Divaina - ජ්‍යොතීෂ ශාස්ත්‍රයේ පඤ්චාංගය හදුනාගනිමු

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 horoscope


 ජ්‍යොතිෂවේදී
 උපාලි ආරියරත්න,
 
සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වන්නට පෙරින් පස්මහබැලූම් බැලූ බව බුද්ධ චරිතයේ සඳහන් වන අතර බුද්ධ චරිතයේ පස්වග මහනුන් වහන්සේලා පිළිබඳව ද පංචශීලය පිළිබඳව ද සඳහන් ය.
 
 සංගීත ක්‍ෂේත‍්‍රයේ පංච තූර්ය වාදන භාණ්ඩ පිළිබඳව ද වෛද්‍ය විද්‍යාවේ පස් පංගුව පිළිබඳව ද සඳහන්ය.
 
 ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේ පක්‍ඳ්චාංගය ගැන ද, රුචක, භද්‍ර, හන්ස, මාලවි සහ සස යන පංච මහා පුරුෂ යෝග පිළිබඳව ද සඳහන් ය.
 
 සාමාන්‍ය වශයෙන් කල්පනා කර බලනවිට යෝග යනුවෙන් විග‍්‍රහ වන්නේ එසේත් නැත්නම් යෝග ගණයෙහිලා ගැනෙන්නේ ග‍්‍රහ සංයෝග බව සිතිය හැක.
 
 එකී යෝග අතරේ අදාළ රාශීන් සඳහා යෙදෙන පංච මහා පුරුෂ යෝග ඉමහත් ශුභ ප‍්‍රතිඵල ගෙන දෙන යෝගයන් ය.
 
 පංච මහා පුරුෂ යෝගයන් පහත සඳහන් පරිදි විග‍්‍රහ කරමු.
 
 
 
 * රුචක යෝගය
 
 කුජ ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව හෝ උච්ච ක්‍ෂේත‍්‍රව හෝ කේන්ද්‍ර ස්ථානයක යෙදීමෙන් රුචක යෝගය යෙදේ. මිථුන, කන්‍යා, ධනු සහ මීන යන උභය රාශිවල බුධ ග‍්‍රහයා කේන්ද්‍රස්ථානයක උච්ච ක්‍ෂේත‍්‍රව හෝ ස්වක්‍ෂේත‍්‍රව හෝ නොයෙදෙන බැවින් රාශි හිමියනට රුචක යෝගය නොයෙදේ.
 
 මේෂ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානයවන මේෂ රාශියේ කුජ ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව ද දහවන භාවය වන මකර රාශියේ උච්ච ක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් රුචක යෝගය යෙදේ.
 
 වෘෂභ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවයවන වෘශ්චික රාශියේ කුජ ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් රුචක යෝගය යෙදේ.
 
 කටක රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දහවන භාවය වන මේෂ රාශියේ කුජ ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් රුචක යෝගය යෙදේ.
 
 සිංහ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවයවන වෘශ්චික රාශියේ කුජ ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් රුචක යෝගය යෙදේ.
 
 තුලා රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන මකර රාශියේ කුජ ග‍්‍රහයා උච්ච ක්‍ෂේත‍්‍රව යෙදීමන් රුචක යෝගය යෙදේ.
 
 වෘශ්චික රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවයනොහොත් ලග්න ස්ථානයවන වෘශ්චික රාශියේ කුජ ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් රුචක යෝගය යෙදේ.
 
 මකර රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානයවන මකර රාශියේ කුජ ග‍්‍රහයා උච්ච ක්‍ෂේත‍්‍රව ද සතර වන භාවය වන මේෂ රාශියේ ස්වක්‍ෂේත‍්‍රව ද යෙදීමන් රුචක යෝගය යෙදේ.
 
 කුම්භ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දහවන භාවය වන වෘශ්චික රාශියේ කුජ ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමන් රුචක යෝගය යෙදේ.
 
 රුචක යෝගයෙන් උපන්නෝ නිරෝගී ශක්ති සම්පන්න ශරීර ඇත්තෝ වෙති. ජන ප‍්‍රධානියෙක් වෙයි. රජෙක් හෝ ඒ හා සමාන කෙනෙක් වන බව සඳහන් ය. ඉතා පිනැති වේ. ධනවත් වේ. බොහෝ කල් ජීවත් වන්නෝ වෙති. යුද හෝ පොලිස් හමුදා වැනි අංශවල ප‍්‍රධානියකු වීමට මෙය කදිම පිහිටීමකි.
 
 
 
 * භද්‍ර යෝගය
 
 බුධ ග‍්‍රහයා උච්ච ක්‍ෂේත‍්‍රව හෝ ස්වක්‍ෂේත‍්‍රව හෝ කේන්ද්‍රස්ථානයක යෙදීමෙන් භද්‍ර යෝගය යෙදේ.
 
 බුධ ග‍්‍රහයාගෙන් භද්‍ර යෝගය යෙදෙන්නේ උභය රාශීන් වන මිථුන, කන්‍යා, ධනු සහ මීන යන රාශිවලදී පමණය. අනෙකුත් චර හා තිර රාශිවලදී බුධ ග‍්‍රහයා කේන්ද්‍රස්ථානවලදී උච්චක්‍ෂේත‍්‍රව හෝ ස්වක්‍ෂේත‍්‍රව හෝ නොයෙදෙන හෙයින් එකී රාශිවලදී භද්‍ර යෝගය නොයෙදේ.
 
 මිථුන රාශි හිමියාගේ කේන්ද්‍රයේ බුධ ග‍්‍රහයා පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානය වූ මිථුන රාශියේ ස්වක්‍ෂේත‍්‍රව ද සතර වැන්න වූ කන්‍යා රාශියේ උච්චක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් භද්‍ර යෝගය යෙදේ.
 
 කන්‍යා රාශි හිමියාගේ කේන්ද්‍රයේ බුධ ග‍්‍රහයා පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානය වූ කන්‍යා රාශියේ උච්චක්‍ෂේත‍්‍රව ද දස වැන්න වූ මිථුන රාශියේ ස්වක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් භද්‍ර යෝගය යෙදේ.
 
 ධනු රාශි හිමියාගේ කේන්ද්‍රයේ බුධ ග‍්‍රහයා හත්වන භාවය වන මිථුන රාශියේ ස්වක්‍ෂේත‍්‍රව ද දසවන භාවය වූ කන්‍යා රාශියේ උච්ච ක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් භද්‍ර යෝගය යෙදේ.
 
 මීන රාශිය හිමියන්ගේ කේන්ද්‍රයේ බුධ ග‍්‍රහයා හතරවන භාවයවන මිථුන රාශියේ ස්වක්‍ෂේත‍්‍රව ද හත්වන භාවය වූ කන්‍යා රාශියේ උච්ච ක්‍ෂේත‍්‍රව දයෙදීමෙන් භද්‍ර යෝගය යෙදේ.
 
 උභය රාශීන්ගෙන් පමණක් ජනිතවන භද්‍ර යෝගයෙන් උපන් තැනැත්තෝ ශක්තිමත් ශරීරයක් ඇත්තෝ වෙති. මුහුණ සිංහයකුගේ හා සමානය. උඩුකය මනාව වැඞී ඇත. ඥාතීන්ට සංග‍්‍රහ කිරීමට ප‍්‍රිය මනාප වේ. දීර්ඝායුෂ ඇත්තෝය. බුධ ග‍්‍රහයා ඥාන කාරක බැවින් ජන්මියා හසල බුද්ධිමතෙක් වේ.
 
 
 
 *  හංස යෝගය
 
 ගුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව හෝ ස්වක්‍ෂේත‍්‍රව හෝ කේන්ද්‍රස්ථානයක යෙදීමෙන් හංස යෝගය යෙදේ.
 
 වෘෂභ, සිංහ, වෘශ්චික සහ කුම්භ යන තිර රාශි හතරේ උපන් ජන්මීන්ගේ කේන්ද්‍රවල කේන්ද්‍ර ස්ථානයක ගුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව හෝ ස්වක්‍ෂේත‍්‍රව හෝ නොවීමෙන් හංස යෝගය නොයෙදේ.
 
 මේෂ රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ සිව්වන භාවයවන කටක රාශියට ගුරු ග‍්‍රහයා උච්ච ක්‍ෂේත‍්‍රව යෙදීමෙන් හංස යෝගය යෙදේ.
 
 මිථුන රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවයවන ධනු රාශියේ ගුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව ද දහවන භාවයවන මීන රාශියේ ගුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් හංස යෝගය යෙදේ.
 
 කටක රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානයවන කටක රාශියට ගුරු ග‍්‍රහයා උච්ච ක්‍ෂේත‍්‍රව යෙදීමෙන් හංස යෝගය යෙදේ.
 
 කන්‍යා රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන ධනු රාශියේ ගුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව ද හත්වන භාවයවන මීන රාශියට ගුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් හංස යෝගය යෙදේ.
 
 තුලා රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දසවන භාවයවන කටක රාශියේ ගුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව යෙදීමෙන් හංස යෝගය යෙදේ.
 
 ධනු රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානය වන ධනු රාශියේ ගුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව ද හතරවන භාවය වන මීන රාශියට ගුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් හංස යෝගය යෙදේ.
 
 මකර රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවයවන කටක රාශියේ ගුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව යෙදීමෙන් හංස යෝගය යෙදේ.
 
 මීන රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානයවන මීන රාශියේ ගුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව ද දසවන භාවය වන ධනු රාශියේ ගුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් හංස යෝගය යෙදේ.
 
 මිථුන, තුලා සහ මීන යන රාශි ත‍්‍රිත්වයේ ඉතාමත් ප‍්‍රබල කේන්ද්‍රස්ථානයවන දසවැනි භාවයේ හංස යෝගය යෙදී තිබීම ඉතා බලගතුය.
 
 හංස යෝගයේ බලය ගෙන දෙන්නේ ඒ ඒ රාශිය අනුව හා ගුරු ග‍්‍රහයාගේ ශක්තිය අනුව බව විශේෂයෙන් සැලකිය යුතුය.
 
 හංස යෝගය පංච මහා පුරුෂ යෝග අතරේ ශ්‍රේෂ්ඨතම යෝගයකි. ලබාදෙන ප‍්‍රතිඵල අතිමහත් ය.
 
 
 *  මාලවි යෝගය
 
 සිකුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව හෝ ස්වක්‍ෂේත‍්‍රව හෝ කේන්ද්‍ර ස්ථානගත වීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 සිකුරුගෙන් උදාවන මාලවි යෝගයේ තිබෙන විශේෂත්වය වන්නේ රාශි 12 ම හිමි ජන්මීන්ට මෙම යෝගයේ ශුභඵල ගෙන දීමය.
 
 මේෂ රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවය වන තුලා රාශියේ සිකුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 වෘෂභ රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානය වන වෘෂභ රාශියේ සිකුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 මිථුන රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දහවන භාවය වන මීන රාශියේ සිකුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 කටක රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන තුලා රාශියේ සිකුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 සිංහ රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දහවන භාවය වන වෘෂභ රාශියේ සිකුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 කන්‍යා රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවය වන මීන රාශියේදී සිකුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 තුලා රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානය වන තුලා රාශියේදී සිකුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 වෘශ්චික රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවය වන වෘෂභ රාශියේදී සිකුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 ධනු රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන මීන රාශියේ සිකුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 මකර රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දසවන භාවය වන තුලා රාශියේදී සිකුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 කුම්භ රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන වෘෂභ රාශියේදී සිකුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 මීන රාශියේ උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානය වන මීන රාශියේදී සිකුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව යෙදීමෙන් මාලවි යෝගය යෙදේ.
 
 පංච මහා පුරුෂ යෝගවලින් එක් යෝගයක් වන මාලවි යෝගයෙන් උපන්නෝ මනාව වැඩුණු ශරීර ඇත්තේ වෙති. ස්ථිර අදහස් ඇත්තෝ වෙති. ධනවත් අය වෙති. වාසනාවන්ත දරුවන් ලබති. පේ‍්‍රමණීය පෙම්වතකු හෝ පෙම්වතියක හා යුග දිවය ඉතා සතුටින් ගෙවීමේ වාසනාවන්තයෝ වෙති. යාන වාහන හිමිකරුවෝ වෙති. බොහෝ කීර්ති ප‍්‍රශංසා ලබන්නෝය, උගතුන්ය.
 
 
 * සස යෝගය
 
 පංච මහා පුරුෂ යෝග අතරේ සෙනසුරාගෙන් උපදින සස යෝගය රුචක, භද්‍ර, හංස සහ මාලවි යන යෝගවලට වඩා තරමක් අමුතු ස්වරූපයක් ගනී.
 
 සස යෝගය ලබා උපන්නෝ දැසි දසුන් පිරිවැරුවෝ වෙති. රජකු හා සමාන ඇත්තෙක් වේ. නගරයක හෝ ගමක ප‍්‍රධානියෙක් වේ. අන්සතු වස්තුවට ආශා කරන්නෝ ය. සස යෝගයෙන් උපදින්නන්ගේ අදහස් උදහස් එතරම් යහපත් නොවේ.
 
 බොහෝ පිරිවර ලබයි. ඥානවන්තයකු වීමේ බලවත් පිහිටීමකි. ආගම ධර්මයට කැමැත්තෝ ය. එහෙත් ආගමානුකූලව ජීවත් වන්නෝ නොවෙති.
 
 සස යෝගයෙන් උපන්නන් අතර යහපත් කරුණු රාශියක් තිබුණත් සෙනසුරාගේ කුඩු කේඩු ගති පැවතුම් ඒ අන්දමින් ම පවත්වාගෙන යන බව පෙන්නුම් කරයි.
 
 සෙනසුරා කෲරයෙකි. පවට නැඹුරුය. මේ ශ්‍රේෂ්ඨ යෝගයේදි පවා සෙනසුරාගේ නෛසර්ගික ගති ගුණ අමතක කර නැතහොත් යටපත් කර දමන්නේ නොවේ.
 
 සස යෝගයෙන් උත්පත්තිය ලැබුවෝ ප‍්‍රසිද්ධිය ලබන සොම්නසින් කල් යැවිය හැකි අයවලූන් ය. ජන්මියා හිතුවක්කාර මුරණ්ඩුකම් කරන අයෙක් විය හැකිය.
 
 මිථුන, කන්‍ය, ධනු සහ මීන යන උභය රාශිවලින් උපදින ජන්මින්ට සස යෝගය නොයෙදෙන්නේ සෙනසුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව හෝ උච්චක්‍ෂේත‍්‍රව හෝ කේන්ද්‍රස්ථානයක නොයෙදෙන බැවිනි.
 
 මේෂ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය වන තුලා රාශියේදී සෙනසුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව ද දහවැනි භාවය වන මකර රාශියේදී ස්වක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් සස යෝගය යෙදේ.
 
 වෘෂභ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දහවැනි භාවය වන කුම්භ රාශියේදී සෙනසුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් සස යෝගය යෙදේ.
 
 කටක රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ සිව්වැනි භාවය වන තුලා රාශියේ සෙනසුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව ද හත්වන භාවය වන මකර රාශියේ ස්වක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් සස යෝගය යෙදේ.
 
 සිංහ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය වන කුම්භ රාශියේ සෙනසුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් සස යෝගය යෙදේ.
 
 තුලා රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානය වන තුලා රාශියේ සෙනසුරු ග‍්‍රහයා උච්චක්‍ෂේත‍්‍රව ද සතරවන භාවය වන මකර රාශියේ ස්වක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් සස යෝගය යෙදේ.
 
 වෘශ්චික රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන කුම්භ රාශියේ සෙනසුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් සස යෝගය යෙදේ.
 
 මකර රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් ලග්න ස්ථානයවන මකර රාශියේ සෙනසුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව ද දහවන භාවය වන තුලා රාශියේ උච්ච ක්‍ෂේත‍්‍රව ද යෙදීමෙන් සස යෝගය යෙදේ.
 
 කුම්භ රාශියෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවය නොහොත් කුම්භ රාශියේ සෙනසුරු ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍රව යෙදීමෙන් සස යෝගය යෙදේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles