Divaina - අයිපීඑල් 20 - 20 ගහන 40 සෙට් එක

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

LPL1
 
 හතළිහත් වයසක් ද කියලා ඇහැව්වලූ. 2021 අයිපීඑල් තරගාවලියටත් ඒ කතාව වැරැුදි නැහැ කියලා හිතෙනවා. එම තරගාවලියට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් දිහා බැලූවිට ඒ බව සනාථ වෙනවා.
 
 එක අතකට 20-20 කි‍්‍රකට් කියන්නේ වේගවත් කී‍්‍රඩාවක්. එය අනෙක් කි‍්‍රකට්වලට වඩා තරගකාරියි. වයසින් වැඩි කී‍්‍රඩකයන්ට මේ තරග අංශයේදී තරුණයන් සමග ඔට්ටු වෙන්න බැහැ කියලා තමයි බැලූ බැල්මට හිතෙන්නේ. ඒත් 20-20 තරගවලට වයසින් වැඩි කී‍්‍රඩකයන් යොදා ගැනීමේ ප‍්‍රවණතාවක් ඇතිවෙලා. මෙවර අයිපීඑල් ඊට හොඳම නිදසුනයි.
 
 ඉම්රාන් තහීර්, මහේන්ද්‍ර සිං දෝනි, කි‍්‍රස් ගේල්, හර්බජාන් සිං යන කී‍්‍රඩකයන් ඒ අතරින් කැපී පේනවා.
 
 කෙසේ වෙතත් පි‍්‍රමියර් ලීග් තරගවලට වයසින් වැඩිම කී‍්‍රඩකයා ලෙස සහභාගි වී තිබෙන්නේ ඔස්ටේ‍්‍රලියාවේ පා දඟ පන්දු යවන කී‍්‍රඩක බ‍්‍රැඞ් හොග්. වයස අවුරුදු
 
 47 ක් වන ඔහු තවමත් පි‍්‍රමියර් ලීග් 20-20 තරගවලට සහභාගි වෙනවා.
 
 ඒ වගේම වයස අවුරුදු 40 ඉක්මවූ පසුව වැඩියෙන් 20-20 තරගවලට සහභාගි වූ කී‍්‍රඩකයා ලෙස හැඳින්වෙන්නෙත් බ‍්‍රැඞ් හොග්. ඔහු තරග 139 කටත්, දකුණු අපි‍්‍රකාවේ ඉම්රාන් තහීර් තරග 73 කටත් සහභාගි වී තිබෙනවා. ශී‍්‍ර ලංකාවෙන් එම වාර්තාවේ පෙරමුණේ ඉන්නේ මුරලිදරන්. ඔහු තරග 52 කට සහ සනත් ජයසූරිය තරග 51 කට සහභාගි වී තිබෙනවා.
 
 ඒ වගේම 2010 ලෝක කුසලාන 20-20 කි‍්‍රකට් තරගාවලියටත් වයස අවුරුදු 40 ඉක්මවූ කී‍්‍රඩකයන් ලෙස සනත් ජයසූරිය සහ ඔස්ටේ‍්‍රලියාවේ ෂේන් වොට්සන් මෙන්ම ඇඩම් ගිල්කි‍්‍රස්ට් සහභාගි වුණා. සනත් මේ වනවිට වයස අවුරුදු 52 කට ආසන්නව සිටින අතර  පසුගියදා පැවති ලෙජන්ඞ්ස් කි‍්‍රකට් තරගාවලියටත් ඔහු සහභාගි වුණා.
 
 කෙසේ වෙතත් වයසින් වැඩිම අයිපීඑල් කී‍්‍රඩකයා සිටින මෙන්ම වයසින් වැඩිම කී‍්‍රඩකයන් සිටින කණ්ඩායම ලෙසත් සැලකෙන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. ඒ වගේම වයසින් වැඩිම නායකයා සිටින්නෙත් චෙන්නායි කණ්ඩායමේ. ඒ මහේන්ද්‍ර සිං දෝනි. ඒ වගේම චෙන්නායි සංචිතයේ සිටින කී‍්‍රඩකයන් 25 දෙනාගෙන් 13 දෙනකුම වයස අවුරුදු 30 ඉක්මවා තිබෙනවා. ඒ නිසා වැඩිම වයසින් යුතු සංචිතය ඒ කියන්නේ කී‍්‍රඩකයන්ගේ වයස්වල එකතුවේ වැඩිම සාමාන්‍ය අගය පෙන්වන කණ්ඩායමත් චෙන්නායි කණ්ඩායම වෙනවා. එම අගය අවුරුදු 30 ඉක්මවනවා. ඊට පසුව වැඩිම වයසින් යුතු කී‍්‍රඩකයන් සිටින කණ්ඩායම වන්නේ කල්කටා නයිට් රයිඩර්ස්. එම කණ්ඩායමේ අගය 28.64 ක් වෙනවා. අඩුම වයසින් යුතු කණ්ඩායම වෙන්නේ රාජස්ථාන් රෝයල්ස්. එහි කී‍්‍රඩකයන්ගේ වයස්වල සාමාන්‍ය අගය වන්නේ 25.41කි.
 
 40 හැවිරිදි තහීර් මේ වනවිට අයිපීඑල් තරග 58 කට සහභාගි වී කඩුලූ 80 ක් දවාගෙන තිබෙනවා. 2019 වසරේදී ඔහු වැඩිම කඩුලූ ලාභියා  ලෙස ද සම්මානයට පාත‍්‍ර වුණා.
 
 39 හැවිරිදි දෝනි මේ සහභාගි වෙමින් සිටින්නේ ඔහුගේ 14 වැනි අයිපීඑල් ඉසව්වට. එහිදී ඔහු තරග 204 කදී ලකුණු 4632 ක් ලබාගෙන ඇති අතර ඔහුගේ නායකත්වයෙන් අයිපීඑල් ශූරතා 3 ක් ද චෙන්නායි කණ්ඩායම ජයගෙන තිබෙනවා.
 
 ඉන්දීය හිටපු දඟ පන්දු යවන්නකු වන හර්බජාන් සිං මෙවර නැවත අයිපීඑල් හා එක්වී සිටිනවා. ඔහු සිය දිවිමගේ 41 වැනි කඩඉම ආසන්නයේ සිටින කී‍්‍රඩකයෙක්. මෙවර කී‍්‍රඩක වෙන්දේසියේදී ඔහුව ඉන්දීය රුපියල් කෝටි දෙකකට කල්කටා කණ්ඩායමෙන් ලබා ගත්තා. චෙන්නායි සහ මුම්බායි කණ්ඩායම් ඔහු මීට පෙර නියෝජනය කළා.
 
 පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ වයසින් වැඩිම කී‍්‍රඩකයා වෙන්නේ ලොව සුපිරි ප‍්‍රහාරාත්මක පිතිකරුවකු වන කි‍්‍රස්ගේල්. ඔහු තවමත් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ ද තරග වදිමින් සිටිනවා. ගේල් මේ වනවිට 41 හැවිරිදියි. අයිපීඑල් තරග බිමේ ශතක 06 ක් අර්ධ ශතක 31 ක් සමගින් ලකුණු 4772 ක් ඔහු ඉදිරියෙන් සටහන්වෙලා තිබෙනවා. ඒ වැඩිම හයේ පහරවල් ද සමගින්.
 
 රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වයසින් වැඩිම කී‍්‍රඩකයා වෙන්නේ ඇන්ඩෘ ටයි. ඔහු ඔස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නෙක්. තම වේග පන්දුවේ සවියෙන් 2018 වසරේදී වැඩිම කඩුලූ ලාභියා වෙන්නත් ටයිට හාකි වුණා.
 
 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ඩැනියෙල් කි‍්‍රස්ටියන් ඔවුන්ගේ වයසින් වැඩිම කී‍්‍රඩකයා වෙනවා. ඩැනියෙල් මේ වනවිට 37 හැවිරිදියි.
 
 කේදර් ජාදව් සන්රයිසස් හයිද්‍රාබාද් සතු වයසින් වැඩිම කී‍්‍රඩකයා වන අතර ඔහු 36 හැවිරිදියි. හයවැනි වතාවටත් අයිපීඑල් ශූරතාව සොයා යන මුම්බායි නායකයාගේ වයස 34 ක් වෙනවා. එමෙන්ම ඔහු එම කණ්ඩායමේ වයසින් වැඩිම කී‍්‍රඩකයා ද වෙනවා.

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles