Divaina - welanda

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p6 71352020 අපේ‍්‍රල් 09 : සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත‍්‍රා වන්නිආරච්චි මැතිතුමියගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පැවැත්වූ රැුස්වීමක දී COVID-19 සමඟ සටන ජය ගැනීමට තම උපරිම සහාය ලබා දීමට AIA රක්ෂණ සමාගම ප‍්‍රතිඥා දෙන ලදී. AIA ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානි සහ සේවා හා සෞඛ්‍ය කළමනාකරණ අංශ ප‍්‍රධානී ප‍්‍රියංකර ද සිල්වා මෙම රැුස්වීම තුළ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නියෝජනය කරන ලදී.
 
 තමන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව නොතකා ආසාදිත රෝගීන් රැුක බලා ගැනීම සඳහා මෙම රෝහල් තුළ වෙහෙසෙන සියලූ‍ ම ඉදිරිපෙළ කාර්ය මණ්ඩලයට උපහාර දැක්වීම AIA රක්ෂණ සමාගමේ අභිලාෂය බව AIA හි ප‍්‍රධාන විධායක නිලධාරි නිඛිල් අද්වානි එම
 
 p6 7රැුස්වීමේ දී ප‍්‍රකාශයට පත් කරන ලදී. එබැවින් COVID-19 රෝගය වැළඳී අවාසනාවන්ත ලෙස වියෝවීමක් සිදුවන අවස්ථාවක දී, රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිව ඇති සහ IDH, මුල්ලේරියාව සහ වැලිකන්ද රෝහල් හා අනුයුක්තව සිටින රජයේ වැටුප් ලබන සියලූ‍ ම ස්ථිර කාර්ය මණ්ඩලයට, ජීවිත රක්ෂණයක් පමණක් නොව, රෝහල් ගතව සිටින සෑම දිනකටම දෛනික මුල්‍ය ප‍්‍රතිලාභයක් ලබා දීමටද AIA ඉදිරිපත් වී ඇත.
 
 මෙසේ නොමිලේ සලසන ආවරණය මගින්, එම රෝහල් හි කාර්ය මණ්ඩලයේ ඕනෑම අයෙකුට COVID-19 වැළදුණහොත්, ඒ හේතුවෙන් රෝහල් ගතව සිටින සෑම දිනකටම (දින 14 ක් දක්වා) රු. 1000/-ක මුදලක් AIA ඉන්ෂුවරන්ස් වෙතින් ලබා දෙනු ඇත. නොමිලේ ලබා දෙන ජීවිත ආවරණයට අමතරව මෙම දෛනික රෝහල් ප‍්‍රතිලාභය සැලසීමේ AIA හි පරමාර්ථය වන්නේ, ඔවුන් හට තම ප‍්‍රාථමික සත්කාර අවශ්‍යතා රෝහල් මගින්ම සැලසෙන අතරතුර දී අමතර මූල්‍ය අරමුදලක් ද සපයා දීමයි.
 
 COVID-19 වෛරසය හේතුවෙන් අවාසනාවන්ත ලෙස වියෝ වුවහොත් මෙම රෝහල්වල කාර්ය මණ්ඩලයට AIA ඉන්ෂුවරන්ස් වෙතින් රු.500,000ක නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදීමට කටයුතු යොදා ඇත. COVID-19 රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා කැපවී සිටින මෙම රෝහල් තුනේ සියලූ‍ම වෛද්‍යවරුන්, හෙදියන්, අනුපූරක වෛද්‍යවරුන් සහ අනෙකුත් සහායක කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා මෙම ප‍්‍රතිලාභය හිමි වේ. මෙම විශේෂ ආවරණය 2020 ජූලි 10 වන දින දක්වා ක‍්‍රියාත්මක වන අතර අවශ්‍ය නම් තවත් දීර්ඝ කිරීමට ද AIA ඉන්ෂුවරන්ස් සුදානම්. මෙම රෝහල් කාර්ය මණ්ඩල සඳහා මෙවැනි ප‍්‍රතිලාභ ලබා දීමට ඉදිර්පත් වී ඇති පළමු පෞද්ගලික අංශයේ ජීවිත රක්ෂණ සමාගම AIA ඉන්ෂුවරන්ස් වීම විශේෂ කරුණකි.

p6 1ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ හම්බන්තොට ප‍්‍රාදේශීය කාර්යාලයේ සේවක සේවිකාවන් විසින් හම්බන්තොට ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශයේ තෝරාගත් පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරිණි.
 
 රටතුළ පැතිර යන කොවිඞ් 19 වසංගතය පාලනය කිරීම හේතුවෙන් දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි මෙම පවුල්, තොරාගැනීම සඳහා හම්බන්තොට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය හිමිවිය.

peoplණය සහන ලබාදෙන මහජන බැංකුවේ ගනුදෙනුකාරභවතුන්ගේ දත්ත එක්රැස් කිරීම සඳහා අයදුම්කරුගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම හෝ ඉතුරුම් ගිණුම් අංකය හා ලබාගත් ණය මුදලේ ප‍්‍රමාණය 2020 අපේ‍්‍රල් මස 30 වැනි දිනට පෙර 0706 481481 හෝ 0768 481481 යන අංකයන්ට කෙටි පණිවුඩ:ීඵී*රැු වයිබර්:ඪසඉැර*රැු වට්ස්ඇප් :උය්එි්චච*/ ඉමෝ :සපද* යන සේවා ඔස්සේ යොමු කරන මෙන් මහජන බැංකුව දන්වා සිටී. 
  

damදම්රෝ සමාගම විසින් පුස්සැල්ලාව හා අගලවත්ත වැවිලි සමාගම්වල පාලන අයිතිය මිලදී ගන්නා ලදී.
 
 පුස්සැල්ලාව වතු සමාගම කාර්යක්ෂම විධායක නිලධාරීන් හා සේවක කාර්ය මණ්ඩලයක් යටතේ ඉතා හොඳින් කළමණාකරණය වූ සමාගමක් බැවින් හා සමාගමට බැංකු ණය ගැනීම් නොතිබූ බැවින් එම සමාගමට කිසිදු මුල්‍ය උපකාරයක් ලබාදීමට දම්රෝ ආයතනයට අවශ්‍ය නොවීය.
 
 එසේ වුවද අගලවත්ත වැවිලි සමාගම බංකොලොත්වීමට ආසන්න මට්ටමේ පැවතීම නිසා, වසර තුන හතරකට පෙර සිට ගෙවීමට හිඟව තිබු  E.P.F., E.T.F.‍ පාරිතෝෂික දීමනා වැනි ව්‍යවස්ථාපිත සේවක ගෙවීම් සහ රජයට ගෙවීමට තිබු කල් බදු වාරික ගෙවීම සඳහාත් කර්මාන්තශාලා වැඩිදියුණු කිරීම, වගා පිළිවෙත් වැඩිදියුණු කිරීම හා මහා පරිමාණ නැවත වගාකිරීම් සඳහාත් දම්රෝ සමාගමට රුපියල් මිලියන 4000 කට අධික මුදලක් යෙදීමට සිදු විය.
 
 එපමණ මුදලක් වැයකර තිබියදීත් අගලවත්ත වැවිලි සමාගම සැලකිය යුතු දියුණුවක් පෙන්වීමට අපොහොසත් වීම කණගාටුවට කරුණකි. එබැවින් අවසාන පියවරක් ලෙස සමහර වතු හා කර්මාන්තශාලා කළමණාකරණය කිරීම සඳහා පුස්සැල්ලාව වතු සමාගමෙහි හා දම්රෝ ආයතනයේ විධායක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සම්බන්ධ කර ගැනීමට සිදු විය. වර්තමානය වන විට මෙම වතු බොහොමයක් කෘෂිකාර්මික හා මුල්‍යමය වශයෙන් වඩා දියුණු මට්ටමක පවතින බව සඳහන් කිරීම සතුටට කරුණකි.
 
 මීට වසර පහකට පෙර, අගලවත්ත වැවිලි සමාගමෙහි ශුද්ධ වාර්ෂික අලාභය රුපියල් මිලියන 500 ක් පමණ වූ අතර 2019 අවසන් කාර්තුවේදී සමාගම ලාභදායි ආයතනයක් ලෙස ක‍්‍රියාත්මක වීමට ලැබීම පිළිබඳ සතුටු වෙමු. අගලවත්ත වැවිලි සමාගමෙහි බැංකු ණය ගැනීම්ද වර්තමානයේ අවම මට්ටමක පවතින අතර එය දිගු කලකට පසු ලැබූ විශාල දියුණුවක් හා තිරසාර බවක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළෙහි රබර් මිල පහත වැටීමේ ප‍්‍රවණතාවය හේතුවෙන්, ආදායමට වන බලපෑම අවම කිරීම සඳහා පිරිවැය පාලනය කිරීමේ උපාය මාර්ගයන් ක‍්‍රියාත්මක කිරීමට අප කටයුතු කරමින් සිටිමු.
 
 දම්රෝ ආයතනය අගලවත්ත වැවිලි සමාගමෙහි කළමනාකරණය බාරගත් දින සිට, සේවකයින්ගේ වැටුප් නියමිත වේලාවට ගෙවා ඇති බව සහතික කර ඇති අතර, පවරා ගැනීමට පෙර වැටුප් ගෙවීමෙහි නිතර ප‍්‍රමාදයන් සිදු වී තිබිණ.
 
 1980 දශකයේ අග භාගයේ කැළඹිලි සහිත කාලවකවානුවේදී දම්රෝ ආයතනය ආරම්භ කරන ලද අතර එතැන් සිට බොහෝ අර්බුදකාරී අවස්ථාවන් හිදී අප ඒ සඳහා සාර්ථකව මුහුණදී ඇත. එමනිසා, අතීතයේදී මෙන්, වර්තමාන ගෝලීය වසංගතයටද මුහුණදීමටත්, පෙරට වඩා ශක්තිමත් ලෙස නැගී සිටීමටත් අපට පූර්ණ විශ්වාසයක් ඇත.
 

p6 2 135කොවිඞ්-19 වසංගතය පැතිර යෑම වළක්වාලමින් රටේ ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් මුරපොලවල විශාල කැපවීමකින් සේවය කරන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීම වෙනුවෙන් මොබිටෙල් සමාගම පොලිස් දෙපාර්තමේන්තුවට වටිනා මුල්‍යමය දායකත්වයක්ද ලබාදී තිබේ. දවසේ පැය විසිහතර පුරාම සේවයට කැපවී සිටින, මෙන්ම මෙවැනි අවස්ථාවකදී විශාල අවධානමක්ද දරාගෙන සිටින පොලිස් නිලධාරීන් තවදුරටත් අගය කරමින් ඔවුන්ට ශක්තියක් විය යුතු බව මොබිටෙල් සමාගම දැඩිව විශ්වාස කරයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles