Divaina - එන්.ජී.ඕ. කාරයන් ආණ්ඩුව හොල්ලයිද? සෞභාග්‍යයේ දැක්ම සංචාරක ක්ෂේත‍්‍රයේ ඩොලර් බිලියන 10 ට වළ කපන ‘‘බලධාරීන්’’

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  ngokarayan245

 

 

උදයංග වීරතුංග
 

 

 

බරපතළ අභියෝගවලට මුහුණ දෙන මිනිසුන් සෑම විටම පාහේ දැඩිව අදහන සුලභ කතාවක් තිබේ. ඉන් කියවෙන්නේ ‘හිතන තරමටම යකා කළු නැති බවය’.
 
 ප‍්‍රබල ධනාත්මක සිද්ධාන්තයක් වන මෙයින් එක් වරම ගම්‍ය වන්නේ අප එය නොසලකා හැරිය යුතු බව නොව, බිය නොවිය යුතු බවය. නපුරට එරෙහිව සටන් කළ හැක්කේ බය නැති කරගත් කල්හිය. බයිබලයේ පවා ප‍්‍රධාන ආදර්ශ පාඨය වන්නේ ‘බිය නොවන්න!‘‘ යන්නය. යකා ඇත්තටම කළු පාට වුවද ඌට එරෙහිව සටන් කරන්නට ශක්තිය ලැබෙන්නේ එවිටය. නමුත් අහිංසක මිනිසුන්ව යකා ඉදිරියේ බිය ගන්වා ඉණඉහ අත ගා ගන්නා හොර කට්ටඩින් එක පිරිසකි. දේශපාලන බලයද, බලලෝභයද, ආත්මාර්ථයද මුල් කර ගනිමින් පොදු ජනතාවද රටද ගසාකන නිලධාරීන් අනෙක් පිරිසය.
 
 කොරෝනා වසංගතය හමුවේ ශ‍්‍රී ලංකාව තුළ අද ඇති වී තිබෙන්නේ ද මීට සමාන තත්ත්වයකි. ඒ අතර වඩා භයානක කරුණ වී තිබෙන්නේ කොරෝනා හේතු කොට ගෙන, මූල්‍ය ශක්තියෙන් පහළට වැටී සිටින රටක ප‍්‍රධාන පෙළේ ආර්ථික මර්මස්ථානයකට පහර ගැසීමට ද ඔවුන් තම සෞඛ්‍ය සිද්ධාන්ත ගෙඩි පිටින්ම යොදා ගෙන සිටීමය.
 
 අප කවුරුත් දන්නා පරිදි ඒ ආර්ථික මර්මස්ථානය වන්නේ ශ‍්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත‍්‍රයයි. අද මෙරටට ආදායම් ලබා දෙන ප‍්‍රධාන මාර්ග පහ අතුරින් එකකි. එය සාමාන්‍යයෙන් වසරකට අප රටට ඩොලර් බිලියන 4.4 ක ආදායමක් ලබා දෙන්නට සමත් වූවකි.
 
 මේ මොහොත වන විට ගෝලීය වශයෙන් ඇති වී තිබෙන ආර්ථික ප‍්‍රවණතා හේතු කොට ගෙන, රටට ණය ලැබීම අඩුවීම හා ආයෝජන සහ විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායමද අඩවෙමින් පවතී. අපව යළි ප‍්‍රකෘති තත්ත්වයට පත් කොට ඉතා ඉක්මනින් ස්ථිරව රටට මුදල් ලබාගත හැකි ආදායම් මාර්ගය ලෙස ඉතිරිව ඇත්තේ මෙම සංචාරක කර්මාන්තය පමණි. එය අපට යළි ගොඩ ගත නොහැක්කක් නොවේ. මක්නිසාද යත් මාලදිවයින පවා අද අප රට අභිබවා විශාල ලෙස සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලබන තත්ත්වයට පත්ව ඇත. එවැනි වාතාවරණයක බලධාරීන් පයින් ගහන්නේ ස්වභාව ධර්මයෙන්ම අප රටට දායාදකර ඇති මහ`ගු වාසනාවටය. මේ කොරෝනා භීෂණය තුළ පවා, රුසියානු, ඉන්දියානු, යුක්රේනියානු හා කසාකස්තානු ජාතීන් මාලදිවයිනට වැඩියෙන් පැමිණ ඇත. තවද 2019 මාර්තු මාසයේ මාලදිවයිනට සංචාරකයන් 162,843 පැමිණෙන විට අපේ රටට 244,328 පැමිණියා. එය 150% වැඩිවීමක්. එත් අද මාලදිවයිනට 109,585 පැමිණෙන විට ශ‍්‍රී ලංකාවට පැමිණියේ 4,581 ක් එනම් 4% ක් පමණයි. ඒ අතර ද ද්විත්ව පුරවැසියන් හා සේවයට පැමිණි පිටරැටියන් ඉවත් කළහොත් ඉතුරු වෙන්නේ සංචාරක බුබුල, යටතේ අප රැගෙන ආ සංචාරකයන් පමණයි. ඇත්තටම දින 14ක් හෝටල්වල සිර නොකරන්න, මාසයකට සංචාරකයන් 175,000 ගෙන්වා ගැනීමට අපට පුළුවන්ය. ඒ හරහා මාසිකව රටට ලැබීමට තිබුණු ඩොලර් මිලියන් 330ක පමණ ආදායමක් නැති කලේ මෙම බලධාරීන් බව තිත්ත ඇත්තයි.
 
 ජනතාවගේ ජීවිත රැකගැනීම සඳහා සෞඛ්‍ය නිර්දේශ අත්‍යාවශ්‍ය වන්නාක් මෙන්ම රටක ජීවනාලිය වන ආර්ථිකය රැක ගැනීමද අත්‍යවශ්‍යම කරුණකි.
 
 යුක්රේනියාවේ කිව් නගරයේ සිට ප‍්‍රථම ගුවන් යානය 1998 දී ලංකාවට රැගෙන ඒමට ද මම සමත් වුණෙමි. පසුව තානාපති ලෙස 2010 වසරේදී, මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමා යුක්රේනයට පැමිණි අවස්ථාවේ දී එරට ජනාධිපති වික්ටර් යකුනොවිච්ගෙන් ඉල්ලා සිටියේ යුක්රේනයේ සිට සෘජු ගුවන් සේවාවක් ආරම්භය කර දෙන ලෙසය. එම ඉල්ලීම ක‍්‍රියාත්මක වූයේ, දෙරට අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් පවා නැති වාතාවරණයක් බව ද විශේෂයෙන්ම කිවයුතුය.
 
 එවැනි පසුබිමක එදා මා ඉදිරිපත් කළ සංචාරක බුබුල, ව්‍යාපෘතිය කොරෝනා මධ්‍යයේ වුවත් ආරම්භ කළ හැකියැයි තදින් විශ්වාස කළ ආග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඊට අදාළව කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත්කර, සැප්තැම්බර් 28දා එම යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාගත්තේය. පසුව ජනපතිතුමන් විසින් සංචාරක කර්මාන්තයෙහි පුනර්ජීවනය උදෙසා උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ පූර්ණ බලැති ක‍්‍රියාකාරී කමිටුව, පත්කර, එහි සභාපති වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා නම් කරන ලදී. එම කමිටුවේ පළමු රැස්වීම දෙසැම්බර් මාසයේ 09 දා අරලියගහ මන්දිරයේදී පැවතුණි. එහිදී කමිටු සභාපති අවධාරණය කරනු ලැබුවේ ගුවන් තොටුපළ විවෘත කරනවාද නැතිද යන්න ගැන දේශපාලන තීන්දුවකට පැමිණිය යුතු බවය. මේ අවස්ථාවේ එහි සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් පැවසුවේ ‘‘අපි කොරෝනාවලින් බේරාගෙන අමාරුවෙන් හදාගත්ත රට ඔබතුමා විනාශ කරන්නට, යන බවය’’. ඊට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ‘‘රටට විදේශ විනිමය අත්‍යවශ්‍ය මේ වේලාවේදී සංචාරකයන් ගෙන්වීම අවදානම් වුනත්, එහි වගකීම් තමන් භාරගන්නා බවයි.’’ ඔහු එසේ නොකළේ නම් ගුවන් තොටුපළ අදටත් වසා තිබෙන්නට ඉඩ තිබුණි. අනතුරුව මුහුදු තීරයෙහි හෝටල් 5 ක් පමණක් තෝරා ගත්තේය. එසේම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැරණි සෝවියට් දේශ ජාතීන් සඳහා ඍජු ධබකසබැ වීසා අවසරය ලබාදීමටද, මත්තල ගුවන් තොටුපළෙහි විශේෂ සහන සහ අනිකුත් පහසුකම් රජය විසින් ලබාදෙන ලදී. ඉක්බිති මවිසින් සංචාරකයන් ගෙන්වීමේ කටයුතු ආරම්භ කරන ලදී. එහිදී හෝටල්වල ආරක්ෂාව, ඔවුන් රටතුළ ගෙන ඒම සහ යෑම, ආරක්ෂාව තහවුරු කිරීම ආදී කටයුතු සඳහා ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත හමුදාවේ සහය ද නොමඳව ලැබිණි. එසේ නමුත් මෙම ව්‍යාපෘතියට අදාළව දෙසැම්බර් 28 දා පළමු වෙනි ගුවන්යානාව පැමිණීමට සියල්ල සූදානම්ව තිබෙන විටත්, සංචාරක මණ්ඩලයේ සභාපතිනිය විසින් ඊට එරෙහිව සංචාරක ඇමැතිතුමාට මෙන්ම රුසියාවේ සහ කසාකස්තානයේ සංචාරක ආයතනවලට ‘‘සංචාරක බුබුල’’ නතර කිරීමට ලිපි පහක් ද යවා තිබුණාය. එම ලිපි මගින් කියවුණේ උදයංග වීරතුංගගේ මෙම ව්‍යාපෘතිය හේතු කොට ගෙන රට විනාශ වුවහොත් නැවත සංචාරකයන් ගෙන ආ නොහැකි බවය. එම නිසා රුසියාව, යුක්රේනය වැනි රටවලින් නොව ‘‘වඩා හොඳ’’ රටකින් හොඳ සූදානමකින් සංචාරකයන් ගෙන්වීමට කටයුතු නොකර, යුක්රේන් වැනි දුප්පත් ජාතීයකට පැමිණීමට ඉඩදීම නිසා අප රට ජාත්‍යන්තරව කොන්වීමට ඉඩ ඇති බවද ඒවායේ සඳහන් විය. නමුත් යුක්රේනය යනු අද යුරෝපා රටවල්ට න්‍යෂ්ඨික විදුලිබලයද විකුණන, ඒ වගේම ‘‘සෝවියට් රුසියාවේ පාන් බාස්කට්’’ නමින් විරුදාවලි ලබන්නට තරම් සාරවත් වගා බිම්වලින් යුත් රටක් බව එතුමිය නොදන්නවා වුවත් සෙසු බොහෝ දෙනකු දන්නා කරුණකි.
 
 රටක සංචාරක ව්‍යාපාරයෙහි වගකීම භාරව සිටින ප‍්‍රධාන නිලධාරිනිය මෙම දැනුම් දීම හේතු කොට, එදා සංචාරකයන් රැගෙන ඒමට සැලසුම් කර තිබූ රුසියානු හා කසකස්තාන ගුවන් යානා 25ක් වහාම ගමන්වාර අත්හිටුවීමට කරන ලද්දේ ලංකාවට විශාල මුදලක් අහිමි කරමිනි. එදා හොඳ රටකින් ගුවන්යානා ගෙනෙන බවට කයිවාරු ගසමින්, රටෙහි ආර්ථික මර්මස්ථානයකට පහර දෙන මෙවන් පුද්ගලයන් කිසිදු ගුවන්යානාවක් අදටත් රැගෙනවිත් නැති නමුත් ‘‘සංචාරක බුබුල’’ යටතේ මා ගුවන්යානා 38 කින් සංචාරකයන් 6070 ක් ඉතා සාර්ථකව ගෙන්වා ඇති බව උපහාසාත්මකව එම බලධාරීන්ට පවසා සිටිමි.
 
 අප මෙහි සංචාරකයන් උදෙසා කෙසේ ලිහිල්ව කටයුතු කළ ද බලධාරීන් හෝටල්වලට තම සගයන් දමා ඔත්තු බලමින්, හෝටල් හා සංචාරක ආයතනවලට එරෙහිව කරුණු රැස්කිරීම ඔහුන්ගේ ප‍්‍රධාන රාජකාරිය විය. ඒ මදිවාට ඇය තවත් අපූරු දෙයක් ද සිදු කළාය. එනම් අප විසින් රුපියල් 6000 ක මුදලක් අය කර ගනිමින් සිදු කරන ලද ඡක්‍ඍ පරීක්ෂණය සඳහා රුපියල් 8000 ක මුදලක් ගෙවා සංචාරක මණ්ඩලය යටතේ සිදුකර ගත යුතු බවට නියෝග කිරීමය. එසේ සිදු කිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි කර නැති නමුත්, එම මුදල ඩොලර් වලින් ගෙවිය යුතු යැයි නියමයක් ද විය.
 
 1949 අංක 58 දරන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනතට අනුකූලව, ශ‍්‍රී ලංකාව තුළ රාජ්‍ය ආයතන තම ගනුදෙනු කළ යුත්තේ ශ‍්‍රී ලංකා රුපියල් භාවිතය තුළින් බව පැහැදිලිව සඳහන්ව ඇත. එවැනි පසුබිමක් තුළ, ඡක්‍ඍ සඳහා, සංචාරක අධිකාරිය විසින් ඩොලර් 40ක් ගෙවීමට, මෙරට සංචාරක ආයතන/ හෝටල් සඳහා නියෝග ලබාදීම අපැහැදිලිය. ඊට අමතරව 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ පැවරී ඇති බලතල ප‍්‍රකාර, ගැසට් පත‍්‍රය නිකුත් කර එම රෙගුලාසි රජයේ බලය පිට ප‍්‍රසිද්ධ කරයුතු බවත්, එසේ එම රෙගුලාසි හා අයකිරීම් ජනරජයේ ගැසට් පත‍්‍රය මගින් මෙතෙක් නිකුත් නොකිරීම ද ගැටලූසහගත විය. මුල් කාලයේදී සංචාරකයන් ගෙන්වීමේ දී රෝගීන් 5% පමණ මුණ ගැසෙණු ඇතැයි බලාපොරොත්තු වූයෙමි. නමුත් අද වන විට මෙරටට පැමිණි සංචාරකයන් 6070 අතර රෝගීන් හමුවී ඇත්තේ 24 දෙනකු පමණි. එය ප‍්‍රතිශතයක් ලෙස ගත් විට 0.4% කි. ඒ අනුව සංචාරකයන් 99.6% ක්ම නිරෝගී වූවෝ වෙති. එවැනි සංචාරකයන්ට නිදහසේ රට බැලීමට අවස්ථාවක් ලබා නොදීම සංචාරකයන් නොපැමිණීමට ප‍්‍රධාන හේතුවයි. ඒ නිසාම සංචාරක බුබුල, වැඩසටහන අපේ‍්‍රල් 19 දාට නතර කිරීමට සිදුවන්නේ ද බලධාරීන්ගේ ක‍්‍රියාකලාපය නිසාමයි. එබැවින් නොපමාව රජය විසින් සංචාරකයන් හෝටල් තුළ සිර නොකර, නිරෝධායන කාලය දින 3කට අඩුකිරීමයි. එවිට සංචාරක ක්ෂේත‍්‍රයේ අනාගතය සුරක්ෂිත වී රජය ද චෝදනාවලින් නිදහස් වනවා ඇත.
 
 ‘‘සංචාරක බුබුල’’ යටතේ 2020.12.28 දින සිට මත්තල ගුවන් තොටුපළට පැමිණි Ukraine Airlines" Sky Up Airlines" SCAT Airlines සහ Air Astana ආයතන යුක්රේනියාවේ හා කසකස්තානයේ සිට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් පිටව ගියේ, ඔහුන් හෝටල්වල සිරකරුවන් සේ රඳවාගෙන සිටිය බවට අසතුටුදායක පුවතක් සමාජ මාධ්‍ය හරහා ලොව පුරා ප‍්‍රසිද්ධ කරමිනි. අවසානයේ දී මෙම ගුවන්යානා ආයතන 4ම, තම ගුවන්ගමන් අවලංගු කළ අතර ඊට මූලික හේතුව ‘‘හෝටල් තුළ සිරකර තැබීම‘‘ බව හො`දින් දන්නේ, සංචාරකයන් මෙරටට රැගෙන ආ TPG, KOMPAS, Join UP සහ TUI Kazakhstan යන එරට සංචාරක ආයතන සහ ඔහුන්ගේ ශ‍්‍රී ලාංකික ඒජන්සි බව මෙහිදී විශේෂයෙන්ම කියා සිටිමි. එය මා දකින්නේ වාසනාවන්ත අවස්ථාවකට පයින් ගැසීමක් ලෙසය. නමුත් යකා යම් පමණකට හෝ සුදුවීම ගැන කතා කිරීමට කිසිදු මාධ්‍යයක් ඉදිරිපත් වී නැත. මේ අයුරින් සංචාරක මණ්ඩලය කටයුතු කරනු ලබන්නේ හුදෙක් සෞඛ්‍ය නිර්දේශ පදනම් කර ගනිමින්ම නොවන බව අපගේ අදහසය. සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ සංචාරක ව්‍යාපාරයෙන් ශ‍්‍රී ලංකාවට වාර්ෂිකව ලැබුණු ඩොලර් බිලියන 4.4 අදායම ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ලංකාවේ විශාලතම ව්‍යාපාර ක්ෂේත‍්‍රය බවට පත් කරන්නට වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අධිෂ්ඨානයකි. එහෙත් ඊට සුදුසු දක්ෂ නිලධාරීන් පත්කර තිබේදැයි සිතීමට රජයට කාලය උදාවී ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles