හර්ෂණ දවුලගල
ලෝක ප්‍රසිද්ධ රියැලිටි ෂෝ එකක් වෙන Junior MasterChef Australia ජයග්‍රහණය කරන්න ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ජෝර්ජියාට හැකියාවක් ලැබුණා.
ඇයගේ පියා සහ ආච්චි (පියාගේ මව) දෙදෙනාම ශ්‍රී ලාංකිකයන්. වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි ජෝර්ජියා මුළු තරගාවලිය පුරා ශ්‍රී ලාංකීය ආහාරවලට ලොකු තැනක් දීම කාගේත් කතාබහට ලක්වුණු කාරණයක්.
කෑම සෑදීමට තමන් තුළ ඇති දැඩි කැමැත්ත නිසාම තරගාවලියට සහභාගි වූ බවටයි 11 හැවිරිදි ජෝර්ජියා ප්‍රකාශ කළේ.
වයස අවුරුදු තුනේ සිට ඉවුම් පිහුම් කටයුතුවලට සහභාගි වුණ ජෝර්ජියා හට මුල්ම ගුරුහරුකම් ලැබෙන්නේ අම්මාගෙන්. එහෙත් ආච්චිගෙන් ලැබුණු ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය ජෝර්ජියාව ඒ පැත්තට නිරායාසයෙන්ම තල්ලූ කළා.
ජෝර්ජියා වැඩියෙන්ම කන්න නම් කැමති චීන කෑම. ඇයගේ ලෝකයේ සුපිරි වීරයන් වෙන්නේ ප්‍රසිද්ධ සූපවේදීන් වන Poh Ling Yeow" Emelia Jackson iy Laura Sharrad' මොවුන් සියල්ලන්ම MasterChef Australia හි පසුගිය තරගාවලිවල තරගකාරියන්ද වෙනවා.
ජෝර්ජියා ඉවුම් පිහුම්වලට පමණක් නෙමෙයි ටෙනිස් ක්‍රීඩාවට සහ මිශ්‍ර සටන් කලාවට (Mixed Martial Arts) ඉතා ඇලූම් කරන්නියක්.
මෙවර Junior Master Chef Australia තරගාවලිය පැවැත්වුණේ තුන්වෙනි වතාවට. ඒ දෙවනි තරගාවලිය පවත්වා වසර නවයකට පසුවයි.
මෙම තරගාවලියේදී වයස අවුරුදු 9 සිට 14 දක්වා වන තරගකරුවන් 14 දෙනෙක් සති 5 ක් පුරාවට තරග වැදුණා. තරගාවලිය ජයග්‍රහණය කළ ජෝර්ජියාට ලැබුණු ත්‍යාගය ඩොලර් 25,000 ක්.
තරගාවලිය පුරාවටම ජෝර්ජියා හදපු කෑම ටික දැක්කම ඔයාලට හිතාගන්න පුළුවන් වෙයි මේ අවුරුදු 11 ළමයගේ හැකියාව.
1. කර`දමුංගු සහ ඉඟුරු මිශ්‍ර අයිස්ක්‍රීම් සමඟ කර`දමුංගු, ඉඟුරු, ගම්මිරිස්, කුරුඳු සහ කරාබුනැටි මිශ්‍ර ටාර්ට් එකක්
2. මී පැණි, දෙළුම්, පෙයාර්ස් ඇතුළත් ටි්රෆ්ල් එකක්
3. දෙහි, පැෂන්ෆෘට් සහ පොල් මිශ්‍ර ඩෝනට්ස්
4. මී පැණි සහ ලෙමන් මිශ්‍ර ටාර්ට් එකක්
5. අල කිරට සහ අල තෙලට සමඟ පොල් රොටි
6. කජු කරිය, ඌරු මස් කරිය, බටු මෝජුව, රයිටා, පපඩම් සමඟ කහ බත්
7. ලෙමන්ග්‍රාස් ග්රැනිටා, රෝස්ටඞ් කොකනට් අයිස්ක්‍රීම් සමඟ මන්ග් එකක්