Divaina - අතුරුදන්වූවෝ ටර්ක්ස් ඇන්ඞ් කේකොස් දූපත්වලින් මතුවේ... ද්‍රවිඩයන් ප‍්‍රවාහනය කළ ප‍්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 araksha
 

හයිති දූපත ඇතුළත් ප‍්‍රදේශයේ පිහිටි ටර්ක්ස් ඇන්ඞ් කේකොස් දූපත් ගැන මෙරට පොලිසිය හෝ බුද්ධි අංශ නොදනිති. එහෙත් මුල්වරට මෙම දූපත් ගැන හෙළි වූයේ ශී‍්‍ර ලාංකික ද්‍රවිඩයන් 29 ක් බෝට්ටුවකින් එම දූපත්වලට පැමිණීමයි. මේ ද්‍රවිඩයන්ගෙන් 16 ක් ටර්ක්ස් ඇන්ඞ් කේකොස් දූපතේ බලධාරීන්ගෙන් දේශපාලන රැකවරණ පැතූහ. එහෙත් අපේ බුද්ධි අංශවලට මෙම ද්‍රවිඩයන් ගැන හා ඔවුන් ටර්ක්ස් ඇන්ඞ් කේකොස් රටට ඇතුළු වූයේ කෙසේද සහ මෙරටින් පැනගියේ කෙසේදැයි හෙළි වූයේ නැත. එසේ වුවත් ශී‍්‍ර ලාංකික ද්‍රවිඩයන් ගමන් ගත් බෝට්ටුවේ සිටි ද්‍රවිඩයකු කවුදැයි ඇමෙරිකානු එෆ්බීඅයි පොලිසිය විසින් හඳුනාගෙන තිබිණි. ඔහු වසර ගණනකට පෙර වැල්වැටිතුරේ සිට කැනඩාවට පැනගොස් ශී‍්‍ර ලාංකික ද්‍රවිඩයන් ඩොලර් 28000 සිට 65000 දක්වා මුදලකට කැනඩාවට ගෙන එන්නේ ශී‍්‍ර කජමුකන් චෙල්ලයියා නමැත්තායි. කැනඩා ආගමන නිලධාරියකු ලෙස පෙනී සිටි චෙල්ලයියා සංක‍්‍රමණිකයන්ව කැනඩාව ඇතුළු අවට රටවල්වලට ප‍්‍රවාහනය කරන ප‍්‍රධාන මිනිස් ජාවාරම්කරු ලෙස එෆ්බීඅයි පොලිසිය හඳුනා ගෙන තිබිණි. චෙල්ලයියා ගමන් කළ බෝට්ටුවේ 158 ක් සිටි අතර ඉන් 29 ක් ශී‍්‍ර ලාංකික ද්‍රවිඩයන් වේ. මෙයට පෙරද මිනිසුන් ප‍්‍රවාහනය කිරීමේ ජාවාරමට අසුවී කැනඩාවේ සිරදඬුවමක් විඳි චෙල්ලයියා ඇප මත මුදාහැර තිබිණි. මෙලෙස ටර්ක්ස් ඇන්ඞ් කේකොස් දූපතට පැමිණි ශී‍්‍ර ලාංකිකයන් 29 කුගෙන් 16 ක් දේශපාලන රැකවරණ පතා ඇති අතර ඔවුන්ව රැඳවුම් කඳවුරකට යවා තිබිණි. මේ ද්‍රවිඩයන්ගෙන් තිදෙනකුට එක්සත් ජාතීන්ගේ අනාථයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් අනාථයකු බව දක්වන සහතිකයකු නිකුත් කර තිබිණි. කැනඩා ආරංචි මාර්ග හෙළි කළේ එම අනාථ සහතිකය ලත් තිදෙනා හිටපු කොටි හමුදා නායකයන් බවයි.
 
 මෙම පිරිස ටර්ක්ස් සහ කේකොස් දූපතට ගොඩබැසීමට පෙර ඔවුන් එක්සත් ජාතීන්ගේ අනාථයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලය ද දැනුවත් කර තිබුණි. ටර්ක්ස් රාජ්‍යයේ නීතිවේදී ටිම් පෘද්ගෝ මොවුන් වෙනුවෙන් පෙනී සිටියේය.
 
 නීතිවිරෝධීව ටර්ක්ස් ඇන්ඞ් කේකොස් දූපතට පැමිණි ශී‍්‍ර ලාංකික ද්‍රවිඩයන්ට අදාළ නඩුවේදී ඉහත කී ද්‍රවිඩයන් පස්දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී පෘද්ගෝ ඉදිරිපත් කළ කරුණු නිසා ටන්න්‍යා ජැක්සන් විනිසුරුවරිය ඔවුන්ව නිදහස් කළාය.
 
 මෙලෙස නිදහස් වූයේ හිටපු කොටි ප‍්‍රධානින් බව වාර්තා විය. එහෙත් මොවුන් කවුදැයි ශී‍්‍ර ලංකාවේ බුද්ධි අංශවලට හෝ විදේශ කටයුතු බලධාරීන්ට හෙළි වූයේ නැත.
 
 මේ අතර ටර්ක්ස් රාජ්‍යයට පැමිණි ද්‍රවිඩයන්ගෙන් 12 ක් දේශපාලන රැකවරණ පැතුවේ නැත. මේ වනවිට හෙළි වී ඇති තොරතුරුවලට අනුව චෙල්ලයියා නමැති ජාවාරම්කරු මොවුන්ව ගෙන යෑමට සැලසුම් කර තිබුණේ කැනඩාවටය. එහෙත් එෆ්බීඅයි පොලිසිය චෙල්ලයියා හඹා පැමිණීම නිසා සැලසුම ව්‍යර්ථ විය.
 
araksha2එහෙත් කැනඩාවේ සිටින කොටි හිතවාදී මන්තී‍්‍ර ගැරි ආනන්ද සංගරී නමැත්තාට මේ සිද්ධිය වාර්තා විය. ඔහු විගස එක්සත් ජාතීන්ගේ අනාථයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය අමතා තොරතුරු විමසා ඇත. එදා එම මහ කොමසාරිස් කාර්යාලය ද්‍රවිඩයන් 28 දෙනා කව්ද සහ ඔවුන්ගේ අනන්‍යතාව ගැන ඔහුට තොරතුරු ලබාදී තිබේ. එහෙත් රජයේ මුදල්වලින් තවදුරටත් කි‍්‍රයාත්මක වන අතුරුදන් වන්නේ කාර්යාලය ටර්ක්ස් ඇන්ඞ් කේකොස් රාජ්‍යයට පැමිණ එම ද්‍රවිඩයන් කව්දැයි අද වනතුරු තොරතුරු සොයාගෙන නැත. මේ අතුරුදන් වූවන්ගේ කාර්යාලය මෙහෙයවන්නේ විදේශ අරමුදල් මත කි‍්‍රයාත්මක වන නිමල්කා ප‍්‍රනාන්දු නමැත්තියයි. වත්මන් රජය බලයට පත්වුවත් 19 වැනි සංශෝධනය නිසා නිමල්කා ඇතුළු පිරිස තවදුරටත් එම කාර්යාලයේ සේවය කරති.
 
 මේ පසුබිම මැද ශී‍්‍ර ලංකාවේ සිටි ද්‍රවිඩයන් විශාල පිරිසක් අතුරුදන් වූ බව ලොව පුරා ප‍්‍රචාරය වෙද්දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ද ටර්ක්ස් රටට පැමිණි ද්‍රවිඩයන් ගැන තොරතුරු ලබාගෙන නැත. මේ ද්‍රවිඩයන් 29 ක කණ්ඩායම පවා ඇතුළු වන්නේ අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවටය.
 
 මේ වනවිට හෙළි වී ඇති තොරතුරුවලට අනුව ශී‍්‍ර ලංකාවේ සිට සංචාරකයන් වේගයෙන් බහාමාස් රටට පැමිණ එතැන් සිට බෝට්ටුවකින් ඇමරිකාවේ මියාමි වෙත අවතීර්ණ වී ඉන්පසු කැනඩාවට පැමිණිම අරමුණ වී තිබේ. එහෙත් මෙම ද්‍රවිඩයන් බෝට්ටුවට ගොඩවී ඇත්තේ හයිටි දූපතේ සිටය.
 
 මේ අනද්මට හිටපු කොටි 7000 ක් පමණ කැනඩාවට පැමිණ ඇති අතර ඔවුන් සියලූ දෙනාටම දේශපාලන රැකවරණ ලැබී ඇත. එහෙත් කැනඩා රජය ඔවුන් කව්දැයි හෙළි කිරීම ප‍්‍රතික්‍ෂේප කර තිබේ. එලෙස දේශපාලන රැකවරණ ලැබූවන් අතර වව්නියා අධිකරණය විසින් අවි ආයුධ ප‍්‍රවාහනය ගැන වසර 20 ක් සිරදඬුවම් නියම කරනු ලැබූ කොටි ආයුධ ජාලයේ ප‍්‍රධානියා ද වේ මෙය පුදුමයක් නොවේ. සුරේන් රාගවන්ද කැනඩා රජය රැකවරණ ලබාදී තිබිණි. වසර ගණනාවක් කැනඩාවේ පුරවැසියකුවූ මොහු අද රජයේ පත් කළ මන්තී‍්‍රවරයෙක් වී ඇත. මේ අතර චෙල්ලයියා හෙවත් මෝහන් නමැත්තා පිළිබඳව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වූයේ ශී‍්‍ර ලංකා ද්‍රවිඩයන් ඇතුළු 158ක පිරිස රැගත් බෝට්ටුවට හයිති දූපතේ සිට යාත‍්‍රා කළ බවයි. ඇමරිකානු එෆ්බීඅයි පොලිසිය චෙල්ලයියා පිළිබඳව 2012 සිට පරීක්‍ෂණ අරඹා තිබූ අතර ඇමරිකානු අධිකරණය ඔහුට සත්වසරක සිරදඬුවමක් ද නියම කර තිබිණි.
 
 එෆ්. බී. අයි. පොලිසිය අධිකරණයට යොමු කළ පැමිණිල්ලේ දක්වා ඇත්තේ චෙල්ලයියා නමැත්තා ශී‍්‍ර ලංකාවේ සිට හයිති දූපත ඔස්සේ ටර්ක්ස් සහ කේකොස් දූපත්වලට ගෙන එන ශී‍්‍ර ලාංකික ද්‍රවිඩයන් බහාමාස් දූපතට රැගෙන අවුත් එතැන් සිට ඇමෙරිකාවට සහ කැනඩාවට යෑම බවයි.
 
 ටර්ක්ස් සහ කේකොස් දූපතට පැමිණ බෝට්ටුවේ සිටියදී අල්ලාගත් චෙල්ලයියා වහාම ඇමෙරිකාවට පිටුවහල් කරන ලෙස ආණ්ඩුකාර නිජල් ඩැකින් නියෝග කර ඇත.
 
 ටර්ක්ස් සහ කේකොප් දූපතේදී අත්අඩංගුවට ගනු ලැබූ ශී‍්‍ර ලාංකික ද්‍රවිඩයන් මාස තුනක දිගු ගමනකින් පසු හයිති දූපතට පැමිණ එතැන් සිට ටර්ක්ස් දූපතට පැමිණ තිබේ. ටර්ක්ස් දූපතේ පොලිසිය පැවසුවේ චෙල්ලයියා තමා මරණ තර්ජන නිසා ශී‍්‍ර ලංකාවෙන් පැන ආ ද්‍රවිඩයකු බවයි. එහෙත් කැනඩා පොලිසිය ඔහුගේ ඡායාරූපයක් ටර්ක්ස් පොලිසියට එවීමෙන් ඔහුගේ වෙස් මුහුණ ගැලවුණි.
 
 ද්‍රවිඩයන් මෙම හයිති දූපතට ප‍්‍රවාහන කිරීම ගැන ශී‍්‍ර කජමුකන් චෙල්ලයියා වරදකරු ලෙස පාපොච්චාරණය කර ඇතත් ඔහු ශී‍්‍ර ලංකාවේ සිට ද්‍රවිඩයන් හයිති දූපතට ප‍්‍රවාහනය කරන්නේ කෙසේ දැයි අනාවරණය කර නැත.
 
 මෙම ටර්ක්ස් දූපතේ සිට ඇමෙරිකාවේ මියාමි වෙත ඇත්තේ සැතපුම් 647 කි. එහි ජනගහනය 31458 කි.
 
 මෙලෙස උතුරේ ද්‍රවිඩයන් බොරු මරණ තර්ජන දක්වා විදේශ රටවලට පැනයද්දී ඔවුන්ට හැඳින්වෙන්නේ අතුරුදන් වූවන් ලෙසය. එහෙත් කිසිදු රටක් ඔවුන් ගැන ශ‍්‍රී ලංකා රජයට තොරතුරු දීමට ඉදිරිපත් වන්නේ නැත.
 
 මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ පවුලේ අයට ඇමෙරිකාවට ඒම තහනම් කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන 27 දා මෙරටට පැමිණීමට නියමිතය.
 
 ඔහු මෙරටට එන්නේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ආධාර කිරීමට නොව කුප‍්‍රකට එම්. සී. සී. ගිවිසුම ගැන සාකච්ඡා කිරීමටය. එම සාකච්ඡාවලට සොෆා සහ ඇක්සා යන ඇමෙරිකානු ආරක්‍ෂක ගිවිසුම්ද ඇතුළත් බවට වාර්තාවී ඇත. ඇමෙරිකානු රජය මේ වන විට මාලදිවයින සමගද ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කර තිබේ.
 
 ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමට පෙර මෙලෙස ප‍්‍රකාශ කර තිබුණි.
 
 ‘‘ශ‍්‍රී ලංකාවේ වනවීමේ ක‍්‍රියාවලියට අප සහාය දක්වන්නෙමු. ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් ප‍්‍රවර්ධනය කළ යුතු අතර යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කළ අතරමැදියන් ගැන වගවීමේ ක‍්‍රියාවලිය දියත් කළ යුතුයි. එසේම ශී‍්‍ර ලංකා හමුදාව ප‍්‍රතිසංස්කරණය කළ යුතුයි.
 
araksha3එසේ වූවත් යුද අපරාධ සිදු කළ ඇමෙරිකානු සෙබළුන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය පරීක්‍ෂණ ආරම්භ කිරීමට තීරණය කළ අවස්ථාවේ මයික් පොම්පියෝ දැඩි තර්ජනාත්මක ප‍්‍රකාශනයක් කරනු ලැබීය.
 
 අපේ සෙබළුන්ට එරෙහිව කිසිදු අධිකරණයක පරීක්‍ෂණ පැවැත්වීමට ඉඩ නොදෙන්නෙමි ජාත්‍යන්තර අධිකරණයේ කිසිදු නිලධාරියකුට පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ඇමරිකාවට ඒමට වීසා බලපත් ලබා නොදෙන්නෙමි. ජාත්‍යන්තර අධිකරණයේ සියලූ දෙනාගේම වත්කම් තහනම් කිරීමටද කටයුතු කරන්නෙමු යැයි මයික් පොම්පියෝ කියා සිටියේය.
 
 මින් ඇමෙරිකාවේ ද්විත්ව රංගනය තහවුරු නොවන්නේද?
 
 මෙම පසුබිම මැද පොම්පියෝ මෙරටට එන්නේ තවත් තක්කඩිකමට බව පැහැදිලිය.
 
 ඒ චීනයට එරෙහිව ක‍්‍රියා කිරීමටය. චීන රජයේ බලවතකු වූ යැන් ජී. ජියාව් ප‍්‍රමුඛ කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට පැමිණීමත් සම`ග ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කලබලයට පත් වී තිබේ. එහි ප‍්‍රතිඵලය ඔහු 27 වැනිදා ශ‍්‍රී ලංකාවට සම්ප‍්‍රාප්ත වීමයි.
 
 එසේම පොම්පියෝ ඉන්දියාවට යෑමටද නියමිත බව වාර්තාවේ. මෙවන් පසුබිමක් මැද ජර්මනිය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය යන රටවල් යුද අපරාධ විමර්ශන ඒකක ආරම්භ කර ඇත. එම රටවල් එම ඒකක මගින් පරීක්‍ෂණ කරන්නේ තම රටවල්වල හමුදාවන්ට එරෙහිව නොව විදේශ රටවල හමුදා ගැනය.
 
 මේ තත්ත්වය මත ශ‍්‍රී ලංකාවේ හමුදාපති යුද අපරාධකරුවකු යැයි හඳුන්වා ඔහුට තහනමක් පැන වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝට මෙරටට පැමිණීම තහනම් කළ යුතුව තිබේ. ඇමරිකාව විසින් ඉන්දියාවේ හමුදාපතිට තහනමක් පැනවූයේ නම් ඉන්දියාව කරබාගෙන සිටිනු ඇතැයි සිතිය හැකිද?
 
 මේ අතර අතුරුදන් වූවන් බවට ප‍්‍රචාරය වූ හිටපු කොටි සහ ද්‍රවිඩයන් විශාල පිරිසක් යුරෝපා රටවල සිටිති. ඔවුහු ස්විට්සර්ලන්තය, ජර්මනිය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, නෝර්වේ, ස්විඩන්, ඔස්ටි‍්‍රයාව, ඔස්ටේ‍්‍රලියාව යන රටවල දේශපාලන රැකවරණ ලබා ඇත.
 
 කොටි ඊළම් පොලිසියේ ස්ථානාධිපතිවරු ලෙස කටයුතු කළ හිටපු කොටි රැසක් බි‍්‍රතාන්‍යයේ සිටින අතර කොටි හමුදා නායකයන් 200 ක් ස්විට්සර්ලන්තයේ වාසය කරති. ත‍්‍රිකුණාමල හිටපු කොටි නායකයා වූ දයා මෝගන් වරක් සූරිච් නගරයේ දුම්රිය ස්ථානයේදී අපට දැක ගත හැකි විය.
 
 මෙයට සමගාමීව ස්විස් රජය පසුගිය වසරේ ශ‍්‍රී ලාංකිකයන් 677 කට දේශපාලන රැකවරණ ලබා දී තිබුණි. ඔවුන්ද අතුරුදන් වූවන් ලෙස සැලකේ.
 
 එහෙත් එම ශ‍්‍රී ලාංකිකයන් ගැන ස්විස් රජය ශ‍්‍රී ලංකා රජයට කිසිදු දැනුම්දීමක් කර නැත.
 
 මේ තත්ත්වය මැද යහපාලන රජයේ රහස් පොලිසියේ හිටපු බලධාරීන් ඔස්ටේ‍්‍රලියානු සහ කැනඩා තානාපති කාර්යාලවල සහයෙන් තමන්ට ඕනෑ ලෙස සාක්ෂි දුන් ආරක්‍ෂක අංශ නිලධාරීන්ට කැනඩාවේ සහ ඔස්ටේ‍්‍රලියාවේ දේශපාලන රැකවරණ ලබාදීමේ රහසිගත මෙහෙයුමක් දියත් කර තිබූ බව හෙළි විය.
 
 ඒ අනුව නාවික හමුදාවේ සේවය කළ ලූතිනන් කමාන්ඩර් ක‍්‍රිශාන්ත වෙලගෙදර නැමැත්තාට ඔස්ටේ‍්‍රලියාවේ දේශපාලන
 රැකවරණ ලැබී ඇත. මේ නිසා යහපාලන රජයේ රහස් පොලිසිය සිදුකර ඇත්තේ රාජද්‍රෝහි ක‍්‍රියාවකි.
 
araksha4එසේම බොරු සාක්‍ෂිවලට එක`ගවන්නේ නම් හමුදා බුද්ධි නිලධාරින්ට රුපියල් කෝටි ගණන් මුදල් දෙන බවටද හිටපු රහස් පොලිස් නිලධාරීන් පවසා තිබේ. මේ නිසා බොරු සාක්කිවලට රුපියල් කෝටි ගණනක් ලබාදීමට රහස් පොලිසිය පැවසීමේ පසුබිමේ විදේශ තානාපති කාර්යාලවල සිටි බව තහවුරු නොවන්නේද?
 
 මේ අතර ප‍්‍රථම කළුකොටි බෝම්බකාරිය වූ සහයසිලී පොදු හුරුපිල්ලෙයි හෙවත් මාලති නැමැත්තිය 1987 ඔක්තෝබර් 10 වැනිදා යාපනයට නුදුරු නවන්කුලී කෝපේ මාර්ගයේදී ඉන්දිය සාම හමුදාව සමග ඇති වූ සටනින් බරපතළ තුවාල ලබා තිබුණි. ඉන්දීය ගුර්කා භටයන් ඇයව අල්ලා ගැනීම සඳහා දිව එන අවස්ථාවේ සයනයිඞ් කරලක් ගිල දමා දිවි නසා ගත්තායැයි මේ සතියේ දිනෙක ස්විට්සර්ලන්තයේ බර්න් පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති ශාලාවේ ස්විස් කොටි ඩයස්පෝරාව මාලතීගේ 33 වැනි සමරුම පැවැත්වීමට ක‍්‍රියා කළේය. එම සැමරුමට ස්විස් පොලිසිය අවසර දී තිබුණි.
 
 මාලනි සමරු උත්සවය පවත්වනු ලැබුවේ ශ‍්‍රී ලංකාවෙන් 2/3 ක් ඊළම් රාජ්‍යය බව දැක්වෙන සිතියමක් ප‍්‍රදර්ශනය කරමිනි.
 
 ස්විස් අධිකරණය විසින් කොටි සංවිධානය අපරාධකාරි සහ ත‍්‍රස්ත සංවිධානයක් නොවන බවට තීන්දුවක් ප‍්‍රකාශයට පත් කිරීම නිසා කොටි ත‍්‍රස්තවාදීන් සැමරීමට හැකි වී ඇත.
 
 මෙලෙස මාලති සමරුමට සහභාගී වූයේ කොටි හිතවාදීන් පමණකි. එසේම කිසිදු පිටස්තර අයකුට සමරු ශාලාවට ඇතුළත් වීමට ඉඩ ලැබුණේ නැත.
 
 මේ අතර හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන රහස් පොලිසිය කටයුතු කළේ රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන සහය මත බව මුල්වරට හෙළි කරනු ලැබීය.
 
 එහෙත් හිටපු ජනපතිගේ කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් දෙදෙනකු සේවය කළ අතර ඉන් එක් අයෙක් හමුදා රණවිරුවන්ට මෙන්ම කොටි ඩයස්පොරාවට එරෙහිව ජිනීවා ගිය රියර් අද්මිරාල් සරත් වීරසේකරට එරෙහිව ක‍්‍රියා කළේය. ඔහු රණවිරුවන් යනු මිනීමරුවන් බව පෙන්නුම් කිරීමටද දැඩි උත්සාහයක් ගත්තේය.
 
 හිටපු ජනපතිවරයා තවදුරටත් පැවසූවේ මානව හිමිකම් කොමිසම ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තා රැසක් ජිනීවා වෙත යවා තිබූ බවයි. අප මේ තොරතුරු ජිනීවා සිට හෙලිකරන අවස්ථාවේ එම තොරතුරු සාවද්‍ය බව දැක්වීමට එන්. ජී. ඕ. ක‍්‍රියාකාරීහු උත්සාහ කළහ.
 
 මෙම පසුබිම යටතේ ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වී නැතැයි හිටපු ජනපති පැවසූවත් මානව හිමිකම් කොමසාරිස්ට සිටි සෙයිද් රාද් නුසේන්ගේ වාර්තාවේ ස්ථාන රැසක යුද අපරාධ චෝදනා එල්ල කර තිබුණි.
 
 මෙම තත්ත්වය මත මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී චීනය, රුසියාව, නේපාලය, පාකිස්තානය සහ කියුබාව යන රටවල් නව සාමාජික රටවල් බවට පත්විය. මෙය ද්‍රවිඩ සංධානයට එල්ල වූ බරපතල පහරකි.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles