Divaina - මගේ අලුත්ම චිත‍්‍රපටය ටියුබ් ලයිට්... රුමාලි ගමගේ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

tubelite1
 
 පසුගිය කාලයේ නිර්මාණ රැුසකින් ඔබ හමුවට ආපු රුමාලි ගමගේ මේ දිනවල වැඩිපුර මහන්සි වෙන්නේ රිදී තිරයටලූ. ඉතිං රුමාලි ගමගේ මේ තරම් වෙහෙසෙන චිත‍්‍රපටය මොකක්ද කියලා අහන්න අපි අදහස් කළා.
 
 * රුමාලි මොකක්ද මේ දායක වුණ චිත‍්‍රපටය?
 
 චිත‍්‍රපටයේ නම ටියුබ්ලයිට්. චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ අරේෂ් කුමාරසිංහ. මම මෙහි ප‍්‍රධාන චරිතය ර`ගපාන්නේ.

 

tubelite2
 
 * ටෙලි නාට්‍යවල වැඩිපුර දකින්න ලැබෙන්නේ නැහැ?
 
 දෙරණ නාළිකාවේ අලූත්ම ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතිං ඒ බලාපොරොත්තුවත් සම`ග තමයි මේ අවුරුද්දේ වැඩ ටික කෙරීගෙන යන්නේ.

 

tubelite3
 
 * මේ දවස්වල මොනවද කරන්නේ?
 
 වෙළෙඳ දැන්වීම් කිහිපයකටම දායක වුණා. ඒ වගේම බ‍්‍රයිඩල් ෂූට්වලට සම්බන්ධ වෙනවා. කොරෝනාවලින් පස්සේ ගිය අවුරුද්දටම ෂෝ තිබ්බේ නැති හින්දා මේ දවස්වල ?ම්ප් ෂෝ කිහිපයකුත් තිබ්බා.
 
 * රුමාලි ආපසු නිරූපණයට මුල් තැන දුන්නාද?
 
 මම කොහොමටත් රංගනයයි නිරූපණයයි කියන දෙකම සමබරව කරගෙන ගියා. මේ දවස්වල ටෙලි නාට්‍යයකට වැඩිපුර කාලයක් දෙන්න නැති හින්දා නිරූපණය වගේම වෙළෙඳ දැන්වීම්වලට දායක වුණා. නිරූපණය කිව්වහම ඇඳුම් ප‍්‍රචාරණ කටයුතුවලටත් දායක වෙනවා.
 
 * නිරූපණයට තිබෙන පෙනුම ර`ගපෑමට ගැළපෙන්නේ නැහැ නේද?
 
 ඔව්. ගොඩක් වෙලාවට ඔය ප‍්‍රශ්නය මට බලපානවා. හැබැයි දෙකටම ගැළපෙන විදිහට ඉන්න උත්සාහ කරනවා.
 
 * වැඩිපුර කැමැති ර`ගපෑමටද? නිරූපණයටද?
 
 මම කොහොමත් වැඩිපුර කැමැති රංගනයට. කැමරාව ඉස්සරහ මම කියන කෙනා ඉන්නවට මම කැමැතියි.
 
 * ටියුබ්ලයිට් චිත‍්‍රපටයේ කාත් එක්කද ර`ගපාන්න ලැබුණේ?
 
 මේ චිත‍්‍රපටය කොමඩි චිත‍්‍රපටයක්. ක්‍ෂේත‍්‍රයේ සිටින ප‍්‍රවීණයන් සම`ග තමයි වැඩ කරන්න ලැබුණේ. මාත් එක්ක ර`ගපෑවේ අලූත්ම තරුණයෙක්. මේක මගේ දෙවැනි චිත‍්‍රපටය.
 
 * රිදී තිරයේදී ඔබට වැඩිපුර ගැළපෙන නළුවා කවුද?
 
 මම පුද්ගලිකව එහෙම විශේෂ කෙනෙක් කියලා නැහැ. ඕනෑම කෙනෙක් සම`ග ර`ගපාන්න අපිට හැකියාවක් තියෙන්න ඕනෑ කියලයි මම හිතන්නේ. මම කොහොමටත් තෝරා බේරා ගැනීම් කරන්න හරි අකමැතියි.
 
 * ර`ගපෑමට සීමාවක් තියෙනවද?
 
 අනිවාර්යයෙන්ම තියෙනවා. මගේ එකම සීමාව අපි කරන වැඩෙන් පස්සේ ඊළ`ග දවසේ අපිට පාරේ බැහැලා යන්න පුළුවන් වෙන්න ඕනෑ. මගේ අම්මා තාත්තා එක්ක, මගේ පවුලේ කට්ටිය එක්ක මුහුණ දෙන්න පුළුවන් විදියේ වැඩ විතරයි මම භාර ගන්නේ. චරිතය කළුද සුදුද කියලා මට අදාළ නැහැ.
 
 * පෙනුම නිසා ලැබෙන්නේ විසේකර කටකාර චරිත නේද?
 
 ඔව්... ඔව්... ටිකක් ඒ වගේ චරිත තමයි වැඩිපුර ලැබෙන්නේ. හැමෝම කියන්නේ මට ෆොරීන් ටයිප් එකක් තියෙන්නේ කියලා. සාම්ප‍්‍රදායික ගැමි චරිතයක් ලැබෙන්න තියෙන ප‍්‍රතිශතයට වැඩිය කිව්ව වගේ කටකාර චරිත තමයි ලැබෙන්නේ.
 
 * අධ්‍යක්‍ෂවරු අයුතු යෝජනා කරලා නැතිද?
 
 නැහැ. මට එහෙම දේවලට කතා කරලා නැහැ. මම හිතන්නේ අපි ඉන්න විදිහත් ඒකට බලපානවා. මට කවදාවත් එවැනි යෝජනාවක් එන්නේ නැත්තේ මගේ පුද්ගලික ජීවිතයේ හැසිරීම හොඳ හින්දා වෙන්න ඇති.
 
 * ටියුබ්ලයිට් රූගත කිරීම්වලදී බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දුන්නාද?
 
 ඔව්. මාව කිඞ්නැප් කරලා අරගෙන ගිහිං ලණුවලින් ගැට ගහලා තියෙන දර්ශන එහෙම තිබුණා. එතැනදී ෆයිට් කරන දර්ශන රූගත කළා. ඒ වෙලාවේ මාව ගැටගහද්දී පුංචි සීරීම් ටිකක් වුණා.
 
 * රුමාලි පෙම්වතියක් නේද?
 
 ඔව්. පෙම්වතියක්. මට තියෙන්නේ පාසල් පේ‍්‍රමයක්. අදටත් ඒ පේ‍්‍රමය එලෙසම තියෙනවා.
 
 * ඔහු ර`ගපාන්න එපා කියන්නේ නැතිද?
 
 නැහැ. එයා ඉතිං මට ඇත්තටම අම්මා තාත්තා වගේම උදව් කරනවා. මම හිතන්නේ අපි දෙන්නගේ බැඳීම පුංචි කාලේ ඉඳලම තිබ්බ හින්ද හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ඒක හින්දම මට හොඳට උදව් කරන සහකරුවෙක් හම්බවෙලා තියෙනවා.
 
 * ඔහුගේ ක්‍ෂේත‍්‍රය?
 
 ඔහු මේ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධයක් නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්.
 
 * දැන්ම විවාහ වෙන්න අදහසක් නැතිද?
 
 දැන්ම නැහැ. මොකද මගේ අධ්‍යාපන කටයුතු වගේම ඉදිරියට තිබෙන කටයුතු හැම දෙයක්ම ඉවර කරගෙන හදිසියක් නැතිව කසාදක් ගැන හිතනවා.
 
 * ඇත්තද මේ ජනප‍්‍රිය නළුවන් ගෙන් එහෙමත් ආදර යෝජනා එනවා කියන්නේ?
 
 දැනට තාම එහෙම යෝජනා ඇවිත් නෑ. යාළුවෝ වගේ තමයි ආශ‍්‍රය කරන්නේ.
 
 * ක්‍ෂේත‍්‍රයේ ළ`ගින්ම ඇසුරු කරන නළුවන් කවුද?
 
 එහෙම කියලා විශේෂ අය නැහැ. පුද්ගලික ජීවිතයේ යාළුවන් සහ ක්‍ෂේත‍්‍රයේ යාළුවන් බෙදාගෙන තමයි මම ආශ‍්‍රය කරන්නේ. කොහොමත් විශේෂ කියලා කෙනෙක් නෑ.
 
 
 දිනේෂ් විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles