Divaina - ජීවිතය... සින්දු... ප්ලස් ඇඞ්... තානායම්පල්ලාගේ සටහන

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

tanayam1
 
 වෙන අවුරුදු වගේම මේ සිංහල අවුරුද්දත් ගෙවිලා ගියා. මම තානායම් ආලින්දයෙ ඉ`දන් පාලූවට ගිය මහපාර දිහාව බලාගෙන හිටියා.
 
 උදේ ඉ`දන් ගිනි මැලයක් වගේ රස්නෙට තිබුණු තානායම් බොරළු මිදුලෙ දාහය නිවා දමමින් හිටිහැටියෙම තද වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තා.
 
 වැහිබර අහසක් දකින හැම විටම මගේ හිතට එන්නෙ මොකක්දෝ වේදනා බර හැ`ගීමක්.
 
 ‘‘...ටී‍්‍රක්...ටී‍්‍රක්.....
 
 දුරකථනයේ හ`ඩින් මම පියවි ලෝකෙට ආවා.
 
 තානායමේ වේටර් හසිත් එහි රැ`දී සිටියා... හසිත් මේ සැරේ සිංහල අවුරුද්දට නිවාඩු ගියේ මේ වතාවෙ අවුරුද්දට ගෙදර ඉන්න ලැබෙන්නෙ තානායම් රස්සාවට ආපු දායින් පස්සෙය කිය කියායි.
 
 එහෙම කියලා නිවාඩු ගිය හසිත් අපිට මේ කෝල් කරන්නෙ පොරොන්දු වෙලා ගිය දවසට වඩා වැඩිපුර දවසකුත් ගෙදර ගත කරලයි.
 
 සේවකයො අවුරුද්දට ගෙදර ගියාම එහෙම තමයි. පොරොන්දු වෙලා ගියපු දවසට වැඩට එන්නෙ නෑ. එහෙම උනාම ඒ සේවකයා ආවට පස්සෙ නිවාඩු යන්න බලාගෙන ඉන්න අනික් සේවකයා බැලන්ස් කරන එක තමයි ආයතන ප‍්‍රධානියාට තියෙන බරපතලම ගැටලූව.
 
 ‘‘...සර්... මාව ඇහෙනවා නේද සර්.....
 
 හසිත් මාව විමසන්නෙ මොකක් හරි කළබලයකින් බව ඔහුගේ ආශ්වාස ප‍්‍රශ්වාස හ`ඩින් මට තේරුණා.
 
 ‘‘... පොඩි අවුලක් සර්....‘
 
 .‘...මට හිතුණා හසිත්... මොකක්ද..?....
 
 .‘...සර්... අපේ වේටර් නිපුන් අවුරුද්දට නිවාඩු ගිහින්නේ ඉන්නෙ....‘
 
 ..ඔව් හසිත්... ඉතිං...?....
 
 .‘... මට මේ දැන් නිපුන් ගෙන් කෝල් එකක් ආවා සර්... මෑන්ට වෙන ප‍්‍රයිවට් හොටෙල් එකක වේටර් ජොබ් එකක් සෙට් වෙලාලූ... එයා ආයෙමත් අපේ තානායමේ රස්සාවට එන්න බලාපොරොත්තුවක් නැතිලූ සර්... මෑන් දැන් එහේ වැඩලූත් එක්ක.....
 
 ‘‘...මොනවා...? මේ අවුරුදු නිවාඩුව අස්සෙ වෙන රස්සාවකට ගිහිල්ලා..?.....
 
 ‘‘...ඔව් සර්... කලින් සෙට් කරගෙනනේ ඉ`දලා තියෙන්නේ.....
 
 මගේ මුවින් සුසුමක් පිටවුණා.
 
 ඒ දැන් කාලෙ හැටි. නිවාඩු යනතෙක්ම එක හැලියෙ පත බෙදාගෙන කාපු ළමයි පැදුරටත් නොකියා රැුකියාවෙන් සමු අරන් යන්නෙ හදවත් ගල් ගෙඩි බවට පත් කරගෙනද කියලා මට සැකයි.
 
 හෝටල් ක්‍ෂේත‍්‍රයේ සේවය කරන තරුණ අයට රැුකියා අවස්ථා බහුල බව ඇත්තයි. ඒ තියෙන අවස්ථා වැඩිකම නිසාම” එයාලාට එක තැනක වැඩි කල් ඉන්න හිත් දෙන්නෙ නෑ.
 
 ඒ විතරක් නෙමෙයි. රැුකියාව කියන්නෙ ජීවිතයෙම තවත් එක් කොටසක් බව තේරුම් ගන්න තරම් බොහොමයක් තරුණ ළමයින් දැනුමින් මුහුකුරා ගිහිල්ලත් නෑ.
 
 එහෙම දැනුමක් සපයන සුළු ආදර්ශ රූපත් සමාජය තුළ ළමයින්ට පෙනෙන තෙක් මානයක ඇත්තෙත් නෑ. නිපුන්ලා වගේ තරුණ ළමයි ඔය වගේ හදිසි තීරණ ගන්න ඒකත් ප‍්‍රධාන හේතුවක්.
 
 මම අතොරක් නැතිව හසිත්ට  කියවගෙන ගියා.
 
 ‘‘...කොහොමටත් නිපුන් හිටියෙ මේකෙ පඩි මදිය කිය කියානේ සර්.....
 
 වේටර් හසිත් මගේ හිත හදන්න උත්සාහ කරනවා.
 
 ‘‘... හරි.. දැන් මට තියෙන ගැටලූව නිපුන් ගිය එක නෙමෙයි... සිංහල අවුරුද්දෙන් පස්සෙ තානායම් වලට සෙනග ටිකක් වැඩිපුර එන වෙලාවෙ අපි කොහොමද ස්මූත් සර්විස් එකක් දෙන්නෙ කියන එක ස්ටාෆ් නැතිව.... මම හසිත්ට වේදනාබරව කීවා.
 
 ‘‘...හරි... ඒකට කමක් නෑ... ඔයාම
 
 නිපුන්ට කෝල් කරලා කියන්න... ආයතනයක මැනේජ්මන්ට් එකට ඔය වගේ ආරංචි මාත‍්‍ර වලින් සේවකයකුගෙ ඉල්ලා අස්වීමක් නිල වශයෙන් බාර ගන්න බැරි නිසා එයාගෙ තීරණය ලිඛිතව දෙන්න කියලා.
 
 මම හිතේ දහසක් දේවල් හංගගෙන කෙටියෙන් කීවා.
 
 ලංකාවෙ වැඩිපුරම රැකියා ඇබෑර්තු තියෙන්නෙ හෝටල් ක්‍ෂේත‍්‍රයේ බව පුවත්පත්වල රැුකියා ඇබෑර්තු තීරය දිහා නිකමට උනත් බලන ඕනෑම කෙනකුට පැහැදිලිව පෙනෙනවා.
 
 ඒකට හේතුව මොකක්ද?
 
 හෝටල් ක්‍ෂේත‍්‍රයට අලූතින් එක්වන ආයතන වැඩි වීමද? එහෙමත් නැත්තම් දැනට පවත්වාගෙන යන ආයතනවල සේවකයන් වැඩි කළක් එක තැන
 
 නොරැු`දීම නිසාද කියලා නිසි ගවේෂණයකින් මිස සොයාගන්න ක‍්‍රමයක් නෑ.
 
 දිවා ආහාරයෙන් පසුව පුරුදු විදියට තානායම් ආලින්දයේ ඇ`දි පුටුවකට බරදීලා නිපුන්ගෙ සමුදීම ගැන කල්පනා කරමින් පාර දිහා බලා ඉ`දිද්දි තානායමේ බීම හල සොයාගෙන නිතර එන යන යාවජීව වියපත් පාරිභෝගිකයෙක් තනිපංගලමෙම ඇවිත් තානායමට ගොඩ වුණා.
 
 එතරම් කලඑළියක් නැති අත්කොට කමීසයකින් සහ ඩෙනිමකින් සැරසී පළින් පල සුදු පැහැ ගැන්වුණු ඝන රැුවුලක් මුහුණ පුරා වවාගෙන සිටි ඔහු අනාරාධිතවම ඇවිත් මගේ අසුන ඉදිරියේ අසුන් ගත්තා.
 
 ‘‘...මේ සැරේ මට ටවුමේ වෙළෙ`ද ප‍්‍රචාරක සේවේ මිස් වුණා බොස්.. මම තාම ඒකෙ අප්සට් එකෙන් ඉන්නෙ.....
 
 මම ඔහු පවසන කාරණය එක සැරේ අදහා ගන්න බැරුව වටපිට බැලූවා.
 
 ‘‘...ටවුමෙ වෙළෙ`ද ප‍්‍රචාරක සේවය කීවෙ අර ටවුමෙ ලයිට් කණුවල ලවුඞ්ස්පීකර ගැට ගහලා.....
 
 .....ඔව්...ඔව්... අර ටවුමෙ කඩවල්වල නම් ප‍්‍රචාරය කරමින් අතරමැද්දට සින්දු එක්ක ඇඞ් දාලා වෙළෙ`ද ප‍්‍රචාරය කරන්නෙ.....
 
 ‘‘...හරි.. හරි... ඉතිං.....
 
 ‘‘... ඉතිං කියන්නෙ මහත්තයා... වැඬේ අන්තිම අසාධාරණයි... නිවේදක කම මගේ රස්සාව... මම රස්සාව කරන්නෙත් අනික් අය වගේම මට ඉහළම ගෙවීම කරන තැනට...
 
 ඉතින් ගිය සැරේ මහ ඡුන්දෙදි මම අන්න ඒ වැඩිම ගෙවීම කරපු තැනට මගේ කටහ`ඩ සැපයුවා.
 
 ඉතින් ඒ නිසා තමයි අද මේ සිංහල අවුරුද්දෙදි මට මගේ කටහ`ඩ නගරයේ අස්සක් මුල්ලක් නෑර ජනී ජනයාට අහන්න සලස්වන්න බැරි වුණේ...
 
 කොටින්ම මම ගිය සැරේ මහ ඡුන්දෙට වැඩ කරපු නිසා තමයි මාව මේ සැරේ ටවුමෙ වෙළෙ`ද ප‍්‍රචාරක සේවයේ නිවේදක කමෙන් නම කැපුණේ.......
 
 අපේ හිතවත් වියපත් පාරිභෝගිකයා ආවේගශීලීව කියාගෙන යනවා.
 
 මගේ නිහ`ඩතාව ඔහුට අවස්ථාව දීමක් හැටියට කියවා ගත් ඔහු නැවතත් කටහ`ඩ අවදි කළා.
 
 ‘‘...ඒ කියන්නෙ ලොක්කා මෙහෙමයි.... මම ජීවත් වෙන්නෙ කටහ`ඩ විකුණලා. නමුත් මාව මෙදාපාර ටවුමෙ වෙළෙ`ද ප‍්‍රචාරක සේවෙ ටෙන්ඩරේ නිවේදක කමෙන් කැපුණා.
 
 අවුලක් නෑ බොස්... එහෙම වුණා කියලා මං මෙදා සැරේ සිංහල අවුරුද්දට ගෙදර තෙල් වළ`දක් ළිපේ නොතියා හිටියෙ නෑනේ.....
 
 මගේ නිවේදක පාරිභෝගිකයාගේ ඇස් දෙකේ ක`දුළක තෙතමනයක් දිළිසෙනවා පෙනුණා.
 
 අපේ සංවාදයට බාධා කරමින් ආයෙමත් මගේ දුරකථනය හ`ඩ දෙන්න පටන් ගත්තා.
 
 අපෙන් සමුඅරන් වෙන තැනක රැකියාව සොයාගෙන ගිය වේටර් නිපුන්ගෙ කටහ`ඩ දුරකථනයේ රැව් දුන්නා.
 
 ‘‘...සර්.. මට මේ වැඬේ පත්තරෙන් සෙට් වුණේ සර්... පඩිය හතළිහක් දෙනවය කියලා තිබුණ හින්දා තමයි මං ගියේ...‘
 
 ගෙදරින් පැනලා ගිහින් හොරාට විවාහයක් කරගත්ත දරුවෙක් වගේ බයාදු හ`ඩකින් නිපුන් වචන ගැට ගහනවා.
 
 නිවාඩු පෝරමය පුරවලා මගේ අතට දීලා” අවුරුද්දට මට වැ`දලා නිවාඩු ගිහින් වෙනත් ආයතනයක රස්සාවකට ඇතුල් වෙච්ච නිපුන් මේ විදියට මා එක්ක කතා කරන්න හිත හරිගස්ස ගන්නෙ කොහොමද කියලා මට හිතා ගන්නත් බෑ.
 
 ‘‘... ඉතින් සර්... මට ඒ වැඬේ හරිගියේ නෑ... මං දමල ගහලා ගෙදර ආවා.....
 
 ‘‘...මොනවා... ගෙදර ආවා..? මේකත් නැතුව... ඒකත් නැතුව..?...‘
 
 ‘‘... ඔව් සර්... එයාලා කියනවා එන්.වී.කිව්. සහතිකයක් නැති නිසා මට ඒ ඇඞ් එකේ තිබිච්ච වැටුප් මුදල ගෙවන්න බැරිලූ සර්....
 
 ‘‘... මාර වැඬේනේ දැන් ඔයා මොකද කරන්නේ.....
 
 ‘‘..මම ආයෙමත් වැඩට එන්නම් සර්... සමාවෙලා මට ආයෙමත් වැඩ දෙන්න සර්.....
 
 නිපුන්ගෙ ඉකිබි`දුම් හ`ඩ ඈත ක`දු මුදුන් වල සිටුවපු දුරකථන සංඥා කුළුණු පහුකරන් ඇවිත් මට පැහැදිලිව සන්නිවේදනය වුණා.
 
 ‘‘...ඔබතුමා දිග කතාවක්... ඉවර වෙන පාටක් නෑ වගේ... කොහොමටත් මගේ දුක අහන්න දැන් කවුරුවත් නෑ මැනේජර් මහත්තයා... මං ගොහින් එන්නම්.....
 
 මෙතෙක් වේලා මා අසල අසුන් ගෙන දුක කියමින් සිටි නිවේදකයා නිපුන්ගෙත් මගෙත් දුරකථන සංවාදය අවසන් වන පාටක් නෙපෙනෙන නිසා අසුනෙන් නැගිටිමින් මට කීවා.
 
 ‘‘...යන්න එපා... පොඞ්ඩක් ඉන්න... මේ සිංහල අවුරුදු දවස්නේ... අපි තේ එකක් හෙම බීලා ටිකක් කතා කරමු.....
 
 මෙදා බක් මහේ සල්පිල් නිවේදන කටයුතු අහිමි වූ වියපත් අමුත්තා මගේ අත තරයේ අල්ලා ගත්තා.
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles