Divaina - ආරක්‍ෂක ලේකම් උමාරියා සමඟ කළ යුද ගිනි දුමාරය....

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

umariya1
 
 පසුගියදා පැවැති 73 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනපි‍්‍රය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ නවතම ගීතයක් නිකුත් කළා. ඒ ‘‘යුද ගිනි දුමාරය.. නමිනි. මෙම ගීතයේ පද රචනය සිදුකර තිබෙන්නේ වර්තමාන ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසිනි. එමෙන්ම ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය සිදුකර තිබෙන්නේ සමිත කුරේ විසිනි. යුද ගිනි දුමාරය අන්තර්ජාලයට නිකුත් කර පැය කිහිපයක් ඇතුළත හොඳ ප‍්‍රතිචාර ලැබී තිබුණා. ඔය අතරේ උමාරියා ‘ද වොයිස්. ශ‍්‍රී ලංකා වේදිකාවේ සිදුකරන පුහුණුකාරිනියගේ භූමිකාව ගැනත් දැන ගන්න අපි ඇයව ඇමතුවා.

 

umariyasinhawansa
 
 ‘යුද ගිනි දුමාරයට. අඩිතාලම වැටුණේ කොහොමද?
 
 ඇත්තට ම මට මේජර් ජනරාල් කමල් ගුණරත්න මහත්මයා කොවිඞ් කාලයේ කතා කරලා කිව්වා මම ගීතයක් ලිව්වා. ඒක ඔයා ලවා ගායනා කරන්න ඕනෑ කියලා. එහෙම තමයි ඔය ගීතයට ආරාධනාව ලැබුණේ. පද ටික දීලා භාතිය අයියා එක්ක කතා කරනකොට සරිගම කි‍්‍රයේෂන්ස් ආයතනයේ සමිත කුරේ තමයි තනුව නිර්මාණය කළේය.
 
 ආරක්‍ෂක ලේකම්ගේ ඉල්ලීම උමාරියාට අහක දාන්න බැරි හින්දා ද මේ ඉල්ලීම භාරගත්තේ?
 
 umariya3අපි කවුරුත් දන්නවා අද අපි භුක්ති විඳින නිදහස අපට ලැබුණේ රණවිරුවන් හින්දා කියලා. රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ට කරන්න තියෙන ගරු කිරීමක් තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම සිදුකරනවා. ඇත්තට ම මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා මේ පද පෙළේ තේරුම් කියලා දුන්නා. සැබැවින්ම මේ ගීතය මියගිය රණවිරුවන් වෙනුවෙන්ම කරපු නිර්මාණයක්. මම කොහොමටත් අර්ථවත් දේවල් කරන්න කැමැතිය’ි තේරුමක් තියෙන නිර්මාණ කරන්න කැමැතියි. ඒ නිසාමයි මම මේ ගීතය භාර ගත්තේ.
 
 ගීතය ගායනා කළාට පස්සේ ආරක්‍ෂක ලේකම්වරයා මොනවද කිව්වේ?
 
 ඔහු මට කතා කරලා කිව්වේ මේ ගීතය අහපු සියලූ දෙනාගේම ඇස්වලට කඳුළු ආවා කියලා. මේ ගීතයේ රූප රචනාව බලපු අයටත් යම් කිසි හැඟීමක් ඇතිවෙන්න ඇති කියලා විශ්වාස කරනවා. මගේ ඇස්වලටත් කඳුළු ආවා. මගේ අම්ම කතා කරලා හොඳට ම ඇඬුවා. ඒ දුක තේරෙන්නේ අම්මා කෙනෙකුට විතරයි. හිතට දැනෙන ගීතයක්. මම හැඟීම්බරව ගායනා කිරීම ගැන සතුටුයි කියලත් කිව්වා. මගේ ගායනය ආරක්‍ෂක ලේකම්වරයාගේ හිතට තදින් වැදුණා කියලත් කිව්වා.
 
 රූප රචනය ගැනත් කතා නොකරම බැහැනේ?
 
 වාසව බදුගේ තමය රූප රචනය නිර්මාණය කළේ. මම හිතන්නේ ඔහු මීට අවුරුදු දෙකකට කලින් භාතිය සන්තුෂ් කරපු සෙබළ පුතු ගීතයේ රූප රචනයත් නිර්මාණය කළේ. කෙටි චිත‍්‍රපටයක් වගේ තමයි රූප රචනය ඔහුට කරන්න ඕනෑවුණේ.
 
 මගේ කොටස ෂූට් කරන දවසේ හොඳටම වැස්සා. වැස්සට කලින් තමයි ෂූට් එක කරන්න හිතාගෙන හිටියේ. වරින් වර මගෙන් ඇහැව්වා කමක් නැතිද වැස්සේ ෂූට් කළාට කියලා. මම කිව්වා ෂොට් එක ලස්සන නම් ෂූට් එක කළාට කමක් නැහැ කියලත් කිව්වා. අන්තිමේ වැස්සෙම ෂූට් කළා.
 
 අලූත් ගීත එකතුවකට සූදානම් වෙනවා කියලත් ආරංචියි?
 
 ඔව්. මම මේ දවස්වල අලූත් ගීත එකතුවක් කරන්නයි හදන්නේ. කොවිඞ් නිසා අපිට තවමත් ප‍්‍රසංග කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි ඉන්නේ. ඒ හින්දයි ලැබුණ නිදහසේ ගීත එකතුවක් ගැන හිතුවේ.
 
 ඇයි මේ හදිසියේම ගීත එකතුවක් කරන්න හිතුවේ?
 
 මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු පහළොවක් විතර වෙනවා. ඒ කාලය තුළ මම තනි ගීත තමයි එළිදැක්වූයේ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙන් ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකක් එක්ක තනි ගීත තමයි එළිදක්වන්නේ. ඒක දැන් වෙනස් වෙලා. ගීත එකතුවලට දැන් මිනිස්සු පුරුදු වෙලා. මේක
 
 ඇත්තටම එළි දක්වන්න තිබුණේ ගිය අවුරුද්දේ. කොවිඞ් නිසා ඒකත් කල්ගියා. මේ අවුරුද්දේ කොහොම හරි ගීත එකතුව එළිදක්වනවා.
 
 ද වොයිස් ශ‍්‍රී ලංකා පුහුණුකාරිණියගේ භූමිකාවට යහපත් ප‍්‍රතිචාර ලැබෙනවාද?
 
 මේ වැඩසටහනේදී මාව වෙනම එළියකින් තමයි මගේ පේ‍්‍රක්‍ෂකයන් දකින්නේ. ගොඩක් හොඳ ප‍්‍රතිචාර තියෙනවා. ඒ වගේම විවේචනය කරන අයත් ඉන්නවා. යහපත් විවේචනයක් නම් මම ඒක යහපත් සිතින් භාරගෙන ඒක හදාගන්නවා. හැබැයි මෙතෙක් දුරට මට ලැබුණේ යහපත් ප‍්‍රතිචාර. මම ඒ ෆ්ලැට්ෆෝට් එකේ ඉන්නේ සාමාන්‍ය උමාරියාම තමයි.
 
 මාව දන්න ගොඩක් දෙනෙක් දන්නවා මම මාර සැහැල්ලූවෙන් ජීවත්වෙන චරිතයක් කියලා. ඔය ඉන්නේ සැබෑ උමාරියාම තමයි. ඒ ඉන්නේ පිටපතකට කොටුවුණ උමාරියා නෙමෙය’ි ද වොයිස් ශ‍්‍රී ලංකා වේදිකාවේ අපිට අපිම වෙන්න පුළුවන්. වෙනස් ඇක්ටින් එකක් දාන්න වුවමනා නැහැ. ඒ ගැන මම සතුටු වෙනවා. මොන නාළිකාවක මොන ඉන්ටර්විව් එකකට ගියත් ඒ ඉන්නේ මම මයි. වෙන ප‍්‍රතිරූපයක් මට එළියට දාන්න වුවමනා නැහැ. ඒ ඉන්නේ ඇත්ත උමාරියා.
 
 සින්දුව කියන්නත් කලින් ඔබ බසර් කරලා ඉවරයි. එහෙමත් නැතිනම් හැරිලා ඉවරයි කියලා චෝදනාව තියෙනවා නේද?
 
 මේකේ කන්සෙප්ට් එක ගොඩක් වෙනස්. කටහඬ ඇසූ සැණින් මට කියන්න පුළුවන් ඒ ගායකයා හෝ ගායිකාවට කොහොමද උදව් කරන්න පුළුවන් කියලා. ඔහු හෝ ඇයගේ සැඟවුණු දක්‍ෂතාව එළියට ගන්නේ කොහොමද කියන හැඟීම මට තියෙන නිසයි කියන වචන දෙක තුනෙන්ම මම හැරෙන්නේ.
 
 භාතිය සන්තුෂ්” කසුන්” ශෂිකා ඔබේ තීරණවලට විරුද්ධ වෙලා නැතිද?
 
 ඔව්. අනිවාර්යයෙන්ම වෙනස් දේ එක බලන කට්ටිය ගොඩක් ඒක දකිනවා. අපි තර්ක කරගන්නවා. ඒවා සියල්ලම බොහොම සුහදව තමයි. අපේ සමහර අදහස් එකිනෙකාට වෙනස්. වැඩසටහන අවසානයෙත් අපි කතාබහ කරනවා.
 
 මන්ද පමා උමාරියාගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇතිකළා නේද?
 
 මන්ද පමා මම නොහිතපු විදිහට ටෙ‍්‍රන්ඞ් එකක් වෙලා ගියා. පේ‍්‍රක්‍ෂකයන් ඒ ගීතය හරහා මාව වෙනස්ම විදිහට තමයි දැක්කේ. ඒ වගේ ගීතයක් තමයි මට ඕනෑවුණේ. වෛයිරල් එකක් වගේ ගීතය ගියා. මම බලාපොරොත්තු වුණ දේ ඉෂ්ට වුණා කිව්වොත් නිවැරදියි.
 
 අමරසිරි පීරිස් මහතා සමඟ කළ ගීතය හිතපු තරම් ජනපි‍්‍රය වුණේ නැහැ නේද?
 
 ඇත්තට ම මෙහෙමයි. ඒක අපිට සැලසුම් කරලා එළිදක්වන්න තිබුණේ. මමත් ඒක නොදැන තමයි යූ ටියුබ් එකට අප්ලෝඞ් කරලා තිබුණේ. ඇත්තට ම ඒක ලස්සන ගීතයක්. වීඩියෝ එක් කරලා තමයි රිලීස් කරන්න තිබුණේ. මටත් නොදැනුවත්ම තමයි රිලීස් වෙලා තිබුණේ. අපරාදේ ඒ වගේ හොඳ ගීතයකට අපි සැලසුමක් කරන්න ඕනෑ. අපිට හැම දෙයක්ම කරන්න වෙලාවක් තියෙනවා. නමුත් ඒක ලස්සන ගීතයක්.
 
 සින්දුවක් ජනපි‍්‍රය කරන්න මියුසික් වීඩියෝ එකක් ඕනෑද?
 
 අද කාලේ සියල්ල ඩිජිටල් වෙලානේ තියෙන්නේ. හැමෝම ළඟම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවානේ. මොබයිල් එකේමනේ අද කාලේ ගොඩක් දෙනෙක් ඉන්නේ. ඒ වගේ කාලයක මම හිතනවා මියුසික් වීඩියෝ එකක අවශ්‍යයි කියලා. හැබැයි අපිට සින්දුවකිනුත් පුළුවන්. නමුත් කාලයක් එක්ක අපි වෙනස් වෙන්න ඕනෑ.
 
 දිනේෂ් විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles