Divaina - පොහොට්ටුවේ තුනෙන් දෙකේ ඉලක්කය යථාර්ථයක්ද ?

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 

pohottu
 
 ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
 
මහ මැතිවරණයට තව ඇත්තේ දින නමයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිමි වසර පහක කාලයෙන් මාස නමයක් දැනටම හමාරය. වසර හයක් වූ පාර්ලිමේන්තු වාරයක්, වසර පහ දක්වා අඩුකළේ 2015 ක‍්‍රියාත්මක කළ 19 වැනි සංශෝධනය හරහාය. ගතවූ මාස නාමයෙන් මාස පහක් ජනාධිපතිවරයාට අහිමි වූයේ කොරෝනා වෛරස් ප‍්‍රහාරය නිසාය. එය එසේ නොවන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය පාර්ලිමේන්තු බලය අපේ‍්‍රල් 25 පැවැත්වීමට තිබූ මහමැතිවරණයෙන් ලබා ගැනීමට තිබුණි.
 
 මොනයම්ම තත්ත්වයක් යටතේ වුවත් ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යෙන්ම ලබාගැනීමට හැකි යැයි පවසන තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය කිසි ලෙසකත් පවතින ක‍්‍රමය තුළ ලබා ගැනීමට නොහැකිය. නමුත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය ස්ථිරය. තුනෙන් දෙක ලබාගැනීමට අවශ්‍ය හිඟ මහජන නියෝජිතයන් ප‍්‍රමාණය දිනා ගැනීමේ ක‍්‍රම සහ විධි ඇත.
 
 කොරෝනා වෛරස් ප‍්‍රහාරයෙන් ලෝක ආර්ථිකය දුර්වල විය. ලෝකය මුහුණ දෙන අභියෝගය විද්වතුන් 1929 - 1939 ලෝක ආර්ථික අවපාතය සමග සස`දා ඇත. කොළඹ නව නගර ශාලාවේ ‘නිදහස’ නමැති සිවිල් සංවිධාන එකමුතුව ජුලි 8 දින 19 වැනි ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීමට දිව්රුම් දුන් අවස්ථාවේ එම සභාව ඇමතූ මහාචාර්ය රොහාන් සමරජීව ලෝක ආර්ථික අවපාතය හේතුවෙන් ශ‍්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ අභියෝගය පැහැදිලි කළේය. එවැනි බරපතළ අභියෝගයකට මුහුණ දීමට සුදුසු පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම ඡන්ද දායකයන්ගේ වගකීමයි.
 
 මහජන ඡන්දයෙන් මන්ත‍්‍රීවරු 196 ක් ද එක් එක් පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද ප‍්‍රමාණය අනුව සියලූම පක්ෂ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු 29 ක් පත්කරති. මෙම මන්ත‍්‍රී ධුර 225 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා ජන බලවේගය (ජවිපෙ තරග කරන්නේ මෙම පෙරමුණ හරහාය) සහ ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (උපරිම මන්ත‍්‍රී ධුර 1) අතර බෙදී යන බව පැහැදිලිය.
 
 ජනාධිපතිවරණය වැඩි ඡන්ද මිලියන 1.4 ආසන්න ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ තමන්ට 19 වැනි සංශෝධනය අතීතයට එක් කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ඉල්ලා ඇත. එලෙසම තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කිරීමට ‘වියත්මග’ නියෝජිතයන්ටද අවස්ථාවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටී. ‘වියත්මග’ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවද නියෝජනය කරයි. මෙවැනි තත්ත්වයක් මින් පෙර කිසිදු මහමැතිවරණයකදී උදාවී නැත. කිසිදු ජනාධිපතිවරයකු කිසිදු අවස්ථාවක සිවිල් සංවිධාන නියෝජිතයන් පාර්ලිමේන්තු මැතිවරණයකට සංවිධානාත්මකව ඉදිරිපත් කර නැත. මෙවැනි ක‍්‍රියාමාර්ගයක් ගත් පළමුවන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂයි.
 
 ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදයෙන් 2016 ආරම්භයේ බිහිවූ ‘වියත්මග’ හිටපු ආරක්ෂක ලේකම්වරයාව දේශපාලනයට ගෙන ඒමට ප‍්‍රමුඛ කාර්යයක් කළේය. ‘වියත්මග’ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙරමුණ ගත් අවස්ථාවේ එම ව්‍යාපාරය බරපතළ අභියෝගයන්ට මුහුණ දුන්නේය. සටන දුෂ්කර විය. අප දේශපාලන ඉතිහාසයේ සිවිල් සංවිධානයක් ජනාධිපති ධුර අපේක්ෂකයකු මේ අකාරයට ඉදිරියට ගෙනා අවස්ථාවක් මින් පෙර නැත.
 
 ‘වියත්මග’ සංවිධානයේ සහයට ‘එළිය’ මෙහෙයුමක් දියත් කරන ලදී. යහපාලනය නව ව්‍යවස්ථාවක් ගෙන එමෙන් ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවයට එල්ලවන තර්ජනය පිළිබඳව ‘එළිය’ වඩාත් අවධානය යොමු කළේය.
 
 ‘වියත්මග’ සංවිධානයේ විධායක සභිකයන් වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ වෛද්‍ය සීතා අරඹේපොල ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරයි. කබ්රාල්ට කොළොඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් තිබිණි. ඔහු ජාතික ලැයිස්තුව තෝරාගැනීම හේතුවෙන් ගණකාධිකාරී ව්‍යාපාරික අනුර ප‍්‍රනාන්දුට කොළඹින් තරග කිරීමේ අවස්ථාව ලැබිණි.
 
 මාර්තු මස 12-19 අතර කාලයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 මහමැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා අතර ‘වියත්මග’ නියෝජනය කරමින් ආචාර්ය නාලක ගොඩහේවා (ගම්පහ), රියර් අද්මිරාල් සරත් වීරසේකර (කොළඹ), අනුර ප‍්‍රනාන්දු (කොළඹ), නාලක කෝට්ටේගොඩ (මාතලේ), තිලක් රාජපක්ෂ (දිගාමඩුල්ල), උපුල් ගලප්පත්ති (හම්බන්තොට), චන්න ජයසුමන (අනුරාධපුර) ගුණපාල රත්නසේකර (කුරුණෑගල) සහ උදයන කිරිඳීගොඩ (මහනුවර) විය.
 
 ජනාධිපතිවරයා ‘වියත්මග’ වෙනුවෙන් උපරිමයෙන් පෙනී සිටියේය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහමැතිවරණයේදී තරග කිරීමට සහ ජාතික ලැයිස්තුව හරහා ඉදිරිපත් කළ අපේක්ෂකයන් 300 පමණ දෙනා අතර ‘වියත්මග’ අපේක්ෂකයන් 11 කි. එයින් දෙදෙනකු ජාතික ලයිස්තුවේය.
 
 ‘වියත්මග’ ලැයිස්තුවේ පළමුවැනියා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු ගණනාවක් දැරූ ගොඩහේවාය. මැතකදී ගම්පහ දිස්ත‍්‍රික්කයේ ස්ථාන ගණනාවක පැවැත්වූ කුඩා ජනහමු ගණනාවකදී ගොඩහේවා අවධාරණය කළේ ජනාධිපතිවරයාට අවශ්‍ය වසර 15ක වැඩ වසර පහකින් කළහැකි කණ්ඩායමක් බවය.
 
 ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ කොළොඹ කොටස් වෙළෙ`දපොළේ ප‍්‍රධාන තනතුරු දරා ඇති ගොඩහේවා ගෝඨාභය රාජපක්ෂ ‘වියත්මග’ හරහා දේශපාලන මාවතට ගෙන ඒමේ ප‍්‍රබල කාර්යභාරයක් කළේය. එජාපයට එරෙහිව 2015 පෙබරවාරි සහ 2016 මාර්තු සිදුකළ මහ බැංකු බැ`දුම්කර කොල්ලයට එරෙහිව ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ කණ්ඩායම අතර ගොඩහේවා ද විය.
 
 ‘වියත්මග’ හරහා මහමැතිවරණයට ඉදිරිපත් නොවූවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ආචාර්ය චරිත හේරත්ද ‘වියත්මග’ වැඩසටහනට සහභාගි විය. එම දෙදෙනාද ජාතික ලයිස්තුවේය.
 
 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමත් සමග ‘වියත්මග’ හරහා සෑම මැතිවරණ දිස්ත‍්‍රික්කයකින්ම අවම වශයෙන් එක අපේක්ෂකයකු ඉදිරිපත් වන බවට ජනතාව අතර කතා විය. නමුත් නාම යෝජනා ඉදිරිපත් කිරීමත් සමගම භූමියේ තත්ත්වය එසේ නොවන බව හෙළිවිය. ‘වියත්මග’ අපේක්ෂකයන් අතර මින් පෙර ජනතා නියෝජිතයෙක් ලෙස කටයුතු කර ඇත්තේ රියර් අද්මිරාල් වීරසේකර පමණය.
 
 නැගෙනහිර පළාතේ දිගාමඩුල්ලෙන් 2010 අපේ‍්‍රල් මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වූ වීරසේකර 2015 අගෝස්තු මහඡන්දයෙන් පරාජය විය. මෙවර මහමැතිවරණයේදීද දිගාමඩුල්ලෙන් තරග කිරීමට වීරසේකරට අවශ්‍ය විය. නමුත් ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ වීරසේකර කොළඹ තරගයට ඉදිරිපත් වීමටය. එය එසේ සිදුවිය.
 
 ‘වියත්මගේ’ කාර්යභාරය වඩාත් පහසු කළේ එජාප ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුවයි. මහබැංකු බැඳුම්කර වංචා දෙවරක් 2015 සහ 2016 කර, එම මංකොල්ල දෙක අතර ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා බටහිර බලවේගවලට පාවාදී (2015 ඔක්තෝබර්), 19 වැනි සංශෝධනය ගෙන ඒමෙන් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ගමනට මග පෑදුවේ යහපාලන මහමොළකරුවන් බව මතක් කර දිය යුතුය. එම සංශෝධනය නොවන්නට 2019 නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දෙවරක් ජනපති ත‍්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂය.
 
 ‘වියත්මග’, ‘එළිය’ මෙන්ම ගෙවිඳු කුමාරතුංග නායකත්වය දෙන ‘යුතුකම’ සිවිල් සංවිධානද ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන මග හෙළි කිරීමට කළ කාර්යභාරය අතිමහත්ය. ගෙවිඳු කුමාරතුංග ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ඉහළින්ම සිටී. ‘යුතුකම’ නියෝජනය කරමින් අනුපම පැස්කුවල් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කළුතරට තරග කරයි.
 
 සිවිල් සංවිධාන ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වයක යෙදුනේ එජාපයේ නායකත්වයෙන් 2010 (ජනරාල් සරත් ෆොන්සේකා), 2015 (මෛත‍්‍රිපාල සිරිසේන) සහ 2019 (සජිත් පේ‍්‍රමදාස) වෙනුවෙන්ය. මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් දේශපාලන බලවේගය තුළ සිවිල් සංවිධානවලට ප‍්‍රබල භූමිකාවක් තිබුණේ නැත.
 
 ගෝඨාභය රාජපක්ෂ එම තත්ත්වය උඩුයටිකුරු කළේය. නමුත් ගෝඨාභය රාජපක්ෂට දේශපාලන මාවත විවෘත කළ සිවිල් සංවිධාන සමූහය පාර්ලිමේන්තුව තුළ බලයක් ගොඩනැ`ගීමට උත්සාහ කිරීම විශේෂ තත්ත්වයකි. එම අරමුණ සාර්ථක කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි සිවිල් සංවිධානවලට හැකිවේද?
 
 පාර්ලිමේන්තුව වාර ගණනාවක් නියෝජනය කළ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ඇතුළු මහජන නියෝජිතයන් පවසන්නේ පක්ෂ විපක්ෂ 225 ම ජනතාවට පිළිකුල් බවය. වික‍්‍රමසිංහ ඊටත් එහා ගියේය. එජාප නායකයා පැවසුවේ 225 ම දියවන්නාවේ ගිල්ලවා දැමීමට ජනතාව ක‍්‍රියා කළ හැකි බවය. එලෙස සිදු වුවහොත් විශාල පරිසර හානියක් වීමට ඉඩ ඇති බව එජාප නායකයා පැවැසීය. සති දෙකකට පමණ පෙර වික‍්‍රමසිංහ මෙම ප‍්‍රකාශය කළේ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදීය. හිටපු ඇමැති රවි කරුණානායකගේ ආරාධනයෙන් එම අවස්ථාවට සහභාගි වූ වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පවතින ඉතාමත් අයහපත් තත්ත්වය සැහැල්ලූවට ගත් බව පැහැදිලිය. පාර්ලිමේන්තුව මෙම තත්ත්වයට පත්කළ මන්ත‍්‍රීවරුන් කුමන පක්ෂය නියෝජනය කරමින් 2020 මහමැතිවරණයට ඉදිරිපත් වුවත් ඡන්දය දෙන ජනතාවට ඔවුන් ප‍්‍රතික්ෂේප කළ හැකිය.
 
 එල්.ටී.ටී.ඊ. ය පරාජය කර වසර 11 කි. ඊට පෙර කළ දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා අමතක කරමු. යුද ජයග‍්‍රහණයෙන් පසු කාලය තුළ දූෂණ චෝදනාවලට ලක්වූ මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් ජනතාව විමසා බැලිය යුතුය. චෝදනා එල්ල වූ පමණින් යමෙක් වැරදිකරුවකු නොවනවා සේම යම් චෝදනාවක් පූර්ණ උසාවි ක‍්‍රියාමාර්ගයට ලක්නොවීම (දිගින් දිගටම අදහාගත නොහැකි ලෙසින්) නිසා අදාළ දූෂණය, වංචාව හෝ අක‍්‍රමිකතාවය සිදු නොකළා යැයි තීරණය කළ නොහැක. ජනතාව හො`දින් තේරුම් ගත යුත්තේ මහබැංකු බැඳුම්කර කොල්ලය කිරීමට පෙර කළ හැකි සියලූම දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා පාර්ලිමේන්තුවේ වගකීම් විරහිතභාවය නිසා මෙරටේ සිදුවූ බවයි.
 
 සමස්ත දේශපාලන ව්‍යුහයම දූෂණය වී ඇති බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. සියලූම දේශපාලන පක්ෂ මෙම තත්ත්වයට වගකිව යුතුය. රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් නොමැති රටේ කිහිපවරක් අගමැති ධුරය දරා ඇති වික‍්‍රමසිංහ ‘ගුවන් ශල්‍යාගාර’ ජනතාවට පොරොන්දු වීම පිළිබඳව පුදුම විය යුතු නැත. වික‍්‍රමසිංහ ‘ගුවන් ශල්‍යාගාර’ ලබා දීමට පොරොන්දු වූයේ පසුගිය ජුලි 18 සෙනසුරාදා පැවැති මහමැතිවරණ ප‍්‍රචාරණ රැලියකදීය. ශ‍්‍රී ලංකාව පොරොන්දු දේශපාලනයේ ඉහළම තලයේ වැජඹෙන බව පැහැදිලිය. ජාතික මැතිවරණයක් ජයග‍්‍රහණය කිරීමට ඕනැම දෙයක් කිරීමට ප‍්‍රධාන පක්ෂ සූදානම්ය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු සියලූ පුද්ගලයන්ට තරාතිරම නොබලා අධිකරණ ක‍්‍රියාමාර්ගයක් තුළින් ද`ඩුවම් ලබාදෙන බව ප‍්‍රකාශ කළ වාර ගණන අපමණය. නමුත් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප‍්‍රබල චෝදනාවලට ලක්වී සිටින එවකට ජනාධිපති ශ‍්‍රීලනිප නායක මෛත‍්‍රිපාල සිරිසේන එම පක්ෂයෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට තරග කරයි. පාස්කු ප‍්‍රහාරය එල්ල කරන අවස්ථාවේ ආරක්ෂක, නීතිය සහ සාමය අමාත්‍ය ධුර දැරූ සේනාධිනායකයාට කිසිදු ආකාරයකට එල්ලවන චෝදනාවලින් මගහැර යා නොහැක.
 
 මැතකදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී හෙළිවූයේ ජනාධිපතිවරයාට අමතරව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් එල්ල වීමට නියමිතව තිබූ තව්හිත් ජමාත් ප‍්‍රහාරය සම්බන්ධයෙන් තම ආරක්ෂක අංශ හරහා දැනුවත් වී සිටිය බව පැහැදිළිය. යහපාලන සමයේ ආරක්ෂක ලේකම් ලෙස පත්වීම් ලැබූ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ පළපුරුදු නිලධාරියකු වූ කපිල විද්‍යාරත්න සහ නොයක් ආණ්ඩු යටතේ ඉහළ තනතුරු දරා ඇති හේමසිරි ප‍්‍රනාන්දු කටයුතු කළ ආකාරය පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තුවේ අසාර්ථකභාවයයි. 19 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධුරය දැරීමට ඇති අයිතිය අහිමි කිරීමට යහපාලනය උත්සුක වීම විමසා බැලිය යුත්තේ ශ‍්‍රී ලංකාව අරාජික කිරීමට අවශ්‍යතාවයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන යම් කණ්ඩායමකට තිබුණ බවද අවධානයට ගැනීමෙනි. එජාපය මහත් උජාරුවෙන් කතා කරන ආංශික අධීක්ෂණ සභා කොහේ තිබුණේ දැයි සොයා බැලිය යුතුය.
 
 මැතකදී යහපාලන රජයේ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධන දෙරණ නාලිකාවේ ‘360’ විශේෂ සජීවී සාකච්ජාවකදී පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු කාරණා පිළිබිඹු කළේ යහපාලනය තුළ පාර්ලිමේන්තු ක‍්‍රමයේ අසාර්ථකභාවයයි.
 
 බරපතළ අර්බුද ගනණාවකට මුහුණ දෙන වර්තමාන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු බලය නොමැතිව තවදුරටත් ඉදිරියට යා නොහැක. ජනාධිපති කාර්ය සාධක බළකායවල් හරහා රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළ නොහැක. එවැනි යාන්ත‍්‍රණ හදිසි, විශේෂ අවස්ථාවලදී ප‍්‍රයෝජනවත් බව සැබෑය. නමුත් ශ‍්‍රී ලංකාවේ තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ පවා එවැනි යාන්ත‍්‍රණ දීර්ඝ කාලයක් ක‍්‍රියාත්මක කළ නොහැක. පාර්ලිමේන්තු ක‍්‍රමය නිසියාකාරව ක‍්‍රියාත්මක කළ යුතුය.
 
 කොරෝනා තර්ජනය හේතුවෙන් මහා මැතිවරණය පැවැත්වීමට අදහාගත නොහැකි මහජන මුදල් කන්දරාවක් වැය කිරීමට සිදුවී ඇත. මහමැතිවරණය පැවැත්වීම ස`දහා ක‍්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හාස්‍ය උපදවයි. උත්තරීතර ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන, මහබැංකුව මංකොල්ලකන, සේවක අර්ථසාධක අරමුදලට ‘විදින’, පොලිසිය හෙරොයින් විකුණන, ජාතික ආරක්ෂාව පාවාදෙන ගිවිසුම් අත්සන් කරනා පාර්ලිමේන්තු ක‍්‍රමයක් ඇති රටක ඡන්ද පළවල් විෂබීජ හරණය කිරීමත් විහිළුවකි.
 
 මෙතරම් මහජන මුදල් වැයකර පත්කර ගන්නා 2020 පාර්ලිමේන්තුවද අස්ථාවර විය හැකි බවට දැනටම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධානියකු වන ප‍්‍රසන්න රණතුංග අනතුරු අඟවා ඇත. කැලණිය රජමහා විහාරස්ථානයේ ජුලි 8 පැවැති විශේෂ ආගමික වැඩසටහනකින් පසුව ඇමැතිවරයා මෙලෙස බරපතළ අනතුරු ඇඟවීමක් කළේය : ‘‘බැරිවෙලාවත් මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයගේ 10 දෙනෙක් පාර්ලිමේන්තුවට ආවොත් ඒ අය අපිට මොන මොන කොන්දේසි දායිද කවුද දන්නේ? පාර්ලිමේන්තුවේ බලය රැකගන්න අපිට ඒ අයගේ කොන්දේසිවලට යට වෙන්න වුණොත් අපි මේ ගෙනයන ගෝඨාභය මහත්තයාගේ ජනතාවාදී වැඩපිළිවෙළට එය බාධාවක් වේවි. මෛත‍්‍රී ගැනවත් මෛත‍්‍රීට ගෑවුනු කෙනෙක් ගැනවත් මට කිසිම විශ්වාශයක් නැහැ.”
 
 ප‍්‍රසන්න රණතුංගට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව පොහොට්ටු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනගේ පාර්ශ්වය පවසයි. තමන් එම අනතුරු ඇ`ගවීම පිළිබඳව තැකීමක් නොකරන බව ප‍්‍රසන්න රණතුංග ප‍්‍රකාශ කර ඇත.
 
 පොහොට්ටු, ශ‍්‍රීලනිප ගැටුම වඩාත් අයහපත් තත්ත්වයට හරි ඇත. ප‍්‍රසන්න රණතුංග කරන ප‍්‍රකාශය බොහෝ පොහොට්ටු අපේක්ෂකයන්ගේ මතයයි. මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීමට ඉතාමත් පැහැදිලි අවස්ථාවක් තිබෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝ පොහොට්ටු පක්ෂයද අභ්‍යන්තර හැල හැප්පිලි සමනය කර ගැනීමට කටයුතු කළ යුතුය. තව දුරටත් පවතින දේශපාලන අස්ථාවරභාවය සහ විශේෂයෙන්ම කොරෝනා ඇතිකර තිබෙන ලෝක මූල්‍ය අර්බුදය නොසලකා කටයුතු කළහොත් ශ‍්‍රී ලංකාව නැවත නැ`ගිටීමට නොහැකි තත්ත්වයකට පත්වනු ඇත. පාර්ලිමේන්තුව මෙම යථාර්ථය තේරුම් ගත යුතුය. තවදුරටත් ආර්ථිකය හැදීමට එජාපයට රට භාර දියයුතු බව පවසන්නේ තමන් තවදුරටත් ඉන්ද්‍රජාලිකයකු සිතනා පුද්ගලයකු පමණි. මහබැංකු කොල්ලය කළවුන් එලෙස පැවැසීම කෙතරම් හාස්‍යජනකද? හිටපු මහජන නියෝජිතයන් කොරෝනා ප‍්‍රහාරයෙන් බැටකා සිටිනා ජනතාවට විහිළු සපයන්නන් බවට පත්වී ඇත. වරදක් නැත.
 
 එජාපය දෙකඩ වූ පමණින් මහබැංකුව දෙවරක් කොල්ල කෑමේ පාපයෙන් සමගි ජන බලවේගය ගැලවෙන්නේ නැත. එලෙසෙම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහාමැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට එරෙහිව බොහෝ නඩුකටයුතු ඇත. මහජන නියෝජිතයන් කුමන පක්ෂය නියෝජනය කළත් තමන්ට එරෙහිව අසනු ලබන නඩුවල අවසානයක් හැකිතාක් ඉක්මනින් දැකීමට උත්සුක විය යුතුය.
 
 දූෂණ සහ වංචා නඩුවක අවසානයක් දැකීමට උත්සහයක් දැරූ මහජන නියෝජිතයකු ඔබ දන්නවාද? පසුගිය වසර 10 තුළ දූෂණ චෝදනා එල්ලවූ කිසිදු මැති ඇමැතිවරයකුට උසාවි කටයුත්ත කෙසේ වෙතත් ජනතාව ඉදිරියේ තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සමත් වී නැත. පත්වීමට නියමිත පාර්ලිමේන්තුවට අලූත් මුහුණු අවශ්‍යද? දූෂණය සහ වංචා අස්ථාවරභාවය වර්ධනය කරයි. මෙම තත්ත්වයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට ඇතුළුවන නවක මන්ත‍්‍රීවරුන්ගේ ගණන වැඩිවූ පමණින් දූෂණය සහ වංචාව නතර කළ නොහැක. ප‍්‍රධාන පක්ෂයකින් නාම යෝජනා ලැබෙන හෝ ජාතික ලැයිස්තුවට ඇතුළුවන කිසිදු නවක මන්ත‍්‍රීවරයකුට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාවක් නැත. සමස්ත ක‍්‍රියාවලිය උඩු යටිකුරු වී ඇති තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකාවේ මැති සබයේ සහ වැලිකඩ ඇතුළු බන්ධනාගාරවල තත්ත්වය සංසන්ධනය කළ හැකිද?
 
 මැතකදී වැලිකඩ සහ කළුතර බන්ධනාගාරය තාප්පවලට ඉහළින් ජංගම දුරකථන, සිම් පත් ඇතුළු සිරකරුවන්ට සහ රැ`දවියන්ට අවශ්‍ය නොයකුත් ද්‍රව්‍ය විසිකල කිහිප දෙනකු අත්අඩංගුවට පත්විය. සැලකිය යුතු භාණ්ඩ ප‍්‍රමාණයක් සොයා ගැණිනි. පසුගිය සතියේ අවධාරණය කළ ආකාරයට ජනතාව ඡන්දයෙන් පත්කළ රජය මහබැංකුව දෙවරක් කොල්ලකෑ, පොලිස් මත්ද්‍රවය නාශක අංශය පාතාලයට හෙරොයින් විකුණන, ජනතාව ප‍්‍රතික්ෂේප කළ අපේක්ෂකයන් ජාතික ලැයිස්තුව හරහා හොර පාරෙන් මැතිසබයට පත්කරන රටක බන්ධනාගාරවලට ජංගම දුරකථන තාප්පවලට ඉහළින් විසි කිරීම පුදුම වීමට කාරණාවක් නොවේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles