Divaina - වේදිකාවේ අලූත් වන ගිහාන් පේ‍්‍රක්‍ෂාට කියූ සුන්දර කතාව...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අද රංගවේදියෙක්... කතාබහ- - ගිහාන් ප‍්‍රනාන්දු

 

gihan666

වේදිකාවට මග

මගේ ගම රාගම මහබාගෙ. පාසල් ගියේ ද මැසනද් විද්‍යාලයට. අපේ මාමලා ගමේ නාට්‍ය කළා. ඒවා ඒ කාලේ හැඳින්වූයේ ‘සමාජ නාට්‍ය’ කියල. මගේ පළවෙනි වේදිකා රංගනය සිද්ධ වෙන්නෙ වයස අවුරුදු හතේදි. මත්තුමගල කරුණාරත්න මහා විද්‍යාලයේ වේදිකාගත කළ ‘තුන්වෙනි ලෝකය’ නාට්‍යයේ ළමා චරිතයක් තමයි මට ලැබුණෙ. නමුත් මම පාසලේ ජනප‍්‍රිය වුණේ ගායකයෙක් හැටියට.

පියවරක් ඉදිරියට

පාසලේදි පංතියේ යාළුවෝ තුන් හතර දෙනෙක් එකතුවෙලා බර්ටිලා, ඇනස්ලිලා කරන චරිත රඟපානව. මෙහෙම ඉන්න අතරේ පල්ලිය හරහා පණිවිඩයක් එනව ජයලාල් රෝහණ මහත්මයා නාට්‍ය වැඩමුළුවක් කරනව කියල. කඳානෙ පල්ලියක තමයි තිබුණෙ. මමත් මේ වැඩමුළුවට සහබාගි වෙනව.

සම්මානයකට හිමිකම් කියයි

වැඩමුළුවෙදි මට ප‍්‍රියන්ත සිරිකුමාර, ආනන්ද කුමාරඋන්නැහේ යන අය වගේම තවත් කිහිප දෙනෙක් හඳුනාගන්න ලැබෙනව. මේ අය එකතුවෙලා රොය්ස්ටන් ජූඞ් ගේ අධ්‍යක්‍ෂණයෙන් නාට්‍යයක් නිර්මාණය කරනව. ඒ නාට්‍යයට 1991 වසරේ යෞවන නාට්‍ය උළෙලෙදි හොඳම නළුවාට හිමි සම්මානය මට ලැබෙනව. ඉන් අනතුරුව 93/94 යෞවන නාට්‍ය උළෙලෙදි හොඳම නළුවා හැටියට සම්මාන හිමිවෙනව. නමුත් අදටත් මම විශ්වාස කරනව මුල්ම සම්මානය එදා මෙදාතුර මට ලැබුණ හොඳම සම්මානය කියල.

දිගු ගමනක්

මේ වන විට මම වේදිකාවට ඇවිත් අවුරුදු 30ක් වෙනව. නාට්‍ය 54කට රංගනයෙන් දායක වෙලා තියෙනව. අද වේදිකාවේ ප‍්‍රවීණයන් බවට පත්වෙලා ඉන්න රාජිත දිසානායක, පියල් කාරියවසම්, රජීව් ආනන්ද, සමන් ලියනගේ, රුචිර දමයන්ත, කේ. බී. හේරත්, ජයලත් මනෝරත්න, සෝමලතා සුබසිංහ යන අයගෙ මුල්ම නිර්මාණවලට පවා සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.

අභිමානයක්

90 දශකයේ ජනප‍්‍රිය ගනයේ නාට්‍ය වූ රැුල්ල, වඩමාරච්චි, රැුලිය, දොස්තර හොඳහිත වගේ නිර්මාණ අරගෙන ටෙනිසන් කුරේ සමග රට පුරා යන්න මට අවස්ථාව ලැබුණා. පසුකාලීනව ලංකාවේ අවුරුදු 10ක් පමණ වේදිකාගත කළ නාට්‍යයක විජය නන්දසිරි මහත්මයා එක්ක රඟපාන්නත් මට වාසනාව ලැබුණා. එහෙම බලනකොට අපේ පරම්පරාව ගත්තම වේදිකාව මත වැඩිම වාර ගණනක් රංගනයේ යෙදුන රංගන ශිල්පියා මම කියල මට හිතෙනව.

කාර්යබහුලත්වය

රංගන ජීවිතය ගත්තාම ගිය අවුරුද්දෙ මාර්තු මාසයේ 16 වැනිදා වනතුරු මම සතිඅන්තවල ගෙදර ඉඳලම නැහැ. ලංකාවේ නැතිනම් පිටරටක හරි වේදිකාවක තමයි ඒ දින දෙක ගෙවුණෙ. ටෙලි නාට්‍යයකට වුණත් දින දුන්නෙ සති අන්තය අතහැරල.

ගුරුහරුකම්

මම විශ්වාස කරනව මගේ නාට්‍ය ජීවිතය තුළ මට කලින් වැඩ කළ හැමෝමත්, මම වැඩ කළ අධ්‍යක්‍ෂවරු හැමෝමත් මට ගුරුවරු වුණා කියල. ඒ වගේම අවුරුදු දෙකක් විදේශීය ගුරුවරුන් යටතේ පූර්ණකාලීනව රංගනය ගැන හැදෑරීම් කළා. විජය නන්දසිරි, ජයලත් මනෝරත්න, ටෙනිසන් කුරේ, ජයලාල් රෝහණ වැනි ප‍්‍රවීණයන්ගේ දැණුමින් මම පෝෂණය වුණා.

වෘත්තියකට එහා ගිය දෙයක්

මට තිබුණෙ වේදිකා නාට්‍යයක රඟපෑමේ පිපාසය. ඒ වගේම හොඳ නාට්‍යයක රඟපාලා හොඳ චිත‍්‍රපටයක රඟපෑමේ ආසාව. අපේ කාලය ශ‍්‍රමය වැය කළේ වෘත්තියකට වඩා ආත්ම තෘප්තිය වෙනුවෙන්. අද බොහෝ ශිල්පීන් දේශපාලනයට යොමුවෙලා. නමුත් මම නම් හිතන්නෙ රංගන ශිල්පියෙක් දේශපාලනය කරන්න ඕන තමන් කරන නිර්මාණය හරහා කියල. අපි දරණ මතය අදහස වේදිකාව හරහා සමාජගත කරන්න අපිට පුළුවන්.

ආඩම්බරය

වේදිකා රංගන ශිල්පියෙක් වීම ගැන මම ඉතාමත් තෘප්තියට පත්වෙලා ඉන්නෙ. ඒක මට ආඩම්බරයක්. නාට්‍ය පුහුණුවීම් කරන මාස 6ක පමණ කාලය හරිම සුන්දරයි. රණ්ඩු වෙනව, යාළු වෙනව, තර්ක කරනව මේ හැමදේම අවසානයේ සාර්ථක නාට්‍යයක් වේදිකාවට එනව.

වෘත්තීයමය වේදිකාවක්ෟ

ලංකාවේ වේදිකාව කවදාවත් වෘත්තියක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසයි අදටත් වේදිකාව් බොහෝ ශිල්පීන් ටෙලි නාට්‍යයක, චිත‍්‍රපටයක හෝ හ`ඩකැවීම් වැනි තවත් ක්‍ෂේත‍්‍රයක නියැලෙන්නෙ. නවකයකුට අපිට කියන්න බැහැ වෘත්තීයමය වශයෙන් වේදිකාව තෝරාගන්න කියල.

අලූත්වීම

මම අවුරුද්දකට වතාවක් අලූත් වේදිකා නාට්‍යයක රඟපානව. මොකද කාලයත් එක්ක අපේ ශක්තිය, හැකියාවන් ක්‍ෂය වෙන්න පුළුවන්. එතනදි වේදිකාව කියන්නෙ හරියට බැහැපු බැටරියක් චාර්ජ් කරනව වගේ අපිව අලූතින්ම පුබුදුවන තැනක්.

තෝරාගැනීම

වේදිකාවට ආරාධනයක් ලැබුණාම මම සලකා බලන කරුණු දෙකක් තියෙනව. ආර්ථිකමය වශයෙන් තියෙන වාසිය සහ මාව පෝෂණය වෙන්න යමක් තියෙනවද? එහෙම නැත්නම් සමාජයට යහපත් දෙයක් දෙන්න පුළුවන්ද කියන දේ. ඒ අනුව තමයි නිර්මාණය භාර ගැනීම හෝ නොගැනීම තීරණය වෙන්නෙ.

සුන්දර අතීතය

මට සම්මාන ලැබුණ අවස්ථාවන් දෙකකදීම ඒවා ලබාගන්න යන්න බැරි වෙනව. ‘මට එරෙහිව මම’ නාට්‍යයට සම්මානය ලැබෙද්දි මම කළුතර ප‍්‍රදේශයේ ‘ජනාධිපති තාත්තා’ නාට්‍යයට සම්බන්ධ වෙලා හිටියෙ. නමුත් මගේ යාළුවො සම්මානය අරගෙන ඇවිත් මධුපානයකට ලෑස්ති වෙලා. මම වැඩකටයුතු ඉවරවෙලා එතනට ගිය අවස්ථාවේදී වේදිකාවකදි වගේම නිවේදන කටයුතු සිදුකරල හැමෝම එක්ක එකතුවෙලා මට ඒ සම්මානය ලබාදෙනව. ඒක කවදාවත් අමතක නොවෙන ජීවිතේ සුන්දර අවස්ථාවක්.

මගෙන් වැඩක්

වේදිකාවේ දශක තුනක විතර අත්දැකීම් තියෙද්දි නාට්‍යයක් අධ්‍යක්‍ෂණයට යොමු නොවෙන්නෙ ඇයි කියල ගොඩක් දෙනෙක් අහනව. මටත් ඒ අදහස තියෙනව. නමුත් ඒ හැම අවස්ථාවකදිම මගේ යාළුවෙක් ඔහුගෙ නිර්මාණයකට මාව සම්බන්ධකර ගන්නවා. එතනදි මගේ කාලය ශ‍්‍රමය ඒ කටයුත්තට යොදන්න සිද්ධ වෙනව. මගේ අදහස යට යනව.


මහේෂ් එදිරිසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles