Divaina - තාත්තා ගැයූ ගී ජනපි‍්‍රය කරන්න තව කවුරුවත් වුවමනා නැහැ..... දුව වයංගා මීවිතට කතා කරයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 old1
 
 
old380 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවඟ තුඩු දුන්නේ ඔහු ගැයූ ගීතයි. ජේත්තුවට හැඳ පැළඳගත් මෙම ආකර්ෂණීය තරුණයා ප‍්‍රසංග වේදිකාවට ගොඩවන තුරු නෙත් නොසලා බලා සිටි රසික රසිකාවියන් මෙපමණ යැයි කිව නොහැකිය.
 
 මේ දෙව්මැඳුරේ, සමාව ඉල්ලා, දීග නොයන් රත්තරනේ, අවන්හලක ඉපදී, මහ සයුරේ, වාරු නැෙඟන සිත වැනි සොඳුරු ගී පොකුරක් සමග එදා සංගීත ප‍්‍රසංග වේදිකාව රසයෙන් කුල්මත් විය.
 
 
  80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවඟ තුඩු දුන්නේ ඔහු ගැයූ ගීතයි. ජේත්තුවට හැඳ පැළඳගත් මෙම ආකර්ෂණීය තරුණයා ප‍්‍රසංග වේදිකාවට ගොඩවන තුරු නෙත් නොසලා බලා සිටි රසික රසිකාවියන් මෙපමණ යැයි කිව නොහැකිය. මේ දෙව්මැඳුරේ, සමාව ඉල්ලා, දීග නොයන් රත්තරනේ, අවන්හලක ඉපදී, මහ සයුරේ, වාරු නැෙඟන සිත වැනි සොඳුරු ගී පොකුරක් සමග එදා සංගීත ප‍්‍රසංග වේදිකාව රසයෙන් කුල්මත් විය. 80 දශකයේ ෂෙල්ටන් මුතුනමගේ සහ ප‍්‍රසංග වේදිකාව බැඳී තිබුණේ ලිහී නොයනා බැම්මකිනි. මන්ද ඔහුව දකින්නට, ඔහුගේ හඬ විඳින්නට, ඔහුව ඉල්ලා හඬ නඟන්නට වේදිකාව පාමුලට ආ පිරිස අපමණය.
 
 දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු පසුගියදා මීගමුව රෝහලේදී සිය ජීවන වේදිකාවට නිමාව දුන්නා. ජීවන වේදිකාවට නිමාව දෙන වනවිට 73 වැනි වියේ පසුවුණා. ඔහු දශක හතරක් ගායන ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකළා.
 
 සිය පියාගේ වියෝව ගැන දැන ගන්නට අපි ෂෙල්ටන් මුතුනමගේ දියණිය වන වයංගා සිතාරීව ඇමතුවා. සිය පියාණන්ගේ දේහය නිවසේ තබාගෙන ඇය ෂෙල්ටන් මුතුනමගේට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් මීවිතට මෙලෙස දුක්බරව හඬ අවදි කළා.
 
 ඇත්තට ම තාත්තාගේ නැතිවීම හිතා ගන්න බෑ. තාත්තාව හරියට හොරු අරගෙන ගියා වගෙයි. අන්තිමට තාත්තා විශේෂ දෙයක් කිව්වේ නැහැ. හොස්පිටල් යන්න බැහැ කියලා තමයි කිව්වේ. තාත්තා නැතිවුණු දවසට කලින් දවසෙත් ගිහිල්ලා මම බලලා ආවේ. ඊට පහුවෙනිදා පාන්දර තමයි තාත්තා අපිව දාලා ගියේ. තාත්තාට දෙන්න ඕනෑ ගෞරවය ගමේ පිරිස එකතුවෙලා ලබා දෙනවා.
 
 තාත්තාගේ අඩුව පුරවන්න කාටවත් බැහැ කියලයි මම හිතන්නේ. නැතිවුණු දවසේ මාධ්‍ය වගේම මුහුණු පොත හරහා තාත්තාගේ විස්තර තමයි පළවුණේ. තාත්තා රජෙක් වගේ හිටපු මනුස්සයෙක්. තාත්තාට ක්‍ෂේත‍්‍රයේ අයගෙන් වගේම රසික රසිකාවියන්ගෙන් ආශීර්වාදය තිබුණා. මීගමුව රෝහලේ කාර්ය මණ්ඩලය වගේම 20 වැනි වාට්ටුව තාත්තාගේ ජීවිතය බේර ගන්න ලොකු වෙහෙසක් ගත්තා. ලොකු උත්සාහයක් ගත්තා, තාත්තාව තවදුරටත් ජීවත් කරවන්න. අන්තිමට අපිට රෝහල ගෙදර බවට පත්වුණා. ගොඩක් දෙනෙක් තාත්තාගේ සුවදුක් විමසුවා.
 
 තාත්තා ගැයූ ගීත ආපහු තව කවුරුත් ජනපි‍්‍රය කරන්න වුවමනාවක් නැහැ. ඒ ගීත ජනපි‍්‍රය වෙලා ඉවරයි. මම මේ වෙනකොට ක්‍ෂේත‍්‍රයට එන්න අදහස් කරලා තිබෙනවා. ඒ වගේම තාත්තාගේ සියලූම ගීතවල අයිතිය මට පැවරුවා. තාත්තාගේ ගීත එහෙම ම තියේවි. ඒ ගීත ආපහු වෙන කාටවත් දෙන්න වුවමනාවක් නැහැ.
 
 80 දශකයේ තමයි තාත්තා සින්දු කියන්න පටන් අරන් තියෙන්නේ. 2015 අවුරුද්දේ අපි මීගමුව ආවේමරියා ඔඩිටෝරියම් එකේ සහෝදර ශිල්පීන් පිරිවරාගෙන තාත්තාගේ සංගීත දිවියේ 35 වැනි වසර සැමරුවා. මේ අවුරුදු තිස්අටට ම තාත්තා ගීත 35කට වඩා ගායනා කරලා නැහැ. අවුරුදු පහළොවක් විතර තාත්තා ක්‍ෂේත‍්‍රයේ රැුඳුණේ මුලින්ම ගයපු ගීත කිහිපයකින්. ‘මගේ සිත සිහින විමන්, ලොවම හඬා කියාවී, මේ දෙව්මැඳුරේ, සමාව ඉල්ලා කියන ගීතවලින් තමයි තාත්තා මුලින්ම ජනපි‍්‍රය වෙන්නේ. ඊට පස්සේ තාත්තා ගයපු මහ සයුරේ ගැඹුරු දියේ ගීතයත් අතිශයින් ජනපි‍්‍රයත්වයට පත්වුණා.
 
 මෙම ගීතය තාත්තා විජය කුමාරතුංග අංකල් එක්ක යුග ගීතයක් විදිහට ගයන්නයි හදලා තිබුණේ. විජය අංකලූයි තාත්තයි කෝච්චියේ එකට කොළඹ ඉස්කෝලේ ගිහින් තියෙන්නේ. පාසල් කාලේ ඉඳන් තාත්තයි විජය අංකලූයි සමීප යාළුවෝ. මහ සයුරේ ගීතය පටිගත කරන්න දවස් තුනකට කලින් විජය අංකල් ඝාතනයට ලක්වෙන්නේ. ඊට පස්සේ තාත්තා විජය අංකල්ට ගයන්න නියමිත කොටසට කවුරුවත්ම නොගෙන තාත්තාම ගැයුවා. විජය අංකල් මියගිය මොහොතේ අපි හිටියේ කොළඹ මහ රෝහලේ ලෙඩෙක් බලන්න ගිහින්. ඒ වෙලාවේ රෝහලේ මහ කලබලයක් නිසා තාත්තා ගිහින් ඇයි කියලා අහලා තියෙනවා. කවුද කියලා තියෙනවා විජය කුමාරතුංගට වෙඩි තියලා කියලා. ඒ වෙලාවේම තාත්තා ගිහින් විජය අංකල්ගේ දේහය බැලූවා. දැන් ඔය සීදුවේ විජය කුමාරතුංග රෝහල ඉදිරියේ තියෙන විජය කුමාරතුංග පිළිරුව හදලා තියෙන්නේ කැලයක තියාගෙනලූ. ඒ කාලේ භීෂණ තිබුණු කාලයක්. ඒ රූපයේ හරි වැරදි බලන්න යන්න හැමෝම බයවුණාලූ. තාත්තයි තව කවුද එක්ක එතැනට ගිහින් ඒ රූපයේ නිවැරදි විය යුතු තැන් පෙන්වලා දීලා තියෙනවා.
 
 සංගීත සංදර්ශන සම්බන්ධීකරණය ලංකාවට හඳුන්වාදුන්නේ මගේ තාත්තා. එක දවසට තාත්තා සංගීත සංදර්ශන තුන හත කරලා තියෙනවා. හරිම කරුණාවන්තයි. ජනපි‍්‍රය කෙනෙක් කියලා නැහැ. කෙනෙකුගේ ගෙදරක කුස්සියට ගිහින් බත් කටක් බෙදාගෙන කන්න තරම් නිහතමානීකමක් තාත්තා ළඟ තියෙනවා. ගෙදරදී නම් තාත්තාට ඉක්මණින් කේන්ති යනවා. හැබැයි ඉක්මණින්ම ඒ කේන්තිය නිවෙනවා. සංගීත ලෝකයේ තැනකට එන්න තාත්තා මුල්කාලේ ගොඩක් දුක් විඳලා තියෙනවා. තාත්තා කියනවා ඒ කාලේ සංගීත සංදර්ශනයකට යද්දී පත්තරයකුත් අරන් යනවලූ. ඒ පත්තර අරන් යන්නේ කියවන්න නම් නෙමෙයි. සංගීත සංදර්ශන ඉවර වෙන්නේ මහ ?නේ. ආපහු ගෙදර යන්න බස් නොතිබුණොත් බස් හෝල්ට්වල ඒ පත්තරේ එලාගෙන නිදාගන්නයි. යුද්දෙ තියෙන කාලේ තාත්තා ලංකාවේ හැම තැනකම යුද හමුදා කඳවුරුවලට ගිහින් ගීත ගැයුවා. ගොඩක් ගායකයෝ ඒ කාලේ යුද භීෂණය තිබුණ ප‍්‍රදේශවලට යන්න බය වුණා. අපිත් තාත්තා ඒ ප‍්‍රදේශවලට යනවට බය වුණා. ඒත් තාත්තා අපි ඒ අය වෙනුවෙන් ගිිහින් සින්දු කියන්න ඕනෑ කියලා ඒ පළාත්වලට ගියා.
 
 මගේ ගායන හැකියාව තිබුණාට මම ගායනයට එනවාට තාත්තා කැමති වුණේ නැහැ. මොකද තාත්තා ගොඩක් දුක් මහන්සි වෙලානේ ක්‍ෂේත‍්‍රයේ නමක් දිනා ගත්තේ. මටත් ඒ දුෂ්කරතා විඳින්න වෙනවාට තාත්තා කැමති වුණේ නැහැ. තාත්තා එයා එයාගේ ගීතවල අයිතිය මට පවරලා තියෙන්නේ. තාත්තාගේ ඒ ගීත වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්න මට පුළුවන්. අපි ජීවත් කළේ, මට අකුරක් හරි ඉගැන්නුවේ අපි අද මේ තත්ත්වයෙන් ඉන්නේ තාත්තා ඒ ගීත කියලා හම්බ කළ දෙයින්. මම ඒ දේවල්වලට අගෞරවයක් කරන්නේ නැහැ. ගොඩක් අය දැන් තාත්තා සින්දු කියන්නේ නැහැ නේද අහලා මේ ගීත ඉල්ලනවා. හැබැයි මොනම හේතුවක් නිසාවත් තාත්තා දුක් මහන්සිවෙලා ජනපි‍්‍රය කරපු නිර්මාණ තව කාටවත් ජනපි‍්‍රය කරවන්න දෙන්නේ නැහැ. එයාල කියන්නේ තාත්තගේ ගීත ජනපි‍්‍රය කරවනව කියලා. තාත්තාගේ සින්දු කවුරුවත් ජනපි‍්‍රය කරන්න ඕනෑ නැහැ. ඒ ගීත තාත්තා ජනපි‍්‍රය කරලා තියෙන්නේ. මේ මෑතක ගොඩක් ජනපි‍්‍රය කෙනෙක් තාත්තාගේ ගීතයක් ඉල්ලූවා. නමුත් මම කාටවත් තාත්තාගේ ගීත දෙන්නේ නැහැ. මම හිතන්නේ මම අරන් තියෙන්නේ ආත්මාර්ථකාමී තීරණයක් නෙමෙයි කියලා. මේ වෙද්දී තාත්තා කරගෙන ගිය සංගීත සංදර්ශන සම්බන්ධීකරණ කටයුතු මම ඒ ආකාරයෙන්ම කරගෙන යනවා.
 
 තාත්තා හරිම ආසයි යාළුවෝ එයාව බලන්න එනවාට. පුදුම යාළුවෝ ගොඩක් තාත්තා ඉන්නේ. තාත්තා අසනීප වුණ වෙලාවේ හැමෝම එකා වගේ එකතුවෙලා උදව් කළා. මුලින්ම තාත්තා අසනීප තත්ත්වයක් ගැන දැනගෙන හිටියේ නැහැ. පස්සේ පරීක්‍ෂණයකට ගිය වෙලාවෙයි මේ ගැන දැනගෙන තියෙන්නේ. මුලින්ම අපි පුද්ගලික රෝහලකටයි තාත්තාව අරගෙන ගියේ. එතැනින් අපිට කිව්වා තාත්තාව රජයේ රෝහලකට අරගෙන යන්න කියලා. ඒ අනුව අපි තාත්තා කොළඹ මහ රෝහලට ඇතුළු කළා. එතැනින් සුවපත් වෙලා තාත්තා ගෙදර ඇවිත් ඉද්දි ආයෙත් අසනීප වුණා. නැවතත් තාත්තාව මීගමුව රෝහලට ඇතුළු කළා. ඒ අවස්ථාවේ වෛi මහේන්ද්‍ර ඇතුළු සියලූම කාර්ය මණ්ඩලයම තාත්තාට ගොඩක් උදව් කළා.
 
 ධම්මිකා සුරංජි පතිරණ

විශේෂාංග

sikuru

සිනමා කලා

chat250

නවලිය

gauat250

දියග

oththu250

මීවිත

shelton250

More Articles