Divaina - රුවන්ගි වෙඩින් එක ගත්ත කතාව ඇත්තද?

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

  ru2
 නෑනලා හී චරිතා හින්දා රුවන්ගිට ලැබෙන්නේ අසීමිත ප‍්‍රතිචාරලූ. හැබැයි සැබෑ දිවියේ කරපු ෆොටෝ ෂූට් එකක් හින්දා හරි හරියට ලැබෙන්නේ බැණුම්ලූ. හැමෝම කියන්නේ හොරෙන්ම කසාද බැන්දා කියලාලූ. ඇත්තටම කාටවත් නොකියා වෙඩින් එක අරගත්තාද? ඒ ගැන දැනගන්න මේ කතාව කියලා බලන්නකෝ.
 
 නෑනලා හි චරිතා ලැබෙන්නේ මොන වගේ ප‍්‍රතිචාරයක්ද?
 
 ඇත්තටම හොඳ ප‍්‍රතිචාර තමයි ලැබුණේ. නාට්‍යයට ගොඩක් දෙනෙක් කැමතියි. එ් නිසාම ගොඩක් දෙනෙක් බලනවා.
 
 වෙඩින් එක ගත්තා කියන කතාව ඇත්තද?
 
 ඇත්තටම විවාහ උත්සවය අරගත්තේ නැහැ. ෆි ෂූට් එක තමයි කළේ. ගිය වසරේ නොවැම්බර් මාසේ තමයි මම විවාහ ගිවිස ගත්තේ. ඉන්පසුව වෙඩින්එක ප්ලෑන් කරපු කාලවල ගන්න බැරිවුණා. මේ වනවිට අපි විවාහවෙලා අවුරුද්දක් වෙනවා. සංවත්සරය සමරන්න තමයි හිටියේ.
 
 එතකොට සංවත්සරය සමරන්නත් බැරිවුණා නේද?
 
 ඇත්තටම කරන්න විදියක් නැතිවුණා. නොවැම්බර් 7 වැනිදා තමයි සංවත්සරය සමරන්න හිතාගෙන සිටියේ. එදිනට තමයි වසරක් පිරෙන්නේ.
 
ru1 වෙඩින් එක ඊට කලින් පවත්වන්නද හිතා ගෙන හිටියේ?
 
 ඔව්. වෙඩින් එක ඊට කලින් කරන්න තමයි හිතාගෙන හිටියේ. ගිය වසරේ නොවැම්බර්වල විවාහවෙලා මාස හයකින් වෙඩින් එක ගන්න තමයි සැලසුම්
 
 කරගෙන හිටියේ. ගියවර කොරෝනා වසංගතය නිසා එයත් බැරිවුණා.
 
 මේ වනවිට සැමියාගෙන් ලැබෙන සහයෝගය?
 
 මම කලා ක්‍ෂෙත‍්‍රයේ වැඩ කරනවාට ඔහුගෙන් අකමැත්තක් නැහැ. ඔහු මගේ රසිකයෙක් ලෙස මම ර`ගපෑ ටෙලි නාට්‍ය නරඹනවා අඩුපාඩු තියෙනවා නම් මට කියනවා.
 
 ඔබ ආ ගමන ගැන නැවත හැරී බැලූවොත්?
 
 සතුටුයි” කලාව නිසා ලැබුණ දේවල් බොහෝමයි.
 
 ගොඩක් දෙනෙක් හිතුවේ  රුවන්ගි වෙඩින් එක අරගත්තා කියලානේද?
 
 මම විවාහ ගිවිස ගත්ත කාලේ හැමෝටම කියලා තිබ්බේ තව ටික කාලයකින් වෙඩින්එක ගන්නවා කියලා. මම මනමාලියක් ලෙස සැරසිලා පින්තූර දැම්මට පස්සේ හැමෝම හිතුවේ මම වෙඩින් එක අරගත්තා කියලා. ඇත්තටම අපි වෙඩින් එක කරන්න හිතාගෙන හිටපු කාලයේ කිසිම දෙයක් සැලසුම් කරගන්න බැරිවුණා. ඒ කාලේ කොරෝනා පළමු රැුල්ල නිසා වෙඩින් එක අරගන්න බැරිවුණා.
 
 වෙඩින් එක අරගත්තා කියලා ගොඩක් දෙනෙක් රුවන්ගිට කතා කළා නේද?
 
 ගොඩක් දෙනෙක් කතා කළා සමහරු තරහත් වුණා. හරිම අමාරුවෙන් තමයි පහදලා දුන්නේ වෙඩින් එක අරගත්තේ නැහැ කියලා.
 
 ක්‍ෂේත‍්‍රයේ අයත් ෆොටෝ ෂූට් එක නිසා තරහා වුණා කියන්නේ?
 
 ක්‍ෂේත‍්‍රයේ අය විතරක් නොවෙයි මගේ යාළුවෝ හිතුවා කාටත් නොකියා වෙඩින්එක අරගෙන කියලා.
 
 විවාහ ගිවිසගැනීමේ සංවත්සරය සැමරීමට නොහැකිවීම ගැන දුකක් තියෙනවාද?
 
 ලොකු දුකක් නැහැ. ඒත් වෙලාවකට හිතෙනවා අපරාදේ සංවත්සරය සැමරීමට නොලැබුණේ කියලත් හිතෙනවා. සැමරුම් සාදය සඳහා කීපදෙනෙකුට ආරාධනා කරලත් තමයි තිබුණේ. හැමදේම ලෑස්ති කරලා තමයි තිබුණේ. අවසානේ රටේ ඇති වුණ සිද්ධියත් එක්ක අවලංගු කරන්න සිද්ධවුණා.
 
 ආපසු වෙඩින්එක අරගන්න සැලසුම් කරන්නේ නැද්ද?
 
 ඇත්තටම නැවත සැලසුම්කරන්නේ නැහැ. විවාහවෙලා 07වනදාට අවුරුද්දක් වෙනවානේ. එතකොට මට හිතෙනවා තේරුමක් නැහැ කියලා. මෙවරත් අපි වෙඩින් එක නෙවෙයි ගන්න හිටියේ සැමරුම් සාදය පවත්වන්න තමයි සැලසුම් කරලා තිබුණේ.
 
 - නිලියක්” බිරිඳක් ජිවිතයදෙස ආපසු හැරි බැලූවොත්?
 
 - මම බලාපොරොත්තු වූ සියලූදේම මට ලැබුණා. හරිම සැහැල්ලූවෙන් සතුටින් ජීවත්වනවා කියා මට හිතෙනවා.
 
 කලාවයි පවුල් ජීවිතයයි සමබරව පවත්වාගෙන යන්න පුළුවන්ද?
 
 පවුල් ජීවිතයට තමයි මුල්තැන දෙන්නේ. මගේ වෘත්තිය තමයි ර`ගපෑම මගේ වෘත්තිය කරන ගමන් පවුල් ජීවිතයේ වැඩකටයුතු කරගන්න මට හැකියාව තියෙනවා.
 
 රුවන්ගී මුණුපොතක් නැතිද?
 
 නැහැ. මම මුහුණුපොතේ නෑ. අනික මට කවදාවත් පේෂ්බුක් එකවුන්ට් එකක් තිබිලත් නැහැ. මම ඉන්නේ ඉන්ස්ටර්ග‍්‍රෑම් විතරයි. මට එෆ්.බී. නැහැ.
 
 - එතකොට ඔබේ නමින් තිබෙන ගිණුම්?
 
 ඔව්. මගේ නමින් ගිණුම් තුන හතරක් තිබෙණවා මමත් දැකලා තිබෙනවා. ඒවා දවසින් දවස යාවත්කාලීන පවා වනවා. මීට කලින් එහෙම ගිණුම් තිබිලා නීති ම`ගින් එවා ඉවත් කළා. මෑතක සිට යාවත් කාලීන වන ගිණුම් නීතිය මගින් ඉවත් කරන්න කටයුතු කරනවා. මම කොහොමටවත් එෆ්.බි පාවිච්චි කරන්නේ නැහැ.
 
 දිනේෂ් විතාන

  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles