Divaina - කාගෙද ටේ‍්‍රල...? කවුද කෑල්ල.....? තානායම්පල්ලාගේ සටහන

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

tanayam1
 
 ඩිලාන් ඇක්සලේටරයට තව තවත් බර දැම්මේ ය. කොරෝනාවෙන් අනිවාර්ය නිවාඩු ලබා තානායම් වේටර් රැකියාවට තාවකාලිකව සමුදී සිටිනා වේටර් ඩිලාන් දැන් රැුකියාව ලෙස කරන්නේ තම මාමණ්ඩියට අයත් පාසල් වෑන් රථයට ඉ`දහිට ලැබෙනා හයර් කෑල්ලක රියදුරු ලෙස කටයුතු කිරීමය.
 
 පාසල් වසා දැමීමත් සමගම සුපුරුදු රියදුරු රැුකියාව අහිමි වී ගිය ඩිලාන් ගේ මාමණ්ඩිය ද මේ වන විට කරන්නේ කැත්තත් උදැල්ලත් රැුගෙන තම සුවිසල් ගෙවත්තේ කැලෑ වැදුනු මහ පොළව සමග ඔට්ටු වීම ය.
 
 ඩිලාන් අද මාමණ්ඩියගේ වෑන් රියෙන් යන මේ කුලී ගමන කොරෝනා සෞඛ්‍ය නීති අනුව සිදුකෙරෙනා ගමේ මුදලාලි කෙනෙකුගේ ඥාති මළ ගෙදරකට ය.
 
 හම්බන්තොට, වීරවිල, තණමල්විල පසුකොට වැල්ලවාය මංසන්ධියෙන් ඇල්ල දෙසට හැරවූ වාහනයට දැන් ඇත්තේ අඛණ්ඩ කදු නැගීමකි.
 
 ඩිලාන් වෑන් රථයේ ඇක්සලේටරයට යළිත් බර දැම්මේ ය.
 
 එසැණින් ඩිලාන්ගේ මතකය මීට වසර පහ හයකට පමණ ඈත අතීතය වෙත ඇදී ගියේය. එදා මෙලෙසින්ම වමට සිග්නල් ලයිට් පත්තු කරමින් ඩිලාන් මේ වැල්ලවාය වංගුව ඇල්ල දෙසට අරගත්තේ කුලී පදනමට බදු දෙන තැනකින් අරගත් ටේ‍්‍රලර් වර්ගයේ යතුරුපැදියකිනි.
 
 ඒ තනිවම නොවේ. ඔස්ටි‍්‍රයානු ජාතික නාඹර විදේශික තරුණියක්ද පසුපස අසුනේ තබාගෙන ය. ඇගේ නම ඈන් ය.
 
 ‘‘...වාහන පරිස්සම් කරනු ලැබේ. ත‍්‍රී වීල් රුපියල් පණහයි මෝටර් සයිකල් රුපියල් විසි පහයි...’’
 
 මහ මග පිහිටි සෑම නිවසකම දක්නට ලැබෙන්නේ එම අදහස සහිත නාම පුවරු ය.
 
 ‘‘...සල්පිල පාරේ ඇ`ගිල්ලක් ගහන්න බෑ සෙනග... බයික් එක මෙහෙන් නතර කරලා යන්න සර්...’’
 
 බයිසිකල් සුරැුකුම් ස්ථානයක හිමිකරුවකු පාර මැද්දට පැන ඩිලාන් හට කීවේය. වසන්ත මේලා සැණකෙළිය පැවැත්වෙන සුවිසල් ක‍්‍රීඩාංගණයට තව ඇත්තේ සුළු දුරකි.
 
 දැන් දැන් යතුරුපැදිය ඉදිරියට ධාවනය කළ නොහැකි තරම් ය.
 
 පාර අයිනෙහි වූ ‘‘යතුරුපැදි ප‍්‍රවේසම් කරදෙනු ලැබේ’’ පුවරුවක් සහිත නිවසක මිදුලේ යතුරුපැදිය නවතා හැ`ඩලය ලොක් කළ වේටර් ඩිලාන් පසුපස අසුනේ පැමිණි ඈන්ගේ අතින් අල්ලා ගත්තේය.
 
 ‘‘...හලෝ ඩිලාන්...කොහේද මෙහේ...?’’
 
 ඩිලාන්ගේ මුහුණ පුළුටු විය. ඒ ඩිලාන්ගේ ගමේ චීත්ත අසල්වැසි තරුණයෙකි.
 
 ‘‘...කාගෙද ටේ‍්‍රල... කවුද කෑල්ල... අඬේ සුද්දියක් නේ්ද?...’’
 
 ගමේ තරුණයාගේ ඇස් බැල්ම ඈන් ගේ නාරි දේහය පුරා දිව යන්නේ විදුලි වේගයෙනි.
 
 ‘‘...රෙස්ට් හවුස් එකට ආපු ගෙස්ට් කෙනෙක් බං.. බයික් එක හයර් කරපු එකක්...’’
 
 ඩිලාන්ගේ පිළිතුරෙන් සෑහීමට පත් ගමේ මිතුරා සුරූපී ඈන් දෙස හැරී බල බලා සැණකෙළි සෙනග අතරේ නොපෙනී ගියේය.
 
 ‘‘...හූ ඉස් දැට් ගයි... ඉස් හී යුවර් ෆ්‍රෙන්ඞ්...?’’
 
 ඈන් එසේ විමසන්නේ එම මිතුරා ගේ පැනය සහ ඩිලාන්ගේ පිළිතුර හුවමාරු වන මොහොතේ දේහ ලක්‍ෂණ විද්‍යාවට අනුව ඩිලාන්ගෙන් විද්‍යමාන වූ අප‍්‍රසාදය මිනිස් අභිනය පිළිබ`ද විශ්ව භාෂාවෙන් ඇයට යමක් ඉ`ගි කළ නිසා විය යුතුය.
 
 ඩිලාන්ගේ කඩවසම් දේහයට ගැලපෙන උස මහතින් සහ නාරි දේහයෙන් යුතු ඔස්ටි‍්‍රයානු ජාතික ඈන් සිය මව වන නතාලියා සමග ආසියානු සංචාරයක් ස`දහා ලංකාවට පැමිණ සිටියේ ඉන්දියාව හරහා ය.
 
 ඈන් සමග පැමිණ සිටි ඇගේ මව සිය පියාගේ තුන්වන බිරි`ද වන නිසාදෝ ඈන් සහ නතාලියා අතර එතරම් වයස් පරතරයක් දිස් වූයේ නැත.
 
 එම මව සහ දුව ඩිලාන් සේවය කරනා තානායමට පැමිණීමට පෙර නවාතැන් ගෙන සිට ඇත්තේ උතුරු පළාතේ හෝටලයකය.
 
 එහිදී තරුණ පච්ච ශිල්පියකු විසින් ඔවුන් දෙදෙනාගේම සිරුරුවල ඇ`දුම් වලින් වැසෙනා ඇතැම් ස්ථාන වල පවා කලාත්මක පච්චා කිපයක්ම දම්මවා ගෙන තිබේ.
 
 වේටර් ඩිලාන් ඈන් සමග මෙම සැණකෙළි බිම සොයා පැමිණ සිටින්නේ ඈන්ගේ මවගේ විශේෂ පණිවුඩයක් වෙනුවෙන් එම පච්චා ශිල්පියා නැවත හමුවීමටය.
 
 මේ දිනවල ඔහු මෙම සැණකෙළියේ සල්පිල් කුටියක් බදුගෙන පච්චා දැමීම සිදුකරන බව සිය මව සොයා ගත්තේ කෙසේදැයි ඈන් දන්නේ නැත.
 
 ඇසල මේලා සල්පිලෙහි කඩ පේලිය පටන් ගන්නා තැන සිට ඈතට දිස් වන්නේ එකාට එකා හේත්තු වුනු එකම හිස් ගොඩකි. ඩිලාන් ඈන්ගේ අතින් අල්ලා ගෙන සෙනග පීරා ඉදිරියට ඇදුණේ ය.
 
 ‘‘...නංගී...පච්ච කොටන කඩ තියෙන්නේ කොහේද?...’’
 
 වේටර් ඩිලාන් අසල වූ බූන්දි කඩයක ‘‘...ගන්න අයියේ අපෙනුත් ගන්න..’’ යැයි ආයාචනා කරමින් වෙළ`දාමේ නියැලෙනා බූන්දි තරුණියක වෙත ළංවී රහසින් මෙන් ඇසුවේ ය.
 
 ‘‘..පච්ච කියන්නෙ ටැටූ නේද? අයියේ... ඔය ප්ලාස්ටික් බඩු කඩ පේළියේ දිගට ගිහින් බලන්නකෝ... ටැටූ කියලා ලොකු බෝඞ් එකක් ගහලා තිබුණා වගේ මතකයි...‘‘
 
 තරුණිය එසේ පවසමින් ඇය බූන්දි කිරනා බඞ්රි තරාදිය වෙතට අත තබන්නේ ඇය සතු වෙළ`ද අරමුණ වෙනුවෙන් බව ඩිලාන් නොදන්නවා නොවේ.
 
 එහෙත් පමා වන්නට නොහැකිය. ඈන් ගේ අතින් අල්ලා ගත් ඩිලාන් සෙනග අතරින් ප්ලාස්ටික් බඩු කඩ පේළිය දෙසට ඇවිද ගියේය.
 
 බූන්දි කඩයේ කෙල්ල හරියටම හරි ය. ඈතින් දිස්වන්නේ ටැටූ යනුවෙන් ස`දහන් විවිධ මාදිලියේ පච්ච කෙටූ මස් ගොබ විදහා දැක්වෙන දැවැන්ත ඩිජිටල් ප‍්‍රින්ටින් කටවුට් එකකි.
 
 පච්ච කඩයට ළංවූ ඩිලාන් චකිතය රැු`දි හදින් වට පිට බැලූවේ ය. ‘‘...ටී‍්‍ර...ස්...කිරීස්...’’ හ`ඩින් පච්ච කඩය තුලින් නික්මෙන්නේ තරුණ මස්ගොබ වල නේක මෝස්තරයේ පච්ච සිතුවම් ඇෙ`දනා හ`ඩ ය.
 
 ඈන්ගේ අතින් අල්ලා ගත් වේටර් ඩිලාන් රැුකෙම්වා මියෙම්වා යැයි සිතා පච්ච කඩය තුළට පිවිසුණේ ය.
 
 කඩය තුළ ඇති ෆයිබර් ස්ටූල් වල විවිධ ඉරියව්වෙන් අසුන්ගෙන සිටින්නේ පච්ච කොටවා ගැනීම ස`දහා පැමිණ සිටිනා අත් බාහු මස්ගොබ සහිත තරුණයන් ය.
 
 ඔවුන් සියලූ දෙනා හිස ඔසවා බලන්නේ ඩිලාන් දෙස නොව සුරූපී ඈන් දෙසය.
 
 පච්ච කොටනා කඩයට අයත් තරුණයන් සැරසී සිටින්නේ ද අත්බාහු මැනවින් ප‍්‍රදර්ශනය වන ආකාරයේ අත්නැති ටීෂර්ට් ය. ඒ ඔවුන්ගේ අත්බාහු වල කොටා ඇති පච්චා රූ රටා එතෙක් පච්චා කොටා නැති තරුණයන් හට ප‍්‍රදර්ශනය වනු පිණිස ය.
 
 ‘‘..ටැටූ කරන මනෝජ් අය්යාව හමුවෙන්නය කියලා...’’
 
 වේටර් ඩිලාන්ට ගොත ගැසුණේ ය.
 
 ‘‘...ඔව්... කවුද ඔයා?...’’
 
 ම`දක් අන්ද මන්ද වූ ඩිලාන් ආයාසයෙන් උගුර පෑදුවේ ය.
 
 ‘‘...මම අහවල් තානායමේ වේටර් කෙනෙක්... මම ආවේ අර ඔයාගේ හිතවත් නතාලි කියන සුද්දිගේ...’’
 
 පච්ච ශිල්පියා ඩිලාන් දෙස දෑස් විශාල කරද්දී ඈන් ඔහුට අතට අත පෑවේය.
 
 ‘‘...හායි මනෝජ්... වී ආ මීට් අගේන්...’’
 
 පච්ච ශිල්පියා විමතිය මුසු දෑසින් ඈන් දෙසත් ඩිලාන් දෙසත් මාරුවෙන් මාරුවට ගෙල හැරවූයේය.
 
 ‘‘...එස්කියුස් මී... මල්ලි පොඞ්ඩක් මෙහට එන්න...’’
 
 පච්ච ශිල්පියා ඈන් මගහැර ඩිලාන් පසෙකට කැ`දවා ගත්තේය.
 
 ‘‘...කරුණා කරලා මෙයාව මෙතනින් එක්ක යන්න... මට ඒ නතාලියා කියන අම්මයි ඈන් කියන මේ දුවයි සෙට් වුණේ වව්නියාවෙදි.
 
 දෙන්නගෙම යටි බඬේ පච්ච දාන්න ගිහින්්... මම මෙයාගෙ පච්ච දෙකක්ම දැම්මා. හුවමාරු වෙන දේවල් අපි හුවමාරු කරගත්තා. ඒනිසා කොටපු පච්ච එක්ක අපි අළෙවියෙන් පසු සේවයක් නෑ මල්ලී...’’
 
 පච්ච ශිල්පියා ඈන් හට නෑසෙන සේ රහසින් මෙන් කීවේය.
 
 ‘‘...ඒක හරි අයියා... ඒ උනාට ඒ නතාලි කියන ඈන්ගේ අම්මා ඈන්ව මේ විදියට මා එක්ක එව්වෙ අර ඔයාට ඉඩමක් ගන්න ඇඞ්වාන්ස් එකක් දෙන එකක් ගැන කතා කරගන්න කියලා...’’
 
 ඩිලාන් යටහත් හ`ඩින් කියා සිටියේ ය.
 
 ‘‘...පිස්සුද මල්ලි... ලොවෙත් එපා... මෙයාලා කාගෙ කුඩු ද බිස්්නස් කරන්නෙ කියලා ඔයා දන්නවද?... නෑනේ... එක්ක යන්න මල්ලී... ඔයා උපාය ¥තයෙක්ද මම දන්නෙත් නෑ... කොටින්ම ඒක මම ජීවිතේ දාපු තවත් එක පච්චයක් විතරයි... ඒ නිසා ආපු දිහාවකටම එක්ක යන්න මල්ලී මෙයාව.... තරහා වෙන්න එපා...’’
 
 එසේ පැවසූ පච්ච ශිල්පියා නැවත ටැටූ මැෂිම ක‍්‍රියාත්මක කරමින් කොටමින් සිටි පච්චය වෙතට ළංවිය.
 
 දෙළොවක අතරමං වූ ඩිලාන් හිස කසමින් ඈන් දෙස හැරී බැලූවේය. ඇය බරපතළ දුරකථන සංවාදයකය. ඒ කා සමගද?
 
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles