Divaina - චරිත් සත්‍යා හැදුවේ ඇයි?... පිටපතේ අකුරකටවත් හානියක් කළේ නෑ...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

charith666
 
  
 
ගැමුණු මහජන” මිණිගංදෑල නිර්මාණය කරපු චරිත් අබේසිංහගේ අලූත්ම නිර්මාණය තමයි සත්‍යා. සත්‍යා නිර්මාණය වුණේ කොහොමද?.  අපි චරිත්ගෙන් එ ගැන අහලා බලමු.
 
 චරිත් සත්‍යා ඔබේ නවතම ටෙලි නිර්මාණය. මේ වෙනකොට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?
 
 හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. අපි මුලින් හිතුවා මේ වගේ ප‍්‍රතිචාරයක් ලැබේවි කියලා. මේ වෙනකොට ස්වාධීන රූපවාහිනී සේවය උඩුගං බලා පිහිනීමක් සිද්ධකරනවා. හිතාමතාම මොට කරපු අපේ රසිකත්වය නැවත ශක්තිමත් කරන්න ස්වාධීන රූපවාහිනිය යම්කිසි පොඩි වෙහෙසක් ගන්නවා. එ් නිසාම ගුණාත්මක නාට්‍යවලට පොඩි ඉඩක් ලැබිලා තියෙනවා.
 
 මේ පිටපත සහ අදහස කාගේද?
 
 මේ පිටපත නාමල් ජයසිංහගේ. එතකොට ගොඩක් වෙලාවට නාමල් ජයසිංහගේ පිටපත අධ්‍යක්ෂණය කරන්න වෙනත් කෙනෙකු-ට දුන්නොත් එය නිර්මාණය කරන කෙනාගේ අදහස තමයි වැඩිපුර ක‍්‍රියාත්මක වෙන්නේ. එතකොට මට ඕනෑ වුණේ නාමල් ජයසිංහගේ පිටපතේ තියෙන එක අකුරක්වත් වෙනස් නොකර ඔහුගේ ඔළුවේ තියෙන විශ්වාස නැවත නිර්මාණය කරන්න. එ්ක නිසා ගොඩක් අය නාමල් කතා කරන මාතෘකාවලට බයයි. දායකවෙන අනෙකුත් අධ්‍යක්ෂවරු ඔවුන්ට ඕනෑ විදිහට වෙනස් කරනවා.
 
 නමුත් චරිත් එ් දේ කළේ නැහැ. එහෙමද?
 
 ඔව්. මම පිටපතේ අකුරකටවත් හානික් කළේ නැහැ. එ්ක මගේ හෘද සාක්ෂියත් නාමල්ගේ හෘද සාක්ෂියත් දන්නවා.
 
 තණමල්විල කොල්ලෙක් නිර්මාණය කරපු රොෂාන් රවීන්ද්‍ර මෙහි ප‍්‍රධාන භූමිකාවක් නිර්මාණය කරනවා. තණමල්විල කොල්ලෙක් ජනප‍්‍රිය වුණ නිසාද ඔහුට මේ අවස්ථාව ලබාදුන්නේ ?
 
 නැහැ. රොෂාන් මේ නාට්‍යයේ රඟපානකොට තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය විකාශනය වෙලා තිබ්බේ නැහැ. තණමල්විල කොල්ලෙක් විකාශනය අවසන් වෙනවාත් සමගම අපේ නාට්‍යයට එ් නාලිකාවේම එ් වෙලාවේම සත්‍යා විකාශනය කරන්න ලැබීම හොඳ අවස්ථාවක්. මොකද තණමල්විල කොල්ලෙක් නාට්‍යයට හිටපු පිරිස නැතිනම් එ් ඕඩියන්ස් එක අපිට එකතු වුණා කිව්වොත් නිවැරදියි. සාමාන්‍යයෙන් නාමල් ජයසිංහගේ පිටපත්වල ගොඩක් වෙලාවට රොෂාන් රවීන්ද්‍ර රඟපානවා. සහෝදරයා නිර්මාණයේ අවසානය වෙන තැන දැක්කොත් එහෙම අජන්තගේ චරිතය බීච් එක පැත්තට ඇවිදිගෙන යනකොට නැතිවෙනවා. හැබැයි සත්‍යා ආරම්භ වෙන තැන ඔබ බැලූවොතින් මිනී පෙට්ටියකින් රොෂාන් මතුවෙනවා. එතකොට මම මේ කියන්නේ කතා දෙක ඇතුලේ සම්බන්ධයක් තියෙනවා කියන එක නෙමෙයි. නමුත් අපි මතු කරන්නේ එක කාරණාවක්. කතාව ඉස්සරහට බලාගෙන යනකොට ඔයාලට තේරේවි.
 
 නාමල් ජයසිංහටත් ඔබ මෙහි රංගනයට අවස්ථාවක් ලබාදීලා තියෙනවානේද?
 
 එ්කත් ඉදිරියේදී පේ‍්‍රක්ෂකයාට ලෙහා ගන්න පුළුවන්වේවි. මෙහි ප‍්‍රධාන වශයෙන් රචකයා සහ අධ්‍යක්ෂවරයා තමයි කතාව ගෙනියන්නේ. ඉතිං මම හිතනවා ඔතැන අපි සංකේත කාරණා දෙකක් තමයි උඩට ගන්න උත්සාහ කරලා තියෙන්නේ. අපි දෙන්නා සොහොන් පල්ලාව ඉන්ටර්වීව් කරන කාරණාවක් තමයි කතාව පටන්ගන්නේ. එතකොට වෙනත්ම ආකාරයකින් මේ කතාවේ බණ්ඩාරගේ චරිතයට හැඩයක් දෙන්න උත්සාහ කරනවා. එ්ක ඉදිරියේදී කතාවේ යම් යම් තැන්වලදී අධ්‍යක්ෂවරයා ගේ සහ පිටපත් රචකයාගේ මොනවා හරි පණිවුඩයක් තියෙනවා නම් එ්ක පිටපතෙන් විතරක් නැතිව එළියට ඇවිත් චරිත දෙකක් හරහා දෙන්න තමයි අදහස් කර ගත්තේ. මම හිතන්නේ නාමල් ජයසිංහ අවුරුදු දහයකට වැඩිය කාලයකින් රඟපාලා නැහැ. එ්ක අපි දෙන්නා ගත්තු තීරණයක්. එහෙමයි කියලා අපි දෙන්නා මේ කතාවේ හැම පේ‍්‍රම් එකේම නැහැ. කතාව මුල ඉඳන් බලනකොට ඇයි අපි එ් තැන්වලට ආවේ කියන එක ගොඩක් අයට ඉදිරියේදී තේරේවි.
 
 ඔබ පසුගිය කාලේ නිර්මාණය කරපු කතාවලට වඩා වෙනස්ම කතාවක් තමයි සත්‍යා කියන්නේ ?
 
 ඔව් මම කරපු ගැමුණු මහරජ” මිණිගංදෑල කියන නිර්මාණවලට වඩා වෙනස්ම නිර්මාණයක් තමයි සත්‍යා කියන්නේ. නමුත් අපි අධ්‍යක්ෂවරු විදිහට එකම රාමුවකට කොටුවෙලා ඉන්න වුවමනාවක් නැහැ. අධ්‍යක්ෂවරයෙකුට ඉතිහාස කතාවෙන්න පුළුවන්” වර්තමනා කතා වෙන්න පුළුවන් අනාගත කතා වෙන්න පුළුවන්” තමන්ට ලැබෙන අභියෝගය ජයග‍්‍රහණය කිරීම තමයි වැදගත්. එ්ක මේ වෙලාවේ විශේෂයෙන් වර්තමානයේ අපි මැතිවරණයක් අබියස ඉන්නේ. ජනතාවගේ ඔළුවට අපේ නිර්මාණ හරහා යම්කිසි දෙයක් අපි ලබාදෙන්න උත්සාහ කරනවා. ඉතිහාස කතා බලන්න අකමැති පිරිසක් ලංකාවේ ඉන්නවා. එ් ගොල්ලෝ හිතනවා ඉතිහාස කතා වැඩක් නැහැ කියලා. එ් පිරිසටත් අපි පණිවුඩ රැුගෙන යන්න ඕනෑ. එ්කට අපි මාධ්‍ය හදාගන්න ඕනෑ.
 
charith1 නාමල්ගේ පිටපතට නළු නිළියන් තෝරාගැනීමේදී මොනවගේ අභියෝගයන්ට මුහුණදීමට සිද්ධවුණාද?
 
 ඇත්තටම කාරණාව නම් මේ කතාව කිව්වා කියලා මෙහි රඟපාන නළු නිළියන්ට අවමානයක් ඇතිවෙන එකක් නැහැ. ඔකේ සර්පිනා වාදනය කරන මුදියන්සේගේ චරිතය කරන්න හිටියේ ජයලත් මනෝරත්න. එතුමා අසනීප වෙලා හිටපු නිසා අපිට එ් චරිතයට ජයලත් මනෝරත්න යොදාගන්න බැරිවුණා. පිටපතත් භාරදීලා හිටියේ. අවුරුදු දහයකට පස්සේ එ් වගේ වැඩක් භාරගෙන බොහොම සතුටින් හිටියේ රඟපාන්න. එතුමා එක්වරම අසනීප වීම නිසා එතුමාට රඟපාන්න බැරිවුණා. අපේ පළමු ප‍්‍රශ්න තමයි එ්ක. ඊට පස්සේ අනෙක් චරිතය රඟපාන්න හිටියේ දයා තෙන්නකෝන් මහත්මයා. එතුමත් අසනීප වෙලා. අන්තිමේ එ් චරිත දෙකම අපේ අතුරින් මේ වෙනකොට වෙන්වෙලා. ඉතිං එ්කට නොදෙවෙනි චරිත දෙකක් අපි තෝරාගත්තා. එ් දෙන්නා බොහොම අපූරුවට එම චරිත නිරූපණය කරනවා. අපිට අනෙක් චරිතවලටත් වෙනස් වූ චරිත ඉදිරිපත් කරන්න ඕනෑවුණා. අපි විශේෂයෙන් වේදිකාවේ ඉන්න විශලා තරුණ නළු නිළියන් පිරිසකට අවස්ථාව ලබාදීලා තියෙනවා. ඔබලා ඉදිරියේදී එ් ගැන දැකගන්න ලැබේවි.
 
 පසුගිය කාලේ ගොඩක් ජනප‍්‍රිය වුණ චරිතයක් තමයි ආනන්ද කුමාරඋන්නැහේ. සත්‍යා නිර්මාණයේදී ඔහුව ඔබ වෙනස්ම පරාසයකට ඇදගෙන යනවා. එ් දේ ඔබ හිතාමතාමද කළේ ?
 
 ඔව්. ඇත්තටම ඔය කතාවේ ආනන්ද කුමාරඋන්නැහේ ගේ චරිතය අවසන් වෙනකොට මිනිස්සුන්ට අද තියෙනවා වගේ සිය දහස් ගණනකින් එතුමාව වැළඳගනීවි. එක අපි දන්නවා. මොකද අපි කතාවේ ඉදිරිය දන්නවානේ. දැනට මේ කොටස් තුන හතරක් ඇතුළතම ආනන්ද කුමාරඋන්නැහේව වැළඳ ගෙන ඉවරයි. ඉතිං ඉදිරියේදී ඔයිට වඩා සෑහෙන මිනිස්සු අතර යාවි. ඔහු ගේ ස්වභාවියන් ඔහුට වෙන අත්දැකීම් වෙනස්වේවි. එ්ක පිටපත් රචකයාගේ දක්ෂතාවය. එ් සිදුවීම් හරි දර්ශනීයයි. එ්ක රූප රාමුවට හදන එක තමයි මට තියෙන අභියෝගය. දැනට අපි මෙහි සියයට හැත්තෑවක් විතර රූගත කිරීම් අවසන් කරලයි තියෙන්නේ. ඉතුරු ටික ඉදිරි දවස් කිහිපයේදී අවසන් කරනවා.
 
 සත්‍යාට අවසානයේ මොකක්ද වෙන්නේ ?
 
 සත්‍යා අවසානයේදී ඉස්මතුවේවි. සත්‍යා යටගහන්න බැරිවේවි.
 
 චරිත අබේසිංහ ට‍්‍රැක් එක් වෙනස් කළා කියලයි අපිට හිතෙන්නේ. ඇයි මේ වගේ තීරණයක් ගත්තේ ?
 
 මට නාමල් අයියාගේ පිටපතක් අධ්‍යක්ෂණය කරන්න ලැබෙන එකත් ලොකු ජයග‍්‍රහණයක්. මොකද ඔහු තරුණ අධ්‍යක්ෂවරුන්ට පිටපත් ලියන්නේ නැති කෙනෙක්. ඉතිං එහෙම තියෙද්දී ඔවුන් ගේම ආරාධනයකින් මේක අධ්‍යක්ෂණය කරන්න ලැබීම ලොකු භාග්‍යයක් කියලා.
 
 එක අපි දෙන්නා ගේ ගොඩනැගුණ සම්බන්ධය සහ හිතවත්කම් මත සිද්ධවුණ දෙයක්. මම හිතන්නේ මේක තරුණ අධ්‍යක්ෂවරයෙකුට ලැබුණ හොඳ අවස්ථාවක්.
 
 සත්‍යත් අවසානයේ දැවැන්ත නිර්මාණයක් වේවිද?
 
 අපොයි නැහැ. මේක උපරිම කොටස් පනහකින් අවසන් වේවි.
 
 සත්‍යාගේ පසුව චරිත කොතැනටද තල්ලූවෙන්නේ ?
 
 මම කොහේටවත් තල්ලූ වෙලා ඉන්නේ නැහැ. මම සත්‍යා වගේ කියලා මිනිස්සු හිතනකොට මිනිස්සුන්ට හිතාගන්න බැරිදෙයක් මම කරාවි. එහෙම මාව එකරාමුවකට කොටුකරලා තියාගන්න බැරි විදිහේ නිර්මාණය කිහිපයක් මේ වෙනකොට මට ලැබිලා තියෙනවා. ඉදිරියේදී මිනිස්සුන්ට එ් ගැන දැකගන්න ලැබේවි. අනික සත්‍යත් මගේ එක ස්වරූපයක් විතරයි.
 
 දිනේෂ් විතාන
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles