Divaina - සරතුයි කුමාරයි ද නිවුස් පේපර් හැදුවේ මාධ්‍යයට පහර දෙන්නද?... අපි ගත්තේ අතුරේ යනවා වගේ තීරණයක්...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner




මේක ප‍්‍රකාශනයක් අපි පහරදීමක් කළේ නෑ

 

newspaper1

සරත් කොතලාවලයි කුමාර තිරිමාදුරයි මීට කාලයක ඉස්සර තිර පිටපතක් ලියලා ඒක චිත‍්‍රපටයකට න`ගන්න නිෂ්පාදකවරයෙක් හොය හොයා ඉන්න කොට සරත් කොතලාවලට මතක් වෙනවා තමන් උගන්වපු ගුරුවරයා. ඒ වෙන කවුරුත් නොවෙයි බන්දුල ගුණවර්ධන ආචාර්යවරයා එහෙමත් නැත්නම් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා. අන්තිමේදී ඔහුට ගිහිං මේ අදහස කියනවා. අවසානයේ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා එච්. සී. පේ‍්‍රමසිරි මහත්තයාවත් රවීන්ද්‍ර ගුරුගේ මහත්මයාවත් එකතු කරගෙන තමන් ගේ ගෝලයාගේ සිහිනය සැබෑ කරනවා. ඒ හැබෑ කරපු හීනය අද සිනමා ශාලාවල තිරගත වෙනවා. නමින් ද නිව්ස් පේපර්ස් කුමාර තිරිමාදුරයි” සරත් කොතලාවලයි එකතු වෙලා හදපු ගුණා සහ ලූසියා ගේ කතාව ගැන සරත් කොතලාවලට අපි ප‍්‍රශ්නාවලියක් ඉදිරිපත් කළා. මේ එහි පෙළ ගැස්මයි.

 

newspaper2

කොරෝනා වසංගතයෙන් පසුව වසා දැමුණු සිනමා ශාලා යළි විවෘත කළ පසුව පළමුවෙන්ම තිරගත වෙන්නේ ද නිව්ස් පේපර්ස් චිත‍්‍රපටය. මේ හදිසියේ ඇයි මේ චිත‍්‍රපටය තිරගත කරන්න තීරණය කළේ.

කුමාරයි මායි කල්පනා කළේ මේ වැඬේ කවුරුහරි පටන්ගන්න ඕනෑ කියලා. ඒක හින්දා අපි දෙන්නා කතා වෙලා නිෂ්පාදකවරු පවා මුණ ගැසිලා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා. කවුරුවත් චිත‍්‍රපට පෙන්වන්නේ නැතිනම් අපි මේ චිත‍්‍රපටය පෙන්වමු කියලා. අපි අවුරුදු 25 ක් විතර ලංකාවේ වේදිකාවේ ටෙලි නාට්‍යවල චිත‍්‍රපටවල වැඩ කරලා තියෙනවා. ඉතිං පේ‍්‍රක්‍ෂකයෝ අපිට ආදරෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒක හින්දා අපි හිතුවේ මේ චිත‍්‍රපටය තිරගත කරන්න. මේ වෙලාවේ අපි පේ‍්‍රක්‍ෂකයන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.

 

newspaper3

අධ්‍යක්‍ෂවරයා විදිහට මේ කාලවකවානුවේ චිත‍්‍රපටයක් තිරගත කරලා නිෂ්පාදකවරුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවාද?

මට හිතෙනවා පුළුවන් වේවි කියලා. මේ වෙලාවේ අපි ගත්තේ අතුරේ යනවා වගේ තීරණයක්. දැන් යන තත්ත්වයක් එක්ක බොහෝ විට ඉදිරියේදී හොඳ ප‍්‍රගතියක් ලැබේවි කියන දැඩි විශ්වාසයේ අපි ඉන්නවා.

දැන් චිත‍්‍රපටය තිරගත කරලා දින කිහිපයක් ගතවෙලා. මේ වෙනකොට හොඳ තත්ත්වයෙන් තියෙනවාද?

මේ තියෙන වාතාවරණයත් එක්ක හොඳ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ඉස්සර දවස්වල චිත‍්‍රපට බලන්න හිටපු මිනිස්සු ප‍්‍රමාණයක් එක්ක දැන් හොඳ තත්ත්වයක් තියෙනවා.

ද නිව්ස් පේපර්ස් චිත‍්‍රපටය නිර්මාණය කරන්න මුලින්ම අදහස ආවේ සරත්ටද” කුමාර තිරිමාදුරටද?

newspaper6

අපිට එහෙම මතක නැහැ. අපි චිත‍්‍රපට දහයක් දොළහක් වගේ ලියලා තියෙනවා. මුලින්ම ලිව්වේ තණ්හා රතී ර`ගා චිත‍්‍රපටය. මේ චිත‍්‍රපටයේ ප්ලොට් එක මතකයි අපි දෙන්නා පත්තරයක් බලනකොට දැක්කා සිංහලයෙක් සිය දිවි හානි කරගෙන තිබුණු කතාවක්. ඉතිං ඒ කතාව අපි දෙන්නාගේ ඔළුවේ තිබුණා. අපි දෙන්නා එක එක චිත‍්‍රපට හදනවා. ඩිවලොප් කරනවා. ඉතිං එහෙම කරන කොට මේ ප්ලොට් එකත් ආව අපි දෙන්නා එහෙම කරපු ප්ලොට් හතළිස් ගණනක් තියෙනවා. ඉතිං අපි එක එක අරගෙන ඒ ඒ කාලයට හොඳයි කියලා හිතෙන කොට චිත‍්‍රපට නිර්මාණය කරනවා.

newspaper5සරත් කොතලාවල ඉදිරියේදී අධ්‍යක්‍ෂවරයාගේ භූමිකාවට බහින්නද සූදානම

අපි වෘත්තියෙන් රංගන ශිල්පීන්. මේක ප‍්‍රකාශන මාධ්‍යයක් විදිහට හරි අපූරුයි. මම මුලින්ම ප‍්‍රකාශන මාධ්‍යයක් විදියට කැමැති වුණේ සිනමාවට. වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය කියන්නේ දෙකක්. අපිට චිත‍්‍රපටවල යන්න පුළුවන් පරාසය වැඩියි. ඉදිරියේදීත් අපේ අතින් සිනමා නිර්මාණ බිහිවේවි.

එතකොට ඉදිරියේදී සරත් සහ කුමාර දෙපළ අධ්‍යක්‍ෂවරුන් විදිහට වැඩ කරනවා එහෙමද?

මේ වෙනකම් එහෙම අවුලක් නැහැ. ඉස්සරහටත් එකට වැඩ කරාවි.

ද නිව්ස් පේපර්ස් චිත‍්‍රපටයේ වැඩිපුර දකින්න ලැබෙන්නේ වේදිකාවේ ගැවසෙන නළු නිළියන්. ඇයි එවැනි නළු නිළියන් තෝරාගත්තේ?

අපිට අවශ්‍ය දේ ගන්න පුළුවන් වගේම ඒ පරාසය තියෙන්නේ පරිණත වේදිකා නාට්‍ය ශිල්පීන්ට විතරයි කියලා අපි දෙන්නා දන්නවා. අපිත් අවුරුදු ගණනාවක් වේදිකා නාට්‍ය යාළුවෝ. අනික ඔය සියලූ දෙනාම අපේ මිත‍්‍රයෝ. සමහරු සමකාලීනයෝ. තවත් සමහරු ගුරුවරු. මම වීදි නාට්‍ය කණ්ඩායමේ ඉන්න කොට ජයලාල් රෝහණ කියන්නේ මගේ ගුරුවරයා මේ චිත‍්‍රපටයේ මහාචාර්ය පැටි‍්‍රක් රත්නායක ර`ගපානවා.

මහාචාර්යතුමා මමයි කුමාරයි සම`ග හරි හිතවත්. එහෙම වපසරියක් තමයි තියෙන්නේ. අනික අපි මිත‍්‍රයෝ හින්දම නෙමෙයි මේ වැඬේට ගත්තේ. ඔවුන් මේ වැඬේට ඉතාම සුදුසු අය.

විශේෂයෙන් ගුණා සහ ලූසියා කියන චරිත දෙක මේ චිත‍්‍රපටය පුරාවටම ගලාගෙන යනවා. ඔබලා දෙදෙනා මේ චරිත දෙක ර`ගපාන නිසාද එවැනි උත්සවයක් ගත්තේ?

අපිට වුවමනා වුණේ ගමේ තිබුණ ටෙම්පෝ එක රිදම් එක මිනිස්සුන්ට ලබාදෙන්න. උදාහරණයක් විදිහට මම ගමක හැදුණ කෙනෙක්. මම දන්නවා ගමේ තියෙන රිදම් එක. අපේ ආතල” සීයලා උදෙන්ම යන්නේ හන්දියට” හන්දියේ තියෙන්නේ සිල්ලර කඩයකුයි” තේ කඩයකුයි විතරයි ඔතැන උදෑසන දහය විතර වෙනකම් කතාබහ කර කර ඉන්නවා. හැල හැප්පීම් නැහැ. තරගකාරීත්වය නැහැ. අපේ ගමේ මම අවුරුදු දාහතක් දහ අටක් විතර වෙනකම් තිබුණේ කුප්පි ලාම්පුව. මේ චරිත දෙකත් එක්ක තමයි අපිට ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය දේවල් තිබුණේ. සමහර තැන්වල අපිට අවශ්‍ය වුණා බෝරිං කරන්න. ක්‍ෂේත‍්‍රයේ අනුව අපිට සමහරු කියන්නේ එතැන හරියට ඇදෙනවා නේද කියලා. අපි එහෙම බෝරිං කළේ හිතලමයි. ඒ අපිට අවශ්‍ය කාරණා ඉස්මතු කරන්න. සමහර තැන්වල අපි බෝරිං එක කිව්වේ හේතුවක් ඇතිවයි.

ද නිව්ස් පේපර්ස් නිර්මාණය කළේ පුවත්පත් කලාවට පහරගැසීමේ චේතනාවෙන් කියලත් සමහරු කියනවා නේද?

දැන් මෙහෙමයි ඔහොම තමයි කියන්නේ. ප‍්‍රධාන වශයෙන් රටක ආර්ථිකය ගත්තාම ආර්ථිකයේ අපනයනය ගැන විතරක් කතාබහ කරනවා. එතකොට ඒක ආර්ථිකය වෙනවද? මේකේ බේස් එක වෙන්නේ මනුෂ්‍යයකුට තමන්ගේ ආත්ම ගරුත්වය ඇතිව ජීවත්වෙන්න ඉඩ ප‍්‍රස්ථාව තිබිය යුතුයි. ඔය කියන විදිහට ලෝකය වෙනස් කරන්න පුළුවන් ආයතන කිහිපයනේ තියෙන්නේ. අද එකක් දේශපාලනය. අනික මාධ්‍ය. අනික අද දේශපාලනයටත් එහා ගිය තැනක තමයි මාධ්‍ය තියෙන්නේ. ලෝකයේ වෙනස් කම් කරන්න පුළුවන් අංක එකේ ආයතනය තමයි මාධ්‍ය. එතකොට මාධ්‍ය ඉතා සූක්‍ෂමව මිනිසුන් වෙනුවෙන් යමක් කරනවා. නමුත් මේ චිත‍්‍රපටය පුරාවටම සමස්ත සිස්ටම් එක ගැනමයි තියෙන්නේ.

සිස්ටම් එක කියවන්න ඕනෑ. අපි මෙතැන ෆේ‍්‍රම් එකක් ඇතුළේ යම් කිසි භාණ්ඩයක් තියලා තියෙනවා. මේ ඒකට යම් කිසි හේතුවක් තියෙනවා. මේ හැම ෆේ‍්‍රම් එකක් ඇතුළේම කතාවක් තියෙනවා. ඒ කතාව තමයි තේරුම් ගන්න ඕනෑ” ලංකාවේ එවැනි සිනමාවක් නැහැ. අපේ බේස් එක වෙලා තියෙන්නේ ඉරාන සහ ප‍්‍රංශ සිනමාව. මේ සිනමා දෙකට ම අපේ ආකාරයේ එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ හැම ෆේ‍්‍රම් එකකම දෙබස්වලට එහා ගිය දෙයක් කියන්න උත්සාහ කළා. අපි සාමාන්‍යයෙන් කතා කලාවක් විදිහට ගත්තහම කියනවා මාධ්‍යවලට පහරදීමක් කළා කියලා. අපි ප‍්‍රකාශයක් කළේ මේක ඇත්තටම පහරදීමක් නෙමෙයි.

ඇත්තටම ඔබට චෝදනා එහෙම මේ වෙලාවේ කාගෙන්වත් ආවේ නැතිද?

පුවත්පත්වල සමහර පිරිස් එහෙම බැනලත් තියෙනවා.

තවත් සමහරු කියනවා ඔබලා මේ නිර්මාණය කළේ හිතලම මාධ්‍යයට පහරදෙන්න කියලා. පත්තර කන්තෝරුවක් ඇතුළේ තියෙන සිද්ධාන්ත ඔබලා. මේ නිර්මාණයට හරි සූක්‍ෂම විදිහට පාවිච්චි කරලා තියෙනවා නේද?

කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් මිනිස්සු බිහි වෙන්න ඕනෑ. එතකොට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන කොට එහෙම කරන්න බැරි තත්ත්වයක් අවශේෂ දේවලින් සිද්ධ වෙනවා නම් එතකොට කොහොමද ඒකට මුහුණ දෙන්නේ. කොන්දක් තියෙන මනුස්සයෙක් නම් ඒක නිරාකරණය කරගන්න යුහුසුළු වෙනවානේද? ඒකත් එක්ක එන ගැටලූ සම්භාරය තමයි මේ තියෙන්නේ. ඒ අරමුණට යන කොට මේ චරිත දෙකම ලොකු පරාසයක් අසු වෙනවා.

ඔබලා හිතනවාද? මාධ්‍යයෙන් රටකට සාධාරණයක් වෙන්නේ නැහැ කියලා.

ඉෂ්ට වෙනවා. මාධ්‍ය හින්දනේ අපි මේ හැම දෙයක්ම දැන ගත්තේ. ඒ පිළිබඳ අපිට ගැටලූවක් නැහැ. මාධ්‍ය නිසා තමයි ජනතාව සම්පූර්ණයෙන් දැනුවත් වෙන්නේ. නමුත් මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වය කොයි ආකාරයෙන්ද පාවිච්චි වෙන්නේ කියන එකයි. වැඬේ ඒක පරිහරණය කරන විදිහත් එක්ක සමහර විට මාධ්‍ය තියෙන්නේ හදාගත්තු යම් යම් රීතින් නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ලොකු අසාධාරණයක් වෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සු ගැන අද කතා කරන්න කවුද ඉන්නේ. දේශපාලකයොත් නැහැනේ. සාමාන්‍ය මිනිහෙක් ගැන කතා කරන්නේ මාධ්‍ය සහ කලාවයි. එතකොට අනිත් මිනිස්සු ඔක්කොම කතා කරන්නේ තමන් වෙනුවෙන්. මෙතැන කතා වෙන්නෙත් තමන්ගේ මිත‍්‍රයා සහ අම්මා ගැනයි. එතකොට ඒ පරාසය ලොකුයි. ඒ පරාසය වෙනුවෙන් තමයි ඔය මාධ්‍ය දෙකම නියෝජනය වෙන්නේ. කුමාරයි මායි කතා කරලා තියෙන්නේ අම්මා වෙනුවෙන්.

ඇත්තට ම මේ වෙනකොට ඔබ දෙපළට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

ඉතා හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. අපි මේ නිකම්ම නිකම් චිත‍්‍රපටයක් නෙමෙයි කළේ. මේක ඇතුළේ තියෙන දේ තේරුම් ගත යුතුයි. මේ සිස්ටම් එක ඇතුළේ එකක් විතරයි මාධ්‍ය කියන්නේ. මාධ්‍ය කියන්නේ අපි යන රූල් එකක් විතරයි. තමන්ගේ තැනි වුණ පුතා වැරදිකරුවෙක් කිව්වහම අම්මාට මොනතරම් වේදනාවක් එනවද? ගමෙන් එලවන්න තරම් මොන තරම් සාහසිකත්වයක්ද ඒ නිවුස් එකක් නිසා වෙන දේ එතකොට ඒක නිවැරදි කිරීමේදී අපි නොසලකා හරින්නේ. මේක ලෝකයටම පොදුයි. අපි ප‍්‍රකාශනයක් විතරයි කළේ. කාටවත් වැරැුද්දක් කියලා නැහැ.

ඔබ දෙදෙනා අතින් ඉදිරියේදී මෙවැනි නිර්මාණ බිහිවේවිද?

ඔව්. මේ වෙනකොට අපි දෙන්නා චිත‍්‍රපට දහයක් විතර ලියලා තියෙනවා. කොරෝනා වසංගත කාලයෙත් පිටපතක් ලිව්වා. අපි දැන් ඊට පස්සේ අපිට තියෙන එකෙන් හොඳම දේ මේ කාලයට අවශ්‍ය දේ කරන්න ගන්නවා. ඒක තමයි ඊළග අරමුණ.

ඔබලා දෙදෙනාම අධ්‍යක්‍ෂවරු විදිහට දිගටම එකට වැඩ කරනවාද?

මේ වෙනකම් ආවා. ඉස්සරහට කියන්න බැහැ. ඒක ඉතිං මනුස්ස ස්වභාවයනේ. අනික මනුස්සයෝ කියන්නේ වෙනස්වන සුළුයිනේ. ඒක ඉතිං බුදුහාමුදුරුවොත් කියලා තියෙනවානේ. දැනට අපි දෙන්නාගේ ගැටලූවක් නැහැ.


දිනේෂ් විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles