Divaina - පාස්කු ප්‍රහාරයේ අයිසිස් සබඳතා වසන් කළ පොලිස් නිළධාරියා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 araksha
 
 
 * යුද අපරාධ සාක්‍ෂි සෙවීමට ඩොලර් ලක්‍ෂ 21ක්
  * සාක්‍ෂිකරුවන් හමුවීමට ඩොලර් 75,400 ක්

 
 
araksha2පාස්කු ප‍්‍රහාර සමරුවට තව ඇත්තේ දින 3 කි. 2019 අපේ‍්‍රල් 21 දා සිදු වූ මෙම බිහිසුණු ප‍්‍රහාරයට අයිසිස් ත‍්‍රස්තවාදීන්ගේ සම්බන්ධතාවය මේ වනතුරු සොයා ගැනීමට රහස් පොලිසියට හැකි වී නැත.එහෙත් පාස්කු ප‍්‍රහාරයට අයිසිස් ත‍්‍රස්ත සංවිධානය සම්බන්ධ බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්‍ෂක ඒකකයේ නියෝජ්‍ය නීතිපති ජෝන්සී ඩෙටර්ස් හෙළිකර ඇත.
 
 ‘‘පාස්කු ප‍්‍රහාරය එල්ල කළේ අයිසිස් ආධාරකරුවන්. ඔවුන් අනිකුත් සැකකරුවන්ද අයිසිස් සංවිධානයේ සාහසික ක‍්‍රියාවලට බඳවා ගෙන පුහුණුවීම් සිදු කළා. පිපිරුම් උපාංග නිපදවනු ලැබුවා. ඉන්පසු බිහිසුණු විදේශ ත‍්‍රස්ත සංවිධානයේ නාමයෙන් ප‍්‍රහාරය එල්ල කළා යැයි හෙතෙම කියා සිටියේය.
 
 ඇමෙරිකානු නියෝජ්‍ය නීතිපතිවරයා තවදුරටත් හෙළි කළේ මෙරට අයිසිස් කණ්ඩායමේ දෙවැනි එමිර්වරයා නවුෆර් මවුලවි බවයි. රිස්කාන් නැමැත්තා පුපුරණ ද්‍රව්‍ය නිපදවීමට සහාය වූ බවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා ගිනි අවි පැහැර ගත්තේ් හයාතු මොහොමඞ් බවයි. ඇමෙරිකානු නිලධාරියකුගේ මෙම ප‍්‍රකාශය මෙරට විපක්‍ෂයේ දේශපාලකයන්ට යොමු වූ බරපතළ අතුරු පහරකි. මන්ද දේශපාලකයන් දෙදෙනෙක් මෙම ප‍්‍රහාරයට බුද්ධි අංශ ගෑවීමයි.
 
araksha3  පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධානීන් වූ මොහොමඞ් නවුෆර් - මොහොමඞ් අන්වර් මොහොමඞ් රිස්කාන් සහ අහමද් මිලිශාන් හයාතු මොහොමඞ් යන අන්තවාදීන් තිදෙනාට ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය ඉදිරියේ පසුගිය ජනවාරි මස නඩු ගොනුකර ඇත. මෙරට අධිකරණය හමුවේ මෙතෙක් නඩු ගොනු වී නැත.
 
 මෙලෙස ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පාස්කු ප‍්‍රහාරයට අයිසිස් ක‍්‍රියාකාරීන් සම්බන්ධ බවට තොරතුරු සොයා ගනිද්දී රහස් පොලිසියට අයිසිස් සුලමුල සොයා ගැනීමට නොහැකි වූයේ මන්ද?
 
 පසුගිය වසර 2 මුළුල්ලේ රහස් පොලිසිය ඉන්ටර්පෝල් පොලිසිය තුර්කි, ඉරාක, සිරියානු සහ රුසියානු බුද්ධි සේවාවන් මගින් තොරතුරු ලබාගෙන නැත.
 
 පොලිසියේ බලධාරියකු මෙරට අයිසිස් ක‍්‍රියාකාරීන්ගේ අයිසිස් සබඳතා ගැන ජාත්‍යන්තර පොලිසියෙන් විමසන ලෙස රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර වෙත ලිපියක් මගින් දන්වා සිටියත් ඔහු ඊට එක`ග වී නැත.
 
 එසේම පාස්කු ප‍්‍රහාරය සිදුවීමෙන් පසු එවකට හිටපු ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න අමතා පාස්කු ප‍්‍රහාරය කොටි ක‍්‍රියාවක් නොවන බව කියා සිටියත් ඒ ගැන උනන්දුවක් දක්වා නැතැයි වාර්තා විය.
 
 මේ හැර බංග්ලාදේශයේ ඩකා නුවර ධනපති පවුලක අය සිදුකළ බෝම්බ පිපිරීම් ගැනද රහස් පොලිසිය නිසි අධ්‍යයනයක් කර නැතැයි හෙළි විය.
 
 එසේ නම් වසර 2 ක් තිස්සේ රහස් පොලිසිය කුමක් කළේද? පාස්කු ප‍්‍රහාරකයන් සමග එක්ව කටයුතු කළ ආමි මොහිදින් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පවා රහස් පොලිසිය ක‍්‍රියාකර නැත.
 
එපමණක්ද නොවේ පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන් පසුපස යමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද ඉහළ නියෝගයකින් මාරුකර ඇත. මේ නියෝගය කළ ඉහළ පෙළේ පොලිස් නිලධාරියා කවුදැයි අද වනතුරු හෙළි වී නැත.
 
 මේ අතර පාස්කු ප‍්‍රහාරයට අයිසිස් ත‍්‍රස්ත සංවිධානය සම්බන්ධව බව රුසියානු එෆ්. එස්. බී. බුද්ධි සේවාව ප‍්‍රහාරය සිදු වී දින 2 ක් තුළ අනාවරණය කළත් රහස් පොලිසියේ බලධාරීන් ඊට අදාළ තොරතුරු විමසීමට ක‍්‍රියා කර නොමැත.
 
 එසේම පාස්කු ප‍්‍රහාරය ගැන ජාත්‍යන්තර බුද්ධි සේවාවලින් විමසීමට ක‍්‍රියා නොකළේ මන්ද යන්න ගැන හිටපු නාවික හමුදාපතිවරයෙක්ද ප‍්‍රශ්න කරනු ලැබීය. එහෙත් අද වනතුරු රහස් පොලිසිය පාස්කු ප‍්‍රහාරය ගැන විදේශ සබඳතාවලින් නොවීසීම ගැන බරපතළ සැකයට තුඩුදුන් කරුණකි. මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නවදෙනෙක් පාස්කු ප‍්‍රහාරය වැළැක්වීම සඳහා තම වගකීම ඉටු කර නැත. එසේ වූවත් මෙම නිලධාරීහු තවදුරටත් පොලිස් සේවාවේ නිරත වේ.
 
 මේ අතර පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධානීන් වූ නවුෆර් සහ සහරාන් වට්ස් ඇප් හරහා අයි එස් ත‍්‍රස්තයන් සම`ග සබඳතා පවත්වා ඇති බව අනාවරණය වූවත් රහස් පොලිසිය ඒ ගැන අවධානය යොමු කර නොතිබීම විමතියකි.
 
 මේ හැර සහරාන්ගේ ප‍්‍රබල සගයන් තිදෙනකු හැංගි සිටින ස්ථාන රහස් පොලිසියට දැන්වීමට අම්පාර බුද්ධි අංශ නිලධාරීයෙක් ක‍්‍රියා කළත් ශානි අබේසේකර ප‍්‍රමුඛ රහස් පොලිසිය එම තිදෙනා අත්අඩංගුවට ගෙන නැත.
 
 සහරාන් කල්ලියට තුර්කියේද අවි පුහුණුව ලැබී ඇති අතර ඒ ගැන තුර්කි බුද්ධි අංශවලින් විමසීමට රහස් පොලිසිය ක‍්‍රියා නොකළේ මන්ද? තුර්කියේ පෝටෝ ත‍්‍රස්තයන් කණ්ඩායම මෙරටට පැමිණියත් ඔවුන් ගැන සෙවීමත් සිදු වී නොමැත. මේ තුර්කි ත‍්‍රස්තවාදීන්ගේ නාමලේඛනය පවා ත‍්‍රස්ත මර්දන ඒකකයට ලබා දී නොතිබුණි.
 
araksha5මෙම පසුබිම මැද රහස් පොලිස් පරීක්‍ෂණ ප‍්‍රමාණවත් නැතැයි නීතිපතිවරයා පොලිස්පති වෙත පවසනු ලැබීය. මෙවන් තත්ත්වයක් මැද පාස්කු ප‍්‍රහාරයට අයිසිස් ත‍්‍රස්තයන් සම්බන්ධ නැතැයි මුස්ලිම් දේශපාලකයන් විසින් ප‍්‍රචාරය කෙරිණි. මේ පිරිස නම් රවුෆ් හකීම්, මුජබිර් රහමන් , සෞදි අරාබියාවේ හිටපු තානාපති ජවාද් යූසුප් සහ මාධ්‍යවේදී වෙස්ගත් මුස්ලිම් කවුන්සිලයේ අමින් නැමැත්තාද වේ. මේ නොමඟ යැවෙන ප‍්‍රචාර වලට රහස් පොලිසිය බිලිවිය. එහෙත් හිටපු ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න පැවසුවේ මේ පාස්කු ප‍්‍රහාරය විදේශ ත‍්‍රස්ත කණ්ඩායමක පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු වූ බවයි.
 
 මේ අතර මොහොමඞ් නසිස් , මොහොමඞ් නස්රික් සහ මොහොමඞ් නයිස් මොහොමඞ් නවීන් යන පාස්කු ප‍්‍රහාර සැකකරුවන් දෙදෙනා රහස් පොලිසියෙන් නිදහස් කිරීමට තමා සම්බන්ධ වූ බව අසාද්සාලි නැමැති දේශපාලකයා පිළිගෙන තිබුණි. මේ ගැන මුස්ලිම් කවුන්සිලයේ සභාපති එම්. එන්. අමින් නැමැත්තා අසාද්සාලි සම`ග කතාබහ කර ඇත. මෙලෙස මුස්ලිම් දේශපාලකයන්ගේ ඉල්ලීම්වලට රහස් පොලිස් ප‍්‍රධානී ශානි අබේසේකරට අවනත වූයේ මන්ද?
 
 මේ අතර කොටි හිතවාදී සංවිධාන 6 ක් ඇතුළු රටවල් 10 ක සිටින කොටි ක‍්‍රියාකාරීහු 399 ක් තහනමට ලක් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය ක‍්‍රියාකිරීම නිසා කොටි ඩයස්පෝරාව දැඩි කැළඹීමකට පත් වූහ. යහපාලන රජය සමයේ ඉහතකි සංවිධානවල තහනම ඉවත් කිරීමට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ක‍්‍රියා කළේය. මේ කොටි හිතවාදී සංවිධානවලින් ප‍්‍රබලම ආයතනය වූයේ බි‍්‍රතාන්‍යයේ සිට ක‍්‍රියාත්මකවන ගෝලීය ද්‍රවිඩ සංසදයයි.
 
ගෝලීය ද්‍රවිඩ සංසදය තහනම් කිරීම නිසා එහි ප‍්‍රධානී එමානුවෙල් පියනම සහ ප‍්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්ට මෙරටට පැමිණිමද තහනම් විය. පසුගිය යහපාලන රජය සමයේ් එමානුවෙල් පියනම මෙරටට පැමිණ හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ද හමුවිය. ඔහු යාපනයට ගොස් උතුරේ බෙදුම්වාදීන් සම`ග රහස් සාකච්ඡාවලට ද මැදිහත් විය. මෙවර
 
araksha4ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව ජිනීවා යෝජනාවට සහාය දැක් වූයේද ගෝලීය ද්‍රවිඩ සංසදයයි. මේ පසුබිම මැද හමුදා නිලධාරීන් 28කට දඬුවම් කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ නව කාර්යාලයක් ස්ථාපිත කිරීමට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ක‍්‍රියා කළාය. ඇය ඒ සඳහා නීතිවේදීන් අපරාධ පරීක්‍ෂකයන් නීති උපදේශකයන් මෙන්ම විනිසුරුවරුන් ඇතුළු 12 ක් පත්කිරීම සඳහා අයැදුම්පත් කැඳවා ඇත.
 
 ඒ අනුව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ පිහිටි එම කාර්යාලය වෙත පැමිණ සාක්ෂි දීමට කොටි ක‍්‍රියාකාරීන්ට ඉඩ ලැබේ. ජිනීවා නුවර ආරංචි මාර්ගවලට අනුව කොටි හිතවාදීහු 50,000කට අධික පිරිසක් ජිනීවා ලූසොන් බර්න් ඕල්ටන් සහ සූරිච් ඇතුළු නගරවල සිටිති. මේ පිරිසට මානව හිමිකම් කවුන්සිලයට බොරු සාක්කි ඉදිරිපත් කළ හැකිය. මෙයට පෙර දරුස්මාන් කමිටුව සාක්‍ෂි කැඳවූ අවස්ථාවේ 4000කට අධික සංඛ්‍යාවක් සාක්ෂි දුන් අතර ඔවුන් කවුදැයි මෙතෙක් හෙළි වී නැත. එම සාක්ෂිකරුවන් වසර 20 ක් යනතෙක්ම හෙළිදරව් නොකිරීමට දරුස්මාන් කමිටුව තීරණය කර තිබුණි. මෙවර සිදුවන්නේද එයයි.
 
 එසේම යුද අපරාධ පිළිබඳ සාක්ෂි එකතු කිරීමට පත්කරන 12 ක ගෙන් යුත් කාර්ය මණ්ඩලයේ අනන්‍යතාවයද රහසකි. මේ නිසා මානව හිමිකම් කවුන්සිලයට අදාළ නව කාර්යාලය විනිවිදභාවයෙන් ක‍්‍රියා කරන්නේ නැත. මෙම තත්ත්වය මැද රටවල් 22 ක් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිත කිරීම නිසා එකී රටවල් සර්ව ලෝක අධිකරණ පද්ධතිය ක‍්‍රියාත්මක කරනු නියතය. එවන් වාතාවරණයක් මැද චෝදනා එල්ල වී ඇති ශ‍්‍රී ලාංකික හමුදා නිලධාරීන් එකී රටවලට යෑමට නොහැකිය.
 
 මේ වනවිට ජර්මනිය, බි‍්‍රතාන්‍යය, ඔස්ටේ‍්‍රලියාව යන රටවල් සර්ව ලෝක නීති පද්ධතිය ක‍්‍රියාත්මක කරයි. ඇමෙරිකානු රජය හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පනවා ඇති තහනම අහෝසි කර නැති අතර ඔස්ටේ‍්‍රලියාව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නට එරටට ඒමට අවසර දී නැත.
 
 මේ නිසා වත්මන් සහ හිටපු හමුදා නිලධාරීහු 28 ක් බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ පා තිබේ. එහෙයින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර පසුගිය දිනෙක පැවසූවේ ශ‍්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට ජාත්‍යන්තර ප‍්‍රජාව චෝදනා කර නැති බවත් ඔවුන් කියා සිටියේ යුද අපරාධ සිදු කළාද නැද්ද යන්න සෙවීමට විමර්ශනයක් අවශ්‍ය බවත්ය.
 
 මෙලෙස ජාත්‍යන්තර ප‍්‍රජාව ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ නැත්නම් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ යුද අපරාධ සඳහා සාක්‍ෂි එකතු කරන්නේ කුමකටද? එම සාක්‍ෂි ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගවලට ඉදිරිපත් කරන බවද ඇය තවදුරටත් දක්වා ඇත. එසේම යුද අපරාධ සඳහා සාක්‍ෂි එකතු කිරීම සඳහා විවිධ රටවල්වලට යෑම පිණිස ඩොලර් 41000 ක මුදලක්ද මිචෙලි බැෂලේ වෙන්කර තිබේ. මෙයට අමතරව සාක්‍ෂිකරුවන් මුණගැසීම සඳහා තවත් ඩොලර් 75400 ක මුදලක්ද වැයශීර්ෂයේ දක්වා ඇත. මේ හැර 2022 වසර තුළද ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ සාක්‍ෂි සෙවීම සඳහා ඩොලර් 2110800 ක් වෙන් කර තිබේ. මේ හැර 2022 වසරේදීත් සාක්‍ෂිකරුවන් හමුවීම සඳහා ඩොලර් 75400 ක් වෙන්කර තිබේ. මෙලෙස ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා නැත්නම් ඒ සඳහා විශාල මුදලක් සාක්‍ෂිකරුවන් මුණගැසීමට වැය කරන්නේ මන්ද? එසේම ඔහු තහවුරුවන්නේ කල්තියාම සාක්‍ෂිකරුවන් කවුදැයි දන්නා නිසා ඔවුන් හමුවීමට සැලසුම් කිරීම නොවේද? මින් සනාථ වන්නේ හයිබි‍්‍රඞ් අධිකරණය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ස්ථාපිත කර ඇති බවයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles