Divaina - ඊළ`ග පාරනම් මුස්ලිම් ඡන්දත් ඕනවෙයි කියලා ආණ්ඩුව හිතනවා ඇති

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


- පූජ්‍ය අතුරලියේ රතන හිමි


 ratana

සාකච්ඡා කළේ -
සිරිමන්ත රත්නසේකර

ගෝලීය උණුසුම සමනය කිරීමට ”මාතා” වැඩසටහන යටතේ ගස් මිලියන 100 ක් සිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පසුගියදා පැවසූහ. ‘‘හුස්ම වැටෙන්නට කලින්” යන තේමාව යටතේ එම වැඩසටහන ආරම්භ කර ඇති අතර පිළිබඳ විමසා බැලීම සඳහා දිවයින ඉරිදා සංග‍්‍රහය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව බැහැදුටුවෙමු. ඒ පිළිබඳව විමසා බැලීමට මත්තෙන් පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය ගැනද විමසීමට අමතක නොකෙළෙමු. පහතින් පෙළ ගැසෙන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමඟ දිවයින ඉරිදා සංග‍්‍රහය කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය - පාස්කු කොමිසම කොමිසමේ වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට ලබාදී අවසන්. එම පිටපතේ කොටසක් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තිබෙනවා. එමගින් මෙරට බෞද්ධ සංවිධාන සහ එහි නායකයන් දඩයම් කිරීමට උත්සාහ ගන්නා බවට චෝදනා නැගෙනව. ඒ ගැන ඔබවහන්සේගේ අදහස මොකක්ද?

පිළිතුර - කොමිෂන් වාර්තාවක නිර්දේශයන් කි‍්‍රයාත්මක කළ යුතුමයි කියල නීතිමය පදනමක් කොහෙවත් නෑ. පාස්කු කොමිසමෙන් කරල තියෙන්නෙ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් යම් යම් පුද්ගලයන් විත්තිකරුවන් බවට පත් කර තිබීම. කොමිෂන් එකේ මෛත‍්‍රිපාල සිරිසේන මහත්තය වරදකරු වෙල. තවත් රාජ්‍ය නිලධාරීන් වරදකරුවන් වෙලා තියෙනව. මේ ඔක්කොම වරදකරුවන් වෙලා තියෙන්නෙ වගකීම් විරහිතවීම නිසා. අපි මේ කොමිෂන් සභාවෙන් බලාපොරොත්තු වෙන්නෙ මේකට ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ බලගතු රටක යම් අතපෙවීමක් තිබුණද කියන එක. සහරාන්ගේ ව්‍යාපාරය කොයි විදිහටද ආවේ කියන එකයි වැදගත් වෙන්නෙ. යම්කිසි ත‍්‍රස්තවාදයක් ගොඩනැගීමට නම් මතවාදයක් තියෙන්නෙ ඕන. අදහස් අනුව මිනිස්සු කටයුතු කරන්නෙ. ඒ අයට ඒ සංකල්ප ලැබුණෙ කොහෙන්ද? ඒ මතවාදය කොච්චර කාලයක ඉඳන්ද ආවෙ කියල හොයන්නෙ නැතිව සහරාන් කියන්නෙ හුදෙකලා පුද්ගලයෙක් කියල අපි ගන්නව නම් ඒක පිස්සුවක්. කාලයක් තිස්සෙ තිබුණු මතවාදී සටනක එක කොටසක් තමයි සහරාන් කියන්නෙ. 71දි ලංකාවෙ කැරැලිකරුවො කි‍්‍රයාත්මක වෙන්නෙ ඒකට අවශ්‍ය රැල්ලක් ලෝකයෙ ඒ මොහොතෙ තිබුණ නිසා. ඒ මොහොතේ ලෝකයේ වෙනත් රටවල විප්ලවයක් ඇතිවෙමින් තිබුණ. ඒ සුළ`ගට ලංකාවෙ තරුණයොත් අහුවුණා. ඒ නිසා මේ ප‍්‍රහාරයට පදනම හොයා බැලීම තමයි කොමිසමෙන් වෙන්න ඕන. හැබැයි දැන් වෙලා තියෙන්නෙ හිටපු පාලකයන්ටයි, නිලධාරීන්ටයි දඬුවම් ලබාදීමට ප‍්‍රමුඛතාවක් ලබාදීම. මේ කොමිෂන් සභා වාර්තාව මම තවම කියවලා නෑ. ඒත් අපි මෙතනදි සොයාබලන්න ඕන මේකට උත්තේජනය ආවෙ කොහෙන්ද කියල.

ප‍්‍රශ්නය - ඔබවහන්සේලා පසුගිය සමයේ මෙරට මුස්ලිම් අන්තවාදය පිළිබඳ හඬක් නැගුව. ඒ සම්බන්ධයෙන් යම් නීතිමය කටයුතුවලට මැදිහත් වුණා. ඒවායේ තත්ත්වය කොහොමද?

පිළිතුර - අපි කරුණු දෙකක් හෙළිකළා. එකක් තමයි හිස්බුල්ලාගෙ ඉඩම් අත්පත්කර ගැනීම. රට පුරාම අක්කර 1000කට වැඩි ප‍්‍රමාණයක් සෞදිඅරාබියෙන් මුදල් ඇවිත්, ඒ මුදල් වලින් ඉඩම් ගත්ත. ඒවගේ බැටිකලෝ කැම්පස් එක පටන් ගත්ත. මේවට සල්ලි දුන්නෙ කවුද? මේකෙ අරමුණ මොකක්ද? ගැන හොයන්න නඩුවක් දාල තියෙනව. ඒත් අද වෙනකම් නඩුව අහන්නෙ නෑනෙ.

ප‍්‍රශ්නය - ඇයි එහෙම වෙන්නෙ. මේක බහුතර සිංහල බෞද්ධ ජන්දයෙන් හැදුණු ආණ්ඩුවක්.

පිළිතුර - ඒක ලොකු ප‍්‍රශ්නයක්. ඒක අපට ලොකු හිතේ අමාරුවක්. කාදිනල්තුමා පල්ලිවල කඩු තිබීම ගැන නඩුදානව. ඒවගේ දේවල්වලදි නඩු දාන්න ඕනෙ පොලිසියනෙ. එතැනින් පේනවා නීතියේ තියෙන යම් යම් අඩුපාඩු. ඒකෙ කාගෙ වුවමනාවටද වෙන්නෙ. සමහර අය හිතනව ඒවට නඩු දැම්මම මුස්ලිම් ජනතාව තරහවෙනව කියල. එහෙම කටයුතු කළොත් අන්තවාදී කටයුතු වැඩිවෙනව. අපි අධිකරණ ක්‍‍්‍රියාවලියකින් බලාපොරොත්තු වෙන්නෙ නීතිය සහ සාධාරණත්වය.

ප‍්‍රශ්නය - ජනාධිපතිතුමත් පැවැසුව මේක සිංහල බෞද්ධ බහුතර ඡන්ද වලින් පත්වූ ආණ්ඩුවක් කියල. ඒත් අද සිංහල බෞද්ධයන්ට සාධාරණයන් ඉටුවෙන්නෙ නෑ නේද ..?

පිළිතුර - මම එහෙමම චෝදනාවන් ආණ්ඩුවට කරන්නෙ නෑ. නමුත් පොදුවේ මම කියන්නෙ රජය මේ නඩු ඉක්මනින් අහන්න ඕන කියන තැන.

ප‍්‍රශ්නය - අනාගත දේශපාලන න්‍යාය පත‍්‍රයේ එක් කොටසක් විදිහට මේ ආකාරයෙන් මුස්ලිම් ජනතාව දිනා ගැනීමේ කි‍්‍රයාවලියක යම් පුද්ගලයකු නිරතවී සිටින බවට ඇතැම් පිරිස් චෝදනා කරනවා.

පිළිතුර - ගෝඨාභය රාපජක්ෂ කියන්නෙ සිංහල බෞද්ධයන්ගෙ උපරිම ඡන්ද ගත්ත නායකයෙක්. ඒ ඡන්ද ආපසු ගන්න බැරිවෙයි, ඊළ`ග පාර වෙද්දි මුස්ලිම් ඡන්දත් ඕනවෙයි කියල හිතන අය ඇති. ඒක නිසා මෙවැනි දේවල් වහනවද මේ විදිහට කටයුතු කරන්නේ කියලා මිනිසුන් හිතන එකේ වරදක් මම දකින්නෙ නෑ.

ප‍්‍රශ්නය - පාස්කු කොමිසමෙන් ලබාදී තියෙන නිර්දේශ ගැන ඔබවහන්සේ සෑහීමකට පත්වෙන නැද්ද...?

පිළිතුර - මේ කොමිෂන් සභා වාර්තාව තවම මට කියවන්න ලැබුණෙ නෑ. ඒ නිසා ඒ ගැන නිශ්චිත අදහසක් දෙන්න බෑ.

ප‍්‍රශ්නය - බොහෝ දෙනා මේ ආණ්ඩුව පරිසර සංහාරයක් සිදුකරන බවට චෝදනා නගනවා. ඒ ගැන ඔබවහන්සේගේ අදහස මොකක්ද?

පිළිතුර - මම නම් හිතන්නෙ ආණ්ඩුව ඉතා ඉක්මනින් ඉඩම් කොමිෂන් සභාව ස්ථාපිත කරන්න ඕන. මේ රටේ දේශපාලකයන්ටයි, ව්‍යාපාරිකයන්ටයි ඕන විදියට රටේ ඉඩම් ටික කළමනාකරණය කරන්න ගියොත් ලොකු ප‍්‍රශ්නයක් ඇති වෙනව. උතුර නැගෙනහිර අයගෙ ප‍්‍රධාන ඉල්ලීම තමයි ඉඩම් බලතල දෙන්න කියන එක. ඒත් එහෙම ඉඩම් බලතල දේශපාලඥයන්ට දෙන්න ඕන නෑ. ඒව දෙන්න ඕන ජනතාවට. ඉඩම්වල ඔප්පු පෙන්නල ඉඩම් ගත්තෙ දෙමළ රදළයො. සාමාන්‍ය ජනතාවට ඉඩම් ලැබුනෙ නෑ. ඒ අය ගොඩක් ඉන්නෙ කැනඩාවෙ. රජයට කළ යුතුව තිබුණෙ පරණ ඔප්පු තිරප්පු බලල එම ඉඩම් ආයෙත් රදළයන්ට දෙනඑක නෙමේ. ජනතාවට බෙදල දෙන්න. ඉදිරියෙදි උතුර නැගෙනහිර ඉඩම් බෙදීමක් කළොත් ආණ්ඩුවට සෑහෙන පිළිගැනීමක් එයි. හැබැයි එතනදි සාධාරණව ඉඩම් බෙදන්න ඕන. රටේ ඉඩම් සහ වන වියන්වලින් සෑහෙන ප‍්‍රමාණයක් තියෙන්නෙ උතුරු හා නැගෙනහිර පළාතෙ. ජනඝණත්වය වැඩියෙන් තියෙන්නෙ දකුණෙ හා බස්නාහිර පළාතෙ. මිනිස්සුන්ට ඉඩම් දෙනව නම්, ලංකා ජනගහනයෙන් උතුරෙ ජීවත්වෙන්නෙ 15% වගේ ප‍්‍රමාණයක් මට හිතෙන්නේ. එතකොට මේ 15% ට ඉඩම් තියෙනව 35%කට වැඩිය. එතනදි උතුර නැගෙනහිර ජනතාවට ඉඩම් බෙදන ගමන් අනෙක් අයටත් ඒව සාධාරණ විදිහට බෙදෙන්න ඕන. ඒකට තමයි ඉඩම් කොමිෂන් සභාවක් ඕන. අපි උතුර නැගෙනහිර පමණක් නෙමෙයි වනය ආරක්ෂා කරන්න ඕන. අපේ රටේ ඉඩම් ප‍්‍රතිපත්තියක් නෑ. එහෙම ප‍්‍රතිපත්තියක් හදද්දි අපි අවධානය යොමුකරන්න ඕනා රටේ වනාන්තර තියෙන්නෙ ඕන කොහෙද කියන එක ගැන. දැන් කැලෑ තියෙන්නෙ උතුර නැගෙනහිර පළාතේ. හැබැයි කැලෑ අවශ්‍ය වෙන්නෙ මධ්‍යම කඳුකරයට. එහෙම නම් උතුරු නැගෙනහිර වන්නාත්තර අක්කර 1000ක් එළි කරනව නම්, මධ්‍ය ක`දුකරයෙ අක්කර 1000ක් වගා කරන්න ඕන. නැගෙනහිර පළාත්වල කැලෑ තිබුණත් නැතත් ඒකෙන් අපේ පද්ධතියට වෙන ලොකු බලපෑමක් නෑ. හැබැයි මධ්‍යම කඳුකරයෙ කැලෑ නැතිවුණොත් අපට වර්ෂාව නැතිවෙනව. බි‍්‍රතාන්‍යයන් මධ්‍ය ක`දුකරයෙ ලොකු වන විනාශයක් කළා. ඒ ඉඩම් නිසරු වෙලා. නමුත් අපි අධිෂ්ඨානයකින් කළොත් තමයි ඒක අපට කරන්න ඕන.

ප‍්‍රශ්නය - ඔබවහන්සේ මාතා වැඩපිළිවෙළ යටතේ පැළ රෝපණය කිරීමේ වැඩසටහන ආරම්භ කළේ ඒ අරමුණ ඇතිවද..?

පිළිතුර - අපි බලාපොරොත්තු වෙනව ලෝකය පුරා කෝටි 10ක් ගස් පැළ කරන්න. එය ලංකාවෙ කෝටි 2ක්. අපි මේ වන වියන් වැවීමේ එක බලාපොරොත්තුවක් තමයි මධ්‍ය ක`දුකරයෙ වෙන සෝදාපාළුව වළක්වන එක. විෂවායු අඩුකිරීම, මිනිසුන්ට සෙවන සැදීම. විශේෂයෙන්ම මේකෙ පණිවුඩය තමයි. අපි ජීවත්වෙන්න ඕන කොන්ක‍්‍රීට් වනන්තරයක නෙමේ, ස්වභාවික පරිසරයක කියන එක. අනෙක අපට ස්වභාවධර්මය නැතිව ජීවත්වෙන්න බෑ කියන එක. ගහකින් වෙන සේවයට මිලක් දෙන්න බෑ. අපි මෙතෙක් කල් ස්වභාව ධර්මයට වටිනාමක් දුන්නෙ නෑ.

ගහක් කියන්නෙ ධන උල්පතක්. අපි ඒ අර්ථයෙන් තමයි පැළ හිටවන්න පටන් ගත්තෙ. අපිට මේකට බොහෝ දෙනා සහාය දෙන්න ඉදිරිපත් වුණා. විශේෂයෙන් සංගක්කාර, රොෂාන් මහානාම, සනත් ජයසූරිය වගේ ජනප‍්‍රිය කි‍්‍රකට් ක‍්‍රීඩකයන්, පුෂ්පරාජ්, ඩිලන්ත මානගමුව වගේ ක‍්‍රීඩකයො, රොෂාන් රණවන වගේ ජනප‍්‍රිය නළුවො අපට සහයෝගය දෙනව. මේක මගේ වැඩක් නෙමේ. බොහෝ දෙනාගේ එකතුවක්. මේකෙන් අපි බලාපොරොත්තු වෙනව පරිසර හිතකාමීන් ලොව පුරා එක තැනකට ගොනුකරන්න. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ සෝවියට් විප්ලවය වගේ චින්තන විප්ලවයක් ඇතිකරන්න.

ප‍්‍රශ්නය - කොහොමද ජාත්‍යන්තර වශයෙන් මේකට තියෙන ප‍්‍රතිචාර...

පිළිතුර - ලෝකයේ රටවල් සීයක මේක අපි ව්‍යාප්ත කරල තියෙනව. මේක ලංකාව මුල්වෙලා ලෝකයට යන වැඩපිළිවෙළක්. ලංකාව විසින් ජාත්‍යන්තරයට නායකත්වය දීමක් තමයි මේකෙන් වෙන්නෙ. අපේ බලාපොරොත්තුව අපි මේක හො`දින් කරල ලෝකයට ආදර්ශයක් වෙන එක. අපි මේකෙන් දෙන්න උත්සාහ කරන පණිවුඩය තමයි මානුෂික වශයෙන් පරිසරයක් එක්ක එකතුවෙන්න කියන එක. තිරසර සංවර්ධනය කියන්නෙ පරිසරයත් එක්ක යන වැඩක්. අපේ වෝටර්ස් ඒජ් එක ගනිමු. ඒක කොයි තරම් පරිසර හිතකාමී විදිහට නිර්මාණය වෙලා තියෙනවද? එතනට ගියාම හිත නිවෙනව. ඇයි අපට බැරි අනෙකුත් නගර වෝටර්ස් ඒජ් ආදර්ශය අරගෙන නිර්මාණය කරන්න.

ප‍්‍රශ්නය - පවතින තත්ත්වය යටතෙ ලංකාවෙ ආර්ථිකය ගොඩනගන්න වැඩපිළිවෙළක් ඔබ වහන්සේට යෝජනා කළ හැකිද?

පිළිතුර - එතනදි මේ ආණ්ඩුවට සරලව කරන්න පුළුවන් දේවල් තියෙනව. 2015 පැවැති 20 වැනි පැරිස් සමුළුවෙදි කිව්ව දෙයක් තමයි මේ ලෝකයට තවදුරටත් යන්න බෑ 1993 තෙල් හා අඟුරු සැලකිල්ලට අරගෙන සියයට පනහක් අඩුකරන්න ඕන කියල. තෙල් සහ ගල් අ`ගුරු කියන්නෙ මහ ලොකු ධනයක්. පැරිස් සමුළුවෙදි අධි පරිභෝජනවාදයෙන් මිදෙන්නත්, ස්වභාවධර්මය ආරක්ෂා කරන්නත්, විකල්ප බලශක්තිවලට යන්නත්, දුප්පත්කම නැතිකරන්නත්, වස විසෙන් තොර ගොවිතැනට යන්නත් යෝජනා කළා. හැබැයි අද වෙද්දි ඒව වෙන්නෙ නෑ. මෑත අවුරුදු පහේ ලෝක බලවත් රාජ්‍යයන් අපට ණය දීල තියෙන්නෙ නගර හදන්නනෙ. පරිසර හිතකාමී සංවර්ධනයකට අපට ආධාර දීල නෑනෙ. එහෙම ආධාර තිබුණත් ඒව අපි අරගෙන නෑ. අපි ක‍්‍රමානුකූලව අරගෙන බැලූවොත් මේකට අපිට තිබුණ ලෝකයේ රටවල් අරගෙන බැලූවොත් නිවර්තන කලාපයීය රටවල් බොහොම දුප්පත්. හැබැයි පරිසරය අතරින් පොහොසත්. බොහෝ ශාක සතුන් වැඩි නිවර්තන කලාපයීය රටවල. ඒ රටවලට බටහිර රටවල සංවර්ධන අච්චු හරියන්නෙ නෑ. උදාහරණයකට බටහිර ගෙවල් උණුසුම් කරන්නෙ නැතිව ජීවත්වෙන්න බෑ. ඒක ඔවුන් කරන්නෙ ගල් අ`ගුරු පුච්චල, නැත්නම් තෙල් පුච්චල. ඒත් අපේ රටවල හීට් කරන්න ඕනෙ නෑනෙ. ගස්වැල් ඕන තරම් තියෙනවනෙ. අපිට සිසිල ගන්න ගස්කොලන් තියෙනව. ඒ නිසා නිවර්තන කලාපයීය රටවලට ගැළපෙන නිවාස ක‍්‍රමයක්, ඇ`දුම් ක‍්‍රමයක් අවශ්‍යයි. අපේ පරණ පන්සල්වල ධර්ම ශාලා ගමුකො. ඒවායෙ විදුලි පංකා දාල නෑනෙ. පරසරය සුරැකීමේ ව්‍යාපෘති එකක්වත් අපි සාර්ථකව ක‍්‍රියාත්මක කරල නෑ. අපි සූර්යබල ශක්තිය නංවන්න ඕන සානුබලයන් දීල නෑනෙ. පුනර්ජනනීය බල ශක්තිය 5%ක්වත් භාවිත නොකරන එකම රට අපි වෙන්න පුළුවන්. කැනඩාව, ඇමරිකාව වගේ රටවල් සූර්ය බලශක්තියට ගිහින් තියෙන්නෙ ඉර එළිය නැතිව. අපිට සම්පූර්ණ එළිය තිබිල ඇයි ඒකට යන්නෙ නැත්තෙ. ඊළ`ගට අපේ ගෙවල් ක‍්‍රමය. නිවාස හදනව බටහිර ක‍්‍රමයට. ඊළ`ගට තුන්වැනි කාරණය අපේ ප‍්‍රවාහනය. සරල උදාහරණයක් ගත්තොත් ඉරිදා සෙනසුරාදා සහ නිවාඩු දිනවල බොහෝ දියුණු රටවල් පාපැදියෙන් තමයි ගමන් යන්නෙ. කිලෝමීටර් 20ට අඩුගමන් පාපැදියෙන් යන්න නිර්දේශ කරල තියෙනව. ලංකාවෙ කාර් පාරට දාන මිනිස්සුන්ගෙන් තුනෙන් දෙකක්, ඒ කියන්නෙ 67%ක් ඉන්නෙ කෙටි දුර ධාවකයො. 67%ක් වාහන අඩුවෙනව ඉරිදට පාපැදියෙන් ගියොත්. තෙල් ඉතුරු වෙනව. එතකොට කොරෝනාවටත් ඒක හො`දයි. මම නිතරම කියන්නෙ අපි කොරෝනා ආර්ථිකයක් ගොඩනගන්න ඕන කියන එක. කොරෝනා ආර්ථිකය යටතේ ආරක්ෂාකාරීම ප‍්‍රවාහන ක‍්‍රමය තමයි පාපැදියෙ යන එක.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles