Divaina - Back to Normal වුන චීන්නු දැන් 'Beyond Meat'

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

 
 බිබිසි පුවත් ඇසුරිනි
 පුන්‍යා චාන්දනි ද සිල්වා
 
beyond135කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසයේ ආසාදනයෙන් දරුණු ලෙස බැට කෑ චීනය නැවත Back to Normal තත්වයට පත් වෙමින් පවතී. මේ අතරවාරයේ තමන්ගේ සෞඛ්‍ය සම්පන්නබව පවත්වා ගැනීම වෙනුවෙන් ආහාර ගැනත් විශේෂ සැලකිල්ලක් දැක්වීම අනිවාර්යෙන්ම සිදු විය යුතු බවත් චීන ජාතිකයන් අමතක නොකල කරුණක්. ඒත් තමන්ගේ හුරු පුරුදු ගති පැවැතුම් සහ ආහාර රටාවන් තවමත් අනුගමනය කිරීම අපහසු නිසාම ඔවුන් කෙසේ හෝ පවතින තත්වයන්ට අනුගත විය යුතුයි.
 
 චීනයේ ස්ටාර්බක්ස් අවන්හල් ජාලය පාරිභෝගිකයන් වෙනුවෙන් වසා දමනු ලැබුවේ 2020 ජනවාරි මාසයේදී. මාස හතරක් ගෙවුන තැන නැවතත් ඔවුන් මෙම ආපනශාලාවන් විවෘත කිරීමට කටයුතු සලසා තිබේ.
 
 මේ නිසා කටට රහට ආහාර සොයන විමසන චීන ජාතිකයන් වෙනුවෙන් එරට ස්ටාර්බක්ස්  අවන්හල් මගින් ඔවුන්ගේ ආහාර වට්ටෝරු අතරට මස් නොවන නමුත් මස් හා සමාන ආහාර දීසි එකතු කිරීමට සූදානම්ව සිටි. මෙම වාණිජමය කි‍්‍රයාවලියේදී ස්ටාර්බක්ස්, KFC  සහ Beyond Meat ව්‍යාපාරික සමාගම් එක්තරා අභියෝගයක් ඉදිරියේ සිටිති.එනම් මස් රසට ලූහුබඳින චීන ජාතිකයන්ගේ දිව ශාඛමය මාංශ පිළිගනීවිද යන සැකයයි.
 
 මෙම ආහාර මස් හැඩයෙන් සහ මස් රසයෙන් යුක්ත වුනත් ඒවායේ සම්පූර්ණ සංයුතිය ශාඛ පදනම් කර ගෙන තිබේ.ෂැන්හයි ග්වාන්ෂු සහ ෂෙන්ෂෙන්   වැනි චීනයේ දකුනු දිග නගරයන්හි මෙම ශාඛ ආහාර අලෙවිය දැනටමත් ආරම්භ කර තිබේ
 
 මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් චීන වෙළඳපොළ පර්යේෂක කණ්ඩායමේ ‘‘ෂොන් රීන් ’’සඳහන් කරන්නේ ‘‘චීන ජාතිකයින් අතර එළවලූවෙනුවෙන්් දැනටමත් යොමු වෙන ප‍්‍රවනතාවයක් ගොඩ නැගී තිබෙනවා. 2018 වසරේ පටන් අප‍්‍රිකානු ඌරු උණ වසංගතය නිසා සත්ව ගොවිපොළවල්වල ඌරන් වගේම ආහාර වෙනුවෙන් ඇති කරන සතුන් වසංගත තත්වයට මුහුණ දීම නිසාත් චීනයේ මස් හිගයක් ඇති වුණා. COVID 19. වෛරසයේ ආසාදිත තත්වය නිසාලෝකය පුරාම කර්මාන්තශාලා මගින් තහංචි පනවා තිබෙන නිසා ඌරුමස් වගේම වෙනත් මස් ආනයනය කිරීමත් නිසා මස් ආහාර වෙනුවෙන් ඇත්තේ දුෂ්කර කාලයක්. ඒ නිසාම අපි Beyond Meat වෙනුවෙන් යොමු වීමට අදහස් කළ බවයි.
 
 දිගුකාලීනව බලන විටත් ආසියාව මූලෝපායීය වශයෙන් වැදගත් කලාපයක්. 2020 වසර අවසාන වෙන විට ආසියාව සඳහා සිදු කරන නිෂ්පාදනයන් මෙම කලාපයේම සිදු කිරීම අපේ අරමුණ බැව් Beyond Meat සමාගම සඳහන් කර තිබේ.
 
 මේ අතර Beyond Meat ආහාර නිෂ්පාදන සමාගම මගින් නිපදවන ලද ආහාර චීනය පුරා පිහිටි ස්ටාර්බක්ස් අවන්හල් ජාලයේ දැන් අලෙවි කිරීම ආරම්භ වී තිබේ. ඊට අමතරව සිංගප්පුරුව, දකුණු කොරියාව, තායිලන්තය, වියට්නාමය සහ පිලිපිනය ඇතුලූ ආසියානු රටවල් කීපයකම ශාඛමය මාංශ නිෂ්පාදන බෙදා හැරීමේ කි‍්‍රයාවලියට Beyond Meat සමාගම මුල පුරා ඇත.
 
 චීනය ආදර්ශයට ගනිමින් මාංශමය ආහරවලට ඉහළ ඉල්ලූමක් ඇති බටහිර රටවල් පවා ශාඛමය මාංශ ආාහර වෙනුවෙන් දැන් යොමු වෙන ප‍්‍රවනතාවයක් ගොඩ නැගෙමින් පවතී.
 
 මෙම ප‍්‍රවනතාවයේ සාර්ථකත්වය නිසාම වැනි ණත්‍ක්‍ භෝජනාගාර පවා ඔවුන්ගේ නව ආහාර වට්ටෝරු වෙනුවෙන් ශාඛ නිෂ්පාදන යොදා සකස් කරන ලද ව්‍යාජ කුකුල් මස් යොදා ගැනීමේ අත්හදා බැලීම් ආරම්භ කර තිබේ.
 
 එක්සත් රාජධාණියේ ග්‍රෙග්ස්   සිට මැක්ඩොනල්ඞ්ස් දක්වාත් බර්ගර් කිං   පටන් KFC දක්වාත් මස් මාංශ වෙනුවට ආදේශක හාඛමය ආහාර සැපයීමට අදහස් කිරීම නිසා ඉදිරියේදී ශාඛමය ආහාර ආපනශාලා ජාලයක්ද නිර්මාණය වීමේ ප‍්‍රවනතාවයක් ගොඩ නැගෙමින් පවතී.

 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles