Divaina - විෂබීජ හරණය... තානායම්පල්ලාගේ සටහන

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

tanayam1
 
තානායම් පරිශ‍්‍රය විශබීජ හරණය කරනා තරුණයන් දෙදෙනා කඩියන් මෙන් සිය කාර්යයේ නිරත වී සිටියා.
කුඹුරු වලට ගොයම් තෙල් ඉසිනා ඉසිනා අතින් ක‍්‍රියාකරනා සුදු යකඩ ටැංකි කරේ එල්ලාගත් තරුණයන් දෙදෙනා ඇතිරිලි ඉවත් කළ තානායම් භෝජනාගාරයේ මේසත් පුටුත් දුමාරයක් බ`දු රසායනික දියරයෙන් නැහැවී යන පරිදි විශබීජ හරණය කරමින් සිටියා.
 
 ‘‘...අපේ කොම්පැණියට දැන් නල්ල වරේ... විශබීජ හරණ ජොබ් වැහි වැහැලා... බැංකුද... රජයේ ආයතනද... ලොකු ලොකු කොම්පැණිද... පෝළිමේ බලා ඉන්නවා මාසෙට දෙපාරක් වත් විශබීජ හරණය කරවා ගන්න...’’
 
 තෙල් ටැංකි කරෙන් එල්ලාගෙන සිටිනා සේවකයන් දෙදෙනාගෙන් ජ්‍යෙශ්ඨතමයා යැයි සිතෙනා දුක්වින්ද පෙනුමැති තරුණයා මුව ආවරණය පහතට දමා මට කියනවා.
 
 ‘‘...මෙහෙමයි සර්...අනික් දවසෙ සර් අපේ කොම්පැණියට ඕඩරේ දෙන්න ඕන නෑ... මම අපේ නොම්බරේ සර් ට දීලා යන්නම්... සර් අපිට කෝල් එකක් ගහන්න... අපි එසැනින් ඇවිත් විශබීජ හරණය කරලා දීලා යන්නම්...’’
 
 මම විමතියෙන් ඔහු දෙස බලා සිටියා.
 
 ‘‘...චාජස් ගණං මිමි අවුලක් නෑ සර්... අපිම බඩු දාලා කොම්පැණි රේට් එකට වඩා රුපියල් දාහක් අඩුවෙන් තමයි අපි කරන්නෙ...’’
 
 තමා සේවය කරනා ආයතනයට ලැබෙනා වැඩ ඇනවුම් කිසිදු බය සැකයකින් තොරව පුද්ගලිකව කරදීමට ඉදිරිපත් වීමට ඔහු තුළ බිංදු මාත‍්‍ර හිරිකිතයක් නැත.
 
 ඇතැම් ආයතන වලින් හයර් කරනා ඇතැම් තාවකාලික සේවකයන් ඔවුන්ගේ ආයතනයේ පාරිභෝගිකයන් තමුන්ගේ පාරිභෝගිකයන් බවට පත් කරගන්නේ එසේ්ය.
 
 ‘‘...එස්කියුස්මී සර්... මාර වැඬේ... අර මනමාල ජෝඩුව ඉස්සරහ ගාර්ඞ්න් ලොබි එකට වෙලා බකන්නිලාගෙන මුහුද දිහා බලාගෙන ඉන්නවා... ඉන්ෂුවරන්ස් ඒජන්ට් එනකොට තව හවස් වෙයිද කියලා බල බලා සර්...’’
 
 වේටර් අමල් මගේ කාර්යාල උළුවස්ස ළ`ගට ඇවිත් හ`ඩ බාල කරලා අහනවා. මම ඔහු දිහා නොබලාම ප‍්‍රධාන කාර්යාලයෙන් එවා තිබූ අත්‍යවශ්‍ය ඊමේල් පණිවුඩයකට පිළිතුරු යවලා පරිගණකය ෂට් ඩවුන් කළා.
 
 මධු සමය ස`දහා තානායමට මනාල යුවලවල් ඇරලවීමට පැමිණ තානායම් මිදුලේ පෙළට ගාල් වන මංගල රථ වල දුහුල් සැරසිලි දිහාව මම ඊයේ සවස බලා සිටියේ කෙතරම් සැහැල්ලූවෙන්ද?
 
 එසේ පැමිණි වාහන අතරින් එකවරම මතුවී මා ඉදිරියට ඇවිද ආ මනාල යුවල දෑස දල්වා මදෙස බලා සිටියා.
 
 වේටර් අමල් තානායමේ එළිමහන් ඉදිරි ආලින්දයට වෙලා බකන්නිලාගෙන මුහුද දිහා බලාගෙන ඉන්නවාය කීවේ මෙම මනාල ජෝඩුවටයි.
 
 ‘‘...බොස් ව පොඞ්ඩක් හමුවෙන්න පුළුවන් නේද?...’’ මනාලයා කළබල ස්වරයෙන් ම මගෙන් විමසුවා.
 
 ‘‘...ඉ`දගන්න මැඩම්...’’
 
 මම මනාලියට විශේෂ ගෞරවයක් පුදමින් අසුන් පැනෙව්වා.
 
 උදෑසන පැවැති විවාහ උත්සවය නිමිත්තෙන් මුව ගැල්වූ නේක වත්සුනු මුහුණේ උපන් දාහයෙන් යාන්තමට සේදී නිකට අගට එක්රැුස්වූ දාඩිය මුතු බින්දුත් සමග ආයාසයෙන් සිනාසුනු ඒ මනාලියගේ දෑසේ ලියැවී තියෙන්නේ ගමන් විඩාවේ තෙහෙට්ටුවද?
 
 නැතහොත් හිත පෙලනා කුමක්හෝ ගැටලූවක වේදනාබර අ`දුරද කියන කාරණා අපැහැදිලි නිසා මම ඔවුන් යුවළ දෙස ම`ද වෙලාවක් බලා හිටියා.
 
 ‘‘...අපි අද ? මෙහේ කාමරයක් බුක් කරලයි තියෙන්නේ...හනිමූන් එකට... ඉතින් මමයි අපේ කාර් එක ඩ‍්‍රයිව් කරගෙන ආවේ... පරිවාර වාහන කිසිවක් අපි එක්ක ආවේ නෑ...’’
 
 මනාලයා යටපත් හ`ඩින් කටහ`ඩ අවදි කෙරුවා.
 
 මම හිමින් සැරේ මගේ රාජකාරි මේසේ පැත්තක සවි කරලා තියෙන විදුලි සීනු බොත්තම කිසියම් රිද්මයකට නාද කෙරුවා. ඒ රිද්මය ශ‍්‍රවණය කරනා තානායමේ වේටර් වරුන් දන්නවා මම ඒ රටාවට විදුලි සීනුව හ`ඩවන්නේ මගේ කාමරයට විශේෂ අමුත්තකු පැමිණ ඇති බව කියන්නට බව.
 
 එසැනින් මගේ කාර්යලයට පිවිසි වේටර් අමල් වහා ආපසු හැරී ගොස් නැවත පැමිණියේ පිණි බැ`දුනු පළතුරු යුෂ බීම වීදුරු දෙකක් සහිත බන්දේසියක් ද අතැතිවයි.
 
 ‘‘...ඉතින් බොස් අපේ වෙඩින් ෆන්ක්ෂන් එක අහවර වෙලා නැකතට එළියට බැහැලා... අපේ නෑ හෑදෑයන් ගෙන් එහෙම සමු අරන් අපිට දෑවැද්දට ලැබුණු අළුත්ම කාර් එකෙන් අපි හනිමූන් එකට මෙහාට එන්න පිටත් වුණේ.
 
 මම එලවගෙන ආව වාහනේ ඇතුලෙ ඉන්නෙ අපි දෙන්නා විතරක්ම නිසා ඇත්තටම අපි හරි විනෝදෙන් ආවේ... ඒ එන අතරමගදි මුහුද අයිනේ පොල්රුප්පාවක් යට ලස්සන පරිසරයක් දැක්කා.
 
 අපි චුට්ටක් එතන වාහනේ නතර කරගෙන ඇතුලේ ඉ`දන්ම ගිමන් හරිනවා කියලා හිතාගෙන ඒ පොල් මණ්ඩිය ඇතුළට වාහනේ හරවලා ගියර් එක නියුට‍්‍රල් කළා විතරයි බොස්....’’
 
 ‘‘..සටස්...’’
 
 හ`ඩින් මනමාලිගෙ අත වූ ෆ්රුට් ඩි‍්‍රන්ක් වීදුරුවේ අඩිය මගේ මේස වීදුරුවේ තරමක් තදින් ගැටුනා. තිගැස්සුනු ඇය හෙමිහිට ‘‘සොරි’’ කීවා...
 
 ‘‘...වාහනේ පොල් මණ්ඩියේ අයිනට ගත්තා විතරයි බොස්... හෙණ ගෙඩියක්් කඩා පහත් වුණා වගෙයි දඩාස් ගාලා මහා සද්දෙට පොල් ගෙඩියක් බොනට් එක උඩට වැටුනා...’’
 
 මනාලයාගේ හද ගැස්ම ඔහුගෙ මුහුණෙන් කියැවුණා.
 
 ‘‘... වාහනේ ඇතුලේ ඉස්සරහ සීට් එකේ ඉ`දපු අපි දෙන්නට හිතා ගන්නත් බැරි වුනා උනේ මොකක්ද කියලා... ඒ සැනින් සිරි සිරි ගාලා සද්දයකුත් එක්ක ලූණු පුපුරු ගැහෙනවා වගේ ඉස්සරහ වින්ඞ්ස්ක‍්‍රීන් එක මකුළු දැලක් වගේ බි`දලා අපි බලා ඉ`දිද්්දිම ඉරි තැලිලා ගියා බොස්...’’
 
 මනාලයාත් මනාලියත් මුහුණෙන් මුහුණ බලාගෙන එකවර සුසුම් හෙළුවා.
 
 ‘‘...ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලන උදව්ව මේකයි බොස්...’’
 
 ‘‘...ඔව් කියන්න... මොකද්ද අපි දැන් කරන්නේ...’’
 
 මමත් පෙරලා මනාලයා ගෙන් විමසා සිටියා. මනමාලිගෙ හිස සැරසූ දුහුල් වේල් පොට මගේ කන්තෝරු කාමරේ විදුලි පංකාවේ සුළ`ගින් හෙමිහිට සලිත වෙනවා පෙනුනා.
 
 ‘‘...අපි පෝරුවෙන් බහිනකොට බි`දපු පොල් ගෙඩියත් හරියට බි`දුණේ නැහැ කියලා අපේ අම්මගේ හිත එවෙලෙ පොඞ්ඩක් වත් හරි ගියේ නෑ... ගෑනු පොල් බෑය හරියට නොබිෙ`දන්නේ බ‍්‍රයිඞ් ගෙ අවාසනාව පෙන්නුම් කරන්නය කියලා අපේ අම්මා කාගෙදෝ මගුල් ගෙදරක පොල් බි`දින හැටි බලා ඉ`දලා මට කීව හැටි තාම මතකයි...
 
 ...ඉතින් මේ කොහේවත් යන පොල් ගෙඩියක් වැටිලා අපි දෙන්නා හනිමූන් ආපු වාහනේ වින්ඞ් ස්ක‍්‍රීන් එක ක‍්‍රැක් වෙච්ච එකත් අන්තිමේදි මේ මනමාලිගේ පිටින් ම යන්න බැරිනෑ මැනේජර් මහත්තයා...’’
 
 මනමාලයා උද්වේගකර කටහ`ඩින් තමා මුහුණ පෑ කණගාටුදායක සිද්ධිය කූට ප‍්‍රාප්තියට ගෙනැවිත් නතර කෙරුවා.
 
 මනමාලිය සූ සැටක් අබරණ සහිත ළැම ඔසවා මුදාහල මහා සුසුමින් ඇගේ දුහුල් වේලය කුණාටුවකට අහු වුන සේ යළි සලිත වුනා.
 
 ‘‘....ඉතින් වෙන්න ඕනෑ මෙච්චරයි මැනේජර් මහත්තයා... මම ඉන්ශියුරන්ස් එකට කෝල් කරලයි තියෙන්නේ... ඒ ඇවිත් ඩැමේජ් එක ඇස්ටිමේට් කරලා ගිය හැටියේ ම ... සල්ලි ප‍්‍රශ්ණයක් නෑ... අපේ වාහනේට අළුත් වින්ඞ් ස්ක‍්‍රීන් එකක් දම්මවා ගන්න ඕනෑ මැනේජර් මහත්තයා...’’
 
 මනමාල මහත්තයාගේ යටි තොල සැලූනා.
 
 ‘‘...අපි මේ පළාත දන්නෙ නෑ මැනේජර් මහත්තයා... ඉතින් ගරාජ් එකක් මේ කිටුටුව තියෙනවද?... කරුණාකරලා මට ඒ වැඬේ වගකීමෙන් කරවලා දෙන්න බොස්... අවශ්‍ය අමතර වියදමක් තියෙනවා නම්... බැංකු වලට දුවන්න කරදර වෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ... අපේ වෙඩින් එකට ලැබුණු ලියුම් කවර මිටියම මේ දැන් මගේ කෝට් සාක්කුවේ තියෙනවා මැනේජර් මහත්තයා...’’
 
 මනාල තරුණයා හැ`ගීම් බර කටහ`ඩින් කියාගෙන ගියා... තම ආදරණීය සැමියාගේ හදවතින් නැගෙනා ඒ වැලපීමේ රිද්මය දරා ගන්න බැරුවද කොහෙද මනමාලිගේ නෙතු අගට පුංචි ක`දුළක් මෝදු වනවා පෙනුනා..’’
 
 ‘‘... ඒක සුළු දෙයක්.... ගණන් ගන්න එපා...’’
 
 සංවේදී වැඩි කමට මගේ උගුරෙත් හ`ඩ වෙනස් වුණා.
 
 ‘‘... අනික පොල් බි`දිනවා වගේ සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර කාරණා හේතු කරගෙන හිත කළකිරවා ගන්න එකේ තේරුමක් ඇත්තෙම නෑ... මන්න පාර වදින හැටියටයි බොහෝ දුරට පොල් ගෙඩිය බිෙ`දන්නේ...’’
 
 මම යුවල අස්වසන අරමුණෙන් හ`ඩ අවදි කළා.
 
 ‘‘... අනික තමයි... මේ තානායමේ වෙඩින් එක අරගෙන... හරියට පොල්ගෙඩිය නොබි`දුනු ජෝඩු අනන්තවත් මේ තානායමේ තියෙන වෙනත් මංගල උත්සව වල ආරාධිතයෝ හැටියට අප‍්‍රමාණව අපට අනන්තවත් නැවත මුණ ගැහිලා තියෙනවා...
 
 ඒ නිසා මිත්‍යා විශ්වාස කියන විෂබීජ ගැන නම් චුට්ටක් වත් සැලෙන්න හිත කලබල කරගන්න අවශ්‍ය නෑ...’’
 
 එහෙම කියන ගමන් මම මගේ හිතවත් වාහන ගැරෙජ් මල්ලි කෙනෙකුට ඇමතුමක් ගත්තා.
 
  රන්ජන් ගාමිණී ජයවර්ධන
  

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles