Divaina - මිහිරට වඩා භූතයයි රෝසයි ජනප‍්‍රියයි... මොන ප‍්‍රශ්න ආවත් මේක අතහරින්නේ නැහැ...!

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

bootaya1
වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය කියන මාධ්‍ය ත‍්‍රිත්වයේම ඔහු සැබෑ දක්‍ෂයෙක්. අපේ භාෂාවෙන් කියනවානම් ඔහු වැඞ්ඩෙක්. මොකද ඔහු කරන වැඬේ හරියටම කරනවා. එසේම ඊට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. ඒ නිසාමයි භූතයයි රෝසයි මේ තරම් ජනප‍්‍රිය. ඔහු නමින් මිහිර සිරිතිලක. අපි කියන කතාවට වඩා ඔහුකියන කතාව වැදගත් නිසා අපි කෙලින්ම ඔහුගේ කතාව කියවමු.

රසිකයෝ මිහිරට කතා කරන්නේ භූතයා කියලද? රෝසා කියලද?

ඔය දෙකම කියලා මට කතාකරන අය ඉන්නවා. මේ වන විට යන තැන්වලදී නම කියවෙනෙ නැති තරම් අවස්ථා නැතුවා නොවේ.

මේ චරිත දෙක ගැන මොකද හිතෙන්නේ?

මට ලැබෙන චරිත ඉතා වුවමනාවෙන් ආදරයෙන් කරන කෙනෙක්. මේ කතාවේ භූතයා කියන චරිතයට අපිට ආදේශ කරගන්න චරිත නැහැනේ. ඉතින් ඒකට අපි විසින්ම හදා ගත් චරිතයක් තමයි කරන්න වෙන්නේ. මගේ අනිත් චරිතය වන රෝසාගේ චරිතයට අධ්‍යක්ෂකතුමා සමග කතාකරලා යම්කිසි අදහසක් එකතුකර ගන්න පුළුවන් වුණා.

භූතයා වගේ මනඃකල්පිත චරිතයක් මිනිසුන් අතරට ගෙනියන එක හරි අමාරු වැඩක්. ඒ අභියෝගය ජයගත්තේ කෙසේද?

පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා සමග මම සාකච්ඡුාකර භූතයා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියා මම අවසානයේ නිගමනයට ආවා. වුවමනාවට වඩා අධිතාක්ෂණ තැනක තියලා ප්ලේ නොකර ගමු කියලා. එලෙස තමයි ඔය චරිතය බිහිකරගත්තේ.

ඉ`ගිබි`ගි ගැනත් කතා නොකරම බැහැනේ?

මමයි චින්තක පීරිසුයි පිටපත් රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් තමයි මේ නාට්‍ය විකාශනය වන්නේ. දැනට කොටස් හතළියක් පමණ විකාශනය වෙලා තියෙනවා.

මිහිර දැන් අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක්?

මම කොහොමටත් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළා සහ ඒවා අපි කණ්ඩායම තමයි නිෂ්පාදනය කළේ. මේකත් අත්හදාබැලීමට තමයි අපි නිර්මාණය කළේ.

කොවිඞ් 19 වේදිකාවට මෙන්ම සිනමාවට දරුණු ප‍්‍රහාරයක් එල්ල කළා නේද?

සහරාන් ප‍්‍රහාරය එල්ල කරන වෙලාවේ අපි සිටියේ ලන්ඩන් නුවර මැන්චෙස්ටර්වල අපි ප‍්‍රසංගයකට ලයිට් හයිකරමින් සිටියේ. ඒකත් එක්ක අපි දර්ශනය නැවත්තුවා. ඒ විතරක් නොවෙයි අපිට ලන්ඩනයේ, සහ ඉතාලියේ තිබුණ මාස එකහාමාරක දර්ශන පවා නතර කරන්න සිදුවූවා. ඉන්පසු අපි ලංකාවට ආවා. ඒ මොහොතේ ඉ`දන් එකම එක වතාවක් ටවර් හෝල් ර`ගහල පදනමේ කොවිඞ් පළමු රැුල්ල අවසානයේ නාට්‍ය වසන්තයක් ඇතිකරන්න උත්සහ කළා. එතනදී වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා හැරෙන්න වේදිකා නාට්‍ය කෙරිලම නැහැ.

සිනමාවේ?

සිනමාවේ අලූතින් නිෂ්පාදන කටයුක්තක් කෙරෙන්නේ නැති තරම්. කෙරෙන්නේ නැත්තේ මෙම වසංගත කාලයේ අවසානය අපිට හිතාන්න බැහැනේ. එතකොට එයට දායකත්වයක් දීලා වැඩක් නැහැ කියලා ගොඩක් නිෂ්පාදකවරුන් පසුබාන නිසාම දැන් චිත‍්‍රපට කෙරෙන්නේ නැහැ. කරපු චිත‍්‍රපට ටික තමයි කොහොමින් කොහොමින් හරි තිරගත වන්නේ.

කොරෝනා වසංගතය කලාවට විශාල බලපෑමක් කළා නේද?

කොවිඞ් 19 පමණක් නොවෙයි සහරාන්ගේ ප‍්‍රහාරයත් එයට බලපෑවා. මේ ඕනෑම ව්‍යසනයකදී අපි මුලින්ම නතර කරන්නේ එන්ටර්ටේන්ට්මන් කියන කෑල්ලනේ. ඒක අවසානයේ බලවත්. නැවත මිනිසුන්ගේ වැඩකටයුතු අවසන් වනතුරු නැවත නිර්මාණයකට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ කාලය අපිට හිතාගන්නවත් බැරි කාලයක්. ඕනෑම ව්‍යසනයකදී එන්ටර්ටේන්ට්මන් කියන කොටස තමයි නතර වන්නේ. ඒක තව සෑහෙන කාලයක් බලපාවි.

සරාන්ගේ ප‍්‍රහාරයත් එක්කම කලාවත් නන්නත්තාර වුණා ඒකද ඇත්තම කතාව?

ඔව් ඒකට කොවිඞ් එකතු වුණා. අවසානයේ දෙකම එකතුවෙලා විශාල අපරාදයක් සිද්ධවුණා. අපේ නිර්මාණකරුවෝ මේ වන විට අන්ත අසරණ වෙලා ඉන්නේ.

ඇ`දිරිනීතිය සමයේ මිහිර මොනවද කළේ. අලූතින් දෙයක් හිතනවාද?

ඔව් ගියවර කොවිඞ් වසංගත කාලේ ගෙදරට වෙලා ඉන්න සමයේ තමයි ඉ`ගිබි`ගි කියන නිර්මාණය හැදුවේ. එකේ ගීත රචනය කළෙත් මමයි. වසංගතය අවසානවන විට අපේ සැලසුම් සියල්ල අවසන් කළා. තාක්ෂණය ඔස්සේ ඒ සියල්ල සිදුකළා. ඊට පස්සේ වසංගතය අවසාන වනකොට අපි ඒක නිෂ්පාදණයක් බවට පත්කරලා ප‍්‍රචාරයක් සඳහා අවස්ථාව ලැබුණා. දැන් අපි හිතන්නේ මේක අවසානයේදී කරන්න පුළුවන් වැඩකටයුතු පමණයි.

මෙවර මොනවද අලූතින් හිතන්නේ?

වැඬේ කියන්නේ මේකයි. විශේෂයෙන් එන්ටර්ටේන්ට්මන් පැත්ත දැන් මම වේදිකා නාට්‍ය පැත්ත කරන්න ගත්තොත් රජයේ රැුකියාවක් කරන්න බැහැනේ. ටෙලි නාට්‍ය කරනවා කියන්නේ තව රජයේ රැුකියාවක් කරන ගමන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ සඳහාම කැපවෙලා සිටිය යුතුයි. අපි දැන් මේක අතහැරලා වෙන මොනවාහරි ව්‍යාපාරයක් කරන්න ගත්තොතින් අපේ ජීවිතය පුරාවටම කරපු කැපකිරීම් එකක්වත් වැඩක් නැතිවනවා. එහෙමනම් අපිට කරන්න පුළුවන් මේ මොන ව්‍යසනය අස්සේ හරි නැවත නැවත නිර්මාණ අකාර්යයේ යෙදෙන තැනකට උත්සහා කරන එක විතරයි කරන්න පුළුවන් වන්නේ.

අද දවසේ නළු නිලියන්ගේ ජීවිකාව පිළිබ`දව ගැටළු ඇතිවෙලා තියෙනවා නේද?

කොවිඞ් වසංගතය නිසා මෙම ප‍්‍රශ්නය සීයට සීයක්ම බලපෑවා. කලිනුත් නළු නිලියන්ට ඒ ප‍්‍රශ්නය තිබුණා. නළු නිලියන්ට විතරක් නොවෙයි සියලූ නිර්මාණකරුවන්ට මේ තත්ත්වය බලපෑවා. ආර්ථික අහේනිය කියන එක අපිට ජීවිතය නැතිවන එකක් නොවෙයි. එයට සූදානමින් තමයි අපිමේ රැුකියාව කරන්නේ. නමුත් අපේ එන්ටර්ටේනින් කියන කෑල්ල හලන්න බැරි හින්දා අපි එකේ එල්ලිලා ඉන්නවා. වෙනත් රැුකියාවකට යොමුවන ගමන් ඒ රැුකියාවේ දිගටම යන්න වෙනවා. මේ රැුකියාව අතහරින්න වනවා. ඒ නිසා ඒ පැත්ත අමතක කරලා අපි මේ පැත්තේම ඉන්නවා. මොන ප‍්‍රශ්න ආවත් කලාව අත්හරින්නේ නැහැ.



දිනේෂ් විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles