Divaina - රාජපක්ෂවරු නිසා තමයි මේ රට රැකුණේ...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 - පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි

uduwe
 
 සාකච්ජා කළේ -
 එරික් ගාමිණී ජිනපි‍්‍රය
 
බෞද්ධයන් මෙන්න හින්දු සහ කතෝලික බැතිමතුන් ද මූලධර්මවාදී කි‍්‍රස්තියානි නිකායන් වෙත බ`දවා ගැනීම පිළිබ`දව යළිත් සමාජයේ උණුසුම් කතාබහක් ඇති වී තිබේ. සදාචාර විරෝධී ආකාරයට ආගම් වෙනස් කිරීමට එරෙහිව මැතිවරණ දේශපාලනයට පවා පිවිසි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් අප එම කාරණය පිළිබ`දව විමසා සිටියෙමු, ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ පළ කළ අදහස් පහත පරිදි වේ.
 
 ප‍්‍රශ්නය - මේ වන විට කි‍්‍රස්තියානි මූලධර්මවාදීන් මෙරට ප‍්‍රභූ පවුල්වල සාමාජිකයන් කලාකරුවන්, කි‍්‍රකට් ක‍්‍රීඩකයන් වැනි පුද්ගලයන් පවා තමන්ගේ ආගමට සම්බන්ධ කර ගැනීමට සමත් වී තිබෙනවා,
 
 මෙම ප‍්‍රවනතාවය පිළිබ`දව ඔබ වහන්සේගේ ආකල්පය කුමක් ද?
 
 පිළිතුර - සෝම හාමුදුරුවන් වැඩ සිටිය කාලයේදී පවා අපි විශාල අත්දැකීම් ප‍්‍රමාණයක් ලබා ගත්තා, එම කාලයේදී පවා අප අත්දැක්කා බෞද්ධ භික්ෂුන් වහන්සේලාට බෞද්ධ සංස්කෘතියට ඒ වගේම අපේ අහිංසක ජනතාවට මෙතරම් බලපෑමක් කරනවාද කියන එක, එදා කි‍්‍රයාත්මක වූ සංවිධාන බලවේග තවදුරටත් ඉතා සූක්ෂමව කි‍්‍රයාත්මක වනවා, මම හරියටම කියන්න දන්නේ නැහැ, නමුත් මෙම කටයුතුවලට උදව් කරන බලය දෙන අය මේ ආණ්ඩුව තුළත් සිටිනවා කියන එක තමයි මගේ අදහස.
 
 අද වන විට සෑම තැනම ඉතා සූක්ෂමව ඉතා තදින් මෙම මූලධර්වාදීන් කි‍්‍රයාත්මක වනවා.
 
 ප‍්‍රශ්නය - ඔබ වහන්සේ ඇතුඵ භික්ෂූන් වහන්සේලා පිරිසක් දේශපාලනයට අවතීර්ණ වූයේත් සාදාචාර විරෝධී ආකාරයට බෞද්ධයන්ව අන්‍ය ආගම්වලට හරවා ගැනීම වැළැක්වීම ස`දහා නීතිමය පියවර ගැනීමට. නමුත් එම අරමුණ මේ දක්වා ඉටුවී නැහැ නේද?
 
 පිළිතුර - අපේ රට පාලනය කළ බොහෝ පාලකයන් තෙරුම් නොගත් කාරණය ඕක තමයි. ඇත්ත වශයෙන්ම පාලකයන්ට නොයෙක් බාධක කරදර සිද්ධවෙන්නෙත් මෙම අභියෝගය ගැටලූව නිසාමයි.
 
 අපි තරහකින් නොවෙයි මෙම කාරණය කියන්නේ. අපි දන්නවා රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම සමාජයට කොතරම් එපා වූවා ද, ප‍්‍රතික්ෂේප කළා ද කියන කාරණය. රනිල් වික‍්‍රමසිංහ මහතා ඉතා වේගයෙන් ජනතාව අතර අප‍්‍රසාදයට පත්වූවා. එබ`දු තත්ත්වයක් ඇතිවීම ස`දහා බලපෑ ප‍්‍රධාන හේතුව ලෙස මම දකින්නේ එතුමා මොන හේතුවක් නිසා හෝ මූලධර්මවාදී සංවිධානවලට උදව් උපකාර කිරීම, එම නිසා අපේ රටේ සිටින අනෙකුත් නායකයනුත් එම කාරණය පාඩමට අරගෙන කටයුතු කළ යුතුයි. බොහෝ නායකයන් මෙම මූලධර්මවාදී සංවිධාන පිළිබ`දව තීන්දුවක් ගත යුතු අවස්ථාවේදී මොන හේතුවක් නිසා හෝ එම අවස්ථාව මගහරිනවා. ඒ ස`දහා වෙනත් රටවල් හරහා පවා අපේ රටට බලපෑම් සිද්ධ කරනවා. ඒ වගේම තමන්ට හිතවත් පාලකයන් බලයට ගෙන ඒම ස`දහා අනෙකුත් පාලකයන්ට පහර ගසනවා.

උදාහරනයක් විදියට ස`දහන් කරනවා නම් රාජපක්ෂවරුන්ට පහර ගැසීම, කෙනකුට කියන්න පුළුවන් මේ හාමුදුරුවරු රාජපක්ෂවරුන්ට ගැති වෙලා කියලා. නමුත් මම නම් කියන්නේ රාජපක්ෂවරු විනාශ කරනවා කියන්නෙ රට විනාශ කරනවා කියන එක. කවුරු මොනවා කිව්වත් රාජපක්ෂවරු නිසා තමයි මේ රට රැකුනේ. යුද්ධය අවසන් වූයේ රාජපක්ෂවරුන් බලයේ සිටිය නිසා. ඒ වගේම අධිවේගී මාර්ග ඉදිකිරීමට 1960 ගණන්වල සිට කතා කළත් මුල් ගල් තැබූවත් එය යථාර්ථයක් බවට පත් වූයේ රාජපක්ෂවරුන් බලයේ සිටි කාලයේ දී, අපි අලූත් ගුවන් තොටුපළවල් වරායවල් දුටුවෙත් ඔවුන්ගේ කාලයේ දී. ඇත්ත වශයෙන්ම අපට භික්ෂුන් වහන්සේලා විදියට ඔවුන්ගෙන් ලබාගන්න දෙයක් නැහැ. ඉංග‍්‍රීසීන්ගෙන් පසුව මේ රට පාලනය කළ අනෙක් පාලකයන්ට සාපේක්ෂව බැලූවිට රාජපක්ෂවරුන් යටතේ මේ රටට විශාල සේවයක් සිදුවී තිබෙනවා. එම කටයුතු කඩාකප්පල් කිරීම ස`දහත් මූලධර්මවාදීන් රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළත් ඔවුන් සෑමවිටම සාර්ථක වූයේ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන කියන්නේ සුද්දන් විසින් මේ රටට දාපු පිළිලයක්. ඔවුන්ගේ කි‍්‍රයා කලාපය නිසා කි‍්‍රයාත්මක කිරීමට ගිය සමහර වැඩපිළිවෙලවල් අවසන් මොහොතේ නතර වී තිබෙනවා. එම නිසා අපේ පාලකයන් දැනගන්න ඕන එම සංවිධානවලට තවදුරටත් කි‍්‍රයාත්මක වීමට ඉඩ දුන්නොත් එම සංවිධාන විසින් ඔවුනුත් විනාශ කරන බව. එම කනගාටුදායක තත්ත්වයේ සලකුණු දැනටමත් හොඳින් පේන්න තිබෙනවා.
 
 මේ අවස්ථාවේදී මම තවත් කරුණක් ස`දහන් කළ යුතුයි බොහොම නිහතමානීව. මම මේ වගේ කාරණා ප‍්‍රසිද්ධියේ කියන්නත් කැමති නැහැ. නමුත් දැන් උද්ගතවී ඇති තත්ත්වය අනුව මේවා නොකියත් බැහැ. අපේ රටේ හාමුදුරුවරුන් එම කරුණ පිළිබ`දව බොහොම ඉවසීමෙන් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. සමහර වෙලාවට අපිට ගහන්න පොලූ කපලා දෙන්නෙත් අපිමයි. එය  කනගාටුවට කාරණයක්. මේ රටේ ස්වාමීන් වහන්සේලාට නායකත්වය දෙන්න මහානායක හිමිවරුන් සිටිනවා. සංඝ සභා තිබෙනවා. ඒ වගේම ගුරු හාමුදුරුවරු සිටිනවා. උන්වහන්සේලා මේ පිළිබ`දව පොඞ්ඩක් සැලකිලිමත් වුවහොත් හො`දයි කියන එක තමයි මට බොහොම නිහතමානීව යටහත්ව මහා සංඝයා වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ. මොකද ඕන එකටයි එපා එකටයි සම්බන්ධ වීම වගේම අපිට නොගැළපෙන දේට සම්බන්ධවීම තුළ සතුරාට විශාල අවස්ථාවක් ලබාදීලා තිබෙනවා. එම නිසා මෙම මූලධර්මවාදී බලවේගවලට මුහුණ දීමට නම් සංඝයා වහන්සේලා ටිකක් විමර්ශනශීලී විය යුතුයි.
 
 ප‍්‍රශ්නය - අතීතයේදී කාලෝ ෆොන්සේකා වැනි භෞතිකවාදීන් සිංහල බෞද්ධයන් පිහිට පැතූ දෙවිවරුන්ට පමණක් පහර දුන්නා. වර්තමානයේදීත් මාක්ස්වාදී භෞතිකවාදීන් දෙමළ මුස්ලිම් ජනතාවට නැති ප‍්‍රශ්න වෙනුවෙන් පවා පෙනී සිටියත් බෞද්ධයන්ට එරෙහිව කි‍්‍රයාත්මක වන මූලධර්මවාදීන් පිළිබ`දව වචනයක් හෝ කතා කරන්නේ නැහැ.
 
 මෙම තත්ත්වයට හේතුව කුමක්විය හැකි ද?
 
 පිළිතුර - දැන් බලන්න ධම්මික පැණියට ගහන්න ඉදිරිපත් වූ අය අලූත් එන්නත ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. එම එන්නත ලබාදීමෙන් පසුවත් ඊශ‍්‍රායලය වැනි රටවල කොරෝනා වෛරසය පැතිරී තිබෙනවා. නමුත් පැණිය ගැන කතා කරන අය ඒ ගැන කතා කරන්නේ නැහැ. සමහර පක්ෂත් එක්තරා විදියක මූලධර්මවාදී සංවිධානයක් තමයි. ඔවුන්ගේ අරමුණම සිංහල බෞද්ධකමට සම්බන්ධ සියලූම දේ එම ජනතාවගෙන් ඈත්කිරීම, ඔවුන් ඒ ස`දහා සිංහල බෞද්ධකම පහත්කර හෑල්ලූකර කතා කරනවා.
 
 බුදුන්වහන්සේ වැඩසිටි සමයේ පවා දේවදත්ත හාමුදුරුවෝ සමගත් පිරිසක් සිටියා. එම නිසා අපේ රටේ පමණක් නොවෙයි වෙනත් රටවලත් විචාර බුද්ධියෙන් තොරව කටයුතු කරන පිරිස් සිටිනවා. එක එකපාරට වෙන දෙයක් නොවෙයි. විදේශ මුදල් පදනම් කරගෙන කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කර ගන්නේ එවැනි පුද්ගලයන් තමයි. එවැනි විචාර බුද්ධියක් නොමැති පුද්ගලයන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ඔළුවලට තවත් විෂබීජ දාලා බෞද්ධකමට දේශීයත්වයට අපේ කමට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානවල නායකයන් විසින් ඔවුන්ව මෙහෙය වනවා.
 
 සිරිමාවෝ මැතිනිය බලයට පත්වීමෙන් පසුව දේශීයත්වයට නැඹුරුව කටයුතු කිරීමට උත්සාහ කළා. එදත් එතුමියගේ කකුළෙන් ඇදලා එම වැඩපිළිවෙල අසාර්ථක කළා. බුද්ධිමත් මිනිසුන් අදත් දුක්වෙනවා එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑමට නොහැකිවීම පිළිබ`දව. මේ රටේ පැවැති ආණ්ඩු සමග සංසන්දනාත්මකව බැලූවහම පෙනෙනවා වත්මන් ආණ්ඩුවත් දේශීයත්වය මත කටයුතු කිරීමට උත්සාහ කරන බව. එම නිසා ගෝඨාභය මහතාට ඡන්දය දුන්නු 69 ලක්ෂයට දුක්වෙන්න දෙයක් නැහැ. එතුමා සතියේ දවස් 7න් එතුමාගේ කටයුතු ස`දහා වෙන්කරලා තිබෙන්නේ ඉරිදා දිනය පමණයි. ඒ දවසෙත් විවිධ කටයුතු සොයා බලන බව මට පේන්න තිබෙනවා. ඒ අනුව පැහැදිලිව පෙනෙන්න තිබෙනවා එතුමා සෑහෙන පරිශ‍්‍රමයක් දරන බව එතුමාට භාරදුන් වගකීම ඉෂ්ඨ කිරීම ස`දහා. මෙම හේතු සාධකයන් නිසාම රාජ්‍ය නොවන සංවිධානත් මූලධර්මවාදී සංවිධානත් තේරුම් අරන් තිබෙනවා මෙම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගියහොත් ඔවුන්ගේ අරමුණ ජය ගැනීමට නොහැකි වන බව. එම නිසා ඔවුන් ඒ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නොකර ඉතා සූක්ෂම ලෙස යටින් කි‍්‍රයාත්මක වෙමින් ජනාධිපතිතුමාව බලයෙන් පහ කිරීම ස`දහා. ඒ ස`දහා ඔවුන් ? දවල් නැතිව කටයුතු කරමින් සිටිනවා. 2015 දී අනුගමනය කළ ක‍්‍රමයන් ඔවුන් යළිත් අනුගමනය කරමින් සිටිනවා. ඒ අවස්ථාවෙදිත් අපි කිව්වා වෙන්න යන දේ. 2015 දී පැවැති ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුවත් එම අවස්ථාවේ දී මේ රටේ ජනතාව තේරුම් ගත්තා මොකද්ද සිද්ධ වූයේ කියලා. එම නිසා මහින්ද මහතා ආරක්ෂා වූවා. අපේ ජාතිය පිංවන්ත ගුණවන්ත ජාතියක් නිසා තමයි ඒක එහෙම වූයේ. මෙම ආණ්ඩුව තුළත් යම් යම් අඩු පාඩු තිබෙනවා. නමුත් අපි මෙම ආණ්ඩුව රැකගන්න ඕනී. ඒ ඇයි ? මේ තරම්වත් දේශීයත්වය අපේකම මත කටයුතු කරන වෙන කෙනකු අපිට පේන්න නැහැ.
 
 එපමණක් නොවෙයි රාජ්‍ය නොවන සංවිධානවල මූලධර්මවාදීන්ගේ කටයුතු පිළිබ`දව මේ ආණ්ඩුවේ සිටින සමහර නායකයන්ටත් අවබෝධයක් නැහැ. සමහරු සිතන්නේ තමන්ගේ බලය ටිකක් අඩු වීම පිළිබ`දව හෝ එසේත් නොමැති නම් අනෙක් අයට ලැබී තිබෙන දේවල් පිළිබ`දව. එතන තිබෙන්නේ නම් සම්පූර්ණයෙන්ම ඉරිසියාව. ඉරිසියාව මුල් කරගෙන කටයුතු කිරීම නිසා අවසානයේදී තමාවත් විනාශ වෙනවා. මේ අය සිතිය යුතුයි නැව හිල්කළොත් ඒ තුළ සිටින තමාවත් විනාශ වන බව. එම නිසා ඒ සියලූ දෙනාම මීට වඩා අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා.
 
 ප‍්‍රශ්නය - ඔබ වහන්සේ ස`දහන් කළා රාජ්‍ය නොවන සංවිධාන මූලධර්මවාදීන් මේ ආණ්ඩුව වැට්ටවීම ස`දහා විවිධ වැඩපිළිවෙළවල් කි‍්‍රයාත්මක කර ඇති බව, මොනවා ද ඒ වැඩපිළිවෙළවල් ?
 
 පිළිතුර - එකක් තමයි ආණ්ඩුව පරිසරය විනාශ කරනවා කියලා චෝදනා කිරීම. පරිසරය විනාශ කරනවා කියලා කිව්වහම සියලූ දෙනාගේම හදවත දනවා. එම චෝදනාව තමයි මේ ආණ්ඩුව පළවා හැරීමේ මූලික චෝදනාව වෙලා තිබෙන්නේ. ඔවුන් ඒ ස`දහා සමාජ මාධ්‍ය මෙන්ම කට කතා පැතිරවීමත් යොදාගෙන තිබෙනවා. ඒ ස`දහා අසභ්‍ය කතාත් ප‍්‍රචාරය කරමින් සිටිනවා. ඒ තුළින් මේ ආණ්ඩුව පරිසරය විනාශ කරනවා කියන මතය ජනතාවගේ හදවත් තුළ තැම්පත් කිරීමටයි සූදානම් වන්නේ.
 
 ජනාධිපතිතුමා බලයට පත්වූයේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ඨ කිරීමට. ඒ යටතේ ජනාධිපතිතුමා නගරයෙන් ඈත ප‍්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වයත් උසස් කිරීමට කටයුතු කරමින් සිටිනවා. එම කටයුතු කිරීමේදී යම් යම් අඩු පාඩු වෙන්නත් පුළුවන්. ඒවා අපි ආණ්ඩුවට පෙන්වා දිය යුතුයි නිවැරදි කර ගැනීම ස`දහා. එවැනි අඩුපාඩු සිද්ධ වුවත් මේ ආණ්ඩුව චේතනාන්විතව පරිසරය විනාශ කරන බවට චෝදනා කරන්න බැහැ. ඒ ස`දහා සාක්ෂි නැහැ. එම නිසා ආණ්ඩුව පරිසරය විනාශ කරනවා කියලා කරන චෝදනාව වැරදියි. පරිසරයට ඇත්තටම ආදරය කරන අය මෙම තත්ත්වය හොඳින්ම තේරුම්ගත යුතුයි. මොකද මේ ආණ්ඩුව පළවා හැරලා බලයට ගේන්න වෙන අයකු නැහැ. ඒ බව මේ රටට ආදරය කරන සියලූ දෙනාම හොඳින් තේරුම්ගත යුතුයි. ඒ වගේම මේ අවස්ථාවේදී සතුරාට ජනතාව මුළාකිරීමට ඉඩ නොදීම ස`දහා අපි සංවිධානය විය යුතුයි.
 
 ප‍්‍රශ්නය - ඔබ වහන්සේගේ ශාසනික කටයුතුවලට බාධා කළ ඔබ වහන්සේට අභූත චෝදනා කළ පුද්ගලයකු බොහෝ දෙනාගේ විරෝධය මධ්‍යයේ ප‍්‍රබල රටක තානාපතිවරයකු ලෙස පත්කර තිබෙනවා. ඔබ වහන්සේ එම පත්කිරීම දකින්නේ කෙසේ ද ?
 
 පිළිතුර - අපි ගෝඨාභය මහතා බලයට පත් කළේ රට  ගොඩනැ`ගීමේ කටයුත්ත වසර 5 ක කාලයක් ඉදිරියට ගෙනයෑම ස`දහා. දැන් එම කටයුත්ත භාරදුන්නට පස්සේ පත්වීම් කරන කොටයි වෙනත් කටයුතු කරන කොටයි අපි බලපෑම් කළොත් එතුමාම යම් දවසක කියාවි ඔබ වහන්සේලාම මට වැඩ කරන්න දුන්නේ නැහැ නේ ද කියලා. සමහර තනතුරුවලට පත් කළ අය පිළිබ`දව මම ඇතුළු රටේ බොහෝ දෙනාගේ ප‍්‍රසාදයක් නැහැ. ඒ අය පිළිබ`දව අපිට අවිශ්වාසයක් තිබෙනවා. ඒ අය රටට ආදරය ඇති අය නොවෙයි. සෑම කටයුත්තකදීම රටට ආදරෙයි කියන කාරණය මුල්විය යුතුයි. සමහරවිට ජනාධිපතිතුමා විදියට අපි නොදන්නා යම් කිසි ගුණයක් දැකලා එම පත්වීම කළා වෙන්න පුළුවන්. එබ`දු අවස්ථාවලදී අපි කළ යුත්තේ කරන කාර්යයට බලපෑම් නොකර විමර්ශනශීලීව ඊළ`ගට කරන්නේ මොකද්ද කියලා බලා සිටීම. මේ පිළිබ`දව කතා කළ සියලූ දෙනාටම මම කිව්වේ ඒක තමයි. අපි ඒ පිළිබ`දව අවධානයෙන් සිටින්නේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles