවයි.

දැන් ඔහු වයස 78 පිරුණු වියපත් මිනිසෙකි. නමුත් ඒ වියපත් බව ඔහුගේ ශරීර කූඩුවට පමණක්‌ සීමාවකි. ශරීරය දුබල වුවද එහි අභ්‍යන්තරයේ ඇති ඔහුගේ විප්ලවීය සිතිවිලිද ඇට මස්‌ ලේ නහරවලට කා වැදී ඇති අධිෂ්ඨානයද තවමත් ජීව ගුණයෙන් පිරී ඇති බව පෙනේ. ඒ නිසාමදොa සැන්මාකෘස්‌ නගරයේ ජීවිතයේ සැඳෑ සමය ගෙවන ඔහුට අදටත් ජීවිත තර්ජන වලින් අඩුවක්‌ නොවේ.

che3

පසුගිය දෙවසරක කාලය තුළ පවා ඔහු එවැනි අද්දැකීම්වලට මුහුණදී තිබේ. ඉන් එක්‌ අවස්‌ථාවක්‌ වන්නේ චාටෝ පෙරේදොa සැන්ටාකෘස්‌ නගර සභාවේ බාල්කයක එල්ලා මැරීමට විරුද්ධවාදීන් කළ සැලසුමකි. එම කුමන්ත්‍රණයෙන් ගැලවෙන ඔහු පවුලේ සාමාජිකයන් සමග නිවසේ සිටියදී ග්‍රෙනෙඩ් බෝම්බ ප්‍රහාරයකට ලක්‌වේ. එම ප්‍රහාරයේදී ඔහුගේ දියණිය ජීවිතය බේරා ගන්නේ හාස්‌කමකින් මෙනි. මේ නිසා දැන් චාටෝ පෙරේදොa තම පවුලේ සාමාජිකයන් සමග එකම මොහොතක එකට වාසය නොකරයි. ඔහු අද සැන්ටාකෘස්‌ නගරයේ නිවස තුළ හුදකලාව ජීවත්වන්නේ තමන් අදහන දේශපාලන මතවාදයේ පොත්පත් ඇසුරු කරමිනි. මම මොස්‌කව් සිට බොලිවියාවේ සංචාරය සැලසුම් කිරීමේදී මුහුණ දුන් විශාලම ගැටලුව වූයේ චාටෝ පෙරේදොa වැනි අවශ්‍ය පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමේ ගැටලුවයි. එහිදී භාෂා ප්‍රශ්නය මේ ගමනට විශාල බාධාවක්‌ විණි. එහෙත් මාස හත අටක්‌ තිස්‌සේ අත් නොහළ උත්සාහයක ප්‍රතිඵලය වූයේ වර්තමානයේ බොලිවියාවේ ජීවත්වන එවකට සෝවියට්‌ සමූහාණ්‌ඩුව සමයේ රුසියාවේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකීය කාන්තාවක්‌ සම්බන්ධ කර ගැනීමට හැකිවීමයි.

මගේ අරමුණ පැවසූ විට ඇය මට උපකාර කිරීමට ඉදිරිපත් වූයේ නිස්‌සරණාධ්‍යංශයෙනි.

සැන්ටාකෘස්‌ නගරයේ සිට චේගුවේරා අත්අඩංගුවට පත් වලෙග්‍රන්ද්‍ර නගරයේ ලාහිගුරා ගම්මානයට පිටත් වීමට ප්‍රථම එක්‌ සුවිශේෂී පුද්ගලයෙක්‌ හමුවූ බව මේ ලිපි පෙළ ආරම්භයේදී මම ඔබට කීවෙමි. දැන් මම ඔබව

රැගෙන යන්නේ එම සුවිශේෂී චරිතය හමුවටයි.

ඔහු ජෙනරාල් ගැරි ප්‍රාඩෝය. 1967 ඔක්‌තෝම්බර් 8 වැනිදා වලෙග්‍රන්ද්‍ර ග්‍රාමයේදී වේගුවේරා අත්අඩංගුවට ගත් රෙන්ජස්‌ හමුදා භට කණ්‌ඩායමට නායකත්වය දුන්නේ ඔහුය.

සැන්ටාකෘස්‌ ගුවන්තොටුපළේ සිට එක එල්ලේම ගැරි ප්‍රාඩෝගේ නිවසට මම යන විටත් ඔහු මා අපේක්‍ෂාවෙන් සිටියේය. ඒ මෙම හමුවට මම කලින්ම කාල වේලාවක්‌ වෙන්කරගෙන පැවැති නිසාය. මා පිළිබඳ කෙටි හැඳින්වීමකින් පසු අවශ්‍ය මාතෘකාවට අප දෙදෙනාම පිවිසුනෙමු.

ඇත්තටම 1967 ඔක්‌තෝම්බර් 8 වැනිදා සිදුවුණේ මොකක්‌ද? මෙතෙක්‌ ඒ පිළිබඳ වාර්තාවී ඇති තොරතුරු සත්‍යද, චේගේ මරණය හා සම්බන්ධ ඊට එහා ගිය තව යමක්‌ තිබේද?" මම ඔහුගෙන් එකවිට ප්‍රශ්න කිහිපයක්‌ම විමසුවේ මෙපමණ වෙලා සිතේ හිරකරගෙන සිටි කුතුහලය නිසාය.

නමුත් ඒ හඬ තුළ කලබලයක්‌ නොවීය. සංසුන්ව ඔහු කතාවට මුල පිරූවේය.

එදා මගේ සෙබළුන් පිරිසක්‌ මුර සංචාරය කරමින් සිටියේ ලාහිගුරාවලට කිට්‌ටුව. ඒ හරිය මහා ගස්‌ ගල්වලින් සෑදුනු දුෂ්කර ප්‍රදේශයක්‌. පුහුණු හමුදා භට කණ්‌ඩායමකට වුණත් ලෙහෙසියෙන් ලංවිය නොහැකි පරිසරයක්‌ ඒක. සෙබළුන් විදියට අපි දැනගෙන හිටියා කොයිම මොහොතක හෝ සතුරන්ගෙන් ප්‍රහාරයක්‌ එල්ලවෙන්න ඉඩකඩ තිබෙන බව. උදේ කාලයේ විශේෂ අමුත්තක්‌ නොවී ගෙවිලා ගියා. දහවල් එකට පමණ වෙඩි හඬවල් කිහිපයක්‌ ඇහෙන්න ගත්තා. ඒත් එක්‌කම පුද්ගලයන් දෙදෙනෙක්‌ අල්ලාගත් බව කියමින් කඳුගැට, ප්‍රදේශයේ ඉඳලා කෑ ගසමින් මගේ සෙබළෙක්‌ දුව ආවා. මම ඒ මොහොතේම ඔවුන් සිටි ප්‍රදේශයට දිව ගියා.

che4

ඒ යන කොටත් අල්ලාගත් පුද්ගලයන් දෙදෙනා අතේ රයිෆල් තුවක්‌කු දෙකක්‌ තිබ්බා. මම මුලින්ම කළේ ඔවුන් අතේ තිබුණ තුවක්‌කු බිම දමන ලෙස අණදීම. ඒත් එක්‌කම ඔවුන් දෙදෙනා දිහා බලපු ගමන් තේරුම් ගියා ඒයින් එක්‌ පුද්ගලයෙක්‌ බොලිවියානු ජාතිකයෙක්‌ නම් නොවන බව. චේගුවේරාගේ ගරිල්ලා කණ්‌ඩායමට වෙනත් රටවල පුද්ගලයන් කිහිප දෙනෙක්‌ම සම්බන්ධ වෙලා ඉන්නවා කියලා ඒ වෙනකොටත් අපට තොරතුරු ලැබිලා තිබුණේ.

"උඹලා කව්ද?" කෝකටත් මම ඒ දෙදෙනා අතර සිටි බොලිවියානු ජාතිකයාගෙන් හඬ නඟා ඇසුවා.

"මම චේ ගුවේරා" ඔහු ඉතා සියුම් ස්‌වරයෙන් උත්තර දුන්නා. ඔහු සමග සිටි අනෙක්‌ පුද්ගලයා තමයි සීමොන් විලීං. ඔහු බොලිවියානු ජාතික ගරිල්ලා සාමාජිකයෙක්‌.

මම ටික වේලාවක්‌ ඔවුන් දිහා විපරමින් බලන් හිටියා. පිළිතුරු දුන්න පුද්ගලයා බොරුවක්‌ කියනවාකියා සිතන්න තරම් කිසිම පෙනුමක්‌ ඔහුගේ මුහුණේ දිස්‌වුණේ නැහැ.

ඒ කාලේ කටකතා පැතිරල තිබුණේ මේ ප්‍රදේශයේ චේගුවේරා වගේ පුද්ගලයන් කිහිප දෙනෙක්‌ම සැරිසරනවා කියලා. ඒ නිසා මට අවශ්‍ය වුණා සැබෑවටම මේ චේ ගුවේරාද කියල තහවුරු කරගන්න." "කරුණාකරලා ඔබේ දකුණු අත පෙන්වන්න. මම ඒ පුද්ගලයාගෙන් ඇහුවා. මොකද ඒ වෙනකොට අපිට ලැබී තිබුණු තොරතුරු අනුව මේ සිටින්නේ සැබෑම චේගුවේරා නම් දකුණු අතේ පිටපැත්තේ විශාල සීරීමකින් සිදුවූ කැළලක්‌ තිබිය යුතු වෙනවා. ඔහු මගේ විධානයට නොපැකිළිව දකුණු අත දිගුකර පෙන්නුවා." "ඇත්තෙන්ම ඔහු තමයි අපි සොයමින් සිටි පුද්ගලයා".
චේ දකුණු අත ගැරි ප්‍රාඩෝ වෙත දිගු කළ විට එම සීරීම් කැළල වූයෙන් මේ සිටින්නේ චේගුවේරාම බව තහවුරු කර ගත්තේය. බොලිවියානු ආරක්‍ෂක අංශ පමණක්‌ නොව ඇමරිකාවේ සීඅයිඒ රහස්‌ ඔත්තු සේවාවටත් හිසරදයක්‌ව සිටි ලතින් ඇමරිකානු ජාතික සමාජවාදී සටන්කරුවා අවසානයේ ලාහිගුරා ඝන වනාන්තරයේදී බොලිවියානු හමුදාවේ අත්අඩංගුවට පත්විය.

තිස්‌ස ගුණතිලක

රොහාන් ඩිරෙක්‌ස්‌

ලබන සතියේදී... චේගුවේරාව ලාහිගුරා පාසලේ රඳවා ගෙන ගැරි ප්‍රාඩෝ රහස්‌ කතා බහක.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles