Divaina - ගිනි කන්දක්‌ මතින් උපන් සුන්දර 'ජේජු'

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

 

suja290

ප්‍රධාන පුවත්

විශේෂාංග

ශ්‍යාම් නුවන් ගනේවත්ත
දකුණු කොරියාවේ ඡේජු දූපතේ සංචාරයකින් පසු

lawaකුණු කොරියාවට අයත් සුන්දර දූපත් ගණනාවක්‌ තිබේ. මින් ජේජු දූපත දකුණු කොරියාවට අයත් විශාලතම දූපතයි. වසර දහස්‌ ගණනකට පෙර ගිනි කන්දක්‌ පුපුරා යාමෙන් මෙම දූපත නිර්මාණය වී තිබේ. ඒ හැලොසාන් ගිනි කන්ද (hallosan mountain) පුපුරා ගිය ලාවා වලිනි. කිලෝමීටර් 1849 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන මේ දූපතේ එම භූමි ප්‍රමාණයෙන් සියයට 90 ක්‌ ම සමන්විත වන්නේ ලාවා ඝන වීමෙන් සෑදුනු තද පාෂාණ වලිනි. උතුරේ සිට නැඟෙනහිරට කිලෝමීටර් 31ක්‌ ද නැඟෙනහිර සිට බටහිරට කිලෝමීටර් 73 ක්‌ ද වන භූමි ප්‍රමාණයකින් සමන්විත වන මෙම සුන්දර දිවයින කොරියානු අර්ධද්වීපයේ නිරිත දිගට වන්නට පිහිටා තිබේ. මෙය සිංගප්පුරුව මෙන් තුන් ගුණයක්‌ විශාලය. 2007 වසරේ ජුනි 27 වැනිදා මෙම ගිනි කඳු දූපත සහ එහි ලාවා මාර්ගයන් ලෝක ස්‌වභාවික උරුමයක්‌ ලෙස යුනෙස්‌කෝව විසින් නම් කර ඇත. මේ සමගම මේ දූපත ලොව පුරා සංචාරක ආකර්ෂණයට ද ලක්‌ විය. එහි ඇති සුන්දර කඳු පන්ති, මුහුදු වෙරළ, අලංකාර පරිසරය, මුහුදු ආහාර සහ පරිවාර දූපත් යනාදිය නිසා මේ දූපත ඉමහත් සංචාරක ආකර්ෂණයට හේතුවී ඇත. පසුගියදා කොරියානු මාධ්‍ය පදනමේ ආරාධනයෙන් දකුණු කොරියාවට ගිය මේ ලියුම්කරුටද මේ ජේජු දූපතට දින තුනක චාරිකාවකට යාමට අවස්‌ථාව ලැබිණි. ඒ කොරියාවට පැමිණ සිටි තවත් විදෙස්‌ මාධ්‍යවේදීන් පිරිසක්‌ද සමගය .

දිනය 2017 නොවැම්බර් 16 වැනිදාය. එදින උදේ සෝල් නුවර සිට ගුවන් මගින් අපි ජේජු දූපතට ගමන් කළෙමු. එම අභ්‍යන්තර ගුවන් ගමනේදී මට ගුවන්යානයේ කව්ලුවක්‌ අසල ආසනයක්‌ හිමි වූ බැවින් ඉතා මැනවින් මුහුදු තීරය උඩින් සහ ඇතැම් විට කොරියාවට අයත් නොයෙකුත් ලොකු කුඩා දූපත් මැදින් ගුවන් යානය ගමන් කරන සුන්දර අත්දැකීම විඳගන්නට මට අවස්‌ථාව ලැබිණි. මේ ගුවන් ගමනට ගත වුයේ පැයක පමණ කෙටි කාලයකි. අපගේ ගමන් මලු රැගෙන ජේජු ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් පිටතට පැමිණි අපව කැඳවාගෙන යාමට කොරියානු සංචාරක මග පෙන්වන්නියක්‌ පැමිණ සිටියාය. ඇය අපව කැඳවාගෙන යැමට කුඩා බස්‌ රථයක්‌ සුදානම් කර තිබිණි. අප ඒ බස්‌ රථයට ගොඩ වූ පසු එම සංචාරක මග පෙන්වන්නිය ප්‍රකාශ කළේ දවල් වී ඇති බැවින් මුලින්ම දිවා ආහාරය ගැනීමට මුහුද ආසන්නයේ ඇති අවන්හලක්‌ වෙත අප කැඳවාගෙන යන බවයි. බස්‌ රථය පැය භාගයක පමණ කාලයකින් පසු නියමිත ස්‌ථානයට පැමිණ නතර කළේය. ඒ මුහුද ආසන්නයේය. අප බස්‌ රථයෙන් බැස මුළින්ම කළේ මඳ වෙලාවක්‌ අවට සිරි නැරඹීමයි. එම ස්‌ථානයේ මුහුද තිබුණත් වෙරළ වෙනුවට තනිකරම දක්‌නට ලැබුණේ කලු පැහැති පාෂාණයන්ය. ඒවා ගිනි කන්ද පුපුරා යාමෙන් ගලාගෙන පැමිණි ලාවා මුහුදට වැටීමෙන් නිර්මාණය වූ ඒවාය, එබැවින් මුහුද අසල වෙරළ වෙනුවට තනිකර තිබුණේ මෙම ලාවා ඝන වීමෙන් නිර්මාණය වූ තද කළු පාට පාෂාණයන්ය. එහි අමුතුම සුන්දරත්වයක්‌ ද තිබේ. අප කිසි දිනෙක මෙවැනි මුහුදු තීරයක්‌ දැක නොතිබූණු බැවින් මෙය අමුතුම අද්දැකීමක්‌ විය. මෙම ස්‌වභාවය මෙම ස්‌ථානයේ පමණක්‌ නොව දූපතේ මුහුද වටේ තවත් ස්‌ථානවල මේ අයුරින්ම දක්‌නට තිබේ. ඇතැම් ස්‌ථානවල වෙරළ තීරයක්‌ දක්‌නට තිබුණත් එම ස්‌ථානවල මුහුදු වැල්ල ද අඳුරු පැහැයෙන් යුක්‌තය, අපේ රටේ මෙන් වැලේලේ කහ පැහැයක්‌ දක්‌නට නැත,එහෙත් එහිද අමුතුම සුන්දරත්වයක්‌ තිබේ.

lawa1

අවට සිරි නැරඹීමෙන් පසු අප ආපන ශාලාවට ගොස්‌ ආහාර ගත් අතර ජේජු දූපතේ ආහාරවලටද බොහෝ මුහුදු ආහාර එක්‌කර ගැනීම බහුලව සිදු වන්නකි. දූපත වටේම මුහුද නිසා මාළු ඇතුළු නොයෙකුත් මුහුදු ආහාර ඉතා බහුලව තිබේ.ඉන් පසු ඡේජු දූපතේ පාලන බලධාරීන් විසින් අපට එම දූපතේ සංචාරක ව්‍යාපාරය පිළිබද ඉදිරිපත් කිරීමක්‌ සුදානම් කර තිබු අතර ඒ තුළින් ඔවුන් සංචාරක කර්මාන්තයට ඉහළම ප්‍රමුඛත්වයක්‌ දෙන බව අපට වටහා ගත හැකි විය. දැනට ජේජු දූපතට වැඩියෙන්ම එන්නේ චීන සංචාරකයන්ය. මේ නිසා ඔවුන්ට සංචාරක විවිධාංගීකරණක්‌ අවශ්‍ය කර තිබේ. එනම් චීන සංචාරකයන්ට අමතරව් ඔවුන්ට විවිධ රටවල සංචාරකයින් කැඳවා ගැනීමට සැලසුම් කර තිබේ. ඒ සදහා වන ඔවුන්ගේ සලසුමද අප වෙත පැහැදිලි හකර දෙනු ලැබිණි. ඔවුන් එහිදී සිදු කළ ඉදිරිපත් කිරීම තුළින් ජේජු දූපත පිළිබදවත් එහි සංචාරක කර්මාන්තය පිළිබදවත් අපි බොහෝ තොරතුරු දැන ගතිමු.

අප ජේජු දූපතේ නවාතැන් ගත්තේ හයට්‌ රිජන්සි හෝටලයේය. එයද මුහුද ආසන්නයේම පිහිටියකි. මේ නිසා පස්‌ වන මහලේ පිහිටි මගේ කාමරයෙන් පිටත බැලු විට මුහුදු වෙරළත් සමග ස්‌වභාව සෞන්දර්යෙන් අනුන සුන්දර දර්ශනයක්‌ දැක ගත හැකි විය. පුරා දින තුනක්‌ මේ දූපතේ චාරිකා කළ අප මේ දූපතේ ඉතා බහුලව සිදු කෙරෙන ටැංජරින් (පැණි රස දොඩම් වර්ගයක්‌) වගාවක්‌ බලන්නට ගියෙමු. එහිදී එම ටැංජරින් වත්තට ගොස්‌ අපට එම ටැංජරින් ගෙඩි කඩාගෙන කෑමටද ඉන් පසු ඒවා රැගෙන ඒමටද අවස්‌ථාව ලැබුණු අතර එය අප සියලු දෙනාටම ඉමහත් ආශ්වාදජනක අද්දැකීමක්‌ විය. මේ ටැංජරින් වගාවන් ඡේජු දූපතේ සැම තැනකම ඉතා බහුලව දැකිය හැකිය. ගෙවතු වලද මේවා බහුලව වගා කර තිබේ. ඒවා ඈතට පෙනෙන්නේ හරියට ගස්‌වල කහ පාට බල්බ් එල්ලා ඇති ආකාරයටය. එය ඉතා අලංකාර දර්ශනයකි.

මේ කොරියානු සංචාරයේදී අප මුලින්ම ගියේත් වැඩි කාලයක්‌ ගත කළෙත් සෝල් අගනුවරය. සෝල් නුවර පැවතියේ ඉතා ශීත කාලගුණයකි. අප සිටින කාලයේ අවසන් දින දෙකේ දෙවරක්‌ම හිම පතනය වන අයුරුද අපට දැක ගත හැකි විය. එම හිම වැස්‌සේ තෙමෙමින් අප එම අත්දැකීමද විද ගත්තෙමු. එහෙත් සෝල් නුවර මෙන් නොව ඡේජු දූපතේ පැවතියේ තරමක්‌ උණුසුම් කාලගුණයකි. මේ නිසා ඡේජු දූපත එළිමහන් ක්‍රියාකාරකම් වලට තෝතැන්නකි. එනම් කඳු නැගීම, පාපැදි සවාරිවලට මෙන්ම කිමිදුම් ඇතුළු ජාල ක්‍රීඩා වලටද මෙම දූපත හොද ස්‌ථානයකි. අප මාධ්‍ය කණ්‌ඩායම සියෝන්ග්සන් (seongsan) කන්ද තරණය කිරීමට ගිය අතර ඒ සදහා අපට පැය දෙකක පමණ කාලයක්‌ ගතවිය. මෙසේ මේ දූපතේ උණුසුම් කාලගුණයක්‌ තිබෙන නිසා එහි උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක බින්දුවට වඩා පහළ වැටෙන්නේ කලාතුරකිනි. මෙසේ සෝල් නුවරට වඩා ඡේජු හි තරමක්‌ උණුසුම් වෙරළකලාපීය කාලගුණයක්‌ තිබුණත් නිතර තදින් සුළං හැමීම නිසා තද සීතලක්‌ද දැනේ. ඒ අවස්‌ථාවට ඡේජු හි එළිමහනේ සිටීමටද අපහසුය. සුළගත් සමඟම දරා ගැනීමටද බැරි තරම් තද ශීතලක්‌ දැනෙන බැවිනි. අපට එම සුළං සහිත තද ශීතල කාලගුණික තත්වයන්ටද මුහුණ දීමට සිදු විය.

lawa2ගෙයෝම නොරියම් ලාවා උමං පද්ධතිය සහ ඡේජු දූපත ඔස්‌සේ වැටී ඇති සක්‌මන් මාර්ගය ද සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයට ලක්‌ව තිබේ. හල්ලා කඳු පන්තිය දූපතේ හරි මැදින් පැන නැගී තිබේ. ඡේජුහි ඇති ජම්බෝල, රතු මඩු මාළු සුප් සහ නොයෙකුත් මස්‌ සහ මාළු ඇතුළත් ආහාර සංචාරකයන් අතර ඉතා ජනප්‍රියය. කිමිදූමඳුමින් තොරව මුලික පිහිනීම් ඇඳුමින් පමණක්‌ ගැඹුරු මුහුදේ කිමිදෙන හයින්යෝ කිමිදුම් කාන්තාවන්ද ඡේජු දූපතට සුවිශේෂී දසුනකි.

මෙලෙස අපි දින තුනක්‌ පුරා මෙම සුන්දර ජෙජු දූපතේ නොයෙක්‌ තැන් වල චාරිකා කළෙමු. කඳු පන්ති, ටැංජරින් වගාවන්, මුහුදු වෙරළ, වෙළෙදපොළ කෞතුකාගාර, එළවලු වගා බිම්, තේ වතු ඇතුළු මේ දූපතේ බොහෝ ස්‌ථානවලට අපි චාරිකා කළෙමු. ජේජු දූපත ගැන ලියන්නට තවත් බොහෝ දේවල් තිබේ. ඒවා තවදුරටත් පසුවට ලිවීමටද අදහස්‌ කරමු. ඡේජු දූපතේ සුන්දර පරිසරය අත්විඳිමින් සහ ආහාරපාන සහ පළතුරු වල රස බලමින් නොයෙක්‌ තැන් වල ඇවිදිමින් ගත කළ සුන්දර දින තුනකින් පසු අපි නැවතත් සෝල් නුවරට ගුවන් මගින් නොවැම්බර් 18 වැනිදා පැමිණියෙමු. අපි මේ සංචාරයේදී දකුණු කොරියාවේ මාසයක්‌ පමණ ගත කළ අතර ඡේජු දූපතේ ගත කළ කාලය ඉන් සුවීශේෂ අමතක නොවන දින කිහිපයක්‌ බව කිව යුතුමය.

Breaking News

kandos18

කතුවැකිය

ආරක්ෂාව

දේශපාලන

වෙළඳ

sigithi

ක්‍රීඩා

කාටුන්

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles