Divaina - අයෝමි.. මහීමිට වඩා වෙනස්වුණු මැටි කඩුළු හි කිසා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kisargb

සුදු ඇඳගෙන කළු ඇවිදින් හි අයෝමා ඔබට මතකද? එහෙමත් නැතිනම් කැන් යූ හියර් මී තුළින් ඔබ හමුවට ආ මහීමි අමතක නැතිව ඇතිනේද? ජාතික නාලිකාවෙන් ඇය යළිත් ඒ වෙලාවටම ඇවිදින්. ඒ මැටි කඩුළුහි කිසා ලෙසිනි. මෑත කාලයේ එකිනෙකට වෙනස් විවිධ චරිතාංග තුළින් පේ‍්‍රක්‍ෂක ඇගේ හඬයි.

මැටි කඩුළු කිසාට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මැටි කඩුළු අධ්‍යක්‍ෂණය කරන්නේ නිමල් රත්නායක සර්. මීට කලින් මේ වෙලාවටම විකාශය වුණු සුදු ඇඳගෙන කළු ඇවිදින් හි අයෝමා වගේම කැන් යූ හියර් මි මහීමිට වඩා මැටි කඩුළු කිසා වෙනස්ම චරිතයක්.

කිසා කියන්නේ මොනව ගේ යුවතියක්ද?

කිසා කියන්නේ ගමක හැදුණු වැඩුණු ගැහැණු ළමයෙක්. ඔහුගේ තාත්තා ඒ ගමේම දක්‍ෂ කිමිදුම්කරුවෙක්. කිසා ජීවත්වෙන්නේ ගොඩාක් වෙලාවට පියා සමගය.ි අම්මා ආර්ථික අපහසුතා නිසා විදෙස් ගතවෙලා කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ. ඇත්තටම අම්මා නැතිවීමත් සමඟ ගොඩක් සිද්ධි මාලාවක් ගලාගෙන යනවා. මිනිසුන්ගේ සැබෑ ජීවිතය තමයි මේ නාට්‍ය තුළින් කතා කරන්නේ. මේ චරිත එකිනෙකට සම්බන්ධයි. මේ චරිත සියල්ල එකිනෙකට බද්ධවෙලයි තියෙන්නේ. කිසාට මුලදී ජීවිතය ගැන ලොකු අවබෝධයක් නැහැ. ඇය නාට්‍ය වලට කැමැති ඇයට නාට්‍ය උගන්වන්න ගුරුවරයෙක් ගමට එනවා. එතැනින් පසුව කිසාගේ චරිතය වෙනස් වෙනවා. මුලදී ඇයට ජීවිතය ගැන බරපතළක් නොතිබුණාට පසුව ඇය ජීවිතය ගැන ලොකු අවබෝධයක් ලබනවා. බුද්ධික සර් නිසා ජීවිතයේ යථාර්ථය මොකක්ද කියලා ඉගෙන ගන්නවා. එතැනින් පසුව ඇයගේ ජීවිතය වෙනස් වෙනවා.

මිෂෙල්ට කොහොමද කිසාව මුණ ගැසුණේ?

සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයේ අයෝමාගේ චරිතය රඟපාන කාලේ තමයි මට නිමල් සර් කිසාගේ චරිතයට ආරාධනා කළේ. ඊට පස්සේ තමයි මම සම්බන්ධ වුණේ. පිටපත කියෙව්වාට පසුව මට හිතුණා චරිතය ගොඩක් ප‍්‍රබලයි. සමාජයට පණිවුඩයක් ලබාදෙන්න පුළුවන් හින්දා අවසානයේ මම ඒ චරිතය භාරගත්තා.

සහෝදර ශිල්පීන්ගෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

ලොකු සහයෝගයක් ලැබෙනවා. මේකෙදී මගේ තාත්තාට ඉන්නේ සරත් කොතලාවල. බුද්ධික සර්ට ඉන්නේ ජෙහාන් අප්පුහාමි. මගේ යාළුවාට ඉන්නේ අනුරාධා එදිරිසිංහ. අම්මට ඉන්නේ පවිත‍්‍රා වික‍්‍රමසිංහ. අජිත් ලොකුගේ, වසන්ති රන්වල, ජයසේකර අපොන්සු වගේ ලොකු පිරිසක් එක්ක තමයි වැඩ කරන්නේ. වැඬේ ඇතුලේ

හැමෝගෙම සහයෝගය හැමෝටම තියෙනවා.

කිසා වගේම තවත් චරිත කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා නේද?

රේස් ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. චැපල් ලේන් ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වලට මේ දිනවල දායක වෙලා ඉන්නවා. නුදුරේදීම ඒ ටෙලි නාට්‍ය දෙකත් විකාශනය වේවි කියලා හිතනවා. බර්ට‍්‍රම් නිහාල් සර්ගේ නාට්‍යයක් තියෙනවා. ඒක බොහෝදුරට අපේ‍්‍රල් මාසයේ විකාශනය වේවි කියලා හිතනවා.

කිසා මිෂෙල්ට සමානද?

මෙහෙමයි. කිසාගේ හැම රංගනයක්ම මිෂෙල්ට සමාන නැහැ. යම් යම් ස්ථාන සමානයි. ඒක පොදුවේ හැම චරිතයකටම බලපානවා. මොකද කිසා අපි හැමෝම තුළම ජීවත්වෙනවා වෙනසකට තියෙන්නේ ගමක හැදුණු චරිතයක්.

කිසාට සාධාරණයක් ඉෂ්ඨ කළා කියලා හිතනවාද?

පිටපත අනුව මම උපරිමයෙන් ඒ චරිතයට කැපවුණා. ඉතිං මම විශ්වාස කරන දේ අනුව මම ඒ චරිතය කරන්න උපරිම මහන්සි වුණා. කොච්චර දුරට සාර්ථකද කියන්න මට තේරෙන්නේ නැහැ. ඒක බලන පේ‍්‍රක්‍ෂකයන් තමයි දන්නේ.

සිනමාවටත් ආරාධනා ලැබුණා නේද?

කොරෝනා ප‍්‍රශ්නය නිසා පටන් ගන්න තිබුණ සිනමා නිර්මාණ කිහිපයක රූගත කිරීම් ප‍්‍රමාද වුණා. මොකද චිත‍්‍රපටයක රූගත කිරීම් ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලට වඩා සංකීර්ණයි. දැනට ආරාධනා ලැබුණ නිර්මාණ කිහිපයකින් එකක වැඩ නුදුරේදීම ආරම්භ කරාවි කියලා හිතනවා.

කොවිඞ් නිසා ඔබේ සමාජ සුභ සාධන වැඩකටයුතු අතරමග නතර වුණාද?

නතර වුණේ නැහැ. ප‍්‍රජා

මධ්‍යස්ථානයේ වැඩිහිටියන් තුන්සිය දෙනෙක් විතර ඉන්නවා. ඔවුන්ව එක තැනකට එකතු කරන්න බැහැ. නමුත් සෞඛ්‍ය නීතිරීති අනුව අවශ්‍යතා තියෙන පවුල් තෝරා ගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් කර ගෙන යනවා. පරිසරය

සුරැුකීමේ වැඩසටහන් කිහිපයක් විශ්වවිiාල මට්ටමින් ආරම්භ කරන්නත් මේ දිනවල සාකච්ඡුා පවත්වමින් ඉන්නවා.

මේ ලැබෙන ජනපි‍්‍රයත්වය කරදරයක් වුණ අවස්ථා තියෙනවාද?

කොයිම වෙලාවකවත් කරදරයක් කියලා දැනිලා නැහැ. මම ඇත්තටම සතුටුවෙනවා රංගනය තෝරාගැනීම ගැන. රංගනය තෝරාගැනීම නිසා මගේ සමාජ සේවා වැඩවලටත් ඒක ලොකු හයියක් වෙලා තියෙනවා. රංගනය නිසා මට මාධ්‍යයෙන් ලැබෙන ඉඩකඩ නිසා ලොකු පිරිසකට කතා කරන්නත් අවස්ථාව උදා වුණා.

රංගන ශිල්පිනියක් නොවුනා නම්?

එහෙනම් මම ගුරු වෘත්තිය තෝරාගනීවි.

අලූත් ව්‍යාපෘතියකටත් දායක වුණා කියලත් ආරංචියි?

ඔව්. රජයේ වෛi නිලධාරි සංගමය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව අපේ කිතුල් කියලා ව්‍යාපෘතියකට සම්බන්ධ වුණා. ඊට ඇමැති බන්දුල ගුණවර්ධන. ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි වගේම රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ වෛi පරාක‍්‍රම, විශේෂඥ වෛi අනුරුද්ධ පාදෙනිය, වෛi සෙනල් ප‍්‍රනාන්දු වගේම විශ්වවිiාල ආචාර්යවරු විශාල පිරිසක් සම්බන්ධ වුණා. ඒ වැඩසටහනට මමත් පරිසරවේදිනියක් විදිහට දේශනයකට සහභාගි වුණා.



දිනේෂ් විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles