Divaina - කොවිඞ් කුණාටුවෙන් බැටකා කොවිඞ් සමඟ ජීවත් වීමට සැරසෙන ඉතාලිය... "ඉතාලියේ සිට ලියමි..."

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p31 1සීතල ජනේරුවත් 2020 නව වසරත් ඉතාලි වැසියන් පිළිගත්තේ වෙනදා මෙන්ම ඉතා සතුටෙන්. ඒ සතුට අතරේ නුදුරේ පැමිණෙන මරණයේ කුණාටුව ගැන ඉඟියක්වත් ඔවුන්ට තිබුනේ නෑ.ඔවුන් සිටියේ ලෝක ප‍්‍රකට මිලානෝ විලාසිතා සතිය සහ සංචාරකයන් දහස් ගණනක් සහභාගී වන වාර්ෂිකව පැවැත්වෙන වැනිසියේ සුප‍්‍රසිද්ධ කර්නෙවාලේ  උත්සවයට ලහි ලහියේ සුදානම් වෙමින්.ඊට අමතරව සීත සෘතුවේ පැවැත්වෙන පොත්,සුවඳ විලවුන්,ගෘහ භාණ්ඩ වැනි ජාත්‍යන්තර වෙළඳ ප‍්‍රදර්ශන වලටත්,අන්තර් සමාජ පාපන්දු තරඟ වලටත් වැඩි අවධානයක් යොමුකරමින් ඔවුන් කාර්යබහුල වුනා.

ඒ වන විටත් චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගනිමින් කොවිඞ් 19 වෛරසය ලෝකයට මරණයේ කුණාටුව බෙදා දෙමින් තිබුනා.ඒ අතරේ ජනවාරි 31 දා ඉතාලියේ මිලානෝ මල්පෙන්සා ගුවන්තොට හරහා පැමිණ රෝම නගරයට ලඟාවූ චීන සංචාරක යුවලක් කොවිඞ් 19 ආසාදිත බවට මුල් වරට අනාවරණය වුනා.ඒ ඉතාලිය තුල වාර්තා වූ පළමුවෙනි කොවිඞ් ආසාදිතයන් ලෙසින්.වහාම ක‍්‍රියාත්මක වූ ඉතාලි රජය චීනයත් සමග පැවැත්වූ සියලූ‍ ගුවන් ගමන් මාස හයකට අත්හිටවූවා.ඉන් නොනැවතී ඉතාලියේ සියලූ‍ ගුවන් තොටුපොළවල තාප සන්නායක ස්කෑනර් යන්ත‍්‍ර සවිකරනු ලැබුවා.ඉතාලි අගමැති ජුසේප්පේ කොන්තේ පසුව සඳහන් කලේ පුර්වාරක්ෂාව සඳහා එවැනි පියවරක් ගත් පළමු යුරෝපියානු රට ඉතාලිය බවයි.

p31 2ලෝකයේ අටවෙනි ආර්ථික බලවතා වන ඉතාලියේ හදවත ලොම්බාර්දියා පළාතයි.ඉතාලියේ නිෂ්පාදන ආර්ථිකය සවිමත් කරන බොහෝ කර්මාන්ත ශාලා,වෙළඳ ව්‍යාපාර,සමාගම් වැඩි වශයෙන්ම කේන්ද්‍ර ගතව ඇත්තේ ලොම්බර්දියා පළාත සහ උතුරු ඉතාලියේ වැනෙතෝ, එමිලියා රොමානියා වැනි පළාත් මුල් කරගනිමින්. ඒ අතර පෙබරවාරි 21 වෙනිදා ලොම්බර්දියා පලාතේ කුඩා නගරයක් වූ කොදොඤ්ඤෝ නගරයෙන් කොවිඞ් ආසාදිත වූ පළමු ඉතාලි ජාතිකයා හමුවනවා.චීනයේ සංචාරය කල ඔහුගේ රැුකියා සගයන් සමඟ ඔහු දෙසතියකට කලින් රාත‍්‍රී ආහාරය ගත් බව පසුව සඳහන් වුනා.

ඉන් අනතුරුව ලොම්බර්දී පළාතේ මිලානෝ,ලෝදී,බෙර්ගමෝ,බ්‍රේෂියා වැනි දිස්ත‍්‍රික්කත් ⁣උතුරු ඉතාලියේ බොලොඥ්ඥා,පාර්මා, මෝදනා, රිමිනි වැනි දිස්ත‍්‍රික්කත් කොවිඞ් මාරයා ක‍්‍රමයෙන් සිය ග‍්‍රහණයට නතු කර ගන්නවා.මුල්ම රෝගියා වාර්තා වූ කොදොඤ්ඤෝ නගරයේ සීඝ‍්‍රයෙන් රෝගය පැතිර යාමත් සමඟ ඒ නගරය හුදෙකලා කරනවා.එය කොවිඞ් වසංගතය නිසා මුල් වරට ඉතාලිය සහ යුරෝපයේ නගරයක් හුදෙකලා කරන ලද අවස්ථාවයි.එය ඉතාලියත් යුරෝපා හවුලේ අනෙකුත් රටවලූ‍ත් තිගැස්මට ලක්වුන සිදුවීමක් වුනා.එසේම තවත් නගර දහයක් රතු කළාප ලෙස නම් කලා.ඉතාලි රජය සිය පුරවැසියන්ට සමාජ දුරස්ථභාවය පවත්වාගෙන දැඩි සෞඛ්‍යාරක්ෂිත උපක‍්‍රම භාවිතා කරමින් ජීවත් වන ලෙස දැනුම් දුන්නත් බොහෝ ඉතාලි ජාතිකයන් ඒ කෙරෙහි එතරම් සංවේදී වුනේ නෑ.බොහෝ දෙනෙක් එය සාමාන්‍ය ඉන්ෆ්ලූ‍වෙන්සා තත්වයක් බව සිතමින් නොසලකා හැර ඉදිරියේ එන අනතුරට අත වැනුවා.දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ආරක්ෂිතව,සුව පහසුව ⁣දිවි ගෙවූ ඉතාලියානුවන්ගේ විඥාණය තුල අනාරක්ෂිත බව,අනතුර ගැන එතරම් අවබෝධයක් නොතිබීම මීට හේතුවක් වන්නට ඇති.

එයින් පන්නරය ලැබූ කොවිඞ් මාරයා පළමු රෝගියා වාර්තා වී දෙසතියකට පසු මාර්තු 4 දා වන විට 3089 දෙනෙකු ආසාදිතයන් බවට පත්කර 107 දෙනෙකු මරණයට පත්කර තිබුනා.ඉතාලියේ කොවිඞ් මරණ සියය ඉක්මවීමත් සමඟ මාර්තු 4 දා ඉතාලියේ සියලූ‍ම පාසැල් සහ විශ්ව විද්‍යාල වසා දමන්නට බලධාරීන් පියවර ගත්තා.මාර්තු 7 දා ලොම්බාර්දියා පළාතත්,ඊට යාබද සෙසු පළාත්වල දිස්ත‍්‍රික්ක 14 කුත් රතු කළාප ලෙස නම් කරමින් මිලියන 16 ක ජනතාව නිරෝධායනයට ලක්කරමින් සම්පූර්ණයෙන්ම වසා දැමුනා.නිවසෙන් පිටව යාමට අවසර දී තිබුනේ වසා නොතිබූ අංශවල රැුකියාවල නිරතවෙන්නන්ට සහ ආහාර සහ ⁣ඖෂධ මිලට ගැනීමට පමණයි.

පළමු රෝගියා වාර්තා වී හරියටම මාසයකට පසුව එනම් මාර්තු 21 වන දින වන විට ඉතාලිය තුල 53578 දෙනෙකු ආසාදිතවී 4815 දෙනෙකු මරණයට පත්ව තිබුනා.ඉතාලිය චීනයට පසුව වැඩියෙන්ම කොවිඞ් වසංගතයේ ග‍්‍රහණයට ලක්වූ රට වූ අතර විටෙක එය යුරෝපයේ සහ ලෝකයේම වැඩිම ආසාදිතයන් ගණන සහ මරණ ගණන වාර්තා වූ රට බවට පත්වුනා.කොවිඞ් වසංගතය නිසා වසා දැමූ ඉතාලි⁣යේ ආහාර අවශ්‍යතා සඳහා සුපිරි⁣ වෙලඳ සැල් සහ අනෙකුත් ආහාර සම්බන්ධ වෙලඳසැලූ‍ත්,ෆාමසිත් විවෘත කර තිබූ අතර ඒවායේ දිගු පෝලිම් දක්නට තිබුනා.රට වසා තිබූ සම්පූර්ණ කාලය තුල ඒවා වැසුවේ නෑ. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකාවේදී,ඉන්දියාවේදී පනවා තිබෙන ඇඳිරි නීති තත්වයක් ඉතාලිය තුල තිබුනේ නෑ.රජයෙන් නම් කරන ලද වසා නොදැමූ අංශවලට අදාල කර්මාන්ත ශාලා සහ සේවා ස්ථානවල රැකියාවල නිරතවූවන්ට ඒවාට යාමට හැකියාව තිබුනා.පළාත තුල පමණක් සීමාවන ආකාරයෙන් පොදු ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක වුනා.

ලොම්බාර්දි පලාතේ බෙර්ගමෝ දිස්ත‍්‍රික්කයේදී කොවිඞ් ඉතා සාහසික ලෙස හැසිරුනා.ඒ නගරය විශාලාවක් බවට පත්වුනා. මාර්තු 19 වැනිදා වන විට මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට ඒ නගරයේ ආදාහනාගාර ප‍්‍රමාණවත් නොවූ නිසා හමුදා ට‍්‍රක් රථ වලින් සිරුරු වෙනත් ප‍්‍රදේශවලට ගෙන ගියා.එහි දර්ශන පෙළ ලෝකය කම්පාකල සිදුවීමක්.එමෙන්ම කියුබාව, චීනය,රුසියාව, වෙනිසියුලාව වැනි රටවලින් ඉතාලියට සෞඛ්‍ය ආධාර විශාල වශයෙන් ලබා දුන්නා.එය සුවිශේෂී අවස්ථාවක්.

ඉතාලිය වසා දැමුවේ ක‍්‍රමිකව සහ පියවර වශයෙන්.ඔවුන්ට රටේ ජනතාව සහ ආර්ථිකය යන දෙකම රැුකගෙන වසංගතයට මුහුණ දීමට අවශ්‍ය වුනා.තත්වය තවදුරටත් බරපතල වීමත් සමඟ මාර්තු 21 වෙනිදා පැවති නීති තවත් දැඩි කරමින් අත්‍යාවශ්‍ය සේවා නොවන සියලූ‍ම කර්මාන්තශාලා,සේවා ස්ථාන වසා දැමුවා.මෙය ඉතාලි ආර්ථිකයට බලවත් පහරක් වන අතිශය වැදගත් තීරණයක් නිසා රජය විසින් එය ගනු ලැබුවේ වාණිජ සංගම්,පළාත් ආණ්ඩුකාරවරුන්,සිවිල් ආරක්ෂණ බලකාය,වෛද්‍ය සහ ආර්ථික විශේෂඥයන් සමඟ බොහෝ සාකච්චා පැවැත්වීමෙන් අනතුරුවයි.

රජය විසින් පනවා ඇති සෞඛ්‍යාරක්ෂණ නීති කඩකරන්නන්ට අපරාධ නීතිය යටතේ නඩු පවරා තෙමසක සිර දඬුවමක් සහ දඩයක් නියම කලා.නිවසින් පිට වීමේදී මුඛ ආවරණ අනිවාර්ය කෙරුනා.තත්වය ඉතා බැ?රුම් වෙද්දී ඉතාලි ජාතිකයන් රෝගය මර්දනය සඳහා රජය පැනවූ සෞඛ්‍යාරක්ෂණ නීති අනුගමනය කරන්නට වේගයෙන් යොමු වුනා.

ඉතාලි ජාතික පළමු රෝගියා හඳුනාගත් දිනට මාස දෙකකට පසුව එනම් අපේ‍්‍රල් 21 වෙනිදා ඉතාලියේ ආසාදිතයන් ගණන 183467 ක් ලෙසත් මියගිය ගණන 24648 ක් ලෙසත් සඳහන් වුනා.නව ආසාදිතයන් හමුවීමේ සහ සිදුවන මරණ ගණනේ ක‍්‍රමික අඩුවක් දකින්නට ඇති නිසාත්,කොවිඞ් වසංගතයට මෙතෙක් නිශ්චිත එන්නතක් සොයා ගෙන නැති නිසාත්, ජන ජීවිතය සාමාන්‍ය කිරීම අත්‍යාවශ්‍ය නිසාත් ඉතාලි බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් හඳුනාගත් අදියර තුනක් ඔස්සේ රට නැවත විවෘත කරන ක‍්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ”‍වෛරසය සමඟ ජීවිතය ඉදිරියට ගෙන යමු”‍ තේමාව යටතේ පළමු අදියර ක‍්‍රියාත්මක කෙරුනේ අපේ‍්‍රල් 14 වෙනිදා.ඒ අනුව සියලූ‍ පොත් සාප්පු,ලිපි ද්‍රව්‍ය වෙලඳ සැල් සහ ළමා ඇඳුම් සාප්පු විවෘත කෙරුනා.ඉන්පසුව අපේ‍්‍රල් 18 වැනිදා කෘෂිකර්මාන්තය සමඟ ඍජුව සහ වක‍්‍රව සම්බන්ධ වෙන ආයතන,කෘෂි නිශ්පාදන ආශ‍්‍රීත කර්මාන්තශාලා සහ කෘෂි වෙලඳ සැල් විවෘත කිරීමට පියවර ගැනුනා.ඊට අමතරව කාර්මික අංශයට සම්බන්ධ බොහෝ කර්මාන්ත ශාලා නැවත පණ ගැන්වුනා.ඒ විවිධ සීමාකම් සහ සෞඛ්‍යාරක්ෂණ නීති සහ කොන්දේසිවලට යටත්වයි.

රට නැවත විවෘත කිරීමේ දෙවෙනි අදියර ආරම්භ වුනේ මැයි 4 වෙනිදා සිටයි.එම දෙවෙනි අදියරේදී වසා දැමුනු සහ අඩපණ කෙරුණු අංශ වැඩි ගණනක් විවෘත කිරීමටත් නැවත පණ ගැන්වීමටත් නියමිතයි.ඒ අනුව නිමි ඇඳුම් සාප්පු,ගෘහ භාණ්ඩ වැනි වෙලඳ සැල් නැවත ආරම්භ කල අතර ඒ සියලූ‍ ආපනශාලා තුල කෑම පිටතට අලෙවි කිරීම (Take Away)  සිදුකල හැකි අතර එ ආහාර නිවසේදී හෝ කාර්යාලයේදී පමණක් ආහාරයට ගත හැකියි.ආපන ශාලා සහ කැෆේ ෂොප් ආදිය සම්පූර්ණයෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ ජූනි පළමුවෙනිදායි.ඒවා විවෘත කලත් දැඩි සෞඛ්‍යාරක්ෂණ නීති සහ කොන්දේසි හඳුන්වා දී තිබෙනවා.මැයි 11 වනදා අධිකරණ කටයුතු සහ රජයේ සියලූ‍ කාර්යාල කටයුතු ඇරඹීමට නියමිතයි.මැයි 25 වෙනිදා දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් රූපලාවන්‍ය ආයතනත් කොණ්ඩා,නිය ආදිය කපන ස්ථාන ඒ ආශ‍්‍රිත සේවාත් විවෘත කරනු ඇති.මැයි 4 සිට අදියර කිහිපයක් ඔස්සේ රෝමය,ෆ්ලෝරන්ස් සහ බෙර්ගමෝ වැනි ගුවන් තොටුපොලවල් කිහිපයක් විවෘත කරන අතර ඒවා ෂෙනගන් කලාපයට අයත් රටවල් අතර සිදුවන සීමාසහිත අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් භාවිතා කරන බව පැවසෙනවා.ජූනි පළමුවෙනිදා බාසිලෝනා සහ මාලදිවයින බලා ජාත්‍යන්තර ගුවන්ගමන් කිහිපයක් ආරම්භ කිරීමට බලා⁣පොරොත්තු වෙන බවත් සඳහන් වෙනවා.

එසේම මේ සියලූ‍ විවෘත කිරීම් ඍධ අගය වැනි වසංගත තත්වයන් මැන බලන සෞඛ්‍ය දර්ශක අනුව ක‍්‍රියාත්මක වෙන බව සඳහන් වෙනවා.ඍද අගය යනු හුදකලා වූ පරිසරයකදී එක් ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයන් කීදෙනෙකුට රෝගය ආසාදනය විය හැකිද යන්නයි.ඒ අනුව ක‍්‍රීඩා තරඟ පැවැත්වෙන සංකීර්ණ,සිනමා ශාලා වැනි ජනතාව වැඩි වශයෙන් එක්රොක්වන ස්ථාන විවෘත කරන්නේ ඍධ අගය බින්දුවේදී බව ඉතාලි බලධාරීන්ගේ අදහසයි.වර්තමානයේ ඉතාලියේදී කොවිඞ් 19 රෝගයේ ඍධ අගය පවතින්නේ 0.6 - 0.7 අතර ගණනකයි.වසංගත තත්වය මැන බලන විවිධ දර්ශකවල උච්චාවචනයන් අනුව මේ සීමා ලිහිල් කිරීම හෝ දැඩි කිරීම් ගැන නැවත සලකා බලන බව පැවසෙනවා.

කොවිඞ් වසංගත තත්වය මැඩලීමේ කාර්යයේදී ඉතාලිය වැනි බොහෝ යුරෝපා රටවල් සහ ශ‍්‍රී ලංකාව සැසඳීමේදී ශ‍්‍රී ලංකාව ලෝකයේ වෙනත් රටවල භාවිතා නොකල තමන්ටම ගැලපෙන ක‍්‍රමවේදයක් භාවිතා කල බව පැහැදිලියි.විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි අංශවල සහයෙන් රෝගීන් හා සම්බන්ධ වුනු පුද්ගලයන් සහ ආසාදිත පොකුරු සොයා ගැනීම,එක්

රෝගියෙකු වාර්තා වුනු විගස අදාල රෝගියා ජීවත් වුන ප‍්‍රදේශයම හුදෙකලා කිරීම සහ ප‍්‍රදේශයේ සියලූ‍ම දෙනා නිරෝධායනයට ලක් කිරීම වැනි ලංකාවේදී සිදුකල පූර්වාරක්ෂණ නිවාරණ සෞඛ්‍ය ක‍්‍රමවේදයන් ඉතාලිය තුල දකින්නට තිබුනේ නෑ. එ⁣සේම රජයේ හමුදා විසින් නඩත්තු කරන නිරෝධායන මධ්‍යස්ථාන ඉතාලිය තුල ක‍්‍රියාත්මක කලේ නෑ.ශ‍්‍රී ලංකාවේදී වැඩි වශයෙන්ම සිදුකරන අහඹු නියැදි පරීක්ෂා,හඹාගෙන ගොස් සිදුකරන පීසීආර් පරීක්ෂා ආදී ක‍්‍රමවේද වැඩි වශයෙන් ඉතාලියේදී භාවිතා බවට තොරතුරු වාර්තා වෙන්නේ නෑ.එසේම දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම පවා ලංකාවේදී භාවිතා කරමින් සාර්ථක ප‍්‍රථිපල ලබා ගත්තත් ඉතාලිය වැනි කොවිඞ් විසින් දරුණුවට බිලිගත් රටවල් ඒවා භාවිතා කලේ නෑ.

ඉතාලිය තුලදී සිදුකලේ හමුවන රෝගීන් ප‍්‍රථිකාර සඳහා යොමු කිරීමත් රෝගීන් හා දිවිගෙවූ සමීප ඥාතීන්⁣ නිවෙස්තුලම නිරෝධායනයට ලක්කිරීමත්,සෞඛ්‍ය නීති රීති කඩන්නන්ට නීතියෙන් දඬුවම් කිරීමත් වැනි සාමාන්‍ය සෞඛ්‍යාරක්ෂණ ක‍්‍රමවේදයක් පමණයි.නමුත් ඉතාලියේ ක‍්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක බලකායේ (PROTEZIONE CIVILE) ප‍්‍රධානී ආන්ජෙලෝ බොරොල්ලි ඇතුලූ‍ කණ්ඩායම් ⁣ඉතාලියේ කොවිඞ් සමඟ සටන් කරමින් දැවැන්ත කාර්ය භාරයක් ඉටු කල බව අමතක ⁣කල නොහැකියි.ඊට අමතරව කොවිඞ් රෝගීන් සුවපත් කිරීමට දිවා ? වෙහෙසුනු වෛද්‍යවරුන් 150 කට අධික ගණනකුත් හෙදියන් 34 දෙනෙකු ඇතුලූ‍ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල විශාල පිරිසකට අවාසනාවන්ත ලෙස සිය දිවිය අහිමි උනා.

ශ‍්‍රී ලංකාවේදී පොලිසිය,හමුදාව සහ බුද්ධි අංශ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,රෝහල් කාර්ය මණ්ඩල,සෞඛ්‍ය සහ ආර්ථික විශේෂඥයන් ප‍්‍රමුඛ දේශපාලන අධිකාරිය ඒකාබද්ධව පණ ගැන්වූ පූර්වාරක්ෂණ නිවාරණ සෞඛ්‍ය පද්ධතියෙන් සිදුකල රෝගීන් ආවේක්ෂණය කිරීමේ,නිරෝධායනය කිරීමේ සහ ප‍්‍රථිකාර කිරීමේ ක‍්‍රියාවලිය ප‍්‍රශංසනීය සහ ගුණාත්මක එකක් බව කිව යුතුමයි.කොවිඞ් වසංගතය මර්දනය කිරීමට එවැනි අති විශේෂ පද්ධතියක් ඔස්සේ ක‍්‍රියාකල ශ‍්‍රී ලංකාව බොහෝ රටවලට සාපේක්ෂව ඉදිරියෙන් සිටින බව අවිවාදිතයි.

නැවත ඉතාලිය දෙස හැරී බලද්දී ඉතාලි අගමැති ජුසෙප්පේ කොන්තේ රට නැවත විවෘත කිරීමේ වැඩපිළිවෙල ගැන මාධ්‍යට කරුණු දැක්වීමේදී ”‍අන් කවරදාටත් වඩා අපේ රට අපේ දෑත් මත රැුඳී තිබෙනවා”‍ යනුවෙන් ප‍්‍රකාශ කලා.ඒ ප‍්‍රකාශය ඉතාලියට පමණක් නො⁣ව සෑම රටකම ජීවත් වෙන ලෝක වාසී ජනතාවට අදාල වන්නක්.ඇත්ත වශයෙන්ම කොවිඞ් 19 වසංගතයමැඩගෙන ඉදිරියට යද්දී තමන්ගේ පවුලේ,තමන්ගේ ගමේ නගරයේ හෝ තමන්ගේ රටේ පමණක් නොව සමස්ත ලෝකයේම ඉදිරි පැවැත්ම රැඳී ඇත්තේ අපේ දෑත් මත බව සත්‍යයක්..

මාලින්ද ඩයස්
”‍ඩයස්මි ඉතාලියේ සිට ලියමි..”‍


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles