Divaina - මේ රටේ මුහුදෙන් තුනෙන් දෙකක් බේරලා දුන්න ගොඩබිමෙන් තුනෙන් එකක් රැක දුන්න අපි, මේ රටේ උරුමය කිසිවකුට වනසන්න දෙන්නේ නැහැ... යහපාලනය ගිය දේශද්‍රෝහී ගමන ආපසු හරවන්න අපිට තුනෙන් දෙකක් දෙන්න...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


mahinda


* අල්ලස් දීලා ජනතාවගේ ඡන්ද අයිතියට අපි නිග‍්‍රහ කරන්නේ නැහැ

 

සාකච්ඡා කළේ
මනෝජ් අබයදීර
අනුර බාලසූරිය


උදෑසන ව්‍යායාම කිස නිමවා, ඔහු සිය රාජකාරි කර්තව්‍යයන් ආරම්භ කරමින් සිටියේය. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග කතාබහ සඳහා පිවිසෙන විටත් ඔහු සිය දවසේ සැලසුම සකස් කරමින් සිටියේය. මැතිවරණ කාල සටහන හේතුවෙන් රට පුරා ජනතාව ආමන්ත‍්‍රණය කිරීම ස`දහා සූදානම් වන අතරේ රටේ සංවර්ධන කාර්යයන් ස`දහා ද ඔහු සිය අවධානය යොමු කරමින් සිටියේය. ”කොවිඞ් කියලා බැහැනේ... මහා මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් කාපට් කරන එක අපි කරන්න ඕනේ... රත්නපුරේ සහ මධ්‍යම අධිවේගයේ වැඩත් ඉක්මනට ඉවරයක් කරන්න. ” සිය අතැති වාර්තාවක් සමග ඔහු දුරකථන සංවාදයක නිරත වෙනවා අපට ඇසුණි. ” ඡන්දෙන් පස්සේ අධිවේගී මාර්ග ටික සහ රටේ සංවර්ධනය අපි අනිවාර්යෙන්ම කරනවා’’ ඔහු අපි පිළිගනිමින් එසේ පවසා සිටියේය. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සිදුකරන ලද සාකච්ඡාවයි මේ.

ප‍්‍රශ්නය - මෙවර මහ මැතිවරණය ස`දහා ඔබගේ පාර්ශ්වය ඉදිරිපත් වන්නේ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් අපේක්ෂා කරමින්... 2010- 2015 සමයේදී ඔබට තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් තිබුණා. එයින් රටට කරන්න බැරිවූ සේවය, අද තුනෙන් දෙකක් අරගෙන කරන්න පුළුවන් ද...? ඇත්තටම මොකටද මේ තුනෙන් දෙකේ බලයක් ඔබේ පිලට අවශ්‍ය වෙන්නේ...?

පිළිතුර - මගේ පියා එදා බණ්ඩාරනායක මහතා සමග එක්ව ශ‍්‍රීලනිපය ගොඩනැ`ගුවා. ඔහු මැතිවරණය ස`දහා ඉදිරිපත් වුණේ, ගමේ ජනතාව කුඹුරට ඇවිල්ලා, නාම යෝජනා පත‍්‍රයට අත්සන අරගෙනයි. ලියැද්දෙන් මඩ හෝදාගෙන තමයි, එදා ඞී. ඒ. රාජපක්ෂයන් නාම යෝජනා අත්සන් කළේ. ඒ තමයි අපේ සිරිත... ජනතා කැමැත්ත මත ඉපදුණු ඒ උරුමය මිසක් අනිත් කිසිම කාරණයක් මත අපි රැුෙ`දන්නේ නැහැ. ජනවාරි අට වෙනිදා ඡන්දේ ප‍්‍රතිඵල එන්නත් ඉස්සෙල්ලා මම ගෙදර ගියේ, ඒ ජනතා තීන්දුවට හිස නමලයි. එහෙම වුණාට යහපාලන ආණ්ඩුව විසින් මේ රටේ ජන මතය කොල්ල කෑවා... අපිට තිබුණු පාර්ලිමේන්තු බලය මහ දවාලේ හොරකම් කරගෙන, සුළුතර බලයකින් අගමැති පත්කර ගත්තා. ස්වාධීන කොමිෂන් කියලා නම දාගෙන, පරාධීන කොමිෂන් ඇටෙව්වා. මේ කොමිෂන් නිසා රටට ආපස්සට යන එක වළක්වගන්න බැහැ.

19 වෙනි සංශෝධනය කියන උගුලෙන් රට බේරා ගන්න නම්, අපිට තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වෙනවා. එදා ඔය කිසිදු කොමිසමක් නැතුව අපි වෙලාවටත් කලින් ඡන්ද තිබ්බා. අද ස්වාධීන කොමිසම දාලා ඡන්දයක් තියා ගන්න බැහැ. අවුරුදු පහක් තිස්සේ අයාලේ ගිය රට, ජයග‍්‍රහණයේ මාවතට හරවන්න නම් අපේ ප‍්‍රමුඛ කටයුත්ත විය යුත්තේ මේ දහ නවවෙනි සංශෝධනය ආපසු හැරවීමයි. මේක ගේන්න මුල් වුණු මෛත‍්‍රිපාල පවා අන්තිමට කිව්වේ, දහ නවවෙනි සංශෝධනය අහෝසි කළ යුතු බවයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ජනවරම ස්ථිර කරන්න නම් අපිට තුනෙන් දෙකේ බලයක් ලබා දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.

ප‍්‍රශ්නය - යහපාලනය විසින් වසර පහක් තිස්සේ, ආපස්සට හරවපු රට, ජයග‍්‍රාහී මාවතට ගෙන එන්න අවශ්‍ය බව ඔබ ප‍්‍රකාශ කළා. ඒ ස`දහා පළමු පියවර තබන්නේ කොතැනින්ද...?

පිළිතුර - 2015 දී යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ හතුරු හමුදාවක් විසින් ලංකාව ආක‍්‍රමණය කරලා බලය අල්ලගත්ත වගේ තත්ත්වයක් තමයි ඇති වුණේ. රට බෙදීමට විරුද්ධ මුළු ජාතිකවාදී කඳවුරටම ඒගොල්ලෝ පහර දුන්නා. මේ රටත් ජාතියත් සුරකින මහා සංඝරත්නය යටත් කර ගන්න ප‍්‍රධාන භික්ෂූන් වහන්සේලා, බොරු චෝදනා මත හිරේ දැම්මා. වැඩියෙන්ම පැන්නුවේ පන්සල්වල ඉන්න අලි ඇතුන් පස්සෙ. ඒ බෞද්ධයන්ගේ පෙරහැර සංස්කෘතිය ඉවර කරන්න.

ත‍්‍රස්තවාදය පරාජය කරලා රට රැකපු සන්නද්ධ හමුදා අකර්මණ්‍ය කරන්න පහලම සොල්දාදුවාගේ ඉඳලා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා දක්වා තෝරාගත් ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා මත සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් බන්ධනාගාරගත කරලා බොරු නඩුත් පැවරුවා. එහෙම කළේ, මේ රණවිරුවෝ නොවෙයි, හොරු සහ මිනීමරුවෝ කියන අදහස ලංකාවේ මිනිසුන්ගේ ඔළුවලට දමලා ලෝකය පුරාත් ප‍්‍රචාරය කරන්න.

ජාතිකවාදී කඳවුරේ දේශපාලනඥයන්ටත් දෙන්න පුළුවන් සියලූ දඬුවම් දුන්නා. විමර්ශන කොමිසම් පත් කළා, පොලිසියට
ගෙන්නුවා, මාස ගණන් රිමාන්ඞ් කළා, බොරු නඩු පැවරුවා. මේ සේරම කළේ මේ රටේ ජාතිකවාදී කඳවුර සහමුලින්ම විනාශ කරල අලූත් ව්‍යවස්ථාවක් සම්මත කරලා රට බෙදලා ඉවරයක් කරන්න. යුද්ධයෙන් කරන්න බැරි වුණ දේ, මේ විදියේ දේශපාලන මෙහෙයුම්වලින් කරන්න හැදුවා. මේ සියල්ලෙන්ම සිදු කළේ රටේ ජාතික ජීවගුණය කෙලෙසීමයි. ඒ ජාතික ජීවගුණය යළි අවදි කිරීමයි අපේ පළමු කාර්යය.

ප‍්‍රශ්නය - එසේ වුවත්, සිංහල ජාතිය උප්පැන්නෙන් පවා ඉවත් කරන්නේ, ඔබේ ආණ්ඩු කාලයේදී...

පිළිතුර - ඒ ක‍්‍රියාව වහාම අපි නතර කළා. ඒක යහපාලන ආණ්ඩුව විසින් ගෙන එන ලද ගැසට් පත‍්‍රයක්... එය ක‍්‍රියාවට න`ගන්න හදන විටම අපි ඒක නවතා දැමුවා. ඒ විතරක් නෙමෙයි තව බොහෝ දේවල් අප විසින් නතර කළ යුතුව තිබෙනවා. 2019 නොවැම්බර් මාසේ, අපි ජනාධිපතිවරණයෙන් දිනපු නිසා ජාතිය කඩා වැට්ටවීමේ සැලසුම් අවසානය දක්වා ක‍්‍රියාත්මක කර ගන්න විජාතික බලවේගවලට බැරි වුණා. නමුත් ජාත්‍යන්තර හා දේශීය කුමන්ත‍්‍රණකාරයෝ තවම වැඬේ අතෑරලා නැහැ. අලූත් ජනාධිපතිවරයා පත්වෙලා දවස් කිහිපයක් ඇතුළත බටහිර තානාපති කාර්යාලයක, සේවිකාවක් පැහැරගෙන ගිහින් ප‍්‍රශ්න කළාය කියලා, රඟ දක්වපු බොරු නාඩගම අපි කවුරුත් දැක්කා. අලූත් ආණ්ඩුවට හුස්මක් ගන්නවත් ඉඩ දෙන්න මේ කුමන්ත‍්‍රණකාරයෝ සූදානම් නැති බව ඒකෙන් පෙනුණා.

ප‍්‍රශ්නය - එතකොට යුද අපරාධ චෝදනාව ස`දහා ඔබ විසින් ගන්නා පියවර කුමක්ද..?

පිළිතුර - 2015 මේ රටේ බලය අල්ල ගත්ත යහපාලන කුමන්ත‍්‍රණකාරයෝ ඒගොල්ලන්ගෙ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු පත‍්‍රය තමයි, 2015 ඔක්තෝම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවේ සම අනුග‍්‍රාහකත්වයෙන් සම්මත කරගත්ත 30/1 යෝජනාව. ඒකෙන් ඉස්සෙල්ලාම කළේ, ලංකාවේ හමුදාව යුද අපරාධ කරයි කියලා පිළිගන්න එක. ඊට පස්සේ ඒ යුද අපරාධ චෝදනා විභාග කරන්න විදේශීය විනිශ්චයකාරවරුන් හා පරිචෝදකයන් සහිත විශේෂ අධිකරණයක් පිහිටුවන්න එකඟ වුණා. උසාවියේ නඩුවක් ගොනු කරන්න තරම් සාක්‍ෂි නැති වුණත්, මානව හිමිකම් උල්ලංඝනය කළාය කියලා සැකයක් හරි තියෙන සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලන ක‍්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කරන්නත් ඒගොල්ලෝ භාරගත්තා. මේකෙ අරමුණ වුණේ, ලංකාවේ ත‍්‍රිවිධ හමුදාවේ ජීවගුණය බිඳලා අකර්මණ්‍ය කරලා දාන්න. දැන් මේ වගකීම තියෙන්නේ අපේ අතේ... මේ රටේ කිසිවකු යුද අපරාධ කරලා නැහැ. එසේ යුද අපරාධයක් සිදුවූවා නම්, ඒ ස`දහා වගකිව යුත්තේ, යුද්ධය ස`දහා අණ ලබාදුන්න මමයි. ඒ නිසා ඒ සියලූ දෙනා වෙනුවෙන්, ඕනෑම චෝදනාවකට මුහුණ දෙන්න මම සූදානම්.

ප‍්‍රශ්නය - එසේම අතුරුදන් වූවන්ගේ කාර්යාලය නම් පනත සම්මත කරගෙන හමුදාවට එරෙහිව රජය විසින්ම චෝදනා ගොනු කරන තත්ත්වයක් පසුගිය කාලයේ ඇති වුණා. එම කාර්යාලය තවම ක‍්‍රියාත්මකයි. ඔබගේ ආණ්ඩුව ඒ ස`දහා ගන්න පියවර කුමක්ද...?

පිළිතුර - 30/1 යෝජනාවේ ප‍්‍රධානම පොරොන්දු කියපු ආකාරයටම ක‍්‍රියාත්මක කරන්න බැරි වුණත්, ඒවා වෙනත් ආකාරයට ක‍්‍රියාත්මක කරන්න යහපාලන ආණ්ඩුව අලූත් නීති සම්මත කළා. 2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කරගත්ත විදිහ ජනතාවට මතක ඇති. ‘කාර්යාලයක්’ කිව්වට ඒක ඇත්තටම සිතාසි නිකුත් කරන්න, සාක්ෂිකරුවන් කැඳවන්න, විභාග පවත්වන්න බලය තියෙන විනිශ්චය සභාවක්. ඒකෙ නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක්, පොලිස් ස්ථානයක්,

mahinda2බන්ධනාගාරයක් වරෙන්තු නැතුව සෝදිසි කරලා, ඕනෑම ලියැවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගන්න පුළුවන්. රාජ්‍ය රහස් පනතේ විධිවිධානවලට පටහැනිව වුවත්, බුද්ධි අංශ, සන්නද්ධ හමුදා ඇතුළු සියලූ රජයේ ආයතන මේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය දක්වන්න නීතියෙන් බැඳිලා ඉන්නවා.

2018 මාර්තු මාසයේ මහා සංඝරත්නයේ දැඩි විරෝධයත් නොතකා අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කරන්න 2018 අංක 05 දරණ පනත යහපාලකයෝ සම්මත කරගත්තා. මේකෙන් ඇත්තටම කෙරෙන්නෙ අතුරුදන් වූවන් හොයන එක නොවෙයි, ලංකාවේ හමුදා සාමාජිකයන් දඩයම් කරන එක. මේ නීතිය යටතේ ලංකාව තුළ අතුරුදන් කරවීමක් සිදුකළාය කියා සැකකරන පුද්ගලයකු විදේශීය රටකට උදර්පණය කරගෙන ඔහුට විරුද්ධව එම රටේදී නඩු පවරන්න නැති නම්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාරදීම කරන්න පුළුවන්.

ඔබට මතක ඇති පසුගිය මැයි 19 වැනිදා විජයග‍්‍රහණ සැමරුමේදී ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය. රටට ආසාධාරණයක් වන ලෙස යම් කිසි ජාත්‍යන්තර ආයතනයක හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම සංවිධානවලින් ශ‍්‍රී ලංකාව ඉවත් කර ගැනීමට තමන් කිසිවිටකත් පසුබට නොවන බව ඔහු එහිදී ප‍්‍රකාශ කළා. එය ඉංග‍්‍රීසි භාෂාවෙනුත් ප‍්‍රකාශ කළා. ඒ තමයි අපේ ස්ථාවරය.

ප‍්‍රශ්නය - රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමත් වැදගත්. විශේෂයෙන්ම ඔබගේ පාලන කාලයේ ලබා ගත්ත ණය හේතුවෙන් ගෙවුණු වසර පහක කාලය පුරා, අධික පොලියක් ගෙවීමට සිදුවූ බව යහපාලන ආණ්ඩුව චෝදනා කළා. ඊට අමතරව කොවිඞ් වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකයම අද අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. මේ තත්ත්වයත් සමග රටේ ආර්ථිකය ගොඩන`ගන්නේ කොහොමද...?

පිළිතුර - මේ රටේ ආර්ථිකය න`ගාසිටුවීම ස`දහා සෑමවිටම කටයුතු කළේ, එදා ශ‍්‍රීලනිපය ඇතුළු ප‍්‍රගතිශීලී ජාතිකවාදී ආණ්ඩු විසින්. චන්ද්‍රිකාගේ පරාධීන නායකත්වය යටතේත් මේ රටේ ආර්ථිකය විනාශ කළා. එජාපය තමයි මේ රටේ ආර්ථිකය එදා සිටම පරාධීන කළේ. මේ රට ආර්ථික වශයෙන් ඇද වැට්ටුවේ එජාප ආර්ථික ප‍්‍රතිපත්තිය විසින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, 2014 දී ශ‍්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක්. 2006-2009 යුද සමයේ වසරකට 6% ක් වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය, යුද්ධයෙන් පසු 2010-2014 කාල පරිච්ෙඡ්දයේ 7.4% දක්වා වැඩි කිරීමට අපිට පුළුවන් වුණා. 2005 දී දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 90%ක් වූ සමස්ථ ණය බර 2014 අවසන් වන විට 75% ක් දක්වා අඩුවී තිබුණා. 2005 දී ඇමෙරිකානු ඩොලර් 1,242 ක් වූ ඒකපුද්ගල ආදායම, 2014 අවසන් වන විට ඩොලර් 3,819 දක්වා තුන් ගුණයකින් අප විසින් වැඩි කළා. නිදහස ලැබීමෙන් පසු ලංකාවේ විශාලම යටිතල පහසුකම් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වූයේ 2006-2014 කාලයේදී. මේ සියලූ ආර්ථික ජයග‍්‍රහණ අපි ලබා ගත්තේ 2007 ලෝක ආහාර අර්බුදයත්, 2008 - 2009 ගෝලීය මූල්‍ය අර්බුදයත්, ලෝක ඉතිහාසයේ ඉහළම තෙල් මිලත් කියන අභියෝග තුන මධ්‍යයේය. 2006-2009 කාලපරිච්ෙඡ්දයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 74 ක්... 2010-2014 කාලපරිච්ෙඡ්දයේදී එය ඩොලර් 103 ක් වුණා.

2015 ජනවාරියේ සිට මේ සියල්ල කණපිට හැරුණා. 2015 වසරේදී ආර්ථික වර්ධන වේගය 5%ක් දක්වා පහත වැටී ඉන්පසු සෑම වසරක් පාසාම ක‍්‍රමාණුකූලව අඩුවී, 2019 වන විට 2.3% දක්වා පහළට වැටුණා. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක වටිනාකම 2014 දී රුපියල් 130 ක් වූ අතර, එය 2019 ඔක්තෝබර් වන විට රුපියල් 181 දක්වා වැඩි වුණා. රටේ සමස්ථ ණය බර 2014 අවසානයේ රුපියල් ටි‍්‍රලියන 7.39 සිට 2019 ඔක්තෝබර් මාසය වන විට රුපියල් ටි‍්‍රලියන 12.89 ක් දක්වා 74.4% කින් වැඩිවී තිබුණි. 2015 ජනවාරියේ සිට 2019 ඔක්තෝබර් දක්වා යහපාලන ආණ්ඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 26 ක විදේශ විනිමය ණය ලබාගෙන තිබුණා. මේ විදිහට ණය ගත්තත්, යහපාලන ආණ්ඩුව කිසිදු කල් පවතින, ආදායම් ලබන වත්කමක් නිර්මාණය කළේ නැහැ. මෙවන් ආර්ථික බිඳවැටීමක් සිදුවූයේ 2015 සිට 2019 දක්වා මුළු කාලපරිච්ෙඡ්දය තුළම බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 60 ක තරම් මැත ඉතිහාසයේ පහතම අගයක පැවතියදීයි.

2015 හා 2019 අතර ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් වේගයෙන් වර්ධනය වෙද්දී තමයි මේ දේවල් වුණේ. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය නිසා ලංකාවේ ආර්ථික බිඳවැටීම තවත් උත්සන්න වුණා. 2019 නොවැම්බර් 16 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ, සහමුලින්ම විනාශ වූ ආර්ථිකයක්.

කොවිඞ් - 19 වසංගතය විසින් මුළු ලෝකයම ගිලගනු ලැබුවේ එවන් තත්ත්වයක් යටතේය. කොවිඞ් - 19 වසංගතයෙන් පසු 1930 ගණන්වල ඇති වූ මහා අවපාතයට සමාන ලෝක ආර්ථික අවපාතයක් ඇති වනු ඇති බවට පුරෝකථනය වෙලා තියෙනවා. එවන් තත්ත්වයක් යටතේ සියලූ රටවල් ආර්ථික දුෂ්කරතා හා මහා පරිමාණ විරැකියාවට පාත‍්‍ර වෙන නිසා, ශ‍්‍රී ලාංකිකයන්ට එතෙර ආදායම් සොයා විදේශගත වීමට ඇති අවස්ථාවන්ද සීමා වෙලා තියෙනවා. කොවිඞ් -19 නිසා සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට අද ඉතිරි වී ඇත්තේ එක විකල්පයක් පමණි - ඒ ශ‍්‍රී ලංකාව ගොඩනැඟීමයි. මේ සිදුවී ඇති විපතෙන් ගොඩ ඒමට අපි එකාවන්ව කටයුතු කළේ නැති නම් රටේ අනාගතය අතිශයින්ම අඳුරු වෙනු ඇත. ඒ ස`දහා නායකත්වය ලබා දෙන්න අපි සූදානම්. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ කිව්වේ, ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න, මම මගේ යුතුකම ඉටු කරන්නම් කියලා... කොවිඞ් වසංගතය අවස්ථාවේ, යහපාලනය තිබුණා නම්, මේ රට විශාලා මහනුවරක් වෙන එක වළක්වන්න බැහැ. අපේ ආණ්ඩුව ත‍්‍රස්තවාදයෙන් මෙරට බේරා ගත්තා වගේම, කොවිඞ් වසංගතයෙන් ද මේ රට බේරා ගත්තා.

ප‍්‍රශ්නය - ජනතාව සහ විශේෂයෙන්ම රටේ කර්මාන්ත මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ ස`දහා බලපැවැත්වෙන ක්ෂණික විස`දුම් මේ මොහොතේ අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබෙනවා ද...?

පිළිතුර - ඔව්... කොවිඞ් කියන්නේ ලෝකයම මුහුණ නොදුන් අලූත් අභියෝගයක්. ඒ අභියෝගය අප විසින් අති සාර්ථකව ජයගත්තා. ඒ ස`දහා අපේම ආකෘතියක් ගොඩන`ගා ගත්තා. ඒ විදිහටම මේ රටේ ආර්ථිකයත්, පශ්චාත් කොවිඞ් යුගයේදී අපි ගොඩන`ගනවා. දැනටමත් අපි ජනතාවට සහනාධාර ලබාදී, රටේ ආර්ථිකය ගොඩනැ`ගීම ස`දහා කටයුතු කර අවසන්. හැබැයි ඔය සජිත් කියනවා වගේ රුපියල් විසිදාහේ බොරු පොරොන්දු දෙන්න අපි සූදානම් නැහැ. රනිල් කියනවා වගේ ලෝකය වටේ ගිහින් දැඩි කොන්දේසිවලට ණය ගන්නත් අපි සූදානම් නැහැ. අපි මේ රටේ ආර්ථික නවෝදයක් ඇති කිරීම ස`දහා මේ වසංගතයෙන් ඇතිවූ තත්ත්වය, ආශීර්වාදයක් කර ගන්නවා. නව කර්මාන්ත ඇති කරනවා. සෑම නිවසක්ම ගෘහ ආර්ථික ඒකකයක් බවට පත් කරනවා. ඛේදවාචකයක් කියන්නේ, ජාතියකට නැ`ගීසිටීම ස`දහා ලබාදෙන අවස්ථාවක් කියන එක මතක තබාගෙනයි අපි කටයුතු කරන්නේ. ඉදිරි පස් අවුරුද්ද මේ රටේ ජනතාව ලෝකයේ ඉහළම තත්ත්වය දක්වා න`ගාසිටුවන ආර්ථික වැඩපිළිවෙළක් අපිට තියෙනවා. මේ අගෝස්තු පස් වැනිදායින් පස්සේ මුළු රටම ආයෙත් වැඩබිමක් වෙනවා. අපේ ජාතික සම්පත් රටේ සංවර්ධනයට යොදා ගන්නවා. ඒවා කිසිවකුට අපි පාවා දෙන්නේ නැහැ. නව ආර්ථික බලවේගයක් තුළින් ජනතාවට සහන සලසනවා. සැමටම තමන්ගේ නිවසක් කියන සිහිනයත්, බියෙන් සැකෙන් තොර රටක් කියන ආඩම්බරයත් අපි ළ`ගා කරනවා.

ප‍්‍රශ්නය - කුරුණෑගල නගර මධ්‍යයේ පැවැති බුවනෙකබා රාජ සභා ගොඩනැ`ගිල්ල ඔබගේ පක්ෂයට අයත් නගරාධිපතිවරයා විසින් ඩෝසර් යොදා විනාශ කර දැමුවා. එසේ වෙද්දී ඔහුට නීතිය ක‍්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා යළිත් අපේ පුරාවස්තු අනාරක්ෂිතයි කියන හැ`ගීම සහ නීතිය සැමට එකයි යන සංකල්පය බි`දවැටෙමින් තිබෙනවා.

පිළිතුර - මේ රටේ ආඩම්බරය කියන්නේ අපේ ජීවමාන සංස්කෘතික උරුමයටයි, එය කිසිලෙසකින් වත් අපි අවතක්සේරු කරන්නේ නැහැ. කුරුණෑගල සිද්ධිය අපිට හො`ද පාඩමක් කියා දුන්නා. එහි වරදකරුවන් අත්අඩංගුවට ගෙන නෛතික ක‍්‍රියාමාර්ග ගැනීම ස`දහා නීතිපතිවරයා විසින් පොලිස්පති වෙත දන්වා තිබෙනවා. ඒ ස`දහා අපි කිසිදු මැදිහත්වීමක් සිදුකරන්නේ නැහැ. මේ පිළිබ`දව සොයා බැලීම ස`දහා පත් කරන ලද කමිටුවේ වාර්තාව අනුව මම ක‍්‍රියාකරනවා. ඒ විතරක් නෙවෙයි, අනාගතයේදී මෙවැනි දේ සිදු නොවීම ස`දහා විධිමත් ආයතනයක් අප විසින් පිහිටුවනවා. පොලිස් හදිසි අංශය මෙන් පුරාවස්තු සහ ජාතික උරුමයන් වෙනුවෙන් පිහිටුවන මෙම ඒකකය පැය විසි හතරම විවෘත කරනවා. එසේම දැනට ඇති තර්ජනයට ලක්වූ පුරා වස්තු, අවධානයට පාත‍්‍ර නොවූ ජාතික උරුමයන් හ`දුනාගෙන කටයුතු කිරීම ද ඉන් සිදුකෙරෙනවා. මේ රටේ මුහුදෙන් තුනෙන් දෙකක් බේරලා දුන්න ගොඩබිමෙන් තුනෙන් එකක් රැකදුන්න අපි, මේ රටේ උරුමය කිසිවකුට වනසන්න දෙන්නේ නැහැ. සීගිරියේ කළුදිය පොකුණේ හෝටල් ගහන්න හදපු අය, මුහුදු මහා විහාරය වනසන්න ඉඩදීලා බලාගෙන හිටපු අය මේවා ගැන කතා කරන එකත් මට සැනසීමක්.

ප‍්‍රශ්නය - රැකියා අහිමිවීමේ අවධානමක සමහරුන් සිටිනවා. එසේම තමන්ගේ ආදායම් කඩා වැටුණු ස්වයං රැකියාලාභීන් සිටිනවා. මේ පිරිස ස`දහා කඩිනම් සහන සේවයක් දියත් කිරීමට ආණ්ඩුව සූදානම්ද...?

පිළිතුර - ඔව්... අපි දැනටමත් ඒ ස`දහා කටයුතු යොදා තිබෙනවා. රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ සහ රජයේ රැකියා ලබාදීම යන අංශ දෙකෙන් මේ රටේ රැකියා සුරක්ෂිත කිරීම සහ අවස්ථා වැඩිකිරීම අපි සිදුකරනවා. අපේ ආණ්ඩු කාලයේ උපාධිධාරීන් ලක්ෂ ගණනාවකට, රජයේ රැකියා අවස්ථා අපි ලබාදුන්නා. දෙන්න පුළුවන් හැම සහනයක්ම අපි ජනතාවට දෙනවා. ඔය පරාජය කරේ දා ගත්ත අය කියනවා වගේ අර ගණන්, මේ ගණන් දෙනවා කියන්න අපි යන්නේ නැහැ. මේ ගාණ දෙනවා කිය කියා, ජනතාව ගොනාට අන්දන්න අපි සූදානම් නැහැ. මේ රටේ ඡන්ද දායකයන්ට එහෙම අපි නිග‍්‍රහ කරන්නේ නැහැ. සමහර විට අපි සහන දෙන විදිහ අනුව ඔය සජිත්ගේ ගාණට වැඩිය ගාණක් ජනතාවට ලැබෙන්නත් පුළුවන්. සහනාධාරයක් දෙනවා කියන තැනට වඩා අපි දැන් ඉදිරියට එන්න ඕනේ.

ප‍්‍රශ්නය - වසර පහක් තිස්සේ අපහාස, නඩුහබ, හිර ගෙවල් ආදිය සුපුරුදු වූ ඔබ සහ ඔබේ කණ්ඩායම දැන් යළි බලයට ඇවිල්ලා... අලියා, දුරකථනය සහ මාලිමාව කියන අභියෝග තුන මේ මැතිවරණයේදී පොහොට්ටුව හමුවේ පවතිනවා. ඒ වසර පහ සහ ඉදිරි කාලය පිළිබ`දව ඔබට සිතෙන්නේ මොනවාද...?

පිළිතුර - මේ සියලූ දෙනා එකට එක්වෙලා අපිට කරපු නිග‍්‍රහ ජනතාව දන්නවා. වධ වේදනා ජනතාව දන්නවා. ඒවාට ජනතාව ඡන්දයෙන් පිළිතුරු දුන්නා. ඒ වීරෝධාර ජනතාවට මම හිස නමා ආචාර කරනවා. ඒ තමයි අපිට තිබුණු හයිය. ඒ ජනතාව වෙනුවෙන් අපි අඛණ්ඩව කැපවෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තු අංශු මාත‍්‍රයකින් වත් අඩු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එදා ජනාධිපතිවරණයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කය අන්තයට පරාජය වෙලා, යාල කැළේ හැංගිලා හිටපු අය අද කොළඹට පැනලා ඡන්දය ඉල්ලනවා. ජනාධිපතිවරණයේදී වැඩියෙන්ම ඡන්ද ලැබෙන්නේ තමන්ගේ ආසනයෙන්නේ. මෙයා තමන්ගේ ආසනයත් ඡන්ද පනස් නව දාහකින් පරාදයි. එහෙම ප‍්‍රතික්ෂේප වුණ අය එක පැත්තක. මහ බැංකුව මහ දවාලේ කොල්ල කාලා, රටේ ඒකීයභාවය බිලිදීපු අය තව පැත්තක. අලියාගේ වලිගයේ සීනුව හයි කරලා, එදා බිල්ලෝ වෙලා තමන්ගේ පක්ෂය පාවා දීපු අය තව පැත්තක. එහෙම බංකොළොත් දේශපාලන කණ්ඩායම්වලින් අපිට මොන තර්ජනයක්ද...?
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles