Divaina - යුද්දේ පැරදුනත් කොටි අනතුර ඉවර නැත

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 කොටි පරදවා මෙම 18 දාට වසර 11 කි. එහෙත් කොටි ඩයස්පෝරාව සකී‍්‍රයව කි‍්‍රයාත්මකවේ. මේ වන විට රටවල් 15 ක කොටි ඩයස්පෝරා සංවිධාන 67 ක් ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයාකරයි. ඇමරිකාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය, නෝර්වේ, ස්විඩනය, ප‍්‍රංශය, ජර්මනිය යන රටවල මේ ඩයස්පෝරා සංවිධාන බලවත් ලෙස කි‍්‍රයාත්මක වේ.

 

araksa1
 
 එසේම කොටි ජාත්‍යන්තරය සතුව ඩොලර් බිලියනයක මුදලක් ස්විස් බැංකුවක තැන්පත් වී ඇත. එම ගිණුම ගැන දන්නේ ස්විස් ඊළම් සංවිධානය පමණකි. මේ හැර කැනඩාව, ප‍්‍රංශය යන රටවල ඉතා බලවත් ලෙස කොටි ඩයස්පෝරාව කි‍්‍රයාත්මක වේ.
 
 ස්විස්ටර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැති නිසා යළි අරමුදල් එකතු කිරීමටහැකි වී තිබේ. එය ඉතා බරපතළ තත්ත්වයකි.
 
 මෙයට අමතරව හිටපු කොටි හමුදා නායකයන් 200 ක් යුරෝපා රටවල සිටිති. මොවුන් අවස්ථාව පැමිණෙන තුරු බලා සිටී. උතුරේ ද අවි පුහුණුව ලත් කොටි 12000 ක් ඇත. මේ පිරිස ඉදිරි කාලයේ නිකම් සිටිනු ඇතැයි කිව හැකිද?
 
 මොවුන් අවි පුහුණුව ලැබූවන්ය. මේ කොටි බලා සිටිනුයේ මෙරට පාලනය දුර්වල අයකු අතට යන තුරුය.
 
 මෑතකදී බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය පැවසුවේ අපි බලා සිටින්නේ දුර්වල පාලකයකු සිංහලයන් විසින්ම පත්කර ගන්නා තෙක් බවයි.
 
 කොටි පැරදුනත් ඩයස්පෝරාව පැරදී නැති බව අපි හෙළිකරන්නේ මේ නිසාය.
 
 ඊශ‍්‍රායලය වරක් පැවසුවේ සතුරා පැරදුනත් අවස්ථාව එනතුරු සිටින බවයි.
 
 මේ පසුබිම මැද කොටි පැරදීමේ ඉතිහාසය අපි නිරීක්‍ෂණය කළ යුතුය.

ara1
 
 කොටි සංවිධානයට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භ වීමත් සමගම ඉන්දීය රෝ සංවිධානයේ හිටපු ප‍්‍රධානි බී රාමන් ශී‍්‍ර ලංකා හමුදාවට අනතුරු අගවමින් බලසම්පන්න ජර්මානු හමුදාව සෝවියට් දේශයේ ස්ටාලින්ග‍්‍රැස්ට් නුවරට කඩාවැදුනේ මුළු සෝවියට් හමුදාව වැනසීමටයි. එහෙත් සෝවියට් හමුදාව විසින් ජර්මානු හමුදාව වැනසුවා. ශී‍්‍ර ලංකා හමුදාව කිලිනොච්චිය අල්ලා ගැනීමට ගියොත් මුළු හමුදාවම වැනසෙනවා යැයි කීවේය. ඉන්දීය ලේඛිකා ඇනිටා ප‍්‍රතාප් ද ශී‍්‍ර ලංකා හමුදාව අවතක්සේරුවකට ලක් කළාය. ප‍්‍රභාකරන්ගේ දෑස් මකුළුදැල්වලින් පිරිලා නැහැ. ඔහු හැරිලා පහර දෙනවා. එවිට ශී‍්‍ර ලංකා හමුදාව ඉවරයි. මම මෙවර යාපනයට එන්නේ ප‍්‍රභාකරන්ගේ ජයග‍්‍රහණය
 
 ගැන ග‍්‍රන්ථයක් ලිවීමටයි.
 
 ඉන්දීය ලේඛක නාරායන් ස්වාමිද මෙලෙස පවසා තිබිණි. කොටි පැරදෙනු ඇතැයි මා කිසි දිනෙක සිතුවේ නැත. ශී‍්‍ර ලංකා හමුදාව මේ අයුරින් කොටින්ට බෙහෙත් දෙනු ඇතැයි අදහස් කළේ නැහැ.
 
 2009 මැයි 18 දා මා සිටියේ ස්විස්ටර්ලන්තයේ බාසල් නගරයේයි. බාසල් සහ ඕල්ටන් නගරවල දෙමළ කඩ සාප්පු වසා දමන බවත් යම් බරපතළ දෙයක් සිදුවී ඇති බවත් මගේ මිතුරකු විසින් පවසනු ලැබීය. ඒ වන විට ප‍්‍රභාකරන් මරුමුවට පත් වී ඇති බවට තොරතුරු මා වෙත ලැබී තිබිණි.
 
 බාසල් නුවර සිට මා මේ ගැන මගේ මිත‍්‍ර මේජර් ජනරාල් සුමිත් මානවඩුගෙන් විමසූ විට ඔහු පැවසුවේ කොටි කි‍්‍රයාව අවසන් බවත් ස්විස්ටර්ලන්තය තුළ කොටි හිතවාදීන් විශාල පිරිසක් සිටින නිසා ප‍්‍රවේසම් වන ලෙසත්ය.
 
 එසේ වුවත් මැයි 18 දා බාසල් සිට ජිනීවා නුවරට පැමිණීමට මට අවශ්‍ය විය. එහෙත් මගේ මිතුරා අනතුරු අගවමින් කොටි යක්ෂාවේශවෙලා... ප‍්‍රභාකරන් පරාජයවීම උන්ට අදහගන්නට බැහැ. ඔයාව අහුවුණොත් මරලා දායි යැයි කියා සිටියේය.
 
 එසේ වුවත් ජිනීවා වෙත යෑමට ගත් තීරණය මම වෙනස් නොකළෙමි. අවසානයේ මගේ මිතුරා මාව ඔහුගේ මෝටර් රථයෙන් ජිනීවා වෙත ගෙන ඒමට කි‍්‍රයා කළේය.
 
 අප ජිනීවා වෙත දිවෙන මාර්ගයේ එන විට දුටුවේ කඩු පොළු රැුගත් කොටි වාහනවල නැගී කෝපයෙන් යුක්තව සැරිසරන බවයි. ස්විස් පොලිසිය පවා ශී‍්‍ර ලාංකිකයන්ට අනතුරු අගවා තිබුණේ නිවසින් පිටව යන්නේ නම් ප‍්‍රවේසම් වන ලෙසයි.
 
 අපේ‍්‍රල් 19 දා වන විට ස්විස්ටර්ලන්තයේ සිටින මුළු කොටි ඩයස්පෝරාවට ප‍්‍රභාකරන්ගේ මාර පරාජය හෙළිවිය.
 
 එහෙත් සමහර කොටි කි‍්‍රයාකාරීන් පැවසුවේ ප‍්‍රභාකරන් පැනගිය බවයි.
 
 2009 මැයි 18 දා කොටි පැරදුනේ නිකම්ම නොවේ. ඩොලර් 34426699 ක් වටිනා අවි ආයුධ විශාල තොගයක් කොටි කඳවුරුවල තිබී හමුවිය. ඇමරිකානු, ජර්මානු, ඉතාලි, ස්විස් නෝර්වේ, ස්විඩන් අවි ආයුධ පමණක් නොව ජපන් සන්නිවේදන උපාංග ද සොයාගත් අවි ආයුධ අතර විය.
 
 මේ අවි ආයුධවල අනුක‍්‍රමික අංක තිබුණත් එම අවි කොටින්ට ලැබුණේ කෙසේ දැයි කිසිදු රටක් යුද්දය නිමාවී වසර 11 ක් සපිරෙන අවස්ථාව දක්වා හෙළි කළේ නැත. ලොව වෙනත් කිසිදු රටකට නැති අවි ආයුධ ද ඒ අතර විය. ගුවන්යානා නාශක මිසයිල 16 ක් ද හමුවී තිබිණි. ඊට අමතරව සී 4 පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1000 ක් සොයා ගැනීමට හැකි විය. 1996 සිට නාවික යාත‍්‍රා 64 ක් විනාශ කිරීමට කොටි කි‍්‍රයාකළහ. එහිදී නිලධාරීන් සහ නාවිකයන් 145 ක් මරුමුවට පත් වූහ. තවත් 243 ක් අතුරුදන් විය. එසේම 1985 සිට ගුවන්යානා සහ හෙලිකොප්ටර් 40 ක් ද විනාශ විය.
 
 කොටි පැරදීමෙන් පසු සිදු කළ විමර්ශනවලදී රුපියල් බිලියන 2 ක වත්කම් ද අසුවිය.
 
 මේ පසුබිම මැද කොටි පැරදවීම සඳහා රුසියාව, චීනය, පාකිස්තානය වැනි රටවල යුද ටැංකි සහ වෙනත් බර අවි ලබාදුන්හ. චෙක් රාජ්‍යය මල්ටි බැරල් රොකට් ද, ඊශ‍්‍රායලය සර්චර් වර්ගයේ ඩ්‍රෝන යානා සහ ගබ්රියෙල් මිසයිල ද ලබාදීමට කි‍්‍රයා කළේය.
 
 මේ අතර වසර 11 කට පෙර කොටි පරාජය වුවත් ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාව පැරදී නැත. කොටි පැරදවූ මහින්ද රාජපක්‍ෂ රජය පැරදවීමට මෙරට ජනතාව කි‍්‍රයාකිරීමෙන් කොටි ඩයස්පෝරාව දැඩි සතුටට පත්වූහ.
 
 එහි ප‍්‍රතිඵලය වූයේ ඊළාම් සංවිධාන 8 ක තහනම ඉවත්වීමයි. එසේම කොටි 141 කට නිකුත් වී තිබූ ජාත්‍යන්තර වරෙන්තු රහසිගතව අහෝසි වී රනිල් - මෛති‍්‍රපාල රජය 2015 දී බලයට පත්වීමත් සමගම කොටි පැරදවීමට උරදුන් හමුදා ප‍්‍රධානීහු විවිධ චෝදනා මත රහස් පොලිසියට කැදවනු ලැබූහ.
 
 රහස් පොලිසිය සිය බලය ඉක්මවා කි‍්‍රයාකළා ද කිවහොත් හමුදා බුද්ධි තොරතුරු හෙළිකරන ලෙස ද බලපෑම් එල්ල විය. නාවික හමුදාපතිවරුන් වූ ජයන්ත පෙරේරා, ජයනාත් කොළඹගේ, තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, රවින්ද්‍ර විජේගුණවර්ධන යන   නිලධාරීන්ගෙන් ද ප‍්‍රශ්න කෙරිණි. හමුදා බුද්ධි ප‍්‍රධානියාව සිටි අමල් කරුණාසේකර ද සිරගත විය. එසේම කොටි පැරදවූ ජයග‍්‍රාහී දිනය අහෝසි වී ආචාර පෙලපාලිය ද නතර විය. ජයග‍්‍රාහී දිනය එකවරම සිහිකිරීමේ දිනය ලෙස නම් කෙරිණි.
 
 මේ හැර යහපාලන රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශී‍්‍ර ලංකා හමුදාව දෙවරක්ම පාවා දුන්නේය.
 
 ජනතාව සිදුකළ බරපතළ වරදේ විපාක ජනතාවට අවබෝධ වී 2019 නොවැම්බර් 19 දා ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති බවට පත්විය.
 
 එදා 2009 මැයි 18 දා කොටි පරාජය නොවූයේ නම් මෙරට ජනතාව බරපතළ විපාකවලට මුහුණ දීමට සිදුවනු නියතය.
 
 කොටි පරාජය වීමෙන් පසු හමුදාව සොයාගත් පුපුරණ ද්‍රව්‍ය ජනතාවගේ අවධානය උදෙසා අපි අද හෙළිකරන්නෙමු.
 
 * මරාගෙන මැරෙන බෝම්බ කබා - 293
 
 * පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝම්බ පටි 43
 
 * ටී. එන්. ටී. පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3009
 
 * ටී. එන්. ටී. පුපුරණ කුට්ටි 2973
 
 * සී 4 පුපුරණ ද්‍රව්‍ය කිලෝ 6050
 
 * අත්බෝම්බ - 18153
 
 මේ හැර ඩොලර් 34,426,699 ක් වටිනා අවි ආයුධ සහ උපාංග ද සොයාගෙන තිබිණි.
 
 මේ පසුබිම මැද කොටි පැරදවීමේ 11 වැනි සංවත්සරය යෙදෙන අවස්ථාවේ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ හමුදාපති කමල් ගුණරත්න, හිටපු මේජර් ජනරාල්වරුන් වූ චානි ගාල්ලගේ, ජගත් ජයසූරිය ඇතුළු හමුදා ප‍්‍රධානීන් 59 කට සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල වී ඇත. මේ සාවද්‍ය යුද අපරාධ චෝදනාවලට එරෙහිව කිසිදු රජයක් අභියෝග කළේ නැත. මහින්ද රාජපක්‍ෂ රජය යටතේ විදේශ අමාත්‍යාංශයේ හිටපු දේශපාලකයකු විසින් ඇමරිකානු මහජන සම්බන්ධතා සමාගමකට ඩොලර් මිලියන ගණනක් ගෙවා හමුදාවට නැගී ඇති චෝදනා ඉවත්කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය.
 
 2015 පත්වූ රනිල් - මෛති‍්‍ර යහපාලන රජය යටතේ යුද අපරාධ සිදුකළ බවට පිළිගනු ලැබුවේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීරයි.
 
 එසේම ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහි බොරු සාක්‍ෂි ලබාගැනීමට හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ස්කයිප් මාර්ගයෙන් ආනන්දි සසිතරන් සමග එක්විය.
 
 මේ කි‍්‍රයාදාමය නතර කිරීමට රනිල් හෝ මෛති‍්‍රපාල කි‍්‍රයා කළේ නැත. සසිදරන් බොරු සාක්‍ෂි විදේශගත කිරීමට භාවිත කළේ උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශයයි.
 
 මෙයට අමතරව හිටපු මේජර් ජනරාල්වරයෙක් ශී‍්‍ර ලංකා හමුදාව යුද අපරාධ කළ බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ දිවුරුම් ප‍්‍රකාශයක් දුන්නේය.
 
 මේ ද්‍රෝහියාට යහපාලන රජය තානාපති ධුරයක් ද පිරිනැමීය. මේ අතර බිහිසුණු අපරාධ සිදුකළ ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි සංවිධානය බේරා ගැනීමට මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්ට අමතරව ඇමරිකානු වාර්තාකාරිය වූ මාරි කොල්වින් උත්සහ කළ බව අනාවරණය විය.
 
 මාරි කොල්වින් යනු ත‍්‍රස්තවාදී කි‍්‍රයා පවතින රටවලට හොරෙන් ඇතුළුවන තක්කඩි කාන්තාවකි.
 
 ඇය කොටි පාලන ප‍්‍රදේශයට හොරෙන් ගොස් ආපසු එන අතරේ හමුදා සෙබළකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වී එක ඇසක් තුවාල ලැබීය.
 
 මාරි කොල්වින් ඉරාකය හරහා සිරියාවට හොරෙන් ඇතුළු වී සිටියදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් මිය ගියාය.
 
 මේ අතර ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන හිටපු ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර චන්ද්‍රකාන්තන් නේරු බි‍්‍රතාන්‍ය රජයෙන් දේශපාලන රැුකවරණය ලබා ඇත.
 
 වන්නි මෙහෙයුම ආරම්භ වීමෙන් පසු කොටි හමුදා ප‍්‍රකාශක ඉලන්තරියාන් පැවසුවේ ශී‍්‍ර ලංකාවේ මෝඩ හමුදාව දියත් කළ මේ සටනින් කිසිදු උතුරේ නගරයක් අල්ලා ගැනීමට නොහැකි වන බවයි. එසේම කොළඹ ආමර්වීදියේ සිට ප‍්‍රකාශයට පත්වන වීරසේකරි පුවත්පත 2005.07.11 මෙලෙස සඳහන් කර තිබිණි.
 
 කොටි සංවිධානය ශක්තිය නංවා ඇත්තේ මෙලෙසය. චාල්ස් ඇන්තනි බළකාය ප‍්‍රබලම බළකායයි. ජෙයනාදන් බළකාය නැගෙනහිර බලය මෙහෙයවයි. පොන්නම්බලම් බිම්බෝම්බ ඒකකය ද කි‍්‍රයාශීලිය. මේ හැර මුහුදු කොටි, ගුවන් කොටි, කාලතුවක්කු ඒකකය ද ප‍්‍රබලය. කොටි සංවිධානය සතුව ඇති ප‍්‍රබල අවි ආයුධ ගැන දන්නේ කොටි පමණකි. මේ බළකායන් නිසා ශී‍්‍ර ලංකා හමුදාව දෙදරා යන තත්ත්වයකට පත්වේ. සිව්වැනි ඊළාම් යුද්ධය ආරම්භවීමත් සමග කොටි තම ගුවන් හමුදාව මෙහෙයවන හැටි දැකිය හැකිය.
 
 කොටි ශක්තිය ප‍්‍රබල බව දක්වමින් එක්තරා දෙමල පුවත් පතක සත්තිරියන් යන අන්වර්ත නාමයෙන් ලිපියක් ලියූ තැනැත්තා අදටත් ජීවත් වන බව අනාවරණය වෙි
 
 මෙම ලිපියෙන් ඔහු කොළඹ සහ අවට ද්‍රවිඩ ජනතාවට පෙන්නුම් කළේ කොටි ශක්තිය හමුවේ ශී‍්‍ර ලංකා හමුදාවට සිදුවන දෙයයි.
 
 එහෙත් වීරකේසරි පුවත්පතේම සේවය කළ ඇන්ටන් බාලසිංහම් වන්නි මෙහෙයුම ආරම්භ වීමට පෙර පැවසුවේ කොටි යම් දිනෙක පරාජය වන බවයි.
 
 කොටි පැරදවිය නොහැකි බවට අතිශයෝක්තියෙන් යුක්තව පැවසූ තවත් අයකු නම් ඞී. පී. සිවරාම් හෙවත් තාරකි නමැති හිටපු ප්ලොට් හමුදා ප‍්‍රධානියායි.
 
 arakertiකොළඹ බටහිර තානාපති කාර්යාලවලට කොටින්ට ප‍්‍රබල හමුදා ශක්තියක් ඇති බව හුවාදැක්වීම ඔහුට බාරවී තිබිණි. මේ අතර කොටි කිසිදිනෙක පැරදවිය නොහැකි බව පැවසූ ඉන්දීය ලේඛිකා ඇනිටා ප‍්‍රතාප් ජපානයේදී තවත් ලැජ්ජාසහගත තත්ත්වයකට මුහුණපෑවාය. ඒ ඇයට ජපානයේ ටෝකියෝ නුවර සමුළුවකදී ගෝඨාභය රාජපක්‍ෂ දැකගත හැකි වීමයි. එහෙත් ඇය ඔහු සමග කතා කළේ නැත. 2009 මැයි 19 දා කොටි පරාජයවීමෙන් පසු මේ දක්වාම ඇය කොටින්ට සිදුවූ දේ ගැන නිහඬ විය. 

 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles