Divaina - මට තියෙන්නේ ලොකු කලකිරීමක්... මේනකා රඟපෑම අත්හරී... සැලෝන් එකක් දැම්මා..

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

rangapamaathharee1
 
ඇය අපට පසුගිය කාලය පුරාවටම මුණගැසුණේ සිනමාවෙන්’ ඒ විතරක් නොවෙයි පුංචි තිරයෙන්ද දකින්න ලැබුණා’ නමුත් දැන් ඇය හරි නිශ්ශබ්දයි’ ඇත්තටම ඇයට මොකද වුණේ’ ඇය මේ සියල්ලම අත්හැරලා දාලා’ ඒ මොකද දන්නේ නැහැ නේද? අපි ඇයට කතා කළා’ ඇය මේනකා මධුවන්ති’

rangapamaathharee2
 
 * මේනකා කොහොමද ඉතින්?
 
 හොඳින් ඉන්නවා. මේ දවස්වල මගේම කියලා පටන් ගත්තු සැලූන් එකේ වැඩකටයුතු කරගෙන යනවා.
 
 * ඇයි මේ හදිසියේම ව්‍යාපාරයකට අතගහන්න හිතුවේ?
 
 හදිසියේම කියලා නෑ. මම මීට කලිනුත් ව්‍යාපාරයක් කළා. මම රූපලාවන්‍ය පිළිබඳ හැදෑරීමක් කළා. ඉතින් මේ වගේ දෙයක් කළොත් හොඳයි කියලා හිතුවා. මම යෙදිලා හිටියේ රඟපෑම. ඒකෙනුත් කරන්නේ අපි මිනිස්සු තෘප්තිමත් කරන එක. මම හිතන්නේ මේක ඊට වැඩිය එහා ගිය දෙයක් කියලා.
 
 * සැලූන් එක දැම්මේ කොහෙද?
 
 මේක මම පටන් ගත්තේ කඩවත.
 
 * මේනකාගේ අතින්මද
 
 මනාලියන් හැඩගැන් වෙන්නේ?
 
 ඔව්. ගොඩක් වෙලාවට එහෙමයි. මනමාලියන්ගේ ෆේෂල් එකේ ඉඳලා සියලූ දේම කරන්නේ මගේ අතින්. ඒක මම කරන්නේ ගොඩක් සතුටින්.
 
 * රඟපෑමෙන් ඉවත් වුණා කියන්නේ?
 
 මෙහෙමයි, මම රංගනය වෘත්තිය ගැන කොහොමත් කලකිරීමෙන් හිටියේ.
 
 * ඇයි ඒ.?
 
 අපි රඟපාන චරිත දිහා බලලා මිනිස්සු අපේ පෞද්ගලික ජීවිතයත් එහෙමයි කියලා හිතනවා. ඉතින් මම ඒ කෝණයෙන් මිදෙන්න ඕනෑ කියලා හිතුවා. මට ඉස්සර ගොඩක් ලැබුණේ නපුරු චරිත. ඒ නිසාමයි මම හාස්‍ය රංගනයට යොමුවුණේ. මට හැම අතින්ම දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්නුවා.
 
 * ඉතින් ඊට පස්සේ?
 
 අපි අපේ හැකියාවෙන් යමක් කරලා මොකටද කාගෙන්වත් බැණුම් අහන්නේ කියලා හිතුණා. ඒ හින්දයි රඟපෑමෙන් ඉවත් වුණේ.
 
 * අපරාධයක් නේද කරගත්තේ?
 
 මිනිස්සු හිතන්නේ මේ ෆීල්ඞ් එකට යන්න හරි ලේසියි කියලා. මම හිතන්නේ මේ අත්හැරිල්ල ලැබෙන්නේ වාසනාවට කියලා. යමක් ජනප‍්‍රිය වන්න, චරිතයක් ජනප‍්‍රිය වෙන්න හරි අමාරුයි.
 
 * මේ ගත්තු තීරණය ගැන
 
 පසුතැවීමක් නැද්ද?
 
 අදටත් මම ගත්තු තීරණය ගැන පසුතැවීමක් තියෙනවා. මම හිතන්නේ නළුවෙක් හෝ නිළියකට ආදරය කරන්න ඕනෑ ඔවුන් කරන චරිත දිහා බලලයි. නැතුව ඔවුන් ගේ පෞද්ගලික ජීවිතය දිහා බලලා නොවෙයි.
 
 * පසුගිය දවස්වල ඔබට එල්ල වුණ මඩගැසීම් නිසාද මේ තීරණය ගත්තේ?.
 
 ඔව්, ඔව් හොලිවුඞ්වල බොලිවුඞ්වල නළුවන් ගේ ජීවිතවලට ප‍්‍රශ්න එන්නේ නැතිද? නමුත් ඒ රටවල ඔවුන්ගේ රසිකයෝ ඒවා හාරා අවුස්සා බලන්නේ නැහැ. අපේ රටේ තමයි මේ ප‍්‍රශ්න සියල්ලම තියෙන්නේ.
 
 * රංගනයට ආරාධනා නැතිද?
 
 මට එහෙම මහ ලොකුවට කියන්න වුවමනා නැහැ. මට වැඩවලට කතා කළා. අදටත් මට වැඩසටහන්වලට ආරාධනා ලැබෙනවා. මම රඟපෑමෙන් ඉවත් වුණාට පසුව මම ඒ කාලෙ බලාපොරොත්තුවෙන් හිටපු චරිතවලට ආරාධනා ලැබුණා. නමුත් මම හිතුවේ මේ ගත්තු තීරණය වෙනස් කරන්නේ නෑ කියලා. මේ කිසිම දෙයකට පසුතැවීමක් නෑ.
 
 * මේ ගත්තු තීරණය වෙනසක් ඇතිවන්නේ නැතිද?
 
 මගේ ළඟම ඉන්න අය කතා කළොත් වැඩසටහන්වලට සහභාගි වේවි. නමුත් රඟපෑම සම්බන්ධයෙන් දැනටනම් ආසාවක් නෑ. ඉදිරියේදී මොනවා කරාවිද දන්නේ නෑ. මම හිතනවා දැන් මා පටන් ගත්තු ක්‍ෂේත‍්‍රයේ මීට වඩා දුරක් යන්න පුළුවන් වේවි කියලා.
 
 * විවාහය හින්දා නේද
 
 මේ තීරණය ගත්තේ?
 
 ඔව්. කසාද බ`දින්න ඕන හින්දා මේ තීරණය ගත්තා වෙන්නත් පුළුවන්.
 
 * මේනකා ගේ වෙඩින් එකත් ළඟදීම සිද්ධ වෙනවා.
 
 නැහැ. බලමු ඉතිං. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නම් මාධ්‍යයට නොකියා ඉන්නේ නෑ. විවාහය නිසා නොවෙයි. මගේ කලකිරීමත් සමග තමයි අයින් වුණේ. මම හිතුවේ මම ඇයි කාටවත් මාතෘකාවක් වෙන්නේ කියලා. දැන් මගේ පාඩුවේ සැලෝන් එක කරගෙන ඉන්නවා.
 
 * මේ ගත්තු තීරණය ගැන ක්‍ෂේත‍්‍රයේ අය මොනවද කිව්වේ.?
 
 අහන අයට මම බොහොම කළුපගව කිව්වා දැන් වැඩ කරන්නේ නැහැ කියලා. අනික ක්‍ෂේත‍්‍රයේ කියලත් මම කාවවත් ලොකුවට ආශ‍්‍රය කරන්නේ නැහැනේ.?
 
 * මේනකා පෙම්වතියක්ද?
 
 පෙම්වතියක් නොවෙයි. පෙම්වතියක් වෙන්න නෙවෙයි. විවාහ වෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. සමහර වෙලාවට අපි ජීවිතයේ සමහර දේවල්වලට ඕනෑවට වැඩිය ආසා කළාම ඒ දේවල් නොලැබෙන්න පුළුවන්. මම ආසයි කසාද බැඳලා සතුටින් ජීවත්වෙන්න. අනික මම කැමැති නැහැ හදිසි තීරණ අරගෙන අද කසාද බැඳලා හෙට ඩිවෝස් වෙන්න. මම ආසයි ටික කාලයක් අරගෙන, සුදුසු කෙනෙක් ලැබිලා ජීවිත කාලයම සතුටින් පවුල් ජීවිතයක් ගතකරන්න.
 
 * තාම සුදුසු කෙනා ලැබිලා නැතිද?
 
 මට සුදුසු කෙනාද, මාව සුදුසු කෙනකුට ලැබුණේ නැතිද දන්නේ නැහැ. මම හිතෙන්නේ මං ආදරය කරන අය මට ලැබිලා තිබෙනවා. මට ආදරය කරන අය ලැබිලා නෑ කියලයි.
 
 දිනේෂ් විතාන
 ඡායාරූප - දීපාල් ගෝමස්

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles