Divaina - අධිකරණයේ මතය විමසීමට ව්‍යාකූලතාවයක් තියෙන්න එපායැ... අද වනවිට තත්ත්වය පාලිතයි...

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

- හැබැයි ගෝලීය වසංගත ගැන අපට අනාවැකි කියන්න බෑ...

alisbජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සම්බන්ධයෙන් මේ දිනවල රටේ විවිධ කතා පැතිර තිබෙන්නේය. කොරෝනා වසංගත තත්ත්වය පසුබිමේ රට හා රජය මෙන්ම ජනාධිපතිවරයා මුහුණ පා තිබෙන අර්බුද  රැසක් ගැන නීතිමය හා ව්‍යවස්ථානුකූල මය කරුණු කාරණා රැුසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමද එක් අරමුණක් කොට ගෙන අප මේ රටේ සිටින ප‍්‍රාමාණික උගතෙක් වන ඔහු සොයා ගියෙමු. රටේ පවතින අර්බුදය හමුවේ වර්තමානයේ දී රට සහ ජනතාව මුහුණ දෙන ව්‍යාකූල ප‍්‍රශ්න රැුසක් අලි සබ්රි ජනතාවාදී ව දුටු අන්දම , අපගේ ප‍්‍රශ්න විචාරයන්ට පිළිතුරු සැපයිමෙන් සනාථ වූයේ මෙසේය.

ප‍්‍රශ්නය - අපි අද කුමන අන්දමකින් විග‍්‍රහ කලත් රටේ පවතින්නේ ව්‍යාකූල තත්ත්වයක . එක පැත්තකින් වෛරසයේ බලපෑම. අනිත් පැත්තෙන් අස්ථාවර දේශපාලන තත්ත්වය. තවපැත්තකින් දරුණු ආර්ථික අර්බුදය. ඔබ දේශපාලනයටත් සම්බන්ධ ජනාධිපති නීතිඥවරයෙක් මේ සියලූ‍ ව්‍යසන හමුවේ රජයේ වර්තමාන ක‍්‍රියාකාරිත්වය ඔබ දකින්නේ කෙසේද ?

පිළිතුර - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රටේ රාජ්‍ය නායකයා වෙලා තවම මාස හයයි. ඔහුට සහය දෙන්න ඔහුට ගැලපෙන පාර්ලිමේන්තුවක් වත් තාම නෑ. ඒ වගේම ඔහුට බාර ගන්න සිදුවුණේ ඉතාමත්ම භයානක තත්ත්වයට වැටිලා තිබුණු මහා භාණ්ඩාගාරයක්. සියල්ල කඩා වැටිලා. මේ රටේ කොටස් වෙළෙඳ පොළ කඩා වැටිලා. රුපියල කඩා වැටිලා. රටට ආදායම් ලැබෙන සංචාරක කර්මාන්තය වගේ ව්‍යාපාර කඩා වැටිලා. ඉතින් ජනාධිපති තුමා අපේ රට බාරදෙන්න ආර්ථික විශේෂඥයෝ එක්ක සාකච්ඡුා කළා . කෙටියෙන්ම කිවහොත් මුලින්ම කළේ මෙරට ආර්ථිකයට සේලයින් එකක් දෙන්න උත්සාහ කරන එක. එතුමා ඒ නිසායි රජයේ බදු අඩු කරල ජනතාවට ව්‍යාපාරිකයන්ට හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් ඇති කලේ. ඒ තුළින් වඩ වඩාත් ව්‍යාපාරික ක්ෂේත‍්‍රය නඟා සිටුවන්න උත්සාහ කළේ. ඒක සාර්ථක වුණා. හැබැයි එහි ප‍්‍රතිඵල ලබා ගන්න පටන් ගන්න කොටම තමයි මේ වසංගත තත්ත්වයට අපට මුහුණ දෙන්න සිදුවුණේ. මේ අර්බුදය හමුවේ ජනාධිපතිතුමා රට බේර ගන්න ඕන. රටේ ජනතාව බේරා ගන්න ඕන. ඒවගේම රටේ ආර්ථිකය ගොඩ නඟන්න ඕන. මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ අසීරුවැඩක්.

මෙතනදි ජනාධිපතිතුමා වැඩ කරන්න පටන් ගත්ත විදිය ඉතාමත්ම වැදගත්. මේ අර්බුදය හමුවේ ඇමරිකාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ප‍්‍රංශය, පානිය වගේ ලෝක බලවතුන් මොනවාද කලේ. ඒ කොල්ලො මනුෂ්‍ය ජීවිත වලට වඩා ආර්ථිකය ශක්තිමත්ව තබා ගැනීම වටිනවා කියන ප‍්‍රතිපත්තියෙ ඉඳලා රට ආරක්ෂා කරන්න පටන් ගත්තා.හැබැයි ජනාධිපතිතුමා කලේ එකේ අනිත් පැත්ත. එතුමා මනුෂ්‍ය ජීවිත වලට මුල්තැනදෙන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළා.

ප‍්‍රශ්නය - ඒ කියන්නේ අපි මනුෂ්‍යත්වයට මුල් තැන දුන්නා..?

පිළිතුර - නිසැකවම... මේ වසංගතය හමුවෙ ඇමරිකාව බි‍්‍රතාන්‍ය ස්පාඤ්ඤය වගේ රටවල් මොකක්ද කළේ. කෙනෙකුගේ ඇෙඟ් කොවිඞ් පොසිටිව් උනාම වුණාම ඒ ගොල්ල කිව්වා පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. රෝගය උත්සන්න වෙලා අමාරු වුණොත් විතරක් හොස්පිට්ල් එන්න කියලා. හැබැයි ඒ ගොල්ල එනකොට බේරගන්න පුලූ‍වන් තත්වෙක නෑ.

එතෙන්දි අපි මොකද්ද කලේ. අපි කළේ කොවිඞ් යන්තම් සැකසහිත වුණු ගමන් වෙනම රෝහලකට දාලා ටෙස්ට් කළා. ඊළඟට ඔහුයන්තම් කොවිඞ් පොසිටිව් වුනා නම් තවත් තැනකට දාලා ආරක්ෂා කර ගත්තා. ඔන්න ඕකතමයි සාර්ථකත්වයට හේතුව.එතකොට මොකක්ද රහස.

එතුමා මුලින්ම ඒ සම්බන්ධයෙන් දේශපාලන තීන්දු ගන්න ගියේ නෑ. ඉස්සෙල්ලාම මේ වගේ වසංගත රෝග සම්බන්ධයෙන් දැනුමක් තේරුමක් උගත්කමක් බුද්ධියක් තියන අය එකතු කරලා ඒගොල්ලන්ගෙන් කමිටු හදලා ඒගොල්ලෝ අතට මෙහි වගකීම බාර දීලා ඔවුන්ට වටිනාකමක් ලබා දුන්නා. එතුමා ජනාධිපති වුණාට කියන්න ගියේ නෑ... මේ ලෙඬේට මේ බෙහෙතහොඳයි ”‍ප්ලැකනල්”‍ හොඳයි වගේ කතා. ඒව විශේෂඥයන්ට තීරණය කරන්න දීලා ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ ආදී සියල්ල එකතු කරමින් කළමණාකරන කටයුතු විතරක් කළා.. රාජ්‍යබුද්ධි අංශයේ සහයෝගය එතුමා මේ සඳහා ලබා ගනිමින් ඉතා හොද පාලනයක් ඇති කලා . කෙනෙකුට මේ රෝගය වැළඳුනා නම් ඔහුට පළමු රෝග ලක්ෂණ පහළ වූ අවස්ථාවේ සිට රෝහලට පැමිණ ප‍්‍රතිකාර ලබා ගන්නා අවස්ථාව දක්වා වූ සියලූ‍ කටයුතු අධීක්ෂණය කලා. කළ කී දේ ආ ගියතැන් ඇසුරු කළ තැන් සියල්ල සොයා බලා ප‍්‍රතිකර්ම යොදපු නිසා තමයි අපි ඉතාම හොඳින් රට පුරා කොවිඞ් පොකුරු 32ක් හඳුනා ගෙන ඒවාට පිළියම් යෙදුවේ. මිලියන විසි දෙකක් වැනි ජනතාවක් ඇති රටක ආසාදිතයින් 860ක් හදුනා ගෙන වසංගතය මරණ නමයකින් නතර කර ගත්තේ. ලෝකයේ මේ කොවිඞ් වසංගතය ගණනය කරන්නේ මිලියනයකින් කී දෙනෙකුට ආසාදිත උනාද ඉන් කී දෙනෙක් මරණයට පත් වුණාද කියන ප‍්‍රතිශතය උඩ. ඒ ප‍්‍රතිශතය අනුව බලන කළ අපි ඉන්නේ ඉතාම කුඩා දශම ගණන් වල.

ප‍්‍රශ්නය - ඔබ ඉතාම සතුටුදායක තත්ත්වයක තබා රටේ මේ වසංගත තත්ත්වය විග‍්‍රහකළත් පොදුවේ මේ රටේ විපක්ෂය, ඇතැම් බහුජන සංවිධාන, ඇතැම් සෞඛ්‍ය අංශ පවා එහි සාධනීය ප‍්‍රගතියක් දකින්නෙ නෑ. සෞඛ්‍ය අංශවලට වඩා ආරක්ෂක අංශවලට වගකීම් බාර දී රජය මේ කටයුතු ගැටළු කාරි බවකට පත්කොට ඇති බව කියනවා. ඒ වගේම නවසීලන්තය වැනි රටවල් සහ ඉන්දියාව පවා ආදර්ශයට ගන්න කියා කියනවා. මේ විදිහට උදම් අනන්නතරම් සතුටුදායක තත්ත්වයක ලංකාව නෑ කියලා තමයි ඔවුන්ගේ තක්සේරුව..?

පිළිතුර - ඔවුන් විවිධ විවේචන තියෙනවා. ඒ වගේම විවිධ මතත් පළ වෙනවා. ඒ හැම එකක් ම පිළිගෙන වැඩ කරන්න බැහැ. වසංගත මර්දන ක‍්‍රමවේදය තීරණය කරන්නේ උගතුන්ගේ කමිටුවක්. ඒ ගොල්ල ඒක කරාවි.

දැන් බලන්න මේ රටේ වසංගතය පතුරුවා හැරපු සමාජ පොකුරු තිස් එකක් තිබුණා. මේයින් විසිහතක් සම්පූර්ණයෙන්ම පාලනය කරලා ඉවරයි. ඒගැන කතා කරන්නවත් දෙයක් නෑ. තව තුනක් පාලනය කරලා ඉවරයි. ඒත් ඒ දිහා බලන්ඉන්නවා. එක පොකුරක් තමයි තවම සක‍්‍රිය. ඒකත් පාලනයට නතු වෙලා. හංගන්න දෙයක්නෑ අපිට. කවුරු මොනා කිව්වත් මුළු ලෝකෙම දැන් දන්නවා අපි ක‍්‍රමවේදය ගැන. ඒක නිසානේ මේ ඊයේ පෙරේදා ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාව ගැන වාර්තාවක් නිකුත්කරමින් කිව්වෙ ලංකාවේ ක‍්‍රමවේදය ඉතාමත් සාර්ථකයි කියලා.

නවසීලන්තය කියන්නේ ධනවත් , ශක්තිමත් ආණ්ඩුවක් පවතින විශාල රටක්. හැබැයි ජනගහනය මිලියන පහයි. එහේ මේ කොළඹ වගේ පැල්පත් මුඩුක්කු එහේ නෑ. තට්ටුගෙවල් පවා අඩුයි. ඒ වගේම උගත් දියුණු මානව සම්පතක් ඉන්නේ. කොරෝනා පාලනයත් ඉතා හොඳට කරලා තියෙනවා. ගණන් මිනුම් සලකා බැලූ‍වහොත් , ජනගහනය මිලියන පහට ඉන්නවා ආසාදිතයො 1500ක්. හැබැයි විස්ස ක් මරණයට පත්වෙලා. රෝගය හොඳට පාලනය කරලා තියෙන බව ඇත්ත. ඒ උනාට ඒකත් එක්ක සංසන්දනය කරලා බැලූ‍වත් අපේ ප‍්‍රතිශත සතුටුදායකයි.

නවසීලන්තය වගේ හතර ගුණයක් ජනතාව අපේ රටේ ඉන්නවා. ළඟ ළඟ ගෙවල් පැල්පත් ඉතාම වැඩියි. කොළඹ නාගරිකයේ විතරක් තියෙනවා පැල්පත් නිවාස 850ක්. කෙසෙල්වත්තේ 66 නමුත් , එක්කෙනාටයි කොරනා හැදුනේ. දවස් දෙකෙන් තුනෙන් ඔහු මුළු ගමටම ලෙඬේ දුන්නා. තව දුරටත් හොයාගෙන යනකොට අපි දැක්කා පර්චස් පහළොවක ඉඩ පරාසයක් තුළ පවුල් හතලිස් දෙකක් ජීවත් වෙනවා. මුස්ලිම් පවුල් 31යි, සිංහල පවුල් 6යි, දෙමළ පවුල් 7යි. ඒ මිනිස්සු එතන සමගියෙන් ජීවත් වෙන්නේ. ඒකනෙ ලෙඩක් වුණත් වේගයෙන් පැතිරෙන්නේ. එතනත් එක ලෙඩෙක් වත් නැති වෙන විදියට තත්ත්වය පාලනය කළේ නැද්ද.. ඇයි මේව පේන්නෙ නැත්තෙ. ඇයි නවසීලන්තය විතරක් පේන්නේ.

ප‍්‍රශ්නය - ඔබ කියන්න දැන් අපට බය වෙන්න දෙයක් නෑ. තත්වය සතුටුදායකයි...?

පිළිතුර - අපි හැම දෙයක්ම කතා කරන්නේ සාපේක්ෂව අදට තියෙන තත්වය මතනේ. අද වන විට සියල්ල පාලිතයි සියල්ල සතුටුදායකයි. හැබැයි මේක ගෝලීය වසංගතයක්. ඒ නිසා හෙට මොනවා වෙයිද කියලා අපට පුරෝකථනය කරන්න බෑ.

උදාහරණයක් කියන්නම්. දකුණුකොරියාවේ කොරොනා තත්වය ආණ්ඩුව ඉතා හොඳට පාලනය කළා. ආසාදිතයින් හමුවීම ඉතාමඅඩු වුණා. ඒත් හිටි හැටියෙම මේක දවසට හතලිස් ගාණක් දක්වා ඉහළ ගියා . මොකක්ද වෙලා තිබුණේ. කොරෝනා ආසාදිත වුන එක පුද්ගලයෙක් එක දවසේ ගිහිල්ලා තියනවා නයිට් ක්ලබ් පහකට. ඔන්න ඕකයි තත්වේ. මතක තියාගන්න මේක ගෝලීය වසංගතයක්. ඒකයි රටක් එක පාර නිදහස කරන්න බැරි. හැබැයි රට ටික ටික නිදහස් කරල ආර්ථිකය පණ ගන්වන්නත් ඕන. එහෙම නොකලොත් ජදරදබ් බින්දුවට වැටිලා තියෙයි. හැබැයි රටේ ආර්ථිකය ආයෙ ගොඩ ගන්නටම බැරි විදියට වලපල්ලටම වැටිල තියෙයි..

ප‍්‍රශ්නය.- අද රටේ ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා ඒකාබද්ධ අරමුදලේ මුදල් මේ තියෙන තත්වයයටතේ ජනාධිපතිවරයාට පාවිච්චි කරන්න බැහැ කියන එක. සමහරු මේ සම්බන්ධයෙන් අධිකරණයේ පවා පිහිට පතන්න පියවර අරන් තියෙනවා. මෙහි නීතිමය තත්ත්වය මොකක්ද කියලා..?

පිළිතුර - මම නම් කියන්නේ මේ ගැන කතාකතා කරන්නවත් අපි කාලය අපතේ යවන්න ඕනේ නැහැ කියලයි. ඕවා එක එක දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කියන කතා . විපක්ෂය ඇත්තටම මොකක්ද මේ කියන්නේ. ජනතාවට 5000 කින් ජිවත් වෙන්න බෑ.

20 000ක් වත් දෙන්න. හැබැයි ඒකාබද්ධ මුදල් වලට අත තියන්න එපා. ඒ වගේ ම තමයි... ආණ්ඩුව මේ වෙලාවේ ඡුන්දයකට යන්න එපාලූ‍. හැබැයි තිබුණ පාර්ලිමේන්තුව කැදවන්නලූ‍. ඇත්තටම මොනවද මේ කියන කුහක දේශපාලන කතා. මේ වෙලාවේ රට බේරගන්න හැබැයි දේශපාලන කැක්කුමක් තියෙනවා නම් ඕව ද කියන්න ඕන.

18 වෙනිදා ට නැවත නඩු ටික කැඳවනවා. මේවෙලාවේ නීතිය ඉදිරියට ගොනු කරලා තියෙන පෙත්සම් හා නඩු මමත් අධ්‍යයනය කළා. සියල්ල දිහා බලනකොට එක දෙයක් පැහැදිලියි. දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව ගොඩනැඟු‍ණු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙනවා. පැහැදිලිවම විපක්ෂයට ඕන මිනිස්සු මේ කොරොනා වසංගතයෙන් තැලෙන්න. ආර්ථිකයෙන් පීඩාවට පත් වෙන්න.දරිද්‍රතාවයෙන් මිරිකෙන්න. ඒක තුළින් රටේ ප‍්‍රබල ආණ්ඩු විරෝධයක් ගොඩනැගෙන්න ඕන. එතෙක් කල් ආණ්ඩුව මේ විදිහට තියාගෙන ගිහිල්ලා ඡුන්දෙත් කල් දාගන්න ඕන. ඒ තුළින් දේශපාලන වාසි ලබා ගන්නනේ විපක්ෂය මේ උත්සාහ කරන්නේ.ජනාධිපතිතුමාට බලය නැති අගමැතිතුමාට බහුතරය නැති ආණ්ඩුව කැදවලා ඒ තුළින් ජනාධිපතිතුමාට කොන්දේසි දාන්නනෙ මේ උත්සාහ කරන්නේ.

ඒ උනාට ව්‍යවස්ථාවේමේ ගැන පැහැදිලිව කියලා තියෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150 යටතේ 3 වනව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඡුන්දයක් පවත්වලා අලූ‍ත් ආණ්ඩුවක් පත් කරලාඋනත් විසර්ජන පනත් කෙටුම්පතක් සම්මත වෙන්න ට පෙර මාස තුනක් යනතුරු ඒකාබද්ධ අරමුදලෙන් මුදල් පරිපාලනය කිරීමේ බලය ජනාධිපතිවරයාට පැහැදිලිවම තියෙනවා.ආයෙත් ඒ ගැන නැවත නැවත කොනිත්ත කොනිත්තා කතා කරන්න දෙයක් නැහැ. ඊට අමතරව හදිසි අවස්ථා අරමුදලකුත් තියෙනවා 151 යටතේ මුදල් ඇමතිවරයාට ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව පාවිච්චි කළ හැකියි. කෙටියෙන් මෙතැන ආණ්ඩුවට මූල්‍ය සම්බන්ධයෙන් ගැටලූ‍වක් ම නෑ. නැති ගැටලූ‍ මතු කර කර පෙන්වීම තමයි විපක්ෂය මහජන වෛරය දිනා ගනිමින් මේ වෙලාවෙ මේ කරමින් ඉන්නේ...

ප‍්‍රශ්නය - ඒ කොහොම වෙතත් රටේ ජනතාව එකක් ගැන හිතනවනේ... මේ වෙලාවේ ඡුන්දය කල්දැමීම, නිවාඩු දිනවල දී නාමයෝජනා කැඳවීම, ඡුන්දය අවලංගු කරවා ගැනීම, ජනාධිපතිවරයා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීම වැනි කාරණා අරභයා විවිධ පාර්ශව නොයෙක් විවේචන එල්ල කරනවා.මේවා සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ ඇති අර්ථ දැක්වීම් ව්‍යාකූල බවත් සමහරු කියනවා. මෙවන් ව්‍යාකූලතාවක් තිබෙනවානම් ජනාදිපතිවරයා ඇයි මේ සියලූ‍ම ප‍්‍රශ්න වලට විසඳුමක් ලබා ගන්න ශේෂ්ඨාධිකරණය ඉදිරියට ගිහිල්ලා නිසි අර්ථ නිරූපනයක් ලබා ගන්නෙ නැත්තෙ... රටේ සුප‍්‍රකට නීතිවේදියෙක් ජනාධිපති නීතිඥවරයෙක් විදිහට ඔබ මොකද හිතන්නේ මේ ගැන...

පිළිතුර - මට හිතන්න කිසිම දෙයක් නෑ... මොකද මට ඔබේ ප‍්‍රශ්නය තුළම තුළ ම ඊට අදාළ පිළිතුරු පේන නිසා.ජනාධිපතිවරයාට ව්‍යාකූලතාවයක් තියෙනව නම් ශේෂ්ඨාධිකරණය හමුවට යන්න ඕන. ඉතින් එතුමට එතන කිසිම ව්‍යාකූලතාවක් නැතුව ඇති. ඇත්තම කියනව නම් මටත් එතන කිසිම ව්‍යාකූලතාවක් පේන්නේ නෑ. සිංහල සහ ඉංග‍්‍රීසි තේරෙන ඕනම කෙනෙකුට ව්‍යවස්ථාව කියැ වූ පමණින් ම එකී කාරණාව තේරෙනවා. කාටවත් තියෙන ව්‍යාකූලතාවයකට ජනාධිපතිතුමා ශේෂ්ඨාධිකරණය හමුවට යන්න ඕන නැහැ නේ.

අනිත් එක කොහෙද ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට පටහැනිව වැඩකරලා තියෙන්නේ.එතුමා ජනාධිපති වෙලත් ආණ්ඩුවට නියමිත කාලය පිරෙන තුරු ව්‍යවස්ථානුකූලව වසර හතරහමාරක් බලා හිටියා. ඊට පස්සේ කරපු හැම දෙයක් ම එතුමා කරල තියෙන්නෙ ව්‍යවස්ථානුකූලව විතරයි. නියමිත කාල වකවානු වලට ඡුන්දය පවත්වන්න බැරි වුණුඑකට හේතුව ගෝලීය වසංගතයක් මිස ජනාධිපතිතුමා නෙවෙයි. එතන කොහෙද ව්‍යාකූලත්වයක්.

 සාකච්ඡා කළේ - බුලිත ප‍්‍රදීප් කුමාර
 

 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles