Divaina - ‘මායාවී ආ’ ශේෂාද්‍රිගෙයි කි‍්‍රෂාන්ගෙයි ආදර අත්දැකීමද?

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

shanu99
 
මායාවී ආ ශේෂාද්‍රි රඟපෑ අලූත්ම මියුසික් වීඩියෝව, ඇත්තටම මේ ගීතය කාගේද. අයිතිකාරයා කවුද? මේ ගීතය ශේෂාද්‍රිගේ පුද්ගලික ජීවිතයේ අත්දැකීමක්ද? ඒ ගැන අපි ශේෂාද්‍රිගෙන්ම ඇහැව්වා. මේ ඒ කතාබහයි.
 
 කාලෙකට පස්සේ ශේෂාද්‍රිගේ මායා වී ආ කවුද කිව්වොත්?

sesadri1
 
 ඒක ඇත්තටම මියුසික් වීඩියෝ එකක්. මියුසික් වීඩියෝ එකක රඟපෑවේ දෙවැනි වතාවට. ඒ අවුරුදු දහයකට පස්සෙ. පළමු මියුසික් වීඩියෝ එක කළේ 2008 හෝ 2009 වසරවල. මම මියුසික් වීඩියෝ කරන්න එහෙම කැමැත්තක් තිබුණේ නැහැ. මේක කි‍්‍රෂාන්ගේම ගීතයක් නිසා මම හිතුවා රඟපෑවට කමක් නැහැ කියලා.
 
 මායා වී ආ ගීතය පෙම්වතාගේ නේද?
 
 කි‍්‍රෂාන් පෙරේරාගේ. එයාගේ තමයි සින්දුව. මියුසික් වීඩියෝ එකක් කරන්න කියලා බැලූවම අපි අදහස් කළේ කවුද ගන්නේ කියලා. අන්තිමේ කි‍්‍රෂාන්ට කිව්වා මම මේ ගීතයේ රඟපාන්නම් කියලා.
 
 මායාවී ආ මියුසික් වීඩියෝවට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?
 
 ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.
 
අනික මම කාලෙකින් හිටපු නිසා ඉතාම හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. කි‍්‍රෂාන් සෑහෙන කාලයකට පස්සෙ තමයි තමන්ගේම කියලා ගීතයක් කළේ. ඒ නිසා හොඳ ප‍්‍රතිචාර. මේ ගීතයේ මියුසික් වීඩියෝවේ අධ්‍යක්‍ෂවරයා සතීජ රණරාජ්. ඔහු සමඟ වැඩකරන්න හරිම ලේසියි. හරි සැහැල්ලූ මියුසික් වීඩියෝවක්.
 
 මේ දිනවල ශේෂාද්‍රිට හරියට රඟපෑමට ආරාධනා ලැබෙනවා කියන්නේ?
 
 ආරාධනා ලැබුණා. තවම තීරණය කරලා නැහැ. ඒවාට සහභාගි වෙනවා කියලා. මට කොහොමටත් චිත‍්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. ඒවා භාර ගෙන තිබුණේ රටේ ලෝකයේ තිබුණ මේ ප‍්‍රශ්න නිසා ඒ සියල්ලම කල්ගියා. කොහොමත් ඒ වැඩකටයුතු ආරම්භ කරන්න සූදානමින් ඉන්නෙ.
 
 මායා වී ආ ගීතයේ මියුසික් වීඩියෝවේ රඟපෑවේ පෙම්වතාගේ ගීතයක් නිසාද?
 
 ඒ සින්දුවට මාව ගැළපෙයි කියලා හිතුණා. අනෙක් එක මට සෑහෙන කාලයකට පස්සේ තමයි හොඳ වැඩක් කරන්න ලැබුණේ. ඒක හින්දයි, මේ වැඬේ කළේ.
 
 ශේෂාද්‍රිගෙයි කි‍්‍රෂාන්තගෙයි අත්දැකීම් නේද ‘‘මායාවී ආ’’ කියන්නේ?
 
 අපි දෙන්නගේ කතාව නෙමෙයි. නමුත් මම හිතන්නේ සාමාන්‍යයෙන් ඕනෑම කෙනකුට මේ ගීතය ගැළපෙනවා. මේක තමයි අපේ ආදර කතාව කියන අදහසකින් නෙමෙයි මේ වැඬේ කළේ. නමුත් මේ ගීතය ඕනෑම කෙනෙකුට ගැළපෙනවා කියලා මට හිතෙනවා.
 
 ශේෂාද්‍රි ගායනයට එන්න අදහසක් නැතිද?
 
 කි‍්‍රෂාන් මගෙන් ඇහැව්වා සින්දුවක් කියමුද කියලා. ඔහුත් එක්ක සසඳද්දී මම මහ ලොකු ගායිකාවක් නෙවෙයි. කොහොමටත් මට හොඳ ගායන හැකියාවක් නැහැ. නමුත් ක‍්‍රිෂාන් කිව්වා අපි හඬ පුහුණු කරලා ගීතයක් කරමු කියලා. තවම මම ඒ ගැන තීරණයක් අරගෙන නැහැ.
 
 ක‍්‍රිෂාන්ව මුණගැහුණේ කොහොමද?
 
 එයා මුල ඉඳලා මගේ අක්කි දිනක්‍ෂිගේ හොඳ යාළුවෙක්. ඉතිං අක්කාගේ මාර්ගයෙන් තමයි මෙයා දැන හැඳිනගත්තේ. අක්කා කියලා තමයි ඔහුව ළඟින් ආශ‍්‍රය කරන්න ගත්තේ.
 
 මේ ආදර කතාවට කොච්චර කාලයක් වෙනවාද?
 
 දැන් ටික කාලයක් වෙනවා.
 
 එහෙමම ලොකු කාලයක් නැහැ.
 
 කි‍්‍රෂාන් ගැන අම්මා තාත්තා මොනවද කිව්වේ
 
 අක්කා තමයි කිව්වෙ, අම්මා තාත්තාට කියල මේ කතාව පටන්ගමු කියලා. ඒ ගොල්ලො දැනුවත්ව තමයි මේ ආදර කතාව පටන්ගත්තේ. ඉතිං ඒ ගොල්ලන්ගෙන් ප‍්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.
 
 කි‍්‍රෂාන්ව ශේෂාද්‍රිගේ හිතට දැනෙන විදිහ?
 
 මාව හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. සැහැල්ලූවෙන් සාමාන්‍ය විදිහට ජීවත්වෙන චරිතයක්. අනික ඔහු මට හොඳින් ඇහුම්කන් දෙනවා.
 
 කි‍්‍රෂාන්ගෙන් ශේෂාද්‍රිට ඉදිරියේදී රඟපෑමට සීමාවන් වැටේවිද?
 
 එයා එහෙම සීමාවක් දාන චරිතයක් නෙවෙයි. හැබැයි හොඳට බලලා උපදෙස් ලබා දෙනවා කරන දේ හරියට මට ගැළපෙනවද කියලා විතරයි බලන්නේ. සීමාවන් දාලා කාත් එක්කවත් ඉන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.
 
 කි‍්‍රෂාන්ගෙන් ශේෂාද්‍රිගේ වැඩවලට ලැබෙන්නේ  මොනවගේ සහයෝගයක්ද? ලැබෙන ලොකුම සහයෝගය තමයි කිසිම වැඩකට ඇඟිලි ගහන්නේ නැති එක. එයාගේ තියෙන හොඳම ගතිගුණය තමයි ඇහුන්කන් දීම. අහගෙන ඉඳලා තමයි ඒකට උත්තර දෙන්නේ හරි දේ කරන්න මට නිදහස දීලා තියෙනවා.
 
 ශේෂාද්‍රි ළඟදීම මනාලියක් වේවිද?
 
 තවම ඒ ගැන තීරණයක් අරගෙන නැහැ. ඒක ඉතිං කාලයත් එක්ක තමයි තීරණය කරන්න වෙන්නේ. තවම වෙඩින් එකක් ගැන කල්පනා කරලා නැහැ.

විශේෂාංග

sikuru

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles