Divaina - welanda

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p9 2 135කොවිඞ් 19 වෛරසය මර්දනය කිරීම වෙනුවෙන් රජය විසින් පිහිටුවා ඇති සහන අරමුදලට රුපිියල් මිලියන 2ක මුදලක් පරිත්‍යාග කිරීමට Genxt ආයතනය කටයුතු කරනු ලැබීය.

|කොවිඞ්-19 වසංගත තත්ත්වය මෙරට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට සෘණාත්මකව බලපා තිබෙන තත්ත්වය හමුවේ මේ වනවිටත් තමන්ගේ ණය අක‍්‍රීය ණය ලෙස වර්ගීකරණය වී තිබෙන සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහන මාලාවක් නිවේදනය කර තිබේ.
 
 කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ණය ගැනුම්කරුවන් වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශයට පත්කර තිබෙන ණය සහන වැඩසටහන යටතේ මෙම සහන ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. මේ යටතේ ණය ගැණුම්කරුවන්ට තම ණය නැවත සකසා ගැනීමට අවස්ථාව හිමිවෙනවාට අමතරව මාස හයක් පොලී මුදල් නිසි වේලාවට අඛණ්ඩව ගෙවීම මගින් අදාළ ණය ක‍්‍රියාකාරී ණය ලෙස යළි වර්ගීකරණය කර ගැනීමට අවස්ථාව ලබාදී ඇත.
 
 2020 මාර්තු 25 වනදා වනවිට සිය ණය අක‍්‍රීය ණය ලෙස වර්ගීකරණය වී තිබෙන ණය ගැනුම්කරුවන්ට මෙම සහන වැඩසටහනට අයදුම්කළ හැකි අතර මෙයට ප‍්‍රාග්ධනය සහ පොලී අනුපාතය නැවත සකස් කිරීම, ණය පොලී අනුපාත සඳහා අයකර තිබෙන දඩ මුදල් ඉවත් කරවා ගැනීම, නැවත සකස් කළ ණය මුදල ගෙවා අවසන් වනවිට දැනටමත් ගෙවා තිබෙන පොලී අනුපාතයෙන් යම් ප‍්‍රතිශතයක් අඩුකර ගැනීම, මාස හයක් දක්වා ණය සහන කාලයක් ලබාගැනීම, 2020 සැප්තැම්බර් මාසය අග දක්වා අදාළ ණය මුදල් වලට සම්බන්ධ වත්කම් වෙන්දේසි කිරීම වලක්වාගැනීම යන සහන ද ඇතුළත් වේ.
 
 යම් ණය මුදලක් අයකර ගැනීම සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියා මාර්ග ආරම්භ වී තිබෙනවා නම් ණය ගැනුම්කරුවාට අධිකරණයට දිවුරුම් ප‍්‍රකාශක් ඉදිරිපත් කරමින් මෙම සහන වැඩසටහනට ඇතුළත් වන්නට පුළුවන. මෙහිදී, මෙම වැඩසටහනින් ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා අදාළ ණය ගැනුම්කරුවා මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය, සියලු අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුය. බැංකුව සඳහන් කරන්නේ අදාළ බැංකු ශාඛාවල කළමනාකරුවන්ට හෝ සබඳතා නිළධාරීන්ට ලිඛිතව දැනුදීම මගින් ගනුදෙනුකරුවන්ට මෙම සහන වැඩසටහනට ඇතුළත් විය හැකි බවයි.
 
 කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට වැඩිම ණය ප‍්‍රමාණයක් ලබාදුන් බැංකුවක් ලෙසින් කැපී පෙනෙන අතර එම අංශයට ප‍්‍රතිලාභ ලබාදීමේ අරමුණෙන් තරගකාරී පොලී අනුපාත සහ ඔවුන් වෙනුවෙන්ම සකස්කළ නැවත ණය ගෙවීමේ යෝජනා ක‍්‍රම බැංකුව ඉදිරිපත් කර ඇත. කොමර්ෂල් බැංකුවේ ‘බිස් ලෝන්’ ණය යෝජනා ක‍්‍රමයේ ප‍්‍රධාන ලක්ෂණයන් අතරට ණය ගැනුම්කරුවාගේ ඇතැති මුදල් ප‍්‍රවාහයට අනුව වසර පහක් දක්වා නැවත ගෙවීමේ කාලයක් සහ සුදුසු සහන කාලයක් ලබාගැනීමේ අවස්ථාව, තරගකාරී පොලී අනුපාත ලබාගැනීමේ අවස්ථාව, තෝරාගත් ණය පහසුකම් සඳහා ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවීම, අයදුම්කරුවාගේ අවශ්‍යතාවයට අනුව ණය සීමාව තීරණය කළ හැකිවීම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට දැනුම ලබාදීම සඳහා සිදුකරන වැඩමුළු සහ සම්මන්ත‍්‍රණ සඳහා සහභාගී වීමට අවස්ථාව ලබාදීම, ඇතුළත් වේ.

goflbus135
 ශ‍්‍රී ලංකාවේ පාසල් ළමුන් මිලියන 4.5 කට ආසන්න සංඛ්‍යාවක් නිවාසවලට සීමා වී සිටින මේ මොහොතේ, විද්‍යුත් ඉගෙනුම්, විශේෂ නව වැදගත්කමක් ලබා ගෙන ඇත. මෙම කාලය තුළ පෝෂණය, සෞඛ්‍යය, ආහාර සුරක්‍ෂිතතාවය සහ සනීපාරක්ෂාව පිළිබඳව තම දරුවන්ට ඉගැන්වීමට දෙමාපියන්ට උපකාර කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ නෙස්ලේ ආයතනය දිගු කලක් තිස්සේ ක‍්‍රියාත්මක කළ භැිඑකඬී ්‍යැ්කඑයහ ණසාි වැඩසටහනේ විද්‍යුත් ඉගෙනුම් සංස්කරණ

wela12 2කොවිඞ්-19 ආශ‍්‍රිත ගමනා ගමන සීමාවන් ලිහිල් කළ ද නිරාවරණය වීම අවම කරගනිමින් සුරක්ෂිත වන්නැයි  ගනුදෙනුකරුවන්ට අවවාද කරයි
 
 රජය විසින් ගමනා ගමන සීමාවන් ඉදිරියේදී ලිහිල් කළද ගනුදෙනුකරුවන්ට ආරක්ෂාකාරී ලෙස කටයුතු කිරීමට මග පාදමින් කොමර්ෂල් බැංකුව සිය අන්තර්ජාල බැංකුකරණ පද්ධතියෙන් ගනුදෙනු කිරීමට සහ බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ගිණුම විවෘත කිරීම සඳහා ලබාදුන් ස්වයං ලියාපදිංචි වීමේ අවස්ථාව නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබේ.
 
 මේ අතර, ගනුදෙනුකරුවන් නිවෙස්වල ආරක්ෂාකාරී අයුරින් රැඳී සිටිමින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවසට ගෙන්වා ගැනීමේදී වට්ටම් සහ සහන ලබාදීමට බැංකුව Uber සහ PickMe යන ඇප් සේවාවන් සමග ද ඒකාබද්ධ වී ඇත. මෙම අසීරු අවස්ථාවේදී බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සහ පහසුව සඳහා බැංකුව සිය සමාජ මාධ්‍ය නාලිකා, ඩිජිටල් මාධ්‍ය නාලිකා මෙන්ම ඒකාබද්ධ සන්නිවේදන මධ්‍යස්ථාන මගින් අඛණ්ඩවම සහයෝගය දක්වයි.
 
 බැංකුව විසින් මේ වසරේ මාර්තු මාසයේදී සිය අන්තර්ජාල බැංකුකරණ පද්ධතියට ප‍්‍රවේශවීමටත් ෆ්ලෑෂ් ඩිජිටල්’ බැංකු ගිණුම් විවෘත කිරීමටත් අවස්ථාව ස්වයං ලියාපදිංචිය මගින් ලබා දී ඇත.
 
 අන්තර්ජාල බැංකුකරණ පහසුකම් ලබාගැනීමට කැමැත්තක් දක්වන ගනුදෙනුකරුවන් පළමුවෙන්ම කළ යුත්තේ බැංකුවේ වෙබ් අඩවියට පිවිසි ‘Online Banking’  යන්න ක්ලික් කිරීමයි. ඉන්පසුව, එහි තුළ තිබෙන ‘Self Registration’ යන්න ක්ලික් කර තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගිණුම් අංකය ඇතුළත් කර අනිකුත් අවශ්‍ය තොරතුරු ලබාදිය යුතුය. ඉන්පසුව, බැංකුව විසින් අදාළ පුද්ගලයාගේ ලියාපදිංචි ජංගම දුරකතනයට එවන කේතය ඇතුළත් කිරීමෙන් පසුව බැංකුව විසින් යළිත් අදාළ පුද්ගලයාගේ ඊ-මේල් ගිණුමට හෝ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලෙසින් ස්ථීර කිරීමේ පණිවුඩය එවනු ලබයි.
 
 

keeels135ජෝන් කීල්ස් පදනම යනු ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශයයි. සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් පීඑල්සී සහ ජේ කේ මාර්කටින් යනු කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සීහි පරිපාලිත සමාගම් වේ. 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles