Divaina - මම අමුඬේ ගහ ගහ යන්න හදන කලාකරුවෙක් නොවේ... සමන් ලෙනින්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

old1
 
 ‘ගෑනු ගෑනුම තමයි අප්පා’ කියනකොට පිරිමින්ට හරි සන්තෝෂයි
 
 
 ඔහු ගැන හැඳින්වීමක් කරනවාට වඩා ඔහුත් සමග කළ කතාබහට වැඩි ඉඩක් වෙන් කරන එක හොඳයි කියලා අපට හිතුණා. ඔහු නමින් සමන් ලෙනින්.
 
 මේ දවස්වල ඔහු ජනපි‍්‍රය අමුඩය 2 ගීතය සමග.  මේ කතාබහ ඒ ගැනයි.
 
 * අමුඩය ගීතයෙන් පසුව අමුඩය 2 ගීතය නිර්මාණය වෙනවා. ඇත්තටම මේ ගීතය නිර්මාණය වෙන්නේ කොහොමද?
 
 මගේ බොහෝමයක් ගීත ඉතිහාසය, මිනිසුන්ගේ ජීවන සන්දර්භ, මිනිසුන්ගේ දුක් කම්කටොළු මුහුණ දෙන ආකාරය, වේදනාව, ආදරය, කුටුම්භ, ස්නේහය ආදී විවිධ මාතෘකාවලින් තමයි නිර්මාණය වෙන්නේ. අපි එවැනි ගීත රැසක් මේ වනවිට නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ අපේ භූමි සහ ස්නේහ වර්ෂා කියලා ප‍්‍රසංග මාලාවක් පැවැත්වූවා. විශේෂයෙන් විදෙස් රටවල තමයි මේ ප‍්‍රසංග පැවැත්වුණේ. ඒ ප‍්‍රසංගවලදී අපේ සහෘදයන් ඉල්ලා සිටියා කොමඩි ගීතයක්. මම කොහොමත් වේදිකාවෙත් වැඩ කරපු කෙනෙක්. ජයලත් මනෝරත්න මහත්මයා සමගත් වැඩ කරලා තියෙනවා. වේදිකාවෙන් අයින් වුණේ මගේ ගායනයේ තියෙන සෙන්සිටිව් එක ඉවත් වී යන නිසා. ප‍්‍රහසන ගායනය කියන්නේ ඉතාම අමාරු දෙයක්. ප‍්‍රහසනය කියන එක හරියට මනුස්සයකු-ට නොදැනුනොත් ඒ මනුස්සයා ප‍්‍රහසනයකට ලක් වෙනවා. අන්න ඒ නිසා මම කල්පනා කළා ප‍්‍රහසන ආකාරයෙන් ගීතයක් නිර්මාණය කරන්න ඕනෑ කියලා හිතලා අමුඩය 1 ගීතය නිර්මාණය කළේ. අපි අමුඩය 1 ගීතය ගැන මේ වෙලාවේ කථා කරන්නේ නෑ. මීට කලින් ඒ ගැන ඕනෑවටත් වැඩිය කතා කරලා තියෙනවා. අමුඩයේ ගීතයේ තියෙන වානේ විවිධ චරිත. ඒ චරිත වටා නිර්මාණය වුණු පර්යාත ගීත 1057 ක් අපිට හම්බ වුණා. ඒක සමාජ ජාලාවලින් අවුරුද්දක් පුරාම එක දිගට එන්න පටන් ගත්තා. ඉතින් ඒ ජනපි‍්‍රයතාවත් සලකළා වගේම අපි කරන ප‍්‍රසංගවලදීත් ලැබුණු ප‍්‍රතිචාර සමග මිනිසුන්ගේ ඒකාත්මිකතාව මොහොතකින් කඩන්නට අවශ්‍යයි. ඊළඟ පියවරේ නැවත මනුස්සයකුට හුස්මක් අරගෙන ඊළඟ දෙයක් එක්ක සම්බන්ධ කරන්න අපිට වුවමනා වුණා. ඒත් එක්කම තවත් සැහැල්ලූවට අපිට මෙහි දිගුවක් කරන්න වුවමනා වුණා.

 

amude2
 
 නිලක්ෂි නැලිපිටියගේ ගායන පරිමාණය ගැනත් මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසාම අපි දෙන්නා කල්පනා කළා ප‍්‍රහසනකාරී ගීතයක් කරන්න. ඇත්තට ම අපිට ඕනෑ වුණේ ටිකක් අමුත් විදිහේ ඩුවට් එකක් කරන්න. එතැනදී ටිකක් කල් යනකොට නිලක්ෂිත් කල්පනා කළා අපිට ප‍්‍රහසනය පැත්තට යොමු වෙන්න පුළුවන් ද කියලා. ඊට පස්සේ කොහොම හරි අපි දිල්ෂාන් පතිරත්නත් එක්කත් කතා කළා. ගෙදර කුටුම්භයේ ඇතිවන පොදු ප‍්‍රශ්න ටික තියෙනවානේ. අන්න ඒ ගැන ඔයා අපිට මොකක් හරි ලියලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කළා. ඉතින් එකත් එක්ක ටික දවසක් යනකොට ඔය වචන ටික දිල්ෂාන් අපිට භාරදුන්නා. ඉතින් අපි ඒ ගීතය ඇතුළේ කතා කරලා තියෙන්නේ කුටුම්භයේ ප‍්‍රශ්න ටික.
 
  * මේ ගීතයට තවත් විදිහකට ‘ගෑනු ගෑනුම තමයි අප්පා’ කියලත් උද්ධෘතයක් යෙදිලත් තියෙනවා නේද? ඒ අදහස කොහොමද ආවේ?
 
 ඒ අදහස එන්නේ, මේක මැද තියෙනවා කවියක්. ඒ කවියේ තියෙන්නේ
 
 බැඳගෙනම අත්පා - ඉන්න විටදී ගිරිය පුප්පා
 
 ඈ බනී අඩි පොළොවේ හප්පා - ගෑනු ගෑනුම තමයි අප්පා...
 
 ඔය අප්පා, ඔප්පා, පුප්පා කියන වචන ටික හින්දා පොඩි ප‍්‍රහසනකාරි බවක් තියෙනවා. ඇත්තට ම ඔය කවිය පාදක කරගෙන තමයි දිල්ෂාන් පතිරත්න මේ ගීතය රචනා කරන්නේ. ඒක දිල්ෂාන් පතිරත්න ලියලා තිබුණ කවියක්. ඒක පාදක කර ගෙන තමයි අනෙක් පද පේළි නිර්මාණය වෙන්නෙත්’’ ගෑනු ගෑනුම තමයි අප්පා’’ අමුඩය 2 කියලා නම් කළේ. අමුඩය ගීතයේ දිගුවක් විදිහටයි. අමුඬේ 2 කතාව පටන්ගන්තෙත් ඉතිහාස කතාව මතක් කරමින් මුළු සමාජයම අමතක වන ආකාරයට ඔවුන් ආදරය කරනවා. හැබැයි ආදරය නැති වෙන්නේ කසාදයෙන් පස්සේ කියලා පොදු මතය සනාථ කරමින් තව එක කවියක් තියෙනවා.
 
 දෙවිය ලෝකෙන් ගෙනා දේවිය
 
 මගේ ලෝකෙට නැතිව බැරි විය
 
 දෙවිය ලෝකෙන් ගෙනැත් ලෝදිය
 
 මගේ ලෝකෙම ඉසින්නට විය...
 
 පිරිමින්ට මේක මෙහෙම කියන්න තියෙනවා වගේම ගැහැනුන්ටත් ගැහැනුන්ගේ පාර්ශ්වය වෙනුවෙන් කියන්න ඕනෑ තරම් දේවල් තියෙනවා. දැන් මෙතැන කථනයේදී නිලක්ෂිත් මාත් අර පිරිමියාගේ පැත්තට වැඩි වාසි සහගතවන ආකාරයට තමයි ගීතයේ පද රචනාවෙන් කතා වෙන්නේ.
 
 * රූප රචනාවත් ටිකක් වෙනස්ම ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.
 
 ඔව්. ඒක ඉතාම වැදගත්. අපේ මේ ගීතය සම්බන්ධයෙන් ඇසුණු වැදගත්ම ප‍්‍රශ්නයක්. මේ රූප රචනාව ගැන කතා කරන කොට ගෑනු ගෑනුම තමයි අප්පු කියලා කියනකොට ම පිරිමින්ට ඕක හරි සන්තෝෂය දනවන කාරණාවක්නේ. අපේ මිනිස්සු මොන ප‍්‍රශ්නය ආවත් සන්තෝෂයෙන් ඉන්න ආකාරයක් දනවනවානේ. ඒක විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලාවලින් කලාකරුවෙක් විදිහට මම නිර්මාණයක් සර්ව සාධාරණ වෙන්න ඕනෑම කියලා කල්පනා කරන්නේ නැහැ. නමුත් රූප රචනයෙන් අපි භාවිත කළේ අද පත් වෙලා තියෙන තත්ත්වය යටතේ මිනිස්සු තමන්ගේ පවුලට වැරදි කර ගන්නා ආකාරය තමයි, මේකේ කතා කරලා තියෙන්නේ. දෙපැත්තට ම වෙන දේවල් අපි මේ විෂුවල් එකෙන් අඩුවක් නැතිව පෙන්වලා තියෙනවා.
 
 * අමුඩය මාතෘකාව යටතේ තව මෙවැනි නිර්මාණ කීයක් බිහිවෙයිද?
 
 නැහැ. කොහෙත්ම කල්පනාවක් නැහැ. අමුඩය 3 අමුඩය 4 කියලා එන්න. මේකත් අමුඩය 2 කියලා නිර්මාණය කරන්න හේතු වුණේ අපිට අමුඩය නොහොත් වස් කවියෙන් පස්සේ මේකේ දිගුවක් අපිට පෙනුනානේ. මේ ගීතය බොහෝ ජනපි‍්‍රයත්වයට පත් වෙලා මිනිස්සු ඒ ගැන කතා කරනකොට තමයි ඒ දවස්වල අපි කල්පනා කළේ. අමුඬේ 3 ත් යන්න පුළුවන් කියලා මට හොඳටම පැහැදිලියි. ඒක කරන්න බැරි නැහැ. දැන් තියෙන තුට්ටු දෙකේ ටෙලිනාට්‍ය ගැනම අමුඩය ඇඳගෙන යන්න බැරි නැහැ. හැබැයි එහෙම ඇදගෙන යන්න කිසිම කල්පනාවක් නෑ. මොකද එහෙම වුණාට පස්සේ ජනතාවට කලාකරුවෙක් සම්බන්ධයෙන් තියෙන ප‍්‍රතිරූපය හානි කර ගන්න මම කැමැති නැහැ. අනික එහෙම වුණොත් හානියක් වෙනවා කියලා අපිට පෙනෙනවා දැනට වුණත් සමහර අය අහනවා ඇයි මේ අමුඩයක් කළේ කියලා. අමුඩය එක් කළේ කියලා මම මේ වෙලාවේ මේ මාධ්‍ය තුළින් ඒක ගැන කියන්න උත්සාහ කරනවා. එහෙම අමුඩ ගහගහ යන්න හදන කලාකරුවෙක් නොවන බව බොහොම කරුණාවෙන් සලකන්න. මොකද මේ අමුඩයට කලින් නිර්මාණ කීයක් අපි දැම්මාද. සමහරවිට අපේම කලාකරුවෝ තමයි ඔය විදිහට ප‍්‍රතිමුඛ අදහස් ජනිත කරවන්නේ. අපිට ආරංචි වෙන්නේ එතැනදී අපිට තියෙන්නේ නිර්මාණයක් රසවිඳින්න සහ ප‍්‍රචාරයක් කරන්න තියෙන අදහසනේ. මම ඔවුන්ට කියන්න කැමැතියි අපේ ඒක කැමති ගීතය. අපේ මහතුනේ ගීතයත් මේ ආසන්නයේම තමයි අපි ප‍්‍රචාරය කළේ. රාති‍්‍රය මගෙන් කියන ආදර ගීතයත් එහෙමයි. අවාසනාවක මහත කියන්නේ දැන් අපේ ගීත ප‍්‍රචාරය කරන මාධ්‍යවෙලා තියෙන්නේ අන්තර්ජාලයෙන්. දැන් ඔබ වුණත් කතා කරන්නේ අමුඩය 2 ගැන. එතකොට අනේ මහතුගේ ගීත ගැන ඔබට වුණත් එන්නේ නැත්තේ සමාජ මාධ්‍ය මේවා ගත්තු ආකාරය නිසයි.
 
 මෙහිදී විශේෂයෙන් කියන්න ඕනෑ අමුඩය 2 කියන ගීතය විනාඩි නවයක් විතර දිගයි. ඇත්තට ම ඒක ටිකක් දිග ගීතයක්. මම ගීතයක් නිර්මාණය කරනකොට වෙලාව නම් සත පහකට මායිම් කරන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය නැහැ. කිසිම චැනල් එකක අපේ ගීත ප‍්‍රචාරය වෙන්න. ඒ නිසා විනාඩි තුනට හතරට අපිට නිර්මාණ කරන්න බැහැ. මොකද ඒවා යල්පැන ගිය අදහස්. ඇත්තට ම මම මගේ ගීත චැනල්වලට දෙන්න කැමැති නෑ.
 
 * ඇයි එහෙම කියන්නේ?
 
 මොකද එවැනි යෝජනා කරනකොටත් මට බඩ දඟලනවා. මොකද ගීතය සම්බන්ධයෙන් ඒ තරම් අප්ඬේට් නොවුණ කට්ටියක් තමයි නාළිකාවල ගීත තෝරන්න ඉන්නේ. අපේ නිර්මාණ ඉල්ලගෙන ප‍්‍රචාරය කරන ඉතාමත් හොඳ බුද්ධිමත් පිරිසකුත් ඉන්නවා. ඒ අය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් මේ පොදු මතයක් හැටියට නිර්මාණ ගැන තීරණ ගත්ත පුටුවල ඉන්න ඒ නිර්මාණ ගැන තේරෙන්නේ නැති පිරිස ගැනයි මම මේ කෙටියෙන් කිව්වේ.
 
 * සමන් ලෙනින් මෙදා බක්මහට ඇත්තට ම මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ?
 
 ඇත්තට ම මේ බක්මහේදී නොවේ සෑම බක්මහකදී මාධ්‍යවලට ගිහින් කතා කරන සුළු පිරිසක් ඉන්නවා. ඒ පිරිස අතර මටත් ලොකු ඉහළ වටිනාකමක් ඉල්ලූමක් තියෙනවා. ඉතින් බොහෝ යෝජනා එනවා. ඒ හැම එකකටම යන්න කාලවේලාව නෑ. මොකද මම මේ දවස්වල ටෙලිනාට්‍යයක වැඩ වගයකුත් කරගෙන ඉන්නනවා. දැනට තවමත් හරියට වැඩ කෙරෙන්නේ නැති නිසා වැඩ කිරීමේ අපහසුතා තියෙනවා. ඒ ඔක්කෝම කිරලා මැනලා අවශ්‍යම දේවල් ටිකක් අපි කරමින් ඉන්නවා. අවුරුද්දට කලින් කරපු ගීතයක් ප‍්‍රචාරය කරන්නත් අපි පුංචි වෙහෙසක ඉන්නවා. මං හිතනවා අවුරුද්දට ප‍්‍රථම අපිට ඒ ගීතය අඩුම තරමේ ලිරික්ස් වීඩියෝ එකක් හැටියටවත් එළිදක්වා ගන්න පුළුවන් වේවි කියලා. ඒ ගීතය සමග තව ගීත දෙකක් විතර තියෙනවා. මේවා එළිදැක්වූ ගීත නෙමෙයි අපි කරලා තියාගෙන හිටපු ගීත. අවුරුදු දෙකකින් අපිට අවුරුදු සමරන්න බැරි වුණානේ. අවුරුදු ගීත තුනක් හතරක් තවත් තියෙනවා. ඊට අමතරව අවුරුදු කාලයේදී සූම් තාක්ෂණයෙන් අපිට පිටරටවල වැඩ ටිකක් කරන්න යෝජනා ඇවිත් තියෙනවා. ලංකාව පුරා විශ්වවිද්‍යාවල දරුවන් සමග කලා උළෙලවල් කිහිපයක් කරන්නත් හිතාගෙන ඉන්නවා.
 
 * සමන් ලෙනින් දැන් නළුවෙක් විදිහටත් සමාජගත වෙන්නද හදන්නේ?
 
 ඔව්. මම ඇත්තට ම යස ඉසුරු ඊට පස්සේ රන්සිරිමල් කියන ටෙලිනාට්‍ය දෙකේ රඟපෑවා. ඉස්සරහට එන්න තියෙනවා. තරමක ප‍්‍රධාන චරිතයක් රඟපාන පානාමංකඩ කියලා ටෙලිනාට්‍යයක්. ඒකේ මේනකා පීරිස්, ලක්ෂ්මන් මෙන්ඩිස් වගේ ජනපි‍්‍රය රංගන ශිල්පීන් ශිපල්පිනියන් රඟපානවා. අධ්‍යක්ෂක රනිල් කුලසිංහගේ. ගයාන් ප‍්‍රඩක්ෂන් ආයතනය තමයි නිෂ්පාදන කටයුතු කරන්නේ. මේ ටෙලිනාට්‍යයේ සංගීතය වගේම තේමා ගීතය ගායනා කරන්නේ නිලක්ෂි නැලිපිටියගේ. ඒක ඉදිරියේ විකාශනය වීමට නියමිතයි.
 
දිනේෂ් විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles