Divaina - අනුෂ්කාට විරාත්ගේ ටීම් එකෙන් සාදයක්... හාදුවක් ගිය දුරක්... නෝරා ගේ වීඩියෝ එකක් ලීක් වෙලා

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කරීනා දිගටම වැඩ

karee222කරීනා කපූර් කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්’ තමන් ගේ පළමු දරු උපතින් අවුරුදු හතරකට පස්සේ ඇය ආයෙමත් දරු උපතකට සූදානම් වෙනවා’ කරීනා කියන්නේ බොලිවුඩයේ සාර්ථකම නිළියක්’ මොකද දරු ප‍්‍රසූතියෙන් පසුවත් ඇය රඟපෑ චිත‍්‍රපට කිහිපයක්ම සුපර් හිට් බවට පත් වුණා’ ගැබිනියක් වුණා කියලා ඇය කිසිම අවස්ථාවක තමන්ගේ වැඩ පාඩු කරගන්නේ නම් නැහැ’ තායිමූර් ලැබෙන්න ඉන්නකොටත් ඇය චිත‍්‍රපට රූගත කිරීම්වලට සහභාගී වුණා’ මේ දවස්වලත් ඇය කලා කටයුතුවල නියැලෙනවා’

ඒ නිවේදිකාවක් විදිහට’ ඇය මේ විදිහට නිවේදිකාවක් විදිහට පේ‍්‍රක්‍ෂකයින් අතරට එන්නේ ගුවන් විදුලියෙන්’ කරීනාගේ වැඩසටහන ගොඩක් දෙනා අතර ජනප‍්‍රියයි කියල තමයි අපිට ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ’ ඇත්තටම ඇය දිරිය කාන්තාවක්’ ඒකයි ඇය මොන අපහසුතා තිබුණත් නිතරම උද්යෝගයෙන් වැඩ කරන්නේ’ ඒ වගේම ඇගේ විලාසිතාත් බොහෝ දෙනා අතර කතාබහට ලක් වෙනවා කියලත් නොකියම බැහැ’

 

හාදුවක් ගිය දුරක්...

jakali

බොලිවුඩය කියන්නේ නිතර පුවත් මවන තැනක්’ සමහර  අවස්ථාවල නළු නිළියෝ කොයි තරම් තාත්විකව තමන්ගේ චරිතය කරනවාද කියනවා නම් තිර පිටපතේ නැති දේවල් පවා කරන්න පෙළඹෙනවා’ ඒ වගේ අවස්ථා කිහිපයක් ගැන පහුගිය දවසක බොලිවුඩය ඇතුලේ කතාබහක් ඇති වුණා’ ඒ අතර ජෙන්ට්ල්මන්ට් චිත‍්‍රපටයේ සිද්ධාර්ත් මල්හෝත‍්‍රා සහ ජැකලින් ෆර්නෑන්ඩෝ අතර සිදු වූ සිපගැනීම් දර්ශනයක් ගැන ලොකු අවධානයක් යොමු වුණා’ එහිදී සිද්ධාර්ත් ඉතාමත් තදින් ජැකලීන්ගේ දෙතොල්  සිපගැනීමේ දර්ශනය තමයි මේ තරම් ආන්දෝලනයක් ඇති කළේ’ චිත‍්‍රපටයේ තිර රචකයා ස`දහන් කරන පරිදි ඒ වගේ සීන් එකක් කොහොමවත්ම තමන් රචනා කළේ නැහැ කියල තමයි ඔහු කියලා තිබුණේ’ කොහොම නමුත් මේ හාදුව නිසා චිත‍්‍රපටයට ලොකු පබ්ලිසිටි එකක් නම් ලැබුණා’ ඒ වුණත් ජෙන්ට්ල්මන්ට් සුපර් ෆ්ලොප් එකක් වුනේ කවුරුත් හිතපු නැති විදිහට’ මේ වගේම නීල් ඇන්ඞ් නිකිල් චිත‍්‍රපටයෙත් තිර පිටපතේ ඇතුළත් නොවුනු සිපගැනීමේ දර්ශන ඇතුළත් වෙලා තිබුණා’

නෝරා ගේ වීඩියෝ එකක් ලීක් වෙලා

noras

මේ දවස්වල නෝරාගේ වීඩියෝ එකක් අන්තර්ජාලය පුරා වෛරලි යනවා’ වීඩියෝ එකේ තියෙන්නේ මෙහෙම දෙයක්’ සාප්පුවක ඉ`දන් තමන්ගේ කාර් එකට නගින්න ඇවිදගෙන එන නෝරාට මාධ්‍යවේදියෙක් ආයෙමත් ඇවිදගෙන එන්න කියන ඉල්ලීමට ඇය ආපසු හැරී සරාගී විදිහට ඇවිදගෙන ඇවිත් තමන්ගේ කාර් එකට නගින වීඩියෝ එකක්’

සමහර මේ ගැන නොයෙක් කතා කියනවා’ නමුත් නෝරා නම් ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ’ ඇය මේ දවස්වල මියුසික් වීඩියෝ කිහිපයකම රංගනයෙන් දායකවනවා කියලත් අපිට ආරංචි වුණා’ පහුගිය දවසක ඇය ගුරු රන්දෙව් කියන ජනප‍්‍රිය ඉන්දීය ගායන ශිල්පියා ගායනා කළ ගීතයක් වෙනුවෙන් කළ කවර් ඩාන්ස් එකක් පේ‍්‍රක්‍ෂකයින් අතර ගොඩක් ජනප‍්‍රිය වුණා’

අනුෂ්කාට විරාත්ගේ ටීම් එකෙන් සාදයක්

 

anuska1

විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා කියන්නේ මේ දවස්වල බොලිවුඩයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් යුවළක්’ 2017 වසරේ විවාහ වූ මේ දෙන්න දැන් තමන්ගේ පළමු දරුවා ඉපදෙනකම් බලාගෙන ඉන්නේ’ විරාත් කැමැති නැහැ අනුෂ්කා එක මොහොතක්වත් තනිකරන්න’ ඒ නිසා එයා යන යන තැන අනුෂ්කාවත් අරගෙනයි යන්නේ’ විරාත් මේ දවස්වල ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ඩුබායි වලට ගිහින් ඉන්නේ’ හැබැයි තනියම නෙවෙයි’ අනුෂ්කාත් එක්ක’ ඔහු මේ කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායමේ නායකත්වයත් දරනවා’ ඩුබායිවලට වෙලා විරාත්ගේ තරඟ නරඹමින් ඉන්න අනුෂ්කාට අම්මා කෙනෙක් වීම වෙනුවෙන් තමන්ගේ සුබපැතුම් එකතු කරන්න ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායම කටයුතු කළා’ රතු පැහැති අපූරු ඇඳුමකින් සැරසුණු අනුෂ්කා මේ පාර්ටි එකට සහභාගී වුණේ ගොඩක් සතුටෙන්’

අමිල නුවන් මධුසංඛ

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles