Divaina - ඇම්බැට්ටයන්ගේ සෙට් එකේ ලොක්කා සරා... ජැක්සන් ඇන්තනී රංගධරයාට මගේම වැඩකට එන්න කියනවා...සජිත ඇන්තනී

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 sajitha1
 
 
සරා නිකම්ම නිකම් සරා නෙමෙයි. කරඬුතැන්නේ සරා. මේ දිනවල හරි ජනපි‍්‍රය චරිතයක්. මිනිහා ටිකක් නාහෙට අහන්නේ නැති චරිතයක්. අම්මා අක්කා ජීවත් කරවන්නේ කසිප්පු විකුණලා. මේ සරා සතියේ දවස් පහේම රාත‍්‍රී 9.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ ඔබේ ආලින්දයට ගොඩවෙනවා. ඒ නාඩගම්කාරයෝ හරහා. නාඩගම්කාරයෝ සරාට ඉස්සරහට ඇත්තටම මොකද වෙන්නේ. ඒ ගැන දන්න හොඳම කෙනා තමයි මේ ඔයාලට කතා කරන සජිත ඇත්තනී.
 
 * සජිත කියන්නද? සරා කියන්නද?
 
 ඔව්. මේ දවස්වල සරා කියන නම තමයි ගොඩක් ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඉතිං සූරියඅරණේ ඉඳලා සරා දක්වා එන්නේ සජිතනේ. ඒක නිසා සජිත කියනවට තමයි කැමැති.
 
 * මගතොටේදී රසික රසිකාවියෝ මොනවද කියන්නේ?

 

sajithaanthani555
 
  මම හිතන්නේ නාඩගම්කාරයෝහි සරා කියන චරිතය පේ‍්‍රක්‍ෂකයන්ට ගොඩක් සමීප වුණ චරිතයක් වුණා. සාමාන්‍ය අපි දකින සම්මතයටත් විරුද්ධ තත්ත්වයක්. සාමාන්‍ය මතය කියන්නේ වීර චරිතයක් නම් ඒ වීර චරිතය සුදු චරිතයක් වෙන්න ඕනෑ කියලනේ. හැබැයි සරා කියලා කියන්නේ කසිප්පු වෙළෙඳාම් කරන නහර කාරයෙක්නේ. හැබැයි ඒ නහරකාරයාට මිනිස්සු මේ තරම් ළංවුණේ ඒ නහරකාරයාව මේ සමාජ ක‍්‍රමය විසින් ප‍්‍රතික්‍ෂේප කරපු නිසා. ඒ වගේම ඒ නහරකාරය තුළ අහිංසක කලාවට පි‍්‍රය ලස්සන තරුණයෙකුත් ඉන්නවා කියලා. ඒක තමයි ප්ලොට් එක. ඒක ජනතාවට ගොඩක් සමීප වෙලා තිබුණා. මගතොටේ යනකොට මිනිස්සු කියන්නේ අපි පුදුමාකාර විදිහට සරාට ආදරෙයි කියලා. පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ඒ ලැබෙන ප‍්‍රතිචාරවලට මූලිකවම ගෞරවය හිමිවෙන්න ඕනෑ. තුන්දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි මේ නාට්‍යයේ රචකයා. සද්ධාමංගල සූරියබණ්ඩාර ඔහු තමයි චරිතයේ වට්ටෝරුව රචනා කරන්නේ.
 
 
sajitha3* සද්ධාමංගල මේ පිටපත ලිව්වේ සජිතව ඔළුවේ තියාගෙනම කියලා කියනවා.?
 
 ඔව්. මට ඒ ගැන සතුටුයි. ඒ නිසාම වෙන්න ඇති මට හරි පහසුවෙන් සද්ධා මාමා ලියපු ඒ චරිතය අල්ල ගන්න පුළුවන් වුණේ. මේ චරිතයට ඉක්මනට නම්‍යශීලී වෙන්න පුළුවන් උපක‍්‍රම කිහිපයක්ම තියෙනවා. සරා කියන චරිතය ටිකක් වේගවත් චරිතයක්නේ.
 
 එතකොට සූරියඅරණ චිත‍්‍රපටයේදී මාව ගිහිල්ලා කැලයට අතහැරපුවහම සතුටින් ඒ කැලයේ එන්ජෝයි කරපු පුංචි දරුවාගේ ඉඳලම මගේ ඇෙඟ් ඔය දඟකාරකම් විසේකාරකම් තිබුණා. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තහම ගායනය, නර්තනය කලාවට තියෙන කැමැත්ත වගේ පැති දෙක මැද්දෙන් තමයි කසිප්පු වෙළෙඳාම් කරන නහරකාරයා බිහිවෙන්නේ. සද්ධා මාමා මටත් කියලා තියෙනවා මාවම ඒම් කරලා ලියපු චරිතයක් කියලා.
 
 * පාඨලීගේ හිත ළඟ
 
 සරා නතර වේවිද?
 
 මම හිතන්නේ නාට්‍යයේ ඉදිරිය ගැන කතා කරන්න හොඳ නැහැ. විශාල පේ‍්‍රක්‍ෂක පිරිසක් මේ නාට්‍ය වටා ඉන්නවා. ඒ කුතුහලය එහෙම්මම තියමු. හැබැයි ඉතිං ඒ කාලයෙත් මනමේ සිංහබාහු වැනි සංස්කෘත නාට්‍ය වලත් තියෙනවා නේ. දිසාපාමොක් එයාගේ හොඳම ශිෂ්‍යයාට තමන් ගේ දුව සරණපාවා දෙනවා කියලා. මේ නාට්‍යයත් පොඩි නාට්‍යමය ස්වරූපයක් තියෙනවානේ. අපි මේක ගැමි නාටකත් එක්කනේ ගලා ගෙන යන්නේ. හැබැයි ඉතිං පොඩි හැඩයක් තියෙනවා පාඨලී ළඟ සරා ගේ හිත නතර වේවි කියලා. මාස්ටර් පුදුම විදිහට සරාව විශ්වාස කරනවා. හොරෙක්, තක්කඩියෙක් වුණාට සරා තුළ දක්‍ෂයෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා.
 
 * ගොඩක් දෙනෙක් කියනවා සජිත ජැක්සන්ම තමයි කියලා.
 
 මෙහෙමයි. පුද්ගලයකුගේ මොකක් හෝ දක්‍ෂතාවයක් ඉස්මතු වෙනවා නම් එයාට කාරණා තුනක් බලපානවා. අධ්‍යාපනය, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය කියන කාරණා කුසලතාවය දෙවිදියකට එන්න පුළුවන්. ඕක ජානමය වශයෙන් එන්න පුළුවන්. එහෙමත් නැතිනම් තමන්ගේම උපදින කුසලතාවයක් වෙන්න පුළුවන්. මට දෙමවුපියන් ගෙන් ලැබුණු කුසලතා කිහිපයක් තියෙනවා. ඒක මට වරප‍්‍රසාදයක් මිස ආභරණයක් නොවේ. හැබැයි මම ඒ ගැන හරි ආඩම්බරයි. මම රඟපානකොට අප්පච්චි වගේ කියන කාරණාව මම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඒක වෙන්න පුළුවන්. මගේ ඇඟ ඇතුලේ මගේ අප්පච්චි ගේ ජානනේ තියෙන්නේ. එතකොට මම ගායනා කරනකොට බොහෝ දෙනා කියනවා අපේ අම්මාගේ ගායනා හැකියාවත් ලැබිල තියෙනවා කියලා. ඉතිං ඒ්කත් වෙන්න පුළුවන්. මගේ අම්මත් අප්පච්චිත් නොකරන දේවල්වලට මම කැමැතියි. එහෙම දේවල් කරන්න මම ට‍්‍රයි කරනවා. ඒක එතකොට මගේ සංජානන කුසලතාව වෙන්න ඇති.
 
 * සජ් කි‍්‍රයේෂන්ස් ආයතනයේ වැඩ කටයුතු එහෙම කොහොමද?
 
 මම අවසානයට ගායනා කළේ කළුවර කියන ගීතය. ඒක එළිදැක්වූයේ මගේ සජ් කි‍්‍රයේෂන් කියන ආයතනයත් එකතු කරගෙන. සජ් කි‍්‍රයේෂන්ස් පටන් ගත්තේ මම ආසා කරන දෙයක් තමයි අධ්‍යක්‍ෂණය කියන දෙයට. සිනමා අධ්‍යක්‍ෂණයට මට ලොකු සිහිනයක් තියෙනවා. ඉතිං ඒ සිහිනය කරා යන ගමනේ පළමු වැනි පියවර තමයි සජ් කි‍්‍රයේෂන්ස් කියන්නේ. සජ් කි‍්‍රයේෂන්ස් හරහා මම නදීමාල් පෙරේරාගේ ගීතයක් එළිදැක්වූවා. මේ වන විට තවත් නිර්මාණ කිහිපයක් කරන්නත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉතිං ඔය අතරේ නාඩගම්කාරයෝ වැඩ කරන ගමන් මම තවත් ටෙලිනාට්‍ය දෙකක වැඩ කරනවා. ටිකක් කාර්ය බහුලයි. නැතිනම් සජ් කි‍්‍රයේෂන්ස් ආයතනයෙනුත් ඉස්සරහට ගොඩක් වැඩ එන්න තියෙනවා.
 
 * අලූත් ගීතයක් දැන්ම කරන්නේ නැතිද?
 
 අලූත් ගීතයක් කරන්න අදහසක් තියෙනවා. මගේ අන්තිම ගීතය තමයි කළුවර කියන ගීතය. ඊට අමතරව නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගයන්නෙත් මම. චින්තක ජයකොඩි සහෝදරයාට කියලා ගීතයක් කරන්න අදහසක් තියෙනවා. මම හරි ආසයි නිර්මාණ කරන්න.
 
 * පිටපතක් ලියනවා කියලත් ආරංචියක් ලැබුණා?
 
 ඔව්. මම මේ දිනවල ටීවී සීරිස් එකක පිටපතක් ලියාගෙන යනවා. ඒ වගේම මගේ පියා සහ මම එකතුවෙලා කරන්න අදහසේ ඉන්න පිටපත් කිහිපයක්ම තියෙනවා. මේවා සියල්ලම ටිකක් ආපස්සට දාලා තියෙන්නේ ඇත්තටම මේ රටේ ඇතිවුණ තත්ත්වයත් එක්ක. නැතිනම් සමහර විට මේ වන විටත් මගේ පියා ගේ රචනයෙන් මගේ අධක්‍ෂණයෙන් සිද්ධවෙන චිත‍්‍රපටයක මගේ පොඩි සෙයියාවක් තිබුණා. නමුත් ඒවා පොඞ්ඩක් ඉදිරියට කල්ගියා.
 
 * ඉස්සරහට සජිත තාත්තාව අධ්‍යක්‍ෂණය කරන්නයි හදන්නේ?
 
 මෙහෙමයි. මම පේ‍්‍රක්‍ෂකයෙක් විදිහට හිතුවොත් මගේ පි‍්‍රයතම නළුවා තමයි ජැක්සන් ඇන්තනී කියන්නේ. මගේ අප්පච්චි ලෙස හිතුවොත් නෙමෙයි. ඒ වගේ ජව සම්පන්න නළුවෙක් ගැන මට තියෙන්නේ ආඩම්බරයක්.
 
 මම අධ්‍යක්‍ෂවරයෙක් වෙන කාලයක මගේ නිර්මාණයක ජැක්සන් ඇන්තනී කියන රංගධරයාට මම අනිවාර්යයෙන්ම ආරාධනා කරනවා. ඇත්තටම ඔය ප‍්‍රශ්නය මගෙන් නෙමෙයි අහන්න ඕනෑ අප්පච්චිගෙන්. මගේ නිර්මාණයකට එයා රඟපානවාද කියලා. මොකද අපි කලා කටයුතු වලට ගියහම අපේ තියෙන්නේ පිය පුතු සම්බන්ධය නෙමෙයි. අධ්‍යක්‍ෂ සහ නළුවා කියන කාරණාව. ඒක නිසාමයි අප්පච්චිගේ අබා චිත‍්‍රපටයෙන් පස්සේ බොහෝ නිර්මාණවල මම නැත්තේ. හැමවෙලේම තාත්තා පුතාව නිර්මාණවලට දාගන්න ඕනෑ නම් ඒ හැම එකකම මම ඉන්න එපායැ. එහෙම වුණේ මම මුලදී කිව්ව කාරණාව නිසයි.
 
 
 දිනේෂ් විතාන
 ඡායාරූප - ප‍්‍රමුදිත දිසානායක

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles