Divaina - ගෝඨාභය 40,000 ක් මැරූ බව කිව්වා යැයි හිටපු ඇමෙරිකානු තානාපති වසර 12කට පසු පැවසූ බොරුව

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 araksha
 
 * ‘‘හමුදා නිලධාරීන් 28ක් අත්අඩංගුවට ගනු’’
 
 * ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාවට සහය දෙනු- ඇමරිකාව කියයි
 
 * ඩයස්පෝරා ක‍්‍රියාකාරීන් සහ ජිනීවා තානාපතිවරු රහස් සාකච්ඡාවක
 
 * කොටි තහනම ගැන තීන්දුව දෙද්දී බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කිසිවෙක් නැහැ
 

 
46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පසුගිය සඳුදා ආරම්භ විය. මෙවර මේ සමුළුවේ ක‍්‍රියාදාමය ඉතා භයානක මෙහෙයුමකි. සමුළුව ආරම්භ වීමට තෙදිනක් තිබියදී හිටපු මානව හිමිකම් කොමසාරිස්වරුන් සිව්දෙනෙකු ප‍්‍රමුඛ හිටපු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් විසි දෙනෙක් ජාත්‍යන්තර ප‍්‍රජාව වෙතින් ඉල්ලීමක් කරමින් ශී‍්‍ර ලංකාව අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යන ලෙස ඉල්ලා සිටියහ.
 
 මේරි රොබින්සන් , ලූවිසේ ඇබර්, නවි පිල්ලෙයි සහ සෙයිද් රාද් හුසේන් යන හිටපු මානව හිමිකම් කොමසාරිස්වරු සිව්දෙනා එම ඉල්ලීම කළේ පැමිණිලිකරු සාක්‍ෂිකරු සහ විනිසුරු ලෙස ක‍්‍රියාකිරීමෙනි.
 
 එසේම යහපාලන රජය යටතේ මෙරටට පැමිණි පැබ්ලෝඞ් ග්‍රෙයිප් , බෙන් එමර්සන් වැනි විශේෂ නියෝජිතවරුන්ද ශ‍්‍රී ලංකාව සාක්‍ෂි නැතිව වරදකරු කර තිබුණි.
 
 මේ හිටපු එක්සත් ජාතීන්ගේ කල්ලියට කොළම්බියාවේ හිටපු ජනපති ජුවන් මැනුවෙල් සැන්ටොස්ද අයත් විය.
 
 මෙම පසුබිම මැද කොටි ජාත්‍යන්තර ජාලය මෙම හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට විශාල ලෙස අල්ලස් ලබා දී ඇතැයි වාර්තා විය. මින්පෙර එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරීන් එකට එක් වී ස්වෛරි රටකට එරෙහි එවන් ඉල්ලීමක් කර නැත. කොටි ඩයස්පෝරාව සතුව අතිවිශාල මුදලක් ඇති අතර වත්මන් රජය එම කොටි ක‍්‍රියාකාරීන්ගේ ඉදිරි මෙහෙයුම් ගැන අවධානය යොමුකර නොතිබුණි.
 
 මෙවන් තත්ත්වයක් මත ජනපති ගෝඨභය රාජපක්‍ෂ සහ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරිය ජර්මානු තානාපති හා කැනඩා තානාපති සම`ග ජිනීවාහි මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව ගැන සාකච්ඡා කළත් ශ‍්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවක් ගෙන එන බව වැඩිදුරටත් තහවුරු කරනු ලැබීය. මෙවන් පසුබිමක් මැද බි‍්‍රතාන්‍ය කැනඩාව ජර්මනිය මොන්ටිනීග්‍රෝ් සහ මැසිඩෝනියා යන රටවල් යුද අපරාධ සිදුකර ඇති බව හෙළි වූවත් මානව හිමිකම් කොමසාරිස්වරිය ඒ ගැන කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැත.
 
araksha2එසේම ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට එරෙහි ශ‍්‍රී ලංකා රජය පිටු 30 ක ලියවිල්ලක් ඉදිරිපත් කළත් එහි ඇති කරුණු පිළිගෙන නැතැයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පළ කළේය. මානව හිමිකම් කොමසාරිස්වරියගේ ද්‍රෝහී වාර්තාව ගැන නිරීක්‍ෂණය කරන විට ඇයට බොරු අමුද්‍රව්‍ය සපයා ඇත්තේ රට තුළ සිටින ඩොලර් අරමුදල ලබන එන්. ජී. ඕ. ක‍්‍රියාකාරීන්ය. ඒ බව සනාථ වූයේ මානව හිමිකම් වාර්තාවට මානව හිමිකම් වෙනුවට රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න ඇතුළත් කිරීමයි.
 
 රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වා මෙරටින් පැනයෑම සහ හිටපු ප‍්‍රධානී ශානි අබේසේකර ගැනද මානව හිමිකම් වාර්තාවට ඇතුළත් කර තිබුණි. එහෙත් වසර 12 ක් තිස්සේ ඇප ලබාදීමකින් තොරව සිරගතව සිටින හිටපු පොලිස් අධිකාරි ලක්‍ෂ්මන් කුරේ සහ මරණ දඬුවම ලබා සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධව කිසිදු තොරතුරක් මානව හිමිකම් වාර්තාවට ඇතුළත් වී නැත.
 
 එසේම 20 වැනි සංශෝධනය ගැනද මානව හිමිකම් කොමසාරිස්වරිය ප‍්‍රශ්න කර ඇත. මේ සියලූ කරුණු මෙරට එන්. ජී. ඕ. ක‍්‍රියාකාරීන් 40ක කණ්ඩායම විසින් ජිනීවා යැවූ තොරතුරුය. කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනි ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය බොරුවක් බව තහවුරුවීම නිසා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ඇය ගැන නව වාර්තාවේ දැක්වීමෙන් වැළකී ඇත. මෙරට ක‍්‍රියාත්මක වූ එන්. අයි. බී. හෙවත් ජාතික විමර්ශන බියුරෝව 2009 සිට ක‍්‍රියාත්මක නොවූවත් ඒ බව නොදත් මිචෙලි බැෂලේ කොළඹ එන් ජී. ඕ. ක‍්‍රියාකාරීන් යැවූ තොරතුරු තම වාර්තාවට ඇතළත් කර තිබුණි.
 
 මේ ඩොලර් අරමුදල් ලබන එන්. ජී. ඕ. කල්ලිය මිචෙලි බැෂලේ වෙත යවා තිබූ තවත් වාර්තාවක මෙලෙස දක්වා තිබුණි.
 
 30/1 ජිනීවා යෝජනාවට සහාය දුන් අයව පැහැරගෙන යනවා. වධහිංසා පමුණුවනවා ලිංගික හිංසන සිදු කරනවා. එහෙත් මේ චෝදනා ගැන කිසිදු පැමිණිල්ලක් ලැබී නැත. මෙම පසුබිම මැද පසුගිය පෙබරවාරි 12 වැනිදා ලන්ඩන් නුවර පිහිටි කොටිඩයස්පෝරා සංවිධානය වූ ගෝලීය ද්‍රවිඩ සංසදය අන්තර්ජාලය ඔස්සේ ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්මන්ත‍්‍රණයක් දියත් කළේය. රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිනියක් වූ ෂරින් සරුර් හිටපු මානව හිමිකම් කොමිසමේ සාමාජිකා අම්බිකා සකුනාදන් ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් යුද අපරාධ පිළිබඳ හිටපු ඇමෙරිකානු තානාපති ස්ටීවන් රැප් මෙම සම්මන්ත‍්‍රණයට එක්විය. එසේම මුස්ලිම් කොංග‍්‍රසය වෙනුවෙන් අමීර් ෆයිස් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරීන්වූ චාල්ස් පෙට්ට‍්‍රි සහ පැබලෝ ඞී ග්‍රෙයිප් ද මෙම සම්මන්ත‍්‍රණය හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව කරුණු දක්වා ඇත. එහිදී ලොකුම බොරුව පැවසූවේ ස්ටීවන් රැප් ය. මේ හිටපු ඇමෙරිකානු තානාපතියා දැන් කටයුතු කරන්නේ ඊළාම්වාදීන් සම`ගය.
 
 ස්ටීවන් රැප් මෙම සම්මන්ත‍්‍රණය අමතා මෙලෙස පැවසූවේය.
 
 මම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගෙන් ද්‍රවිඩයන් ඝාතනය වීම ගැන ප‍්‍රශ්න කළා. එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මම ඔවුන්ව මැරුවා. මම මැරුවා.... මම ඔවුන්ව මැරුවා.... යැයි කියා කෑගැසූ බව රැප් කීවේය. රැප් මේ ප‍්‍රකාශය කළේ වසර 12කට පසුවය.
 
araksha3ස්ටීවන් රැප් ජාත්‍යන්තරය රවටමින් කළ මෙම ප‍්‍රකාශය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රතික්‍ෂ්ප කළේය. ස්ටීවන් රැප්ගේ මේ ප‍්‍රකාශයෙන් කොටි සල්ලි වැඩකළ හැටී සනාථ විය. මෙම අන්තර් ජාලය ඔස්සේ පැවැති සම්මන්ත‍්‍රණය මෙහෙය වීම සඳහා අනුග‍්‍රහය ලබාදුන්නේ ප‍්‍රභාකරන්ට අවි ආයුධ ලබාගැනීමට අරමුදල් සැපයූ කැනඩා ද්‍රවිඩ කොංග‍්‍රසය. ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා කැම්පේන් ඔෆ් පීස් සහ ග්ලෝබල් ජස්ටිස් යන රාජ්‍ය නොවන සංවිධානයි.
 
 මෙහිදී ෂරින් සරුර් නැමැත්තිය කරුණු දක්වමින් මුස්ලිම්වරුන්ට එරෙහිව ත‍්‍රස්ත මර්දන පනත භාවිත කළ බවත් 300කට අධික පිරිසක් රැඳවුම්භාරයේ සිටින බව කීවාය. එහෙත් මේ මුස්ලිම්වරු පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බවක් ඇය හෙළි කළේ නැත.
 
 මේ අතර ලන්ඩන් නුවර සිට ක‍්‍රියාත්මකවන ලන්ඩන් ඉනිෂියේටිව් සහ ස්විට්සර්ලන්තයේ ස්ථානගත වී ඇති යුනයිටඞ් ශ‍්‍රී ලංකා සහ කැනඩාවේ පොලිසි රිසර්ච් එක්ව මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට දැඩි ලෙස ප‍්‍රතිචාරය දක්වමින් මෙක්සිකෝ , බුර්නිකා පාසෝ ඇතුළු රටවල් කීපයක තානාපති කාර්යාල වෙත සංදේශ භාර දී ඇත. බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයාද මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බාෂලේගේ වාර්තාව ප‍්‍රතික්‍ෂේප කළේය. ඒ වාර්තාව ඒක පාක්‍ෂිකයි අපේ වාර්තාව පිළිගත නොහැකියි යැයි නේස්බි සාමිවරයා ඉරිදා දිවයිනට පැවසීය. මේ තත්ත්වය මත බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහේ නව ජිනීවා යෝජනාවට රජය ඉදිරිත් කළ සංශෝධන එම රටවල් පිළිගත්තේද නැද්ද යන්න මෙතෙක් දැනුම් දී නැත. ඉහළපෙලේ ආරංචි මාර්ග පැවසූවේ රජය ජිනීවා යෝජනාව සඳහා සම්මුතියකට එළැඹීමට කරුණු 12 ක් ඉදිරිපත් කර ඇති බවයි. එහෙත් මෙරට ජනතාව ඒ බව නොදනී. එහෙත් නව ජිනීවා යෝජනාව සම`ග සම්මුතියකට එළැඹීම යනු එය පිළිගැනීමකි. මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට සහාය දක්වන ලෙස කළ ඉල්ලීමට ඉන්දීය රජය මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැත.
 
 එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක්වීම සඳහා ශ‍්‍රී ලංකා රජය ඉන්දියාවට සහාය පළ කළේය. මේ පසුබිම මැද ඉන්දීය රජය අද අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි. ඉන්දියාවේ මේ ක‍්‍රියාදාමය ගැන නෝර්වේ ඔස්ලෝහි සිටින ප්ලොට් ජාත්‍යන්තරයේ ප‍්‍රධානී රාජන් අප අමතමින් පැවසූවේ ඉන්දියාව අනුගමනය කරන පිළිවෙත පිළිගන්නේ නැති බවයි. ඉන්දියාව ඔවුන්ට වාසිදායක ලෙස ක‍්‍රියාකරනවා. අප නෝර්වේනි ඉන්දීය බලධාරියකුගෙන් ශ‍්‍රී ලංකාව සම්බන්ධ අනුගමනය කරන පිළිවෙත ගැන ප‍්‍රශ්න කළා. ඔහු ශ‍්‍රී ලංකා රජය සහ ජනාධිපති ගැන කැමැති නැති කියා සිටියායැයි රාජය අනාවරණය කළේය.
 
araksha4මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ‍්‍රී ලංකා රජය සූදානම් බව රජයේ බලධාරීන් ප‍්‍රකාශ කර ඇත. එහෙත් විදේශ රටවල සිටින ශ‍්‍රී ලංකා නීතිවේදීන් පවසන්නේ රජය අනුගමනය කර ඇති ක‍්‍රියාදාමය සුළු බවයි. එසේම වසර ගණනාවක් තිස්සේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ප‍්‍රතිචාර දැක්වූවන්ගේ සහාය 46 වැනි සමුළුවට ලබාගෙන නැත. 2019 වසරේදී නීතිවේදී දර්ශන වීරසේකර සහ බි‍්‍රතාන්‍යනීතිවේදීන් එක්ව ජිනීවා බලධාරීන්ට එරෙහිව කි‍්‍රයා කළේය. මෙම පසුබිම මැද ජිනීවාවලට විශේෂ නියෝජිතයකු යැවීමටද රජය සැලසුම් කරනු ලැබීය. එහෙත් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් 20 කගේ සහාය මැද මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ දැඩි ස්ථාවරයක සිටි. ඇයට කොටි ඩයස්පෝරාවේ නොමද සහාය ද ලැබී ඇත.
 
 මේ අතර මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් ශී‍්‍ර ලංකාවට ගැළවිය හැකිද?
 
 මානව හිමිකම් සමුළුවේ රටවල් 47 න් රැසක් බටහිර හිතවාදී රටවල් වේ. මුස්ලිම් මෘතදේහ භූමදාන කිරීමට ඉඩ නොදීම නිසා ඉස්ලාමීය රටවල්වලට කොළඹ සිට පෙත්සම් තොගපිටින් යවා තිබීම නිසා එම රටවල් ශ‍්‍රී ලංකාවට සහාය දක්වන්නේද යන්න මෙතෙක් සනාථ වී නැත. පකිස්තාන් අගමැත ඉම්රාන් ඛාන් මෙරටට පැමිණි අවස්ථාවේ 13 හැවිරිදි දරුවකු ලවා අගමැති ඛාන්වෙත පෙත්සමක් යැවීමට මුස්ලිම් පාර්ශ්ව ක‍්‍රියා කර තිබේ. මෙවන් අයහපත්් තත්ත්වයක් මැද රජය නව යෝජනාවට සංශෝධන ඉදිරිපත් කළේය. එම සංශෝධන ජිනීවා නුවරින් අපට ලබාගත හැකි විය. එය මෙරට වෙනත් කිසිදු මාධ්‍ය පාර්ශ්වයක් වෙත ලැබී නැත.
 
 මේ පසුබිම මැද කොටිඩයස්පෝරා ප‍්‍රබලයන් පසුගිය මාසය මුළුල්ලේ කොරෝනා තර්ජනය නොතකා ජිනීවා වෙත පැමිණ හිටපු එක්සත් ජාතීන්ගේ විශේෂ දූතයන් රැසක් රහසිගතව හමු වී ඇත. එහෙත් මේ තොරතුරු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නොදනී. ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයද යහපාලන රජය යටතේ සිට සංහිඳියා පිළිවෙතක් අනුගමනය කළ නිසා දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයන්ගෙන් තොරතුරු ලැබෙන්නේ නැත. එසේම කොටිඩයස්පෝරාවට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ කොටි ක‍්‍රියාකාරිනියන් පදිංචිව සිටින්නේ ජිනීවාහි මහල් නිවාසකය. එලිලන්ගේ බිරිය වූ ආනන්දි සසිකරන් ජිනීවා ගියවිට නතරව සිටින්නේ ඇගේ නිවසේයි. එහි සිට මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැස්වීම් දියත් වේ.
 
 මේ අතර සාමාජිකයන් 47 කගෙන් යුත් මානව හිමිකම් කවුන්සිලයේ බහුතරයේ සහය ශ‍්‍රී ලංකාවට හිමිවේද? දැනටමත් බි‍්‍රතාන්‍ය කැනඩාව ජර්මනිය යන රටවල්වලට අමතරව ඇමෙරිකාව විසින් ජිනීවා තානාපති කල්ලියේ වැඩි පිරිසක් තම වස`ගයට ගෙන ඇතැයි වාර්තා විය. මේ අතර එන්.ජී. ඕ. සංවිධාන 22 ක් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 ක් ඉල්ලීමක් කරමින් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන්නැයි ඉල්ලා ඇත. එම සංවිධාන අතර පාක්‍යසෝති සවරිමුත්තුගේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ නිමල්කා ප‍්‍රනාන්දුගේ ඉමාඩර් සංවිධානය ද වේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles