Divaina - වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමාව තුනටම සම්මාන ගත්ත එකම කෙනා මම.... උරුමය ඉවත දමයි.... මුලින්ම කළේ මෝටර් මිකැනික් කෝස් එකක්...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

preksha1

 

අද අංගරචනා ශිල්පියෙක්
කතාබහ- - වසන්ත විට්ටච්චි

* ඇරඹුම

1976 වසරේ මම උසස් පෙළ අවසන් වෙලා සෝවියට් සංස්කෘතික මන්දිරයේ රුසියන් භාෂාව පිළිබඳව පාඨමාලාවක් කළා. ඔහොම ඉන්න අතර නිමල් පතිරණ කියල මගෙ යහළුවෙක් නාට්‍යයක් කරන්න අදහසක් ඇති වෙලා ඒ ගැන මටත් කිව්ව. ඒ වෙනකොට මම නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියෙ නැහැ. නාට්‍යයේ නම ‘රත්තෝ’. ලූකස් කියන ආයුධ වෙළෙන්දකුගේ චරිතය තමයි මට ලැබුණෙ. විප්ලවීය චරිතයක් නිසා ලොකු ආන්දෝලනයක් ඇතිවෙලා මේ ගැන රජයේ අවධානය පවා යොමු වුණා.

* පියවරක් ඉදිරියට

මේ අවස්ථාවෙන් පස්සෙ මට හිතුනා රංගනය ගැන තවදුරටත් හැදෑරිය යුතුයි කියල. ඒ අනුව මම ලයනල් වෙන්ට් ශිල්ප ශාලිකාවට ඇතුළත් වෙනව. එතනදි ධම්ම

ජාගොඩ, සරච්චන්ද්‍ර වගේ ප‍්‍රවීණයන් මෙහෙයවපු පාඨමාලාවක් හදාරන්න මට අවස්ථාව ලැබෙනව. ඉන් පස්සෙ ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතේ නාට්‍ය හා රංග කලාව හදාරනව. ඒ අතර ක‍්‍රිෂ්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දුගෙ ‘පැණි හටන’ සහ ‘ගොන් දෙන්නෙක්’ කියන නාට්‍ය දෙකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනව. මේ නාට්‍ය දෙක එම වසරේ කෙටි සහ දිගු නාට්‍ය අංශවලින් හොඳම නාට්‍ය විදිහට සම්මාන  ලබාගන්නව.

* ගමන වෙනතකට

‘පැණි හටන’ සහ ‘ගොන් දෙන්නෙක්’ නාට්‍යයන් අංග රචනා කළේ රංජිත් වික‍්‍රමසිංහ. මම ඔහුට උදව් වුණා. ඒ අතරදි රංජිත් අහනව මේ ෆීල්ඞ් එකට කැමතිද කියල. ඔය විදිහට අවසානයේ මම ඔහුගෙ සහායකයා වෙන තැනටම පත්වුණා. එක දවසක් රංජිත් මට කියනව ශේෂා පළිහක්කාර ෆිල්ම් එකකට සහායකයෙක් හොයනව වසන්ත කැමතිද කියල. මට ඒ වචන ටික ඇහුණම ඉබ්බා දියේ දැම්මා වගේ වුණා. එදා ඉඳන් මම ශේෂා සර්ගෙ සහායකයා විදිහට ආදර කතාව, ක‍්‍රිස්තු චරිතය, මායා සහ මංමුලා වැල් වගේ චිත‍්‍රපට ගණනාවකට මගේ දායකත්වය ලබා දුන්නා.

* ආරාධනයක්

‘ආදර කතාව’ චිත‍්‍රපටයේ සහායක ශිල්පියා විදිහට වැඩකරද්දි නිෂ්පාදකවරයා මගෙන් අහනව අලූත් ෆිල්ම් එකක් කරනව මෙකප් ආටිස්ට් විදිහට එකතු වෙන්න පුළුවන්ද කියල. මම ඒවෙලේ කිව්ව මට දැන්ම ඒ දේ කරන්න බෑ, පලිහක්කාර සර්ගෙන් මට තව ඉගෙන ගන්න තියෙනව කියල. එදා ගත්ත තීරණය ගැන මම අදටත් සතුටු වෙනව.

* හැරවුම් ලක්‍ෂය

80 දශකයේ මැද හරියෙදි සී. බී. වර්ණසිරි අධ්‍යක්‍ෂණය කරන ‘සත්‍යග‍්‍රහය’ චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්නෙ පළිහක්කාර සර්. ප‍්‍රධාන චරිත වුණේ රිචඞ් ද සොයිසා සහ රමණි බර්තොලමියුස්. දවසක් සර් මට කියනව, මමත් ඉන්නවනෙ ඔයා මේ ෆිල්ම් එකේ මේකප් කරන්න කියල. එතන තමයි මගේ ගමනෙ ආරම්භය.

* උරුමය ඉවත දමයි

මගේ තාත්තා පොලිසියේ උසස් නිලධාරියෙක්. ඒ කාලේ සම්ප‍්‍රදාය වුණේ පියාගෙන් පුතාට රැකියාව උරුම වීම. නමුත් මම පොලිසියේ රැකියාවට කොහෙත්ම කැමති නැහැ. සම්ප‍්‍රදාය නිසා මට සම්මුඛ පරීක්‍ෂණයට මුහුණ දෙන්න සිද්ධ වුණා. කොහොම හරි බලෙන්ම මෙඩිකල් ෆේල් වෙලා ඒකෙන් ගැලවුණා. ඊට අමතරව මුලින්ම කළේ මෝටර් මිකැනික් කෝස් එකක්. මේ දේවල් එක්ක බලනකොට මම යොමු වුණේ නොසිතුව පැත්තකට.

* අඩුපාඩු

ලංකාවේ කණ්ඩායම් අනුබද්ධ නාට්‍ය ක‍්‍රමයක් නැහැ. අපිට තවම තියෙන්නෙ ජංගම නාට්‍ය කලාවක්. කොළඹින් පිට නාට්‍ය පෙන්වන්න වෙන්නෙ රංග ශාලාවල නෙමෙයි, රැුස්වීම් ශාලාවල. එවැනි තැනක නිවැරදි ආලෝකය වගේම නාට්‍යයකට උචිත ක‍්‍රමවේද ඇත්තේම නැති තරම්.

* මෙහෙමයි වෙන්නෙ

චරිතයකට කෙනෙක් සූදානම් කරන්න කලින් අපිට ගොඩක් දේවල් තියෙනව අවධානය යොමු කරන්න. මුලින්ම වේදිකා ද, ටෙලි ද, සිනමා ද කියල දැනගන්න ඕන. නාට්‍යධර්මී ද ලෝකධර්මී ද කියල හොයල බලන්න ඕන. අදාළ චරිතයේ වයස, සමාජ තලය, භූගෝලීය පසුබිම,

රැුකියාව වගේ තවත් අංශ ගණනාවක් ගැන හොයල බලද්දි අපිට අවශ්‍ය කෙනාව පේන්න ගන්නව. ඉන් පස්සෙ නිෂ්පාදකවරයා එක්කත් කතා කරල එකඟතාවකට ඇවිත් තමයි අවසන් තීරණය ගන්නෙ.

* ආඩම්බරයක්

අද ගොඩක් දෙනෙක් වැඩ කරන්නෙ එක මාධ්‍යයක විතරයි. ටෙලි කරද්දි සිනමාව මගහැරෙනව. ඒ වගේ. නමුත් එදා මෙදා තුර මගෙන් වුණ සේවාව ගැන ඇත්තටම මට සෑහීමකට පත්වෙන්න පුළුවන්. මොකද ලංකාවේ වේදිකාව, ටෙලි නාට්‍ය වගේම සිනමාව යන මාධ්‍යයන් තුනටම සම්මාන ලබාගත්ත එකම කෙනා මම නිසා. මේ සම්මානය ලැබෙන්නෙ 90 දශකයේදි. ජාතික මට්ටමෙන් ලැබුණු සම්මාන 45කට වැඩි ප‍්‍රමාණයක් මේ වෙනකොට මං සතුව තියෙනවා.

* අභියෝගයක්

ජයන්ත චන්ද්‍රසිරි ‘අකාල සංධ්‍යා’ රූගත කරද්දි ජැක්සන් ඇන්තනීට

‘පිටගම්කාරයෝ’ ටෙලියේ රූගතකිරීම්වලට හදිසියේ යන්න වුණා. දවස් දෙකකට පස්සෙ එනකොට හොඳට වවල තිබුණ රැුවුල කපල. එතනදි මට ආයෙමත් ස්වාභාවික විදිහට රැුවුල හදන්න සිද්ධ වුණා. කොහොම හරි නාට්‍යය රූගතකිරීම් අවසන් වෙලා නැවත බලද්දි ජයන්ත අයියා සහාය අධ්‍යක්‍ෂගෙන් අහල අපි ජැකාගෙ රැුවුල දැම්මෙ මොන සීන් එකේ ඉඳන්ද කියල. මට ඒක ඇති. ඒ අභියෝගය ජයගත්ත බවට වෙන දෙයක් වුවමනා නෑ.

* වගකීම

අපි මුහුණත් එක්ක ගනුදෙනු කරන අය. මට මුහුණක් කළු කරන්න ඕන වුණාම රුපියල් හැටකට විතර පොලිෂ් එකක් ගෙනත් ගාන්න පුළුවන්. නමුත් පහුවදා මම කොහොමද ඒ ශිල්පියාගේ මුහුණ බලන්නෙ. පොඩි වැරදීමකින් ඒ ශිල්පියාගේ ජීවිතයට විනාශ වෙන්න පුළුවන්. මිලියන ගණන් වන්දි ගෙවන්න වෙන්නත් පුළුවන්. හරිම අවදානමක් තියෙන රැුකියාවක්. ඒ නිසා කොතරම් මිල අධික වුණත් ප‍්‍රමිතියකින් යුතු විලේපන තමයි මම භාවිතා කරන්නෙ.

* රස මුසු තැන්

එක දවසක් ‘පුංචිලා’ නාට්‍ය කරද්දි නිහාල් සිල්වාට කොණ්ඩයක් දාන්න වුණා. දැන් වගේ විග් නෑනෙ. ඉතින් පුටුවක වාඩිවෙන්න කියල මම නිහාල්ගෙ කොණ්ඩෙ අලවන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි නිහාල් කිව්ව නිදිමතයි කියල. ඉතිං මම කිව්ව එහෙනම් නිදාගන්න මම මගෙ වැඬේ කරන්නම් කියල. කොහොම හරි මගේ කාරිය ඉවරවෙලා නිහාල්... නිහාල්... නැගිටින්න කියල කතා කළා. නිහාලූත් නිදිගැට කඩල ඔළුවයි මූණයි

අතගාගෙන නැගිට්ට. හිතාගන්න පුළුවන්නෙ. අලවපු කොණ්ඩෙ අතට ආවා. නිහාල්ටත් දැන් අවුල්. මොකක්ද කරන්නෙ කියල මගෙන් අහනව. මොනව කියන්නද?. මම කිව්ව ආයෙ නිදාගන්න කියල.

* නවකයන්ට වදනක්

ඇකඩමි වලින් පිටවෙන ප‍්‍රමාණය දැන් අසීමිත වෙලා තියෙනව. මේ තත්ත්වය ක්‍ෂේත‍්‍රයේ සියලූම දෙනාට බලපානව. ඒ නිසා ඉල්ලූමේ ප‍්‍රමාණයට හොඳම කෙනා විතරක් ක්‍ෂේත‍්‍රයට යොමුකරන්න කියන දේ මතක් කරන්නම ඕන.

ඒ වගේම නවකයන්ට මේ ක්‍ෂේත‍්‍රයේ රැුඳෙන්න නම් පිළිපැදිය යුතු කරුණු කාරණා රාශියක් තියෙනව. වර්තමානයේ ගොඩක් අයගෙ තියෙන ගැටලූව විනය, ගෞරවය, කැපවීම නැතිකම. අපි හැම වෙලාවෙම ප‍්‍රවීණයන්ගෙන් ඉගෙනගත යුතුයි. නිහතමානීකම තියෙනවනම් ඉදිරිය සුබවාදී වෙයි.

ලිව්වේ මහේෂ් එදිරිසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles