Divaina - 2/3 නෙමේ පාර්ලිමේන්තුවේ බහුතර බලයත් ආණ්ඩුවට ගන්න බැහැ. - හිරුණිකා කියයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 

hiruni

 


 සාකච්ඡා කළේ -
 සිරිමන්ත රත්නසේකර

 
මෙවර මහ මැතිවරණයේ වඩා කතාබහට ලක්වූ අපේක්ෂිකාව බවට පත්ව ඇත්තේ සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග වදින හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය යැයි කීම අතිශයෝක්තියක් නොවේ.මේ එම බලවේගයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ එකම කාන්තා අපේක්ෂිකාව වන ඇය සමඟ ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” කළ සම්මුඛ සාකච්ඡාවයි.
 
 ප‍්‍රශ්නය - එජාපය දෙකට බෙදීම නිසා මෙවර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ශක්තිමත් ලෙස මැතිවරණ ව්‍යාපාරය තුළ ඉදිරියෙන්ම සිටින බවයි ඔවුන් පවසන්නේ. ඇත්තටම මේ මැතිවරණයේදී සමගි ජනබලවේගයට ජයග‍්‍රහණය කළ හැකිද?
 
 පිළිතුර - සමගි ජනබලවේගය මේ මැතිවරණ ව්‍යාපාරයේ ඉතාමත් හො`ද තැනක ඉන්නවා. ගියවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් ජනතාවගෙන් 29%ක පමණ ප‍්‍රතිශතයක් ඉන්නෙ කළකිරීමකින්. උදාහරණයකට රජයේ සේවකයන් 80% වැඩි ප‍්‍රමාණයක් ගියවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාව්චිචි කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට. නමුත් මේ ආණ්ඩුව පත්වුණ දවසෙ සිට රාජ්‍ය සේවකයන්ගෙ සියලූ දීමනා කපා හැරියා පමණක් නෙමෙයි, රාජ්‍ය සේවකයන්ගෙ අභිමානය පවා නැති කළා. බොහෝ වෙලාවට රාජ්‍ය සේවකයන් ඒ තනතුරට එන්නෙ හො`දින් අධ්‍යාපන සුදුසුකම් ඇතිවයි. එහෙම සුදුසුකම් තියෙන රාජ්‍ය සේවකයෙක්ට ඉහළින් හමුදා නිලධාරියෙක් දැම්මාම ඔවුන්ගේ අභිමානයේ පළුදුවීමක් වෙනවා. ඒ නිසා ගියවර ලැබුණු මනාප ප‍්‍රමාණය රාජ්‍ය සේවකයන්ගෙන් මෙවර මේ රජයට ලැබෙන්නේ නෑ.
 
 ත‍්‍රීවීල් රියැදුරන් පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට ඡන්දය ලබා දුන්නා. පසුගියදා සිදුවුණු සුනිල් රත්නායකගෙ ඝාතනයෙන් පස්සෙ ත‍්‍රිරෝද රථ හිමියනුත් තේරුම් ගත්තා තමුන් වෙනුවෙන් කතා කරන්න ඉන්න මිනිහට මේ වගේ වෙනව නම් අපි ගැන කුමන කතාද කියලා. එපමණක් නොවෙයි, මේ වෙද්දී තරුණ තරුණියන් ඉච්ඡාභංගත්වයට පත්වෙලා තියෙනවා. නීතිය සැමට එක සමානව කි‍්‍රයාත්මක කරයි කියල වත්මන් ජනාධිපතිවරයගෙන් ජනතාව බලාපොරොත්තු වුණත්, නමුත් නීතිය නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙලා නෑ. ආසන්නතම සිදුවීම තමයි, කුරුණෑගල සිදුවීම. ඒ වගේ දවසින් දවස ජනතාව පොහොට්ටුවෙන් කැඞී වෙන්වී යන මේ මොහොතේ ඒ ජනතාව සමගි ජනබලවේගයට එක්වන තත්ත්වයක් තමයි තියෙන්නෙ. මේ වෙලාවේ රටේ සැබෑ ප‍්‍රශ්න හ`දුනාගෙන රටේ ජනතාවගේ හ`ඩ නියෝජනය කරන්නෙ සමගි ජනබලවේගය. එක්සත් ජාතික පක්ෂය වුණත් මේ ආණ්ඩුව ගැන හරි මතයක් ඉදිරිපත් කරන්නෙ නෑ. ඒ නිසා මම හිතන්නේ අපට හොඳ අවස්ථාවක් තියෙනවා කියලා.
 
 ප‍්‍රශ්නය - එනනදී පක්ෂය දෙකට බෙදී නොතිබුණා නම් මේ ශක්තිමත්භාවය තව වැඩිවෙනවා යැයි සිතෙන්නේ නැද්ද?
 
 පිළිතුර - මට නම් හිතන්නෙ පක්ෂය දෙකට කැඞී ගිය එකත් හොඳයි. මොකද වංචාකාරයෝ, හොරකම් කරපු අය අපිත් එක්ක නැති නිසා භය නැතිව ජනතාව ඉදිරියට යන්න පුළුවන්.
 
 ප‍්‍රශ්නය - නමුත් කොරෝනා වසංගතය තමන් හො`දින් කළමනාකරණය කළ බවයි රජය පවසන්නේ.
 
 පිළිතුර - කොරෝනා ප‍්‍රශ්නයේදී ඒක රජය හොඳින් කළමනාකරණය කළා නම් දෙවැනි රැල්ලක් කියන එකක් එන්නෙ නෑනේ. අනෙක් අතට රජය කළ වැරැද්ද තමයි රටවිරුවන් කියල තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගන්න විදේශයන්ගෙන් ගෙන්න ගත්ත පිරිස කවුද කියලා අද වෙනකම් අපිට නිවැරැදිව තොරතුරු දීල නෑ. හරි ඒ දේවල් පැත්තකට දාල ආණ්ඩුව කොරෝනා පාලනය කළා කියන සහතිකය ආණ්ඩුවට දෙමුකො. එහෙනම් ඇයි මහජන සෞඛ්‍ය පරීකෂකවරුන් වෘත්තීය සමිති අරගලයකට ගිහින් තියෙන්නේ? ඒ ඔවුන් කියන එක ආණ්ඩුව අහන්නෙ නැති නිසා. අනෙක අද වෙද්දී හෙද නිලධාරීනියන් කියන්නෙ තමන්ට තරු හෝටල්වල පහසුකම් අවශ්‍ය නැති බවත්, තමන්ගේ දීමනා ටික දෙන්න කියලා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලූ දෙනා සුවවිරුවන් කියල තමයි ඒ කාලෙ රජය හැ`දින් වූවේ. දැන් ඔවුන් තුට්ටු දෙකක් ගණන් ගන්නේ නෑ.
 
 ප‍්‍රශ්නය - රටේ වර්තමාන ආර්ථික තත්ත්වය දරුණු අර්බුදයක තිබියදී රජයේ වත්මන් කාර්යභාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකිද?
 
 පිළිතුර - මොන ප‍්‍රශ්නය තිබුණත් අපි විදේශ ණය ගෙවන ගමන් තෙල් මිල අඩු කළා, ගෑස් මිල අඩු කළා. අපේ කාලෙ රුපියල් 98 ට ගත්ත සීනි අද වෙද්දී රුපියල් 145 කට වැඩිවෙලා. සැමන් ටින් එක රුපියල් 65 ට දෙනව කියල අද වෙද්දි ඒක රුපියල් 200 ට වත් ගන්න බෑ. ඒ නිසා මම හිතන්නෙ ජනතාව මේ ආණ්ඩුව ගැන විශාල කලකිරීමකින් ඉන්නෙ.
 
 ප‍්‍රශ්නය - නමුත් ආණ්ඩුව පාර්ශ්වයෙන් පවසන තවත් දෙයක් තමයි ඔවුන්ට මෙවර මැතිවරණයේදී 2/3 ක බලයක් ලැබෙයි කියන කාරණය.
 
 පිළිතුර - මම හිතන්නෙ 2/3 නෙමේ පාර්ලිමේන්තුවේ බහුතර බලයත් ආණ්ඩුවට ගන්න බැහැ. මේ හා සමාන කෙටි කාලයක් තුළ මිනිස්සුන්ට එපා වුණු ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ තිබුණෙ නෑ. අපි මුල ඉ`දන්ම කිව්ව මොවුන්ට දැක්මක් නෑ කියලා. වැඩපිළිවෙළක් නෑ කියලා. ඔවුන් දුන් පොරොන්දු සියල්ල අද බොරුවෙලා තියෙනවා. අද වෙද්දී රටේ ජනාධිපතිවරයා කෙතරම් දුර්වල පාලකයෙක්ද කියනව නම් ඔහුට බැරිවෙලා තියෙනවා නගරාධිපතිවරයකුට විරුද්ධවවත් කටයුතු කරන්න. පසුගියදා කුරුණෑගල සිදුවූ සිදුවීමත් එක්ක ජනතාව හිතන්න පටන් අරන් තියෙනව ජනාධිපතිවරයා හිතපු තරම් සෘජු නායකයෙක් නෙමෙයි කියලා. පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියපු නායකයන් රටේ ප්‍රෞඪත්වය විදහාපාන පෞරාණික වස්තු විනාශ වෙද්දි ඒ පිළිබඳව නිහඬයි. ඒ අපරාධ කරන අයව ආරක්ෂා කරනවා.
 
 ප‍්‍රශ්නය - ඔබ එලෙස පැවසුවත් ඔබේ පාර්ශ්වයටත් ඇ`ගිල්ල දිගුවෙන්නේ රට ජාතිය ගැන හැ`ගීමක් නැති පිරිසක් තමයි සමගි ජනබලවේගය වටා ඉන්නෙ කියලා.
 
 පිළිතුර - යම් යම් මාධ්‍ය මගින් හදපු කතාවක් තමයි මේක. අපිත් එක්ක එකතු වෙලා ඉන්න සුළු පක්ෂ සාමාජිකයන් මීට පෙර මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුවේ හිටපු අය. රාජපක්ෂ ආණ්ඩුවේ සිටිද්දී ඔවුන් දේශපේ‍්‍රමී වෙන්නත්, එතැනින් ඉවත් වෙලා අපිත් එක්ක එකතු වුණාම දේශද්‍රෝහී ලේබල් ඇලවීමෙත් පදනම මොකක්ද? මේ අය තමුන්ගෙ වාසියට සරිලන විදිහට හැමදේම සකසා ගන්නවා. සමගි ජනබලවේගය විදිහට අපි තමයි සියලූ ජාති, ආගම් නියෝජනය කරන ප‍්‍රගතිශීලී කඳවුර. අපි ජාතිවාදී නෑ, ආගම්වාදී නෑ, වර්ගවාදී නෑ. ඔවුන් සුළු පක්ෂ නායකයන්ට ත‍්‍රස්වාදීන් කියල හංවඩු ගැහුවත් කිසිම චෝදනාවක් ඔප්පු කරන්න නීතිමය කටයුතු කර නෑ. ඒ කාලෙ හිටපු වඳ දොස්තරල, වඳ බෙහෙත්, වඳ ඇඳුම් ගැන දැන් හොයන්න පුළුවන්නේ. ඒවාට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්නේ. ඒත් කෝ එහෙම නෑනේ. ඔවුන් ඒ හැම දේම කිව්වේ සහ කළේ බලය ලබාගන්න විතරයි. රාජපක්ෂ කඳවුර හැමදාම කළේ නැති වර්ගවාදයක්, ජාතිවාදයක් අවුස්සල ඔවුන්ගෙ දේශපාලනය කිරීම.
 
 ප‍්‍රශ්නය - ආණ්ඩුවේ ජාත්‍යාලය ව්‍යාජයක් කියලද ඔබේ චෝදනාව.
 
 පිළිතුර - ඔව්. ඔය කියන ජාත්‍යාලය ඇත්තක් නම් පසුගියදා කුරුණෑගල සිදුවීමේදී ඒක පෙන්වන්න තිබුණ. අද වෙද්දී ඒ කරපු පුද්ගලයෙක්වත් නෑ. ජාත්‍යාලය කියන එක රාජපක්ෂ ක`දවුර තනිකරම මවාගත් දෙයක් මිසක් ඇත්තක් නෙමේ. ඔවුන්ට එවන් හැ`ගීමක් තියෙනවා නම් එකම රටේ ඉන්න සහෝදර ජනතාව කොටවන්න කටයුතු කරන්නෙ නෑ.
 
 ප‍්‍රශ්නය - ඔබ නියෝජනය කරන්නේ කොළඹ දිස්ත‍්‍රික්කය. සුපුරුදු අලියා නැතිව ඔබට ජයගත හැකි යැයි ඔබ විශ්වාස කරනවාද ?
 
 පිළිතුර - මෙවර කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉන්න එකම කාන්තා නියෝජිතවරිය ලෙස දිස්ත‍්‍රික්කය තුළ මට හො`ද ප‍්‍රතිචාරයක් තියෙනවා. ඒ ගැන මට සතුටුයි. මම හැම මොහොතෙම පෙනී සිටියෙ සත්‍යය වෙනුවෙන්. කිසිම අවස්ථාවක ක`දවුර පාවාදුන්නෙ නෑ. කාන්තාවක් විදිහට බොහොම ශක්තිමත්ව හැම ප‍්‍රශ්නයක් හමුවේම කටයුතු කළා. සජිත් පේ‍්‍රමදාස මැතිතුමා වෙනුවෙන් මම හැම මොහොතෙම පෙනී සිටියා. සමගි ජනබලවේගයේ ජයග‍්‍රහණය මෙන්ම මගේ ජයග‍්‍රහණයටත් හො`ද අවස්ථාවක් තියෙනවා. මේ රටේ කාන්තාවන් 51%ක් ඉන්නවා. ඔවුන් තීරණයකට ආවොත් අපි කාන්තාවන්ට මනාපයක් ලබාදෙනවා යැයි සිතුවොත් කොළඹ ඒ මනාපය මට ලැබෙයි කියන විශ්වාසය මට තියෙනවා.
 
 ප‍්‍රශ්නය- කාන්තාවන් ඇයි ඔබ වෙනුවෙන් මනාපයක් දිය යුතු වන්නේ.
 
 පිළිතුර - අපේ රටේ කාන්තාවන් ගැන පිරිමින් හිතන්නෙ කාන්තාව දෙවැනි පුරවැසියන් ලෙසිනුයි. ගෙදරදී, රැකියාව කරද්දී, මගතොටේදී වාචිකව, මානසිකව හා කායිකව අතවරයන්ට ලක්වෙන්න සිදුවෙලා තියෙනවා. උදාහරණයකට උදේ 4.00 ට අවදි වෙන අම්ම දරුවන්ගේ සියලූ කටයුතු සිදුකරල ස්වාමි පුරුෂයාගෙ කෑම එකත් බැ`දල, රැකියාවට යනවා. රැකියාවට ගිහින් පැය ගණනක් රැකියාවේ ඉ`දල නැවත ගෙදර ඇවිත් අඩුම තරමේ මිනිත්තු පහක්වත් නිවිහැනහිල්ලේ ඉන්න නෑ. මොකද ආයෙත් ගෙදර වැඩ කරන්න තියෙනවා. ඇය දවසේ පැය 24 න් පැය 18 ක් 20 ක් පඩි නැති රැකියාවක් ගෙදර කරනවා.
 
 ඒ නිසා කාන්තාව පළමුවෙන්ම ශක්තිමත් කරන්න ඕන. මම පසුගිය අවුරුදු පහ තුළ පාර්ලිමේන්තුවේදී කාන්තාවන් වෙනුවෙන් තමයි වැඩිපුරම යෝජනා ගෙන ආවේ. ඒ වගේම මෙවර අපිට හැකියාව ලැබෙනවා සමගි කාන්තා බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළින් යුද්ධයේ අවතැන් වුණු අම්මගේ ඉ`දන්, ස්වයං රැකියා කරන අම්මගේ, නිවසේ රැකියාවක් නොකරන මවගේ, රැකියාවක් කරන අම්මගෙ ආදී සියලූම අම්මාවරුන් කායිකව මෙන්ම මානසිකවත් ශක්තිමත් කිරීමට. ඒ වගේම ආර්ථික අතින් කාන්තාව ශක්තිමත් කිරීමට ප‍්‍රතිපත්ති අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තියෙනවා. සජිත් පේ‍්‍රමදාස මහත්තයගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මගෙත් බොහෝ යෝජනා ඇතුළත්. විශේෂයෙන් අපට ඉන්නෙ අයාලේ යන තරුණ පරපුරක්. ඔවුන් රටට ආදරේ නෑ. කිසිම වගකීමක් දරන්නේ නෑ. පවුල වෙනුවෙන් කිසිදු දායකත්වයක් දක්වන්නේ නෑ. ඔහේ නිකං දවස ගත කරනවා. ඒ නිසා තරුණයන්ගෙ ආකල්ප වෙනස් කරල ලංකාවට අර්ථවත් දෙයක් කරන්න පුළුවන් තරුණ කණ්ඩායමක් හැදීමයි මගේ බලාපොරොත්තුව.
 
 ප‍්‍රශ්නය - සමගි කාන්තා සමුළුවේදී ඔබත් ජලනි පේ‍්‍රමදාසත් අතර සිදුවූ සිදුවීම කුමක්ද?
 
 පිළිතුර - මම ඒ පිළිබ`දව මගේ පිළිතුර දීල තියෙනවා. ඒත් මම කනගාටු වෙනව ලංකාවේ ඇතැම් මාධ්‍යවල මාධ්‍ය භාවිතය ගැන. ඒ වැඩසටහනෙ සියලූ වැඩ සංවිධානය කිරීමේ වගකීම මට භාරදීල තිබුණේ. නමුත් මගේ ඡන්ද ව්‍යාපාරයක් එක්ක එම කටයුත්ත කිරීමට අපහසු නිසා මම ජලනි පේ‍්‍රමදාස මැතිණියගෙන් ඉල්ලීමක් කළා එය භාරගන්නා ලෙස. ඒ අනුව ඇය ලස්සන වැඩසටහනක් සංවිධානය කරල තිබුණා. ඇය ආසන පැනවීමේදී මං ගැන හිතල වෙනම පුටුවක් ලෑස්ති කරල තිබුණා. ඒ මට කතාවක් කරන්න වේදිකාවට යන්න තිබුණ නිසා. ඇත්තටම මම ගර්භණී මවක්. ඉතින් මට හිිරිහැරයක් නොවන විදිහට තමයි ආසනය සූදානම් කරල තිබුණෙ. ඒ අනුව මම ඒ ආසනයට යන්න හදද්දී, ජලනි පේ‍්‍රමදාස මැතිණිය වැරදීමකින් ඉ`දගන්න ගිහින් ඇය නැවත ඇවිත් මට කියනව ඉ`ද ගන්න කියල. ඒක අල්ලගෙන ඇතැම් ජඩමාධ්‍ය විසින් කාන්තාවන් දෙදෙනෙක් එකට ඉන්නකොට රණ්ඩුවෙනවා කියන මතය සමාජගත කරන්න අරවිදිහට වීඩියෝ එක සංස්කරණය කරල ජනතාව අතරට වැරදි මතයක ගෙන යන්න හැදුවා. මම කනගාටු වෙනව ප‍්‍රධාන මාධ්‍ය විසින් කරන කිසිදු තේරුමක් නැති මෙවැනි මාධ්‍ය භාවිතාවන් ගැන.
 
 ඇත්තටම මේ ආකාරයේ මඩ ගසා අපේ ගමන නතර කරන්න හිතනවා නම් එය විහිලූවක්.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles